ජිනීවා තානාපතිවරයා වහාම මෙරටට ගෙන්වන්න -රනිල් වික්‍රමසිංහ කියන්නේ අගමැති තනතුරට පත්වුනු සෑම අවස්ථාවකම විධායක ජනාධිපතිවරයා නොසලකා කටයුතු කළ පුද්ගලයෙක්
Posted on March 28th, 2019

අද (28) දින පැවැති මාධ්‍ය හමුව

නැවතත් ජාතික ආන්ඩුවක් බිහිවන සලකුණක්වත් නැහැ

ශ්‍රී දරන්ට අවශ්‍ය කෙනා අපේ ජනාධිපති අපෙක්ෂකයා වෙන්නේ නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා 

ජිනීවා හි තානාපති අෂීස් මහතා නැවතත් 30-1 යෝජනාවට අත්සන් කර නැවත වරක් මේ රට පාවාදෙන බව අපි පහුගිය කාලයේ දිගින් දිගටම ප්‍රකාශ කළා. වත්මන් මුදල් ඇමැතිවරයා විදේශ ඇමැතිවරයා සමයේදි මේ යෝජනාව හරහා රට පාවා දෙන බවත් අපි ප්‍රකාශ කළා. දැන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාම ප්‍රකාශ කරනවා රටත් හමුදාවත් ජනතාවත් සියලුදේමත් ජිනීවාවල ඉන්න තානාපතිවරයා පාවාදි ඇති බව. මේක විදේශ කටයුතු අමාත්‍යංශය දන්නෙත් නැහැ. විදේශ කටයුතු ලේකම්වරයා දන්නෙත් නැහැලු. රටේ නායකයා විදියට ජනාධිපතිවරයායි මේ සියලු පත්කිරීම් කරන්නේ. මේ යෝජනාවට අත්සන් කිරිම හරහා රට පාවාදිමක් සිදුවෙන බව අපි කරපු ප්‍රකාශය අද ජනාධිපතිවරයාම ප්‍රකාශ කිරිම හරහා පැහැදිලි වන්නේ පහුගිය කාලය පුරාම අපි කියපු කතාව සත්‍යයක් බවයි. වත්මන් ජනාධීපතිවරයා මේ ප්‍රකාශය කිරීම ගැන අපි සතුටු වෙනවා. 

එදා ඔස්ට්‍රියාවේ හිටපු තානාපතිවරිය වුනු ප්‍රියානි විජේසේකර මහත්මියව ජනාධිපතිතුමාට පැයගාණක් දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් නැවත මෙරටට කැදවිමට පියවර ගත්තා. තානාපති කෙනෙක්ට කතා කරන්න බැරි නකම් ඒ තානාපතිගෙන් වැඩක් නැහැ. අද තියෙන්නේ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම වගෙ කාරණයක් නෙවෙයි. රට පාවා දීම සම්බන්ධයෙන් චෝදනාවක්. මේ රටේ රාජ්‍ය නායකයා වගේම පත්කිරිම් සදහා ව්‍යවස්ථාවෙන් බලය තියෙන පුද්ගලයා විදියට ජිනිවා වල ඉන්න මේ තානාපතිවරයාව නැවත මෙරටට කැදවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. තානාපතිවරයා කරපු දේ හෙළාදැකලා, ඔහුට විරුද්ධව අදහස් දැක්වූ ආකාරය අපි දැක්කා. ඒ කතා කරා වගේම රට පාවාදුන් තානාපතිවරයා මෙරටට කැදවා රට වෙනුවෙන් කතා කරන්න පුලුවන් කෙනෙක් ඒ රටේ තානාපති විදියට පත්කරන්න. 

එජාප ආණ්ඩුවේ අය කිව්වා මේ රටේ දෙමුහුන් අධිකරණයක් ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ විදේශ කටයුතු ඇමැතිවරයා කෙළින් කතා කළාලු.නමුත් ජනාධිපතිවරයා කිව්වා විදේශ කටයුතු ඇමැතිවරයා කතාකරපු හැටි. ජනාධිපතිතුමා මේ කතාව හදලා දුන්නේ නැත්නම් විදේශ කටයුතු ඇමැතිවරයා කියන්නේ මිට වඩා වෙනස් කතාවක් බව කිව්වා. රටේ දෙමුහුන් අධිකරණයක් ඇතිවිම වැලැක්විම සදහා ජනාධිපතිවරයා මේ විදියට මැදිහත් වීමත් අපි අගය කරනවා. එදා 2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිවරයා සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරා වුනා. එදා පාර්ලිමෙන්තුවත් , කැබිනට් එකවත් දන්නේ නැතිව ප්‍රභාකරන් එක්ක සටන් විරාම අත්සන් කලේමේ රනිල් වික්‍රමසිංහමයි. එතුමා කවදාවත් රටේ අගමැතිවරයා වුනාම ජනාධිපතිවරයා ගණන් ගන්නේ නැහැ. මේකට අගමැතිවරයාගේ මුලිකත්වය නොතිබුනා නම් කෙරෙන දෙයක් නෙවෙයි. පත්තරවල ගියා ආයෙත් ජාතික ආන්ඩුවක් හැදෙන කතාවක්. මේ තත්ත්වය අනුව එවැනි දෙයක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ.

ඉස්සර මත්ද්‍රව්‍ය ඇල්ලුවේ ග්රෑම්වලින්. ඒවා කිරන්න ගෙන ගියේ පොඩි තරාදි. දැන් පිටකොටුවේ තියෙන බලාන්ස ගෙනියන්න වෙලා කුඩු කිරන්න. ඒ තරම් කුඩු අල්ලනවා පොලීසිය. මේ විදියට සේවය කරන පොලීසියේ බටා එක වැඩි කරන්න කියලා පොලීසිය භාර ඇමැතිවරයා විදියට ජනාධිපතිවරයා සදහන් කළා. රුපියල් 400 ගණනේ 24ක් දෙන එක 800 ගානේ 21 දක්වා වැඩිකළා. 400 ගානේ 24ක් කියන්නේ 9600යි. ජනාධිපතිතුමා කිව්වා 800 ගානේ 21ක් , ඒ කියන්නේ 16800ක් වැඩියෙන් දෙන්න කියලා. දැන් ආන්ඩුව ඒ චක්‍රලේඛණය වෙනස් කරලා 800 ගානේ 14ක් කියලු අලුත් චක්‍රලේඛණයක් යවනවා. ඒ කියන්නේ 11200යි. වැඩිවෙලා තියෙන්නේ 1200යි.  ජනාදීපතිතුමා වැඩිකරපු එකෙන් 5600ක් අඩු කරලා. මේකෙන් පේන්නේ මතුද්‍රව්‍ය උවදුර මේ රටෙන් තුරන් කරන එක වළක්වන්න ආන්ඩුව උත්සාහ කරන බවයි. ඒ වුනාට පාර්ලිමේන්තුවේදි කියනවා අපි තමයි පොලිසියේ බටා එක වැඩිකලේ කියලා. ඒ වුනාට ජනාධිපතිතුමා දෙන්න කියපු එකවත් ඒ විදියට දෙන්නේ නැහැ. ආන්ඩුව මැදිහත් වෙලා කපනවා. ජනාධිපතිතුමා කිසියම් පියවරක් ගත්තොත් ආන්ඩුවේ ඉන්න ඇමැතිවරු ඒවා වෙනස් කරනවා. ජනාධිපතිගේ වැය ශීර්ෂය පැරැද්දුවේ නැති වුනාට කියන්න තියෙන සියලුම දේවල් ටික කිව්වා. හැම අතින්ම මේ රට යන්නේ ආගාධයට. අපි මාධ්‍ය හමු තියලා මොන දේවල් කිව්වාත් නිව්ස් බලන්න විදුලිය නැහැ. 

නැවතත් රටේ විධායක ජනාධිපති විදියට, ආන්ඩුවේ ප්‍රධානියා විදියට ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රට පාවාදුන් තානාපතිවරයා මේ රටට කැදවන්නයි කියල ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කරනවා. 

■             මීට වසර 4ට පෙර දකුණු ආසියාවේ පැය 24ම නොකඩවා විදුලිය දුන්න අපේ රට අද පැය ගානක් විදුලිය කපන රටක් බවට පත්වෙලා.

■             මාධ්‍ය සංදර්ශන වෙනුවට නොකඩවා විදුලිය දෙන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. අපි විපක්ෂය විදියට සහාය දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේණුක විධානගමගේ මහතා 

අද රට විදුලි අර්බුදයකට මුහුණ දිලා. දවසකට පැය ගාණක් විදුලිය කපනවා. ව්‍යාපාරිකයින් ඇතුළු සියලුම ජනතාවට මේක ප්‍රශ්නයක්. මීට වසර 4ට කළින් මේ රටේ අඛණ්ඩව පැය 24 පුරාම විදුලිය ලබා දුන්න රට බවට අපේ රට පත්වෙලා තිබුණා. ඒ රට අද දවසකට පැය ගාණක් විදුලිය විසන්දි කරන රට වෙලා. එදා දකුණු ආසියාවේ විදුලි කප්පාදු කරපු රටවල් අද වෙද්දි අඛණ්ඩව ජනතාවට විදුලිය දෙන රටක් බවට පත්වෙලා. ලංකාව හා නේපාලයි අද විදුලි කප්පාදු කරන රටවල් වෙලා තියෙන්නේ. බොරුවට මාධ්‍ය සංදර්ශන තියනවා විතරයි. පහුගිය වසර 4ක කාලය පුරා ජනතාවට අඛණ්ඩව විදුලිය දෙන්න ක්‍රමවේදයක් ඇති කරන්න ආණ්ඩුව කිසිදු පියවරක් අරන් නැහැ. මිට අවුරුදු ගාණකට කලිනුත් අද වගේ විදුලිය කැපුවා. ඒ විතරක් නෙවෙයි විදුලි අර්බුදයට විසදුමක් විදියට ඔරලෝසු කටුවත් කරකවපු කාලයක් තිබුණා. මේ රජය පත්වුනදා ඉදලා ජනතාවට ප්‍රශ්න. පහුගිය දවසක අගමැතිගේ උපන් දිනයට අත්සවයක් තිබ්බා.ඊට කලින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඉදිකරවයා කියලා මුල්ගලක් තිබ්බා. ටයර් කර්මාන්ත ශාලාවක් හදනවා කියලා මුල් ගලක් තිබ්බා. ඒ කිසිවක් වුනේ නැහැ. ආයෝජකයෝ කියලා ගෙන්වා ගෙන තියපු මුල්ගලත් මුල්ගලත් විතරයි. මාධ්‍ය සංදර්ශන නවතලා ජනතාවට විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගන්න. යෝජනාවක් ගේන්න නැවත මේ රටට නොකඩවා විදුලිය ලබාදනෙ. විපක්ෂය විදියට අපිත් අත ඔසවනවා. පහුගිය කාලයේ රටේ වුනුවිනාශයන් සියල්ලට මේ රජය වගකිව යුතුයි. 

ප්‍රශන – ශ්‍රී දරන් මන්ත්‍රීවරයා කියනවා ඔබලාගේ අපේක්සකයෙක්ට බලයට එන්න දෙන්නේ නැහැ කියලා. 

ජානක වක්කුඹුර – නැහැ . එහෙම නෙවේ. ශ්‍රී දරන් කියන්නේ රාජපක්ෂවරුන්ට නැවත බලයට එන්න දෙන්නේ නැති බවයි. ඒ නිසාලු ආන්ඩුවට සහාය දෙන්නේ. ඇයි ශ්‍රී දරන්ලාගේ ඉල්ලීම තමයි මේ ජිනීවාවල ඉල්ලන්නේ. එහෙම නැතිව අයවැය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ජිනීවා වලට ආන්ඩුව සහාය දෙනවා. ආන්ඩුව සහයා දුන්න නිසයි රාජපක්ෂවරුන්ට එන්න දෙන්නේ නැහැ කියන්නේ. මේ හඩ ආන්ඩුව ඒ අය එක්ක ඉන්නව නිසයි. ඒ අයත් අද නිදහසේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂමහතා රට නිදහස් කරගන්න දේශපාලන නායකත්වය දුන්න නිසයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සියලු දෙනාට එක විදියට සලකන කෙනෙක්. සිංහල, දෙමළ , මුස්ලිම් කියන බේධයක් එතුමා ළග නැහැ. ශ්‍රී දරන්ලා කවදාවත් අපේ ආන්ඩුවකට සහාය දුන්නේ නැහැ.ආන්ඩුව ගත්ත වෙලේ ඉදන්කරන්න තියෙන සියලුම දේ කලා. පාර්ලිමේන්තුව ගැන තීන්දුවක් ගන්න අධිකරණයට යද්දි අපේ අධීකරණය ස්වාධීනයි. නමුත් ජිනීවා ගිහින් කියනවා අධීකරණය ස්වාධීන නැහැලු. ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවද්දි ගිහින තීන්දුව ගනිද්දි අධීකරණය ස්වාධීනයි කිව්වා. ශ්‍රී දරන්ලාට අවහ්‍ය විදියට අපි වැඩ කරනනේ නැහැ. නමුත් ද්‍රවිඩ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවෙනවා. උතුරු නැගෙනහිර විදුලිය නැතිව තියෙන කොට මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් සියලු ජනතාවට විදුලිය ලබා දුන්නා. දැන් විදුලි ඉංජිනේරුවරු කියන්නේ අලුතින් බලාගාරයක් හදනවා නම්වසර හතරක් යන බවයි. ඒ වුනාට වාර්ෂිකව විදුලි අවහ්‍යතාවය වැඩිවෙනවා. එදා නොරොච්චෝලේ හදන කොට කිව්වේ චිනය අයින් කරපු යකඩ ගොඩක් කියලයි. නමුත් විගණකාධිපතිතුමා කිව්වා ඒ වියදම් කළා වගේ දස ගුණයක් ලාභයිලු. අපි භය වුනේ නැතිව විදුලි බලාගාරය හැදුවා. එදා කරූ ජයසූරිය මහත්තයා විදුලි බලාගාරය හදන්න මුල්ගල් තියන්න ගියේ නැහැ බයට. ඒ ව්‍යාපෘතිය නොකලා නම් රටේ දෙකෙන් පංගුවකට විදුලිය නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා අර්බුදය වේලාසන දැකලා පිළියම් කළා. මේ ආන්ඩුවට ඒ වගේ දැක්මක් නැහැ. අපි ශ්‍රිදරන්ට අවශ්‍ය විදියේ නායකයෙක් පත්තරන්නේ නැහැ. දෙමළ සන්ධානය කවදත් රාජපක්ෂවරුන් එක්ක විරුද්ධයි. 

මාධ්‍ය – පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න හැකියාව තියෙනවාද

ජානක වක්කුඹුර – පුද්ගලික අංශයේ විදුලි බලාගාර පිහිටවපු කතාවක් විදුලි බල මණ්ඩලයේ පිරිසක් කියනවා. ඒ අය මේ පිටුපස ඉන්න බවයි කියන්නේ. විදුලිය හිටි අඩියේ ඉන්දියාවෙන් ගේන්නද. අපිම විදුලිය උත්පාදනය කරලා තමයි දෙන්න වෙන්නේ. මේක යට මාපියාවක් තියෙන බව පේනවා. දැන් හදපුවාගෙන් ගන්න නම් සම්බන්ධයක් තියෙන්න අවශ්‍යයි. මේවායින් විදුලිය ගන්න ගියාම වසර 20ට පමණ ගිවිසුම් අත්සන් කරන්න වෙනවා. විදුලිය ගත්තත් නොගත්තත් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රට අර්බුදයෙන් අර්බුදයට යනවා. 

තේණුක විදානගමගේ මහතා – රවි කරුණානායනක මහතා කියන්නේ අප්‍රියෙල් 25 වෙද්දි අර්බුදය විසදන බවයි. මේ වෙද්දි නැවක් ඇවිත් තියෙනවා. අමාත්‍යවරයාපහුගිය කාලයේ එතුමා දරපු අමාත්‍යංශ දිහා බලන්න. සතොස වහලාම දැම්මා. මුදල් අමාත්‍යංශයට ගිහින් වුනු දේ දැක්කානේ. දැන් විදුලිබල ඇමැති වෙලා මොකක් හරි කරයි. වරාය අවට ජෙනරේටර් තියෙන නැවක් ස්ථාපනය වෙලා තියෙන නිසා ඒ හරහා විදුලිය දෙන්න සූදානම් වෙනවා කියලා අපිට සැකයි. 

මාධ්‍ය – ඒ කියන්නේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදි ගැනීමේ උත්සාහයක් තියෙනවාද

ජානක වක්කුඹුර – කැබිනට් පත්‍රිකාවක් දාලා ගෙදරක විදුලි බල්බ දෙකක් නිවාදාන්න. දැන් පොලීසියෙන් යවන්න වෙනාව වහපු විදුලිබල්බ බලන්න. මේවා කරන්න පුලුවන් වැඩද. විදුලිය කළමණාකරණය ක්‍රමවේදයක් අවශ්‍යයි. විදුලි පහන් දෙකක් නිව්වා කියලා මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නැහැ. මේ අර්බුදය එන බව කිව්වේ මිට වසර ගානක ඉදලයි. ඒ නිසා ඒ කලෙම විදුලිය එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. පෝර්ට් සිටියට විදුලිය කෝ. කර්මාන්ත පුරයක් හැදුවාම විදුලිය කෝ. අද ගමේ ට්‍රේලර් සාප්පුවට වැඩ කර ගන්න විදියක් නැතිව ඉන්නවා. කොළඹට විදුලිය නොකැපුවාට අනෙක් පැතිවල විදුලිය නැහැ. ඉතින් කර්මාන්තරුවෙක් මේ රටට එයිද. වෙල් වලට සුර්ය කෝෂ දෙනවාලු. ඒකෙන් බදු ගහනවා. ලක්ෂ අටක්විතර වැය කරලා සුර්ය කෝෂ සවිකර ගන්නාව වෙනුවට ජාතික පද්ධතියෙන් විදුලිය ගන්න එක හොදයි කියලා මිනිස්සු තීරණය කරනවා.වැඩපිළීවෙලක් නැති ආන්ඩුව වසර ගානකින්පස්සේ රට කලුවරේ තිබ්බා. ඉල්ලාඅස්වෙලා වැඩක් කරන්න පුලුවන් ආන්ඩුවක් පත්කර ගන්න අව්සථාව දෙන්න. 

තේනුක විධානගමෙග් – නොරොච්චෝලේ බලාගාරය පාඩු ලබන අසාර්ථක ආයතනයක් කිව්වා. පහුගිය කාලයේ බලාගාරය බිදවැටුනේ දෙවරයි. රජයටනිසියාකාර වැඩපිළීවෙලක් තිබුණා නම් අද වෙද්දි අලුතින් බලාගාර ඉදිවෙනවා. මහින්ද රාජපක්ෂ රජය සමයේ මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වුනා. දැන් රටේ සම්පත් විකුණනවා විතරයි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress