නොරොච්චෝලේ විදුලි බලාගාරය හැදුවාට පස්සේ විදුලි අර්බුදයට මුහුණ දෙන්න කිසිම විදුලි බලාගාරයක් මේ වන තෙක් හැදුවේ නැති ආන්ඩුව සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට වග කියන්න වෙනවා.
Posted on March 26th, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

විදුලි අර්බුදය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. ලංකාවේ විදුලි බල පද්ධතියෙන් ජනනය කළ හැකි සම්පූර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 4000යි. සියලුම අංශ උපරිමයෙන් ක්‍රියාතම්ක වුනොත් ජලවිදුලියෙන් මෙගාවොට් 1700යි. ගල් අගුරුවලින් මෙගාවොට් 900යි. තෙල්වලින් මෙගාවොට් 1200කුත් අනෙකුත් පරිසරකාමි විදුලි ජනක ක්‍රමවලින් මෙගාවොට් 200ක් විදියටයි මේ මෙගාවොට් 4000 නිෂ්පාදනය වෙන්නේ. අපි නොරොච්චෝලේ විදුලි බලාගාරය හැදුවාට පස්සේ විදුලි අර්බුදයට මුහුණ දෙන්න කිසිම විදුලි බලාගාරයක් මේ වන තෙක් හැදුවේ නැති ආන්ඩුව සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට වග කියන්න වෙනවා.

වර්ෂකට සියයට 6ත් 8ත් අතර ප්‍රමාණයක් විදුලි උත්පාදනය වැඩි කරන්න වෙනවා. 2025 වෙද්දි මේ රටේ විදුලි උත්පාදනය මෙගා වොට් 6000ක් නොවුනොත් මේ රටේ ඇති වෙන තත්ත්වය මොකක්ද. ඒ තත්ත්වය තේරුම් ගෙන වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු රටක් මේ වෙද්දි කිසිම මහා පරිමාන විදුලි බලාගාරයක් හැදුවේ නැති නිසා අද රට අදුරේ. 

 අද වෙද්දි ආර්ථික වර්ධනවේගය තියෙන්නේ තුනයි දශම ගානක. මේ විදියට ඉදිරියට ගියොත් එකයි දශම හතකට ආර්ථීක වර්ධන වේගය අඩු වෙන එක වළක්වන්න බැහැ. මේ විදියට ආණ්ඩුව කියන කිසිදෙයක් කරන්න පුලුවන් කමක් නැහැ. මේකට ආන්ඩුවේ ඇමැතිවරයාට බැනලා වැඩක් නැහැ. ආන්ඩුව පත්වුනු දවසේ ඉදලා විදුලි නිෂ්පාදන ක්ෂේත්‍රයට අත නොගැසීම නිසා සහ ආණ්ඩුවට එවැනි දැක්මක් නැති නිසා තමයි ජනතාවත් රටත් මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. 

මේ දිනවල පරිභෝජනය කරන්නේ මෙගාවෝට් 2000යි. නමුත් මෙගාවොට් 2500ක් පමණ ප්‍රමාණයක් රටට අවශ්‍යයි. මේ ආන්ඩුවට ඒ මෙගාවොට් ප්‍රමාණය රටට දෙන්න බැහැ. තෙල් ප්‍රශ්නය නිසා තෙල්මිල වැඩිනිසා තෙල්වලින් විදුලිය ජනනය කරන විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න බැහැ. වැස්ස නැති නිසා ඒ විදුලි බලාගාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නොරොච්චෝලේ පොඩි බිදවැටීමක් වුනොත් ඒකත් විදුලි පද්ධතියට එකතු කරන්න බැහැ. මේ නිසා ඉදිරි කාලයේදී රට නරක තත්ත්වයකට පත්වෙනවා. අපේ ආන්ඩුවක් ඇවිත් සැලැස්මකට වැඩ කරන ක්‍රමවේදයකට යන අතරම මේ භයානක තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ වෙද්දි කර්මාන්ත ශාලාවල වියදම වැඩිවෙලා. අධිවේගී මාර්ගවල මාර්ගවල විදුලිය නැති වෙලා අවධානම් තත්ත්වයක් ඇති වෙලා. කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයට තෙල් වලින් තමන්ගේ විදුලි ජනක යන්ත්‍ර පණ ගන්වන්න වෙලා. නිෂ්පාදන වියදම වැඩිවෙලා. අපනයන ක්සේත්‍රයත්මේ නිසා විශාල බලපෑමක් වෙලා. පාසල්වල විදුලි ජනක නැහැ. උගන්වන්නත් විදියක් නැති වෙනවා. හැම ක්සේත්‍රයකම නිෂ්පාදන මිල වැඩිවෙනවා. ආන්ඩුව මේකට වග කියන්න වෙනවා. හේතු සාධක කියලා වැඩක් නැහැ. 2001 බලයට ආවමත් මෙවැනි තත්ත්වයක් ඇති වුනා. ගෙවුනු අවුරුදු හතරහමාර නිසි කළමණාකාරිත්වයකින් කටයුතු නොකිරිම නිසා අපිට මේ සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුනා. 

හැම වර්ෂකම සියයට 6 සිට සියයට 8 දක්වා ප්‍රමාණයකින් විදුලි පරිබෝජනය කරන ප්‍රමාණයේ වැඩිවිමක් සිදුවෙනවා. ඒකට මුහුණ දෙන්න සැලැස්මක් ආන්ඩුවට නැත්නම් තවතවත් ජනතාව විපතට පත්කරන කාරණාවලම ආන්ඩුව යෙදිම කණගාටුවට කරුණක්. මේ නිසා බඩු මිලවැඩිවීම , විරැකියාව, ආයෝජන අඩුවීම, ආර්ථක සේවා බිද වැටීම ණය බර වැඩිවිම වගේ දේවලට මුහුණ දෙන්න වෙලා. 

දැන් බැදුම්කර සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. නිලධාරීන්ගේ ඇගට මේ ප්‍රශ්නයට දාලා අත පිහදගන්න හදනවාද කියලා හිතනෙවා. ඒ නිසා නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ සිද්ධියට සම්බන්ධ වුනු, උපදෙස් දුන්න දේශපාලනඥයෝ වහාම හෙළි කරන්න. මේ වෙද්දි ආන්ඩුව අසමත් වෙලා තියෙන්නේ සිංගප්පූරු පුරවැසිභාවය තියෙන අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වන්න අවශ්‍ය ලේඛණ යවන්න. නිලධාරීන් අත් අඩංගුවට ගත්තාම ඔවුන්ට උපදෙස් දුන්න පුද්ගලියින් හෙළි කිරීමේ වගකීමක් තියෙනවා. බැදුම්කර කොමිසමේ දී යම් යම් දේවල් මග හරින ආකාරයට කටයුතු කරපු හැටිත් හෙළි වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඔය සියලු දෙනාගේම නායකයින්ගේ රෙදි ගැලවෙන්නත් පුලුවන්. 

හම්බන්තොට මහාපරිමාන ආයෝජන දෙකක් ගැන කතාකරනවා. මේ සිමෙන්ති ආයෝජනය කාගෙද. සිමෙන්ති ආයෝජනය නන්දන ලොකුවිතාන මහතාගේ. මීට කලින් එතුමා ගැන කිව්වේ මොනවාද. මොහු ආයෝජනය කරන්නේ රාජපක්ෂලාගේ සල්ලි කිව්වා. අද ඔහුගේ ආයෝජනය හොද වෙලා. මේ ආයෝජනය ගෙනාවෙත් අපේ කාලේ ආයෝජන ගෙනාපු නන්දන ලොකුවිතාන මහත්තයායි කියලා කියන්නේ නැහැ. මොහුට විරුද්ධව ඒ දවස්වල පරික්ෂණ කලා. අපි ආයෝජනයින්ට අවස්ථාව දුන්නා. නිීති රිති දාලා ආයෝජකයෝ පීඩාවට පත්කිරිම නිසා කිසිම ආයෝජනයක් එන්නේ නැතිව ගියා. දැන් මහා පරිමානයෙන් ලංකාවේ ලොකුම ආයෝජනය ගෙනාවාලු. මේ ආන්ඩුව එදා අපි ගෙන ගිය වැඩපිළීවෙල ඒ විදියට ක්‍රියාත්මක කළා නම් අද වෙද්දි රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. රටේ ආර්ථික අර්බුදය එන්න එන්න වැඩි වෙමින් තිබුණත් පියවරක් ගන්න ආන්ඩුවට කාලය නැති නිසා ආන්ඩුවට තියෙන එකම විකල්පය මැතිවරණයකට යන එකයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා 

අපේ කොටස් වෙලදපොල ඉතාම පසුගාමි තත්ත්වයකයි තියෙන්නේ. කොටස් වෙලද පොලේ පසුබෑම රටේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය දක්වන්නක්. ආයතනවලට වෙලදාමක් නැත්නම් නිෂ්පාදනයකිරීමේ අංශ වැඩි දියුණු වෙන්නේ නැත්නම් සේවා අංශය දුර්වල වෙනවා නම් අවසානයේ කොටස් වෙලදපොල පහත වැටෙනවා. ලංකා ඉතිහාසයේ කිසිමදාක නොවුන විදියට කොටස් වෙලදපොල පහත වැටිලා තියෙන්නේ. දැන් මේ පිලිබදව ආර්ථකමය විග්‍රහයක් නොකරන අගමැතිතුමාගේ උපදේශනය වෙලා තියෙන්නේ ජනතාවගේ ඊ.ටී.එප්, ඊ.පී.එප් මුදල් කොටස් වෙලදපොලේ ආයෝජනය කිරිමයි. කොටස් වෙලදපොලක් වැටෙන්නේ කොටස් වෙලෙදපොලේ කර්මාන්තවල දියුණුවක් නැති වුනාමයි. දියුණුවත් නැති වුනාම කොටස් මිල වැටෙනවා. කොටස් ගැනීම අඩු වෙනාව. ඊලගට කොටස්වෙලද පොල වැටෙනවා. මේ තර්කය අනෙක් පැත්තට දාලා කොටස් වෙලද පොළට මහජනයා එකතු කරන් තියෙන අරමුදල් දාපුවාම වෙන්නේ මහජනතාවගේ මුදලුත් සම්පූර්ණයෙන්ම විනාශ වීමයි. 

විශේෂයෙන්ම මේ දවස්වල ස්වෛරී බැදුම්කර ගණනාවක් නිකුත් කරනවා. මේ වසරෙත් නිකුත් කළා. ඒ බැදුම්කරවල පොලිය සියයට හතහමාරක් පමණ වෙනවා. මේයින් පේන්නේත් අපේ ආර්ථිකයේ දුර්වලතාවයයි. මේ විදියට විශාල පොලියකට අරන් අපි ණය ගෙව්වා වුනත් අපිට ඊළගට තියෙනවා තවත් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඊළගට අපේ ස්වෛරී බැදුම්කරවලට කවුරුත් අවේ නැත්නම් අපි මොකද කරන්නේ. මේ ස්වෛරී බැදුම්කර මිලදි ගන්න ඉල්ලුම් කරන කිසිවෙක් ඉදිරියේදි නැති වෙන්න ඉඩ තියෙනවා. මේ වෙද්දි ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේම නැහැ. එක තැනක හිටලා තියෙන්නේ. ඒ අතරේ විදුලි බල අර්ඩුදයක්. විදුලිය කපන්න වුනේ ඇයි. කපන්නේ නැත්නම් පුද්ගලික අංශයෙන් විදුලිබලය ගන්න වෙනවා. ඒ සදහා බිලියන 60ක් විතර වෙන් කරන්න වෙනවා. ආන්ඩුවට ඒ විදියට විදුලිය මිලදි ගන්න සල්ලි නැති නිසයි විදුලිය කපන්නේ. දවල් වරුවේ පැය 4ක් විතර කපලා රාත්‍රියට පැය දෙකක් විතර කපනවා. ලංකාවේ නියගය ආරම්භ වුනා විතරයි. මේකෙන් පේන්නේත් ආර්ථීකයේ බංකොලොත් භාවයයි. මෙහෙම වුනොත් ආන්ඩුවේ ප්‍රජා සේවා එකින් එක නතර වෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නයට රජයට මුහුණ දෙන්න බැහැ. උපදේශකයින්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නැහැ. මේ තත්ත්වය තේරුම් ගෙන රට ඉදිරියට ගෙන යන්න හැකි නව පාලනයටකට රට භාර දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා 

එජාප පෙරමුණු ආන්ඩුව ගම් වැඩපිළිවෙල ගැන මහ ලොකුවට කතා කළාට නිත්‍යානුකූලව කරන්නේ නැහැ. අපේ රටේ මහජන නියෝජිතයින්  තෝරා ගන්නා ක්‍රමවේදයක් තියෙනවා. ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයාත්, මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනවරුනුත්, පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභා මන්ත්‍රීවරුනුත්, ප්‍රදේශිය සභා මැතිවරණයෙන් පළාත්පාලන ආයතන නියෝජතවරුනුත් තෝරා ගන්නවා. මේ ආයතන හතරටම ව්‍යවස්ථාණුකූලව වෙනවෙනම බලතල තියෙනවා. පළාත් පාලන ආයතන යටතේ පාලනය වෙන මාර්ග සහ පොදුකටයුතු වලට ගම්පෙරලිය යටතේ සංවර්ධනය කිරීමට යාමේදි පළාත් පාලන ආයතනවල වගකීම් අමතක කරලා තියෙනවා.  අපේ ආන්ඩුව කාලයේ පළාත් සභා විෂයයන් සංවර්ධනය කිරීමේදී පලාත් සභාව තියෙන්නේ මොන පක්ෂයටද කියලා බැලුවේ නැතිව පළාත් සභාවට භාර දුන්නා. නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ කටයුතු ඒ ආයතනවලට භාරදුන්නා. අද තමන්ගේ පාක්ෂිකයින් සතුටු කරන්න පොඩි පොඩි කොන්ත්‍රාත් තමන්ගේ පාක්ෂිකයින්ට දෙන්න ගිහින් ප්‍රාදේශිය සභාවයි ප්‍රාදේශීය ලේකම්කාර්යාලයි අතර ප්‍රශ්න ඇති වෙලා. නිත්‍යාණුකූල නොවන දේට බලපෑම් කරන නිසා මේවා දාලා යන්න හිතිලා තියෙන බවත් සමහර නිලධාරීන් කියනවා. අගෝස්තු 31 වෙද්දි මේ ව්‍යාපෘති අවසන් කරන්න කිව්වත් පළාත් පාලන ආයතනයේ ඉන්න නිලධාරියා ඒ වැඩපිළිවෙලින් ඉවත් කරලා. මේ ආයතනවලට නීත්‍යාණුකූලව ලැබිලා තියෙන බලතල ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටිනවා. 

මේ වෙද්දි ගම්වල අය තමන්ගේ ශිතකරණයේ දාලා තියෙන මස්ටික, මාලුටික නරක් වෙනවා කියනවා. ගමේ කුඩා වී මෝල පවත්වා ගෙන යන්න බැහැ. සංචාරක කර්මාන්තට ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල විදුලිය කපපුවාම දැන් තියෙන රස්නය එක්ක සංචාරකයෝ එන්නේ නැහැ. ආන්ඩුව පුරසාරම් දොඩලා අවේ අපමණ අගයක් ලබා දෙනවා කියලා. දැන් විදුලිය කැපිල්ලෙනුත් අපමණ අගයක් ලබා දෙමින් සිටිනවා. 

දැන් ජාතික ආන්ඩුවක් ගැන කතා කරනවා. ජාතික ආන්ඩුවේ ඉදලා ආපු මන්ත්‍රීවරුන් නම් කියන්නේ ආයේ ජාතික ආන්ඩුවකට හේත්තු වෙන්නේ නැති බවයි. ජාතික ආන්ඩුවක් නැවත හදන්න යෝජනා කරන්න පුලුවන්ද. රනිල් වික්‍රමසිංහ ආන්ඩුවත් එක්ක වැඩකරන්න බැහැ.මේ ආන්ඩුව රට විනාශ කළා කියලා ජනාධිපතිතුමා කියද්දි රෙදි ඇද ගෙන ආයෙත් ජාතික ආන්ඩුවක් ගැන කතා කරන්න පුලුවන්ද. මේක පැහැදිලිවම ක්‍රමන්ත්‍රණයක්. කඩන් වැටිලා තියෙන ආණ්ඩුවට ශක්තියක් දෙන්න ජනතාව නොමග යවන්න කරන ප්‍රකාශයක් බව පැහැදිලියි. 

මාධ්‍ය – ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ජිනිවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වා තිබෙන බවයි උතුරු පළාත් ආන්ඩුකාරවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන්කලේ. 

අනුර ප්‍රියදර්ශන යාපා – සාමාන්‍යයෙන් සම අනුග්‍රහයක් දක්වනවා නම් විදේශ ඇමැතිවරායානේ එය දන්වන්නේ. මේක දන්වලා තියෙන්නේ මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයෙක් වෙන මනෝ තිත්තවැල්ල මහතායි.  එයා තමයි නිත්‍ය නියෝජිත අසීස් මහතාට පනිවිඩය දීලා තියෙන්නේ. එක් එක් අංශ මෙහෙයවීමේ අමනෝඥකම පේනවානේ. නේස්බි සාමිවරයා නිකුත් කළ වාර්තාව මානව හිමිකම් කොමිෂමේ අවධානයට යොමු කලේ නැහැ අපේ රජය. සම අනුග්‍රහය දක්වනවා කියන්නේ ඒ අය කියන විදියේ පිරිසක් අතුරුදන් වෙලා තියෙනවා. ඒ සදහා වගවීමේ ක්‍රියාවලියක් සදහා බැගෑපත්ව අපිට කාලය දෙන්න කියලයි කියන්නේ. නේස්බි සාමිවරයා කියන්නේ ඒ කියන විදියේ ප්‍රමාණ්‍යක් අතුරුදන් වෙලා නැහැ කියලයි. 

ඇමරිකාව ඉරාකයේ බෝම්බ හෙලිම නිසා කුඩා දරුවන් මිය ගිය සිද්ධියක් වාර්තා වුනා. ඒකට මොනවගේ පරික්ෂණයක්ද වෙන්නේ. හැදි දෙකකින්නේ බෙද්න්නේ. 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – බලයට පත්වෙන්න දුන්න අසිමිත පොරොන්දු මේ ඉටු කරන්නේ නැහැ. ඇමරිකාව මේකෙන් අයින් වුනාම අපි ගිහින් බ්‍රිතාන්‍ය බදාගත්තා. මේ ආන්ඩුව ඊළග ඡන්දෙටත් ජාත්‍යන්තරය පාවිච්චි කරන්නයි හදන්නේ. නිත්‍යානුකූල හමුදාවක් විදියට අපි හිතාමතා කිසිවක් නොකල බව රට පිළිගත්තා. යුද්ධයෙන් පස්සේ ජනතාව නැවතපදිංචි කිරීම, පුනරුත්තාපනය කිරිම, ඔවුන්ගේ පහුසකම් වැඩිදියුණු කිරිම කළ බව පිළීගත්තා. මේ වගේ කෙටි කළක් ඇතුළත යුද්ධයෙන් අවතැන්වුවන්ට පිහිටවුනු ආන්ඩුවක් නැහැ. ඒ අතරේ මේ ආන්ඩුව ගිහින් කල් ඉල්ලන්නේ ඊළග ජනාධිපතිවරණයත් පන්න ගන්න. සාමාන්‍ය ජනතාවට මේකෙන් බේරෙන්න කරන්න තියෙන්නේ මේ ආන්ඩුව පලවා හැරීමේ ක්‍රියාදාමයට එකතු වෙන එකයි. 

එස්. එම්. චන්ද්‍ර‌සේන -එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සමයේ රට පාවා දෙන ගිවිසුම රනිල් වික්‍රමසිංහ අත්සන් කලේ එවකට විධායක ජනාධිපති චන්ද්‍රිකා බණෟඩාරනායක කුමාරණතුංග මහත්මිය දන්නේ නැතිවයි. මුලු රටේම ජනතාව එක්කයි විධායකය තෝරාගන්නේ. ඒ විධායකය නොදැන ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර පාවා දුන්නා වගේ මේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පුරුද්දකට වගේ මෙවරත් ජිනිවා ගිහින්  ජනාධිපතිවරයා  දැනුම්වත් කිරීමකින් තොරව රට පාවා දුන්නේ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress