ඉහළ කොත්මලේ හදන්න එපා කියලා උද්ගෝෂණ ආවා.නොරොච්චෝලය හැදුවොත් මරාගෙන මැරෙන තරමට විරෝධතා ආවා.මහින්ද යුද්ධය මැද ඒවත් සම්පුර්ණ කලා.
Posted on April 1st, 2019

ලංකා තිලක FB

මහින්ද රටේ තත්පරයකට රැ 750 වියදම් වෙන යුද්ධයක් කළා.

ඒ අතරේ රටේ ඉහළ යන විදුලිබල ඉල්ලුම ගැන විදුලි විශේෂඥයන් පුරෝකථන කලා.

ඉහළ කොත්මලේ හදන්න එපා කියලා උද්ගෝෂණ ආවා.

නොරොච්චෝලය හැදුවොත් මරාගෙන මැරෙන තරමට විරෝධතා ආවා.

මහින්ද යුද්ධය මැද ඒවත් සම්පුර්ණ කලා.

ඒ හංදා මහින්දට ලයිටි කපන කාලසටහන් රටේ ජනමාධ්‍ය තුලින් ප්‍රචාරය කරවන්න අවශ්‍ය වුනේ නෑ.

ලංකාවේ අධිවේග මාර්ග විතරක් නෙවේ වෙනදා පළාත් සභා ප්‍රාදේශීය සභා පාරවල් වල කලේ තාර දාලා උඩින් වැලි දාලා පාරට තාර දැම්මා කියලා පෙන්නන එක. වැලි ටික හෝදගෙන ගිහාම පාර ඉවරයි.

මහින්ද යටතේ මුල්වරට ග්‍රාමීය පළාත් බද පාරවල් පවා කාපට් කලා ප්‍රාදේශීය සභා පාරවල් කොන්ක්‍රීට් කලා.

ඒ හංදා මහින්දගේ කාලේ පාරක් හැදෙන එක පළාත් විෂයට අයිති පුංචි පාළමක් විවෘත.කරන එක.අද වගේ සංවර්ධන පුවත් යහපාලන පුවත් ලෙස විශේෂයෙන් පෙන්නන්න වුනේ නෑ

මේ ලංකාවේ ආසන්න වසර 10 තුළ තෙල් මිළ බැරලයක් ඩොලර් 120 ට ඉහළ ගියේ නෑ. හැබැයි මහින්දට යුද්ධයක් මැද ඒකට මුණ දෙන්න වුනා. එහෙම වුනා කියලා මහින්ද රටේ ජනතාව දවස් ගනන් තෙල් ගන්න පෝළිම් වල තිබ්බේ නෑ.

කොටින්ම මහින්දගේ කාලේ අපි කවදාවත් තෙල් නැවක් එනකල් බලා හිටියෙත් නෑ.

ඒ හංදා මහින්දට තෙල් වලට මිළ සූත්‍ර කියලා දෙයක් පෙන්න පෙන්න ඉන්න අවශ්‍ය වුනේ නෑ.

මහින්ද ජනාධිපති වුන අළුත (2006 විතර) විදේශ කටයුතු ඇමති වුන මංගල සමරවීර ඇමරිකාව ⁣පලස්තීනයට එරෙහිව ගෙනාපු යෝජනාවකට ලංකාව පක්ෂ වෙනවා ජිනීවා වල ( එතකොට මහින්ද පලස්තීන මුස්ලිම් සහයෝගිතාවයේ සභාපති) එයට පලස්තීනයෙන් සහාව අයදින මහින්ද මංගලගේ විදේශ කටයුතු ඔහුගෙන් ඉවත් කරනවා.

ඒ හංදා මහින්දට රටේ ජනතාවට මම දන්නේ නෑ මට කීවේ නෑ කියලා වගකීමෙන් මිදෙන ටෝක් දෙන්න ඕන වුනේ නෑ

අද වගේ රටේ ජනාධිපති නොදන්න ගිවිසුම් වලට ලංකාව එකග වුනාට එදා මහින්ද සෘජුව ක්‍රියා කලේ එහෙමයි.

ලංකාවේ රැකියා දෙන්නනම් අදායම වැඩිකර ගන්න ඕන. රටේ ඉදිකිරීම් අංශය පණ ගැන්වූ විට ගම්මාන තුළ අවිධිමත් රැකියා නියුක්තිය( ⁣ගඩොල් පෙදරේරැ වඩු පේන්ටින් වයරිං සුළු පරිමාන නිෂ්පාදන බෙදා හැරිම්) ඉහළ යන බව ආර්ථික සහ මුල්‍ය සංසරණ ක්‍රියාවක්. එය මහින්ද අතිහදා බලනවා. ඒ නිසා 2005 මහින්ද එනවිට රටේ තිබුන රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය ලක්ෂ 7 සිට ලක්ෂ 14, දක්වා 2015, වන විට ඉහල නංවන්න වගේම

රටම වැඩ බිමක් ලෙස ආදායම් ගලා යන සක්‍රීය තත්වයට පත් කරන්න හැකිවුනා.

කොටින්ම 2014 මහින්ද රැකියා විරහිත.උපාධි ධාරී කියන කුලකය නවත්වා තිබුනා.

ඒ හංදා මහින්දට මම රැකියා හදනවා කිය කිය යන්න වුවමනාවක් වුනේ නෑ.

මහින්දගේ කාලේ සිරිසේනලා චම්පිකලා රාජිතලා විජිතමුණි සොයිසලා මහින්ද චින්තනයට එරෙහිව වැඩ කරනවා කියලා මහින්දට වැටහෙන්න ඇති ඒත් ඒකට පිළියම ලෙස මහින්ද රනිල් වගේ තමන්ගේ පාර්ලිමේන්තු කංඩායමේ නවක මන්ත්‍රීන්ට කියලා රනිල් වගේ ඇමතිවරැන්ට බන්නන්න තර්ජනය කරන්න අමාත්‍යංශ වැය ශීර්ෂ පරාද කරවලා දණ ගස්වන්න වුවමනා වුනේ නැතුව ඇති.

අදටත් පවතින්නේ රජය මහින්දගේ වසර 10 ඉක්මවා යන්න කරන තරගයක් විතරයි.

ඒ වසර දහය තුළ ජනතාවට සාධනීය ලෙස මහින්ද ලබා දන්න දේවල් වලට අලගු තියන්නවත් මේ රජය⁣ට බැරි වෙලා තියනවා.

ඒකයි චන්ද්‍රිකා නොරොච්චෝලය මගේ වැඩක් මම පටන් ගත්තේ කියන්නේ.

ඒකයි චන්ද්‍රිකාලා චම්පිකලා ජවිපයේ අනරලා යුද්ධය අපේ පංගුව මේක.කියලා පෙන්නන්නේ.

ඒකයි රනිල් මහින්ද කරපු ව්‍යාපෘති රටට පාඩු බව අසාර්ථක බව පෙන්නන්න මේ තරම් රටේ ධනය කාබාසිනා කරන්නේ.

කොටින්ම 2015 ඉදන් අද මම මේ ලියන මොහොත දක්වාම යහපාලන අන්ඩුවයි ගෙනාපු අයයි උදව් කරපු අයයි

තොර තෝංචියක් නැතුව අපි මහින්දට වඩා යමක් රටට කරලා තියනවා කිය කිය ජනතාවගේ ඇහැට ඇගිල්ලෙන් ඇන අැන පෙන්නන්නේ

මහින්ද ඉක්මවා යන්න බැරි හේතුව මිසක් වෙන දෙයක් නොවේ.

මහින්දත් තමන්ගේ ගමන යන්නේ වුවමනාවෙන් සටන් වදින්න යමක් මේ ආන්ඩුවේ නැති නිසාමයි.

මහින්ද අගලක් හරි ඉක්මවා ලන්න පුළුවන් වුනානම් මේ අය හෙට පළාත් සභා ටික තියලා දිනාගන්නවා බං.

………….. නුවන් මොණරවිළ …………….

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress