තමන්ව පෙළන ලද කුල පීඩනය ගැන නන්දන වඩුතන්තිරි අදහස් දක්වයි
Posted on March 20th, 2019

Dr Ruwan M Jayatunge M.D.

නන්දන වඩුතන්තිරි

කලුවා හකුරු දුරයලාගේ නන්දන වඩුතන්තිරි තමන්ව හඳුන්වා ගන්නේ කුල පීඩිතයෙකු ලෙසටය. ළමා කාලයේ සිටම කුල පීඩනය ඔහු අත් දකියි. නන්දන වඩුතන්තිරි පවසන අන්දමට ඔහු ජීවත්වූ ප්‍රදේශයේ ධනවත් සහ කුලවත් අසල්වැසියෝ ඔවුන් ගේ දරුවන් සමග කුඩා  නන්දන වඩුතන්තිරි සමග සෙල්ලම් කිරීමට අවසර නොදෙති. එසේම පාසලේදී ද ඔහුව ගුරුවරු මෙන්ම සිසුන් ද කොන් කරන්නේ නන්දන වඩුතන්තිරි අඩු කුලයේ ළමයෙකු බව පවසමිනි. තවද ඔහුට පාසලේදී ශිෂ්‍ය නායකයෙකු වීමට සුදුසුකම් තිබුනද ඔහුගේ කුලය නිසා විදුහල්පතිවරයා නන්දන වඩුතන්තිරිගේ නම කපා දමයි. 

යොවුන් වියේ ඔහු තම ප්‍රථම ප්‍රේමය අරඹන්නේ කුලවත් පවුලක තරුණියක සමගය. එහෙත් එම තරුණියගේ සොහොයුරන් ඔහුට නිර්දය ලෙස පහරදී තමන් ගේ කුලයට අයත් තරුණියක සොයා ගන්නා ලෙස පවසති. මේ නිසා ඔහු ප්‍රේමයෙන් පරාජය වෙයි. රැකියාවන් ගනනාවකටට ඉල්ලුම් කලද නන්දන වඩුතන්තිරි පවසන පරිදි ඔහුට සම්මුඛ පරීක්‍ෂණ වලට වත් කැඳවීම් නොලැබෙන්නේ ඔහුගේ කුලය නිසාය. මෙම කුල පීඩනය නිසා තමන් ද පෙරලා සමාජයට වයිර කල බව ඔහු සඳහන් කරයි. 

අවසානයේදී ලංකා සමාජයේ තමන්ට හිස එසවීමට ඉඩක් නොමැති නිසා විදේශ ගතවී රැැකියාවක් සොයා ගැනීමට ඔහු පිටරට යයි. 1971 සහ 1988 කාලයේදී කුල පීඩනය නිසා තමන් ගේ ඥාතීන් බොහෝ දෙනෙකු ජවිපෙ කැරලි වලට සහභාගී වූ බවත් බොහෝ දෙනෙකු මිය ගිය බවත් නන්දන පවසයි. තමන් අත් විඳි කුල පීඩනය තම දරුවන්ට උරුම කර නොදෙනු වස් විදේශ ගතවීම තමන්ට තිබූ විකල්පය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress