සේවකයින් තුන්දෙනෙක්ගේ ආයතනයක් ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් කරන්නේ කොහොමද. මහ බැංකුවෙන් හොරකම්කරපු කලු සල්ලි සුදු කිරීමේ උත්සාහයක් කියලයි අපිට නම් හිතෙන්නේ.
Posted on March 22nd, 2019

අද දින (22) මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා

නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ සිද්ධ වෙන්න යන විශාලම ආයෝජනයක් ගැන හෙළිදරව් කළා. නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමැත්‍යවරයා කියන විදියට මේක තමයි ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය. ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ආයෝජනයක් මගින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට මුල් ගල් තැබිමක් ගැනයි ඒ් අනාවරණය වුනේ. පුවත්පත්වලට විශේෂ දැන්වීම් පවා ලබා දුන්නා. මේක මහා බොරුවක්. හම්බන්තොට උදාව කියලා මේ දැන්වීම නිකුත් කරලා ආයෝජනය සහ ඒමගින් ලැබෙන රැකියා ගැනත් කිව්වා. ආන්ඩුව බලයට ආවේ රැකියා දස ලක්ෂයක් ලබා දෙන බව කියලයි. ඒ්කට යොදා ගත්තේ වොක්ස් වැගන් සමාගම. හර්ෂද සිල්වා ඇමැතිවරයා මේ වොක්ස්වැගන් බොරුව සැබෑවක්, ඒ්ක මහ පොලොවේ සිද්ධ වෙනවා කියන්න විශාල වෙහෙසක් ගත්තා. කුළියාපිටියට ගිහින් ඒ්කට මුල්ගත තියනවාත් එක්කම ජර්මන් තානාපතිවරයා නිවේදනයක් නිකුත් කළා කිසිදු ආකාරයකින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ලංකාවේ ඉදිනොවන බවට. ඔමාන් රාජ්‍ය ඒක්ක කරනවා කියපු තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ආයෝජනය ගැනත් ඒ් වගේම දෙයක් වුනා. ඔමානයේ ඛණිජ තෙල් අමාත්‍යංශයේ සහකාර ලේකම් සලීම් අලු හවුසි මෙවැනි ආයෝජනයක් සදහා ඔමාන රාජ්‍යයේ කිසිදු අදහසක් නැති බව කියමින් නිවෝදනයක් නිකුත් කළා.

අපේ රටේ ආයෝජනය මණ්ඩලය මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. ආන්ඩුව මහා වංචාවක් බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරපු බව මෙයින් පැහැදිලියි. මේ ආන්ඩුව බොරුවෙන් රාජ්‍ය පාලනය කරන බව තවදුරටත් සනාථ වෙලා. අගමැතිතුමා ඒක තැනක කියනවා රැකියා 15000ක් ලබා දෙන බව.තව තැනක තියනවා රැකියා 10000ක් දෙන බව.

කැබිනට් මණ්ඩලයේදි තීරණයක් ගන්නේ අක්කර 400ක් ලබා දෙන්නයි. ඊට අමතරව ද හින්දු බිස්නස් ලයින් වල කියනවා ආණෟඩුව අක්කර 585ක් ලබා දෙන්න ඒකග වෙලාලු. අක්කර 200ක් තෙල් පිරිපහදුවටත් අනෙක් කටයුතු සදහා තවත් අක්කර 385කුත් පවරා ගැනීමට කටයුතු කරනවාලු. මේකෙන් අපට පෙනී යන්නේ කැබිනට් මණ්ඩලයවත් නොදැනුවත්ව තීරණ ගන්න ප්‍රබල අය ඉන්න බවයි. මේක මැතිවරණ වර්ෂයක්. රජය උත්සාහ කරන්නේ මේ මැතිවරණ වර්ෂය තුල අනාගතයේ ඔවුන්ගේ මැතිවරණ සදහා ආයෝජනය කරන්න බැදුම්කර වංචාව හරහා උපයාගත් මහා ධනස්කන්ද නැවත නීත්‍යාණුකූලව මේ රටට ඒන ක්‍රමයක්ද මේ හදන්නේ කියලා අපිට සැකයි. මේකට සිංගප්පූරුව සම්බන්ධයි. සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් කියන්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනයක්. ඉන්දියාවේ සමාගමක් සිංගප්පූරුව හරහා ලියාපදිංචිකරපු. මේකෙ ඉන්නේ සේවකයෝ තුන් දෙනයි. ඒ් ආයතනයේ ප්‍රොපයිල් ඒකට ගිහින් බලන්න. ඒ් අය කියනවා ඒයාලාගේ ආයතනයේ සේකවකයින් තුන්දෙනයි ඉන්නේ කියලා. සේවකයින් තුන්දෙනෙක්ගේ ආයතනයක් ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් කරන්නේ කොහොමද. මහ බැංකුවෙන් හොරකම්කරපු කලු සල්ලි සුදු කිරීමේ උත්සාහයක් කියලයි අපිට නම් හිතෙන්නේ. මහ බැංකු බැදුම්කර සිද්ධියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම ඇගිල්ල දිගු වෙනවා. ඒතුමා මේ කාරණයටසම්බන්ධයි. ඊළගට මලික් සමරවීර ඇමැතිවරයාට ඇගිල්ල දිගු වෙනවා. ඒවකට රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්වත් නොවී ඒජාප පාක්ෂිකයෙක් විදියට ඔහු උදෑසන රැස්වීම්වලට සහභාගි වූ ආකාරය මුලු රටම දන්නවා. සජිත් ප්‍රෙමදාස ඇමැතිවරයාටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒතුමා බැදුම්කර මුදල් ලබා ගත්තාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් රටට අනාවරණය කරන්න කියලා අපේ මන්ත්‍රීවරු ප්‍රස්ද්ධියේ කිව්වා. නමුත් පැහැදිලි ප්‍රකාශයක් ඒතුමා කලේ නැහැ. ඒ් නිසා මේ තුන් දෙනාගේ සහභාගීත්වයෙන් මේ කරන්න යන ව්‍යාපෘතිය කලු සල්ලි සුදුකිරීමක්ද කියන සැකය ඇති වෙන ඒක සාධාරණයි.

මේ වොක්ස්වැගන් ආයතනයේ ආයෝජනය මේ රටට ඒනවා කියලා වෙන්න හිටපු අගමැති විදියටත් අගමැතිවරයා විදියටත් රනිල් වික්‍රමසිංහ මහතා රටට කියනවා. නමුත් ලංකාවේ විශාලතම ආයෝජනය ගැන නිවේදනය කරන්න භාර දෙන්නේ නලීන් බණ්ඩාර ඇමැතිවරයාටයි.මුලින් බොරුව සමාජගත කරන්න අගමැතිවරයා මුල් වුනා නම් දෙවැනි බොරුව මහ පොලොවේ සිදුවෙන යථාර්ථයක් නම් ඒ්ක නිවේදනය කරන්න නලීන් බණෟඩාර ඇමැතිවරයාට දෙයිද. ඒ්කෙන්ම මේ ආයෝජනය බොරුවක් වලංගුතාවයක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත්විම මත ඉපයූ ධනස්කන්දය මෙරටට ගෙනත් ජාතික මැතිවරණයකදී ජනතාවගේ මනස වෙනස් කරන්න දරන උත්සාහයක් කියන සාධාරණ සැකය අප තුළ තියෙනවා.

දැන් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා.  ඔහුව අත් අඩංගුවට අරන් නිතිමය කටයුතු කරනවා වෙනුවට වෙනත් කණෟඩායම් අත් අඩංගුවට අරන් බන්ධනාගාරගත කළා. දැන් අවුරුදු 4ක් වෙලා. ජනාධිපතිතුමා සිංගප්පූරු රජයෙන් ඉල්ලිමක්කරනවා අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාර දෙන්න කියලා. ඒ් සමගම සිංගප්පූරුව නිවේදනය කරනවා අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නිසි නිතිමය ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. ඒ් සමග දැන් නිවේදනයක් නිකුත් වෙනවා සිංගප්පූරු රජයේ ප්‍රකාශකයෙක් නිකුත් කළ ඒම නිවේදනය වැරදියි කියලා. ප්‍රථම මහ බැංකු කොල්ලය වුනාට පස්සේ දිගින් දිගටම මහබැංකුවේ ඉන්න ඉඩ ඇරලා ඉන්පසුව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට යටත් නොකර සිංගප්පූරුවට යාමට අවසර දීම තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ් රජය දැන් ඒ් වගකිම සිංගප්පූරු රජයට පැවරීම පුදුමයට කාරණයක්. ඒ් වගේම වලංගුභාවයකින් තොරව සිංගප්පූරු රජයෙන් ඒවැනි නිවේදනයක්නිකුත් වෙලා තියෙනවා නම් රටක ආර්ථීකයක්විනාශ කරපු ප්‍රධාන පුද්ගලයා නැවත මෙරටට භාරදීමේ යුතුකමක් තියෙනවා. අපි නැවතත් ආන්ඩුවට අවධාරනය කරනවා මහා මංකොල්ලය මෙහෙයවූ , ඊට නායකත්වය දුන් සියලු දෙනා අධිකරණ ක්‍රියාමාර්ගවලට යටත් කරන්න. අර්ජුන මහේන්ද්‍රන්ට නිසි පැවරිමක් වෙලා කැතිව ඔහුව මෙරටට ගෙන්වා ගන්නේ කොහොමද කියලා කැබිනට් නොවන ඇමැතිවරයෙක් කියනවා. ඒ් කියන්නේ රජය අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්ෂා කරනවාකියන කාරණයපැහැදිලියි. ඒ් වගේම ඉදිරියේදී අර්ජුන මහේන්ද්‍රන් කිසිම දඩුවමකට යටත්නොවී නිදහස් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරුවෙක් වුනොත් අගමැති රනිල් වික්‍රමසිංහ වගේම තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ම වැරදිකරුවන් වීමට ඉඩ තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් අධීකරණයටත් මෙරටට ගෙනඒ්මත් සම්බන්ධයෙන් අපිට කිසිදු විශ්වාසයක් නැහැ.

රටවල් 6ක සම අනුග්‍රාහකත්වය යටතේ ජිනීවා මානව හිමිකම් කොමිෂමේ යෝජනාව සම්මත වෙනවා.වත්මන් රජය 2015 බලයට එන්නෙම අපේ හමුදාවන් යුද අපරාධ කළා කියන පදනමේ ඉදගෙනයි. ඒ් විදියටයි සුමන්දිරන්ගේ සහාය ගන්තේ. රජය අද විවිධ නිවේදන නිකුත් කරන්න අවහ්‍ය නැහැ. රජය විසින් කළ යුතු වන්නේ රජය සියයට සියක් රජය අවංක නම් ලිඛිත දැනුම්දීමකින් ඇමරිකාවත් මේ වෙද්දි මානව හිමිකම් කොමිෂමෙන් ඉවත් වෙලා ඉන්න නිසා සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත් වෙන බව පැවසිමයි. රජය නිදහසට කරුණ ුකියන්න අවශ්‍ය නැහැ. ප්‍රකාශයක් නිකුත් කරලා ලිඛිත දැනුම්දීමකින් යෝජනාවෙන් ඉවත් වෙනවා වෙනුවට නැවත සම අනුග්‍රහය දක්වලා කරන්නේ රටේ ජනතාව නැවතත් ඇන්දවිමක්.

කරුණාකරලා මේ ආන්ඩුව කරන බොරුවට යටපත් වෙන්න ඒපා කියලා අපි ජනතාවට කියනවා. මැතිවරණ වර්ෂයක් නිසා ආන්ඩුව උපක්‍රමශිලි වෙලා තියෙන්නේ. මේ ආන්ඩුව මානව හිමිකම් කොමිෂමේ පූර්ණ කාලින කාර්යාලයක් පිහිටුවීමට අනිවාර්යයෙන්ම ඒකග වෙනවා. ඒ් සදහා අවශ්‍ය පදනම දැන් හදලා. විදේශ විනිසුරන්ගෙන් යුක්ත දෙමුහුන් අධීකරණයක් පිහිටුවන්නත් ආන්ඩුව පියරව ගන්නවා. දැන් ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිමට දාන්න ආන්ඩුව හදන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහායි.  ඒල්. ටි. ටී. ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත මේ පනත සංශෝධනය කිරීම  වගේම ආන්ඩුවට විරුද්ධව ජනාතව නැගී සිටිම, රැස්වීම් පැවැත්වීම,පොලපාලි යාම වැනි රජයට විරුද්ධ ක්‍රියාකාරකම් වැලැක්විමට ප්‍රතිත්‍රස්ත පනත උපයෝගී කර ගන්නවා.

රවි කරුණානායක විදුලි බල ඇමැති විදියට රටේ විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැලු. නමුත් රටේ ඒවැන්නක් වෙනවා. විදුලි බල මණ්ඩලයත් ඒවැනි කප්පාදුවක් වෙන්න ඉඩ තියෙන බව කියනවා. ඒජාපය ආවම හැමදාම විදුලි කප්පාදුවක් වෙනවා. නොරොච්චෝලේ බලාගාරය විවේඡනය කරන ඒජාපය ඉදිරි කාලයේ ඇති වන විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් කරපු ආයෝජනයමොකක්ද. ආන්ඩුව කරන්නේ පුද්ගලික ආයතනවලින් විදුලිය ලබා ගැනීම විතරයි. ඒල්. ඒන්. ජී. බලාගාරයත් මෙරට ස්ථාපිත විම අවිනිෂ්චිතයි. ජර්මානු තානාපති මේ සම්බන්ධයෙන් ප්‍රකාශ්‍යක් කරලා තියෙනවා. ආන්ඩුව දැන් ජනතාව තුලින් ප්‍රතික්ෂේප වෙලා. මේ රටේ ජනතාවගේ කුස ගින්න නිවාගැනීම හා මැතිවරණයක අවශ්‍යතාවයි තියෙන්නේ.

ඒජාපයට විරුද්ධ පුලුල් පෙරමුණක් ඒදලා ඒ් පුලුල් පෙරමුණ යටතේ ඒජාපය පරාජය කරන්න අපි සූදානම්. අපේවිවෘත භෘවය ශ්‍රීලනිපය ඇතුලේ තියනනවාද සැකයි. දිනෙන් දින ඒජාපය දුර්වල වෙද්දි ශ්‍රී ලනීප මහ ලේකම් දයාසිරි ජයසේකර නොකළ යුතු ප්‍රකාශ කරනවා. ජනතාවගේ පරමාධීපත්‍ය අයිතියට හානිකරමින් ඉන්නවා. මැතිවරණ නොවපවත්වමින් සිටින්නේ ඒජාපයයි. ඒ් නිසයි ඒජපායට විරුද්ධ පුලුල් සංධානයක් ගැන සාකච්ඡා ඇති වුනේ. නමුත් සාකච්ඡාව තුල හා ඉන් පිටත ඇවිත් කරන ප්‍රකාශ, ගමට ගිහින් කියන කතාවලට වඩා වෙනස්. ඔබේ ප්‍රකාශ ගැන රට අවබෝධයෙන්. ඒ් නිසා ජනතාවගේ ඡන්දයෙන් පළාත් පාලන මැතිවරණය ජයගත් පක්ෂයට අවමන් කිරීමෙන් වලකින්න. ඔහු විවේඡනය කළ යුත්තේ ඒක්සත් ජාතික පක්ෂය මිස මැතිවරණ ජය ගත් පක්ෂය නෙවෙයි. මෙහෙම ප්‍රකාශ කරමින් සාකච්ඡා පවත්වන්නේ සැබැවින්ම ඒජාප විරෝධී පුලුල් පෙරමුණක් හදන්නද වෙනත් අරමුණක් සදහාද කියලා සැකයි. ඔවුන් පුලුල් සන්දානයට කැප වෙලා නම් අනිවාර්යයෙන්ම අප්‍රියෙල් 5 අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න වෙනවා. මේ සාකච්ඡා ඉදිරියට යාමත් ඒජාප විරෝධී ද කියන දේත් අපිට බලාගන්න වෙන්නේ ඒදාට ඡ්න්දය ප්‍රකාශ කිරීම අනුවයි. ඒජාපයට පක්ෂව ඡන්දය දිමත් ඡන්දය දීමෙන් වැලකී සිටීමත් අතර වෙනසක් නැහැ. මේ සාකච්ඡා සම්බන්ධයෙන් බලාපොරොත්තු තියන්න වෙන්නේ 5 වැනිදා කටයුතු කරන ආකාරඒය අනුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා

ජිනීවා සැසිවාරයේදි අපේ විදේශ ඇමැතිවරයා හැසිරුණු ආකාරය අපි දැක්කා. සැසිවාරයට යන්න කලින් ජනාධීපතිතුමා සමග තිබුණූ සාකච්ඡාවේ ප්‍රතිපලයක් විදියට ඇමැතිවරයා කිව්වා කොමසාරිස්වරිය ඉල්ලන දේවල් කරන්න, දෙමුහුන් අධිකරණයක් මෙරට ස්ථාපිත කරන්න ව්‍යවස්ථාවේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් අවහ්‍යබව කියනවා. අගමැතිවරයා ඊට කලින් ජිනීවා නිත්‍ය නියෝජිත අසීස් මහතාට කියලා සම අනුග්‍රහය දැක්වූ ලේඛණයට අත්සන් කරනවා. ආන්ඩුව ඒක අදහසකින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වසර හතරක් මේ ආන්ඩුවේ ප්‍රධාන මාතෘකිව වුනේ මේ සැසිවාරය තුලින් අපේ හමුදාව ආරක්ෂා කරන බවයි. ආන්ඩුවේ අවසානය වෙද්දි කණ්ඩායම් දෙකක් ගිහින් අදහස් දක්වන්නේ කොහොමද. අද වෙද්දි පළාත් හයක මැ.තිවරණ පවත්වලා කැහැ. පළාත් සභා ක්‍රමය මෙරටට ගෙනාවේ ඒදා තිබුණු ජාතින් අතර ගැටලුව නිරාකරණයකරන්නයි. ඒයින් බලාපොරොත්තු වුනේ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරිමයි. අද විලිලැජ්ජාවක් නැතිව මානව හිමිකම් කොමාසාරිස්වරයා අපේ රටේ පොලිස් මාරුවක් ගැන කතා කරනවා. නමුත් ග්‍රාමියඅවශඨ්‍යතාවයන් ඉටු කරන පළාත් සභා ක්‍රමය අඩපන වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා. මේ ගැන ඇයි කතා නොකරන්නේ. දෙමල සන්ධනය ඇතුලේ උතුරේ හිටපු මහ ඇමැතිවරයා අතුරේ ජනතාව වෙුනවෙන් හඩ නගනවා නම් ඇයි පළාත් සභා මැතිවරණය ගැනකතා කරන්නේ නැත්තේ.

ඒජාපය බලයට ආවේ ආයෝජන ගේනවා. රැකියා දස ලක්ෂයක් හදනවා කියලා. දැන් ඉතිහාසයේ වැඩිම ආයෝජනයක් ගැන කතා කරනවා. මේ ගැන කතා කරලා නැවතත් වොක්ස්වැලගන් දෙවැනි ජවනිකාව කරලාත.ලෝකේ උසම ගොඩනැගිල්ල හදනවා කිව්ව. ඒ්කත් බොරැවක්. රටේ ජනතාව අන්දනවා විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට බොරු කියන්න ගිහින් පච ආන්ඩුවක් බවට පත්වෙලා. බොරු කියන ආණ්ඩුව විදියට පළමු තැන ඉන්නේ.

සිංගප්පූරු රජයට අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ඒවන්න අවශ්‍ය ලියකියවිලි නිත්‍යානුකූලව ලැබිලා නැහැ. අපි මේ සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගන්න පියවර ගන්නවා. මේ ආන්ඩුව කරන්නේ ටේ සම්පත් විකුණාගෙන කැමයි. පුද්ගලික අංශයේ සමාගම්වලටත් අද වෙද්දි අත ගහලා. ඊටීඅයි ආයතනයට වුනු දේ කවුරුත් දන්නවා. රටේ තිබුණු මාධ්‍ය ආයතනයක් මේ සිද්ධිය නිසා ත්‍රස්තවාදින්ට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් බවට පත්වෙලා තියෙනවා. සුබාස්කරන් අලිරාජා කියන කෙනෙක් මේකට සම්බන්ධයි. අපේ රටේ දේශීය සමාගමක් වැඩි මුදලකට ඉල්ලුම් කරලා තියෙද්දියි මේ ජාත්‍යන්තර සමාගමට ආයතනය පවරා දෙන්නේ. අද ස්වර්ණවාහිනිය ඇත්ලේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. ප්මේක තමයි ඇත්ත තත්ත්වය. අද රටේ ව්‍යාපාර මාධ්‍ය ආයතනය පවා ඩීල් ඒකක් නිසා අපට නැති වෙමින් තිබෙනවා. ඔය ඩිල් දාපු මනෝ තිත්තවැල්ල ඇතුලු කණ්ඩායම අපේ රටේ තියෙන සම්පතක් වෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටත් අත ගහලා. මේ රටේ තියෙන මාධ්‍ය ආයතනයක් ත්‍රස්තවාදින්ට අත් පත් කරදුන්නා විතරක් නෙවෙයි දැන් සූදානම් වෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන්සමාගමටත් ඒය කරයි කියන සැකය ඇති වෙනවා. මෙතෙක් ජාත්‍යන්තරයෙන්වත් ගුවන් සමාගමේ කොටස් ගන්න ඉදිරිපත්විමක්වුනේ නැහැ. ඒ් ණය බර නිසා. ඇමරිකානු ඩොලර් මිලියන 750ක් විතර දැනට ගෙවන්න තියෙනවා. රජය මේකට මැදිහත් වෙලා රටේ බංකුවලින් ණයක් අරන් මැලේසියාවට සම්බන්ධ ගුවන් සමාගමකට මේක දෙන්න හදනවා. මෙයට මුලික වෙලා තියෙන්නේ මනෝ තිත්තවැල්ල හා ඩයස් . ඩිල් දාලා රටේසම්පත් විකුණා ගෙන කන කණ්ඩායමක් තමයි රටේ ප්‍රධාන තීන්දු තිරණගන්නේ.

ශ්අපේ බලාපොරොත්තුව ඒජාපය සමලග විරුද්ධ සියලු පක්ෂ ඒකතු කරලා පුලුල් සන්ධානයක් පිඒිටුවිමයි.සැබැවින් ඒජාපයට විරුද්ධ නම් මේ සාකච්ඡාවලට ඒකතු වෙන්න පුලුවන්. මේ කාලය අරගෙන කල් මැරිමක් කරලා නැවත ඒජාපයට සම්බන්ධ වෙන්න හදනවාද කියලා අපිට සැකයි. අයවැය තුන්වැනි වර කියැවීමේ හැසිරිම දෙස අපි බලාගෙන ඉන්නවා. ශ්‍රීලිනිප ප්‍රතිපත්තිවලට ගරු කරනවා නම් මේ අන්ඩුව ගෙදර යැවිමට සැබැවින්ම අපිත් ඒක්ක ඒකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

වන සංරක්ෂණය ගැන කතාකාවක් ඇතිවෙලා. මෙවැනි ප්‍රදේශයක කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න කැබිනට් අනුමැතිය ගත්තේ කොහොමද. ඒහෙම අත්තනෝමතිකව කටයුතු කරන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක්. චෝදනා ඒල්ල වෙන ඇමැතිවරයාට තවත් ඇමැතිකම් ඒකතු කරලා. උසස් ුධ්‍යාපනයට අයිති විශ්ව විද්‍යාල පවා මෙවැනි ඇමැතිවරයෙක්ට දුන්නේ කොහොමද.

අද විදුලි කප්පාදුවක් වෙනවා. කැගල්ලේ දවල් වරුවේ පැයක් පමණ විසන්දි වුනා. මේක දිනපතා වුනා. මේ ගැන හොයලා බලන්න. නොරොච්චෝලේ උඩින්තියලා මේ ප්‍රශ්නයවිසදා ගන්න හදන්නේ සාම්පූර් ගැන විවේඡනය කළා මිස විදුලි අත්පාදනයසදහා ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. මේ විදියට ගියොත් ඉදිරි වසර වල විදුලි අර්බුදයට මුහුණ දෙන ආකාඑරයත් රජය කියන්න වෙනවා.

මාධය – දෙපාර්ශවය අතර කරුණු 20ක් ගැන ඒකගතාවයක් ආවා කියලා කියනවා. කරුණු කියක් .තියෙනවා.

සෙහාන් සේමසිංහ – තව කරුණු කිහිපයක් සාකච්ඡාවට තියෙද්දි දුමින්ද දිසානායක කියනවා රට ගැන හිතා මා ඒජාපයට හිතවත් කියනවා. සාකච්ඡා ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා සැකයයි මේ ජනතාව අතරට ගෙනියන්නේ. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ගැනත් මෙතනදි වැදගත්. 5 වැනිදා තිරණය අනුවයි අනෙක් දේවල් තීරණය වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. රට ගැන හිතා ඒජාපයට හිතවත් විම ජනතාව අනුමත කරන්නේ නැහැ. රට ගැන හිතන අය ඒජාප විරෝධී කණ්ඩායමටයි. ඒ් නිසා අප්‍රියෙල් 5 තිරණාත්මක දිනයක් වෙනවා. අයවැයට ඡන්දය ලබාදිමයි ලබා නොදීමයි අතර වෙනසක් නැහැ. සහාය යන්නේ ඒජාපයටයි. මේ අයවැය රටට හිතකර නැහැ. අයවැය යන අතරේ වොක්ස්වැගන් දෙවැනි ජවනිකාව පටන් අරන් රට විතරක් නෙවෙයි ජාත්‍ය්නතරයත් රවටනවා. මෙයින් රාජ්‍යයන් අතර පවා අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා.

මාධ්‍ය – ඔක්තෝම්බර් 26 ආන්ඩුව හැදුවේ ඒකගතාවයක් නැතිවද.

සෙහාන් සේමසිංහ – ඒජාප ආන්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් විම ගැන අපි අවංකව සතුටු වුනා. අපි හිත්නනේ ශ්‍රීලනිපයත් අවංක වුනා කියලයි. ඒජාපයට රටක් විරුද්ධ වෙද්දි රටගැන හිතලා ඒජාපයට හිතවත් වෙන්නේ කවුද. අපි කියන්නේ පොදුජන පෙරමුණට ඒකතු වෙන්නකියලා නෙවෙයි. ඒජාප විරෝදී පෙරමුණට ඒකතු වෙන්න කියලයි. 

3 Responses to “සේවකයින් තුන්දෙනෙක්ගේ ආයතනයක් ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් කරන්නේ කොහොමද. මහ බැංකුවෙන් හොරකම්කරපු කලු සල්ලි සුදු කිරීමේ උත්සාහයක් කියලයි අපිට නම් හිතෙන්නේ.”

  1. Christie Says:

    Christie Says:
    March 22nd, 2019 at 11:33 pm
    Middle Eastern countries are winding down their own refineries.
    When we were told about Volks Wagen they had over capacity in Asian assembly lines.
    Behind both these proposals are Indian Colonial Parasites.
    Leave a Reply

  2. aloy Says:

    I see this as a carrot being dandled on the Tamil Nadu voters by Modi, the “emperor”.

  3. aloy Says:

    Sorry, “dangled”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress