ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව
Posted on April 1st, 2019

අද (01) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් -ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පළාත් සභා සංසදයේ සභාපති කංචන ජයරත්න මහතා 

■             ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාතයංශය නොදැන ජිනිවා තානාපතිවරයාට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද

■             සුලුසිද්ධි සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍රය අහෝසි කරනවා. නමුත් අර්ජුන මහේන්ද්‍රන් ට පැන යන්න අවස්ථාව දුන්නා.

■             එජාපයේ ජනතා විරෝධී වැඩපිළිවෙලට ශ්‍රිලනීපය හදවතින්ම විරුද්ධ නම් අප්‍රියෙල් පස්වෙනිදා එය පෙන්වන්න අවස්ථාව ලැබෙනවා.

■             ඉතිරි කාලයේ පරම්පරා ගණනකට සරිලන වීදියට උපයා ගැනීමයි ආණ්ඩුවේ ඉලක්කය වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා 

මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා දැනුම්වත් නොකර ජිනීවා හී සිටින තානාපති අසීස් මහතාට එහි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැනුම්දීලා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් දන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ අදහස් විමසලා නැහැ. ජනාධීපතිතුමා කියන විදියට විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිදු අනුදැනුමකින් තොරව මේ නියෝග නිකුත් කර තිබෙන්නේ. මෙවැන්නක් අපේ රටේ ඉතිහාසයේ කිසිම දිනෙක වෙලා නැහැ. මේ නියෝග නිකුත් කරලා තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ ජනාධිපති කාර්යාලයට කිසිසේත් සම්බන්ධ නොවන නිලධාරියෙක්. සංහිදියාව පිළීබද ඒකකයේ ප්‍රධානි මනෝ තිත්තවැල්ල මහතා විසින් මේ නියෝග නිකුත් කර ඇති බවයි කියන්නේ. දැන් හැමෝගෙන දෝෂාරෝපනයට ලක්වෙලා තියෙන්නේ අසිස් මහතාගේ ක්‍රියාකලාපයයි. ඔහු අඩුම තරමේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්වත් විමසන්නේ නැතිව මේ ක්‍රියාමාර්ගවය අවතීර්ණ වුනේ. මෙයින් ජනිත වන ආනුෂංග බරපතලයි. අනාගත රජයක් වුනත් මේ සම්බන්ධයෙන් බැදී සිටිනවා. රජය පමණක් නෙවෙයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සෘජුව බලපැම් වෙනවා. උදාහරණයක් විදියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුළාගෙන ඒ වෙනුවට අලුත් අණපනත් ආදේශ කිරීමට වෙනවා තානාපති අත්සන් කිරීමේ යෝජනාව නිසා. ඒ වගේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙනුත් පොරොන්දුවක් වෙලා තියෙනවා. මේ නියෝග දුන්න පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද. ලංකා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ රට නියෝජනය කරන තානාපතිවරුන්ට උපදෙස් දීමේ පිළිවෙලක් තියෙනවා. මේක අර්ජුන මහේන්ද්‍රන් දෙක. පාර්ලිමේන්තුවේ එළිපිට බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා වෙද්දි ,මහජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙද්දි ඒ කිසිවක් නොතකා අර්ජුන මහේන්ද්‍රන්ට විදේශගතවිමට ඉඩ දුන්නා. ඒක නතර කරන්න තිබුණා. දැන් ඔහුව සිංගප්පූරුවෙන් ගෙන්වා ගන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයා ලංකාවට ගෙන්වා ගැනිමට අවශ්‍ය තොරතුරු තවමත් එවා නැති බවයි සිංගප්පූරුව කියන්නේ. ඔහුට සිංගප්පූරුවට යන්න ඉඩ ඇරියා. නමුත් සුලු සිදුවීම් සම්බන්ධයෙන් කීදෙනෙක්ගේ විදේශ ගමන් බලපත්‍ර මේ වෙද්දි අහෝසි කරලා තියෙවාද. ශ්‍රී ලංකා ජනතාවට විශාල අලාභයක් කරපු පුද්ගලයාට ගුවන්තොටුපලෙන් ගුවන් යානයක නැගිලා යන්න අවස්ථාව හදලා දුන්නා. මේ නියෝග දුන්න පුද්ගලයින්ට විරුද්ධව දෝෂාරෝපනය කිරිම පමණක් සෑහෙන්නේ නැහැ. එදා ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දැන් ඒ සිදුවීමෙන් අත්දැකීම් ගන්න පුලුවන්. ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාත්‍යංශය නොදැනුවත්ව මේ කරපු දේ ඉතා භයානක පූර්වාදර්ශයක්. මේ සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් මින් පසු අපේ තානාපති සේවය මෙහෙයවන්නේ කවුද. විදේශ කටයුතු ඇමැතිවරයා හෝ විදේශ කටයුතු අමාත්‍යංශය කිසිම වගකීමක් ගන්නේ නැහැ. වෙන යම් යම් පුද්ගලයින්ට තමන්ගේ යම් යම් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා රජය විදියට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. 

අයවැය සම්බන්ධයෙන් තුන්වැනි වර ඡන්ද විමසීම අප්‍රියෙල් පස් වැනිදා සිදුවෙනවා. ඊට දවස් පහකට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ අතර තුන්වැනි සාකච්ඡෘ වටය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අපි අතර කෙරෙන සාකච්ඡෘ වල ප්‍රධාන අරමුණ එජාප විරෝධී දැවැන්ත සන්ධානයක් නිර්මාණය කර එජාපයේ ප්‍රතිපත්ති පරාජය කිරීමේ වාතාවරණයක් සැකසිමයි. විහේෂයෙන් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති පරාජය කිරීම. මේ නිසා අප්‍රියෙල් පස් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න ක්‍රියාමාර්ග ඉතා වැදගත් වෙනවා. දෙවන වර කියැවීමේදි ශ්‍රී ලනීප මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂය සමග පැහැදිලි එකගතාවයකට පැමිණියා අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. නමුත් අවාසනාවකට අවසන් මොහොතේ ඔවුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඒ ක්‍රියාව හේතුවෙන් මේ වෙද්දි දෙගිඩියාවක්, අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා අපේ පාක්ෂීකයින් තුල. මෙහි අරමුණ එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමයි. විවාදයේදී ආන්ඩුව දැඩිව විවේඡනය කරන නමුත් ඡන්දය ගන්න අවස්ථාවේ එජාපය ආරක්ෂා කරන වැඩපිළීවෙලක් ශ්‍රීලනීපය අනුගමනය කරනවා නම් ඔවුන් සමග එජාප විරෝධී බලවේගයක් හදන්නේ කොහොමද කියලා ජනතාව විමසනවා. ඒ සැකය පාක්ෂිකයින්ගේ මනස තුල ඇති වෙලා. අපේ පැත්තෙන් සද්භාවයෙන් මේ සාකච්ඡා පවත්වන්නේ. මේ සාකච්ඡා සාර්ථක කරගෙන තීරණාත්මක අවස්ථාවක මේ සන්ධෘනය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවය අපි දකිනවා. නමුත් එක අතකින් අත්පොලසන් දෙන්න බැහැ. ඒ වුනු වැරැද්ද නිවැරදි කිරීමය අප්‍රියෙල් පස්වෙනිදා අවස්ථාව ලැබෙන නිසා එයින් උපරිම ප්‍රයෝජනයක් ශ්‍රීලනීපය ගනියි කියලා අපි හිතනවා. එක්කෝ එක්සත් ජාතික පක්ෂයට පක්ෂ වෙන්න වෙනවා. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙන්න වෙනවා. මොනවා කිව්වත් කෙරුවාව තමයි වැදගත් වෙන්නේ. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති, මේ රටේ ජාතික සම්පත් විකිණීම, ඇමැතිවරුන්ගේ ප්‍රයෝජනය සදහා මුදල් වෙන්කරන අතරේ ජනතාවට දරාගන්න බැරි කරම් බදු පැටවීම, ශ්‍රී ලාංකිකයින්ට තියෙන රැකියා අවස්ථා නැතිකෙරෙන ආකාරයේ නිදහස් වෙළෙද ගිවිසුම්වලට ඇතුල්වීමට හදවතින්ම විරුද්ධ නම් එය තුන්වැනිවර ඡන්දය විමසීමේදි පෙන්වන්න  පුලුවන්. එසේ නොකරන්නේ නම් මේ සාකච්ඡාවලින් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්න අසිරුතාවයක් ඇති වෙනවා. එසේ නොවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 

එජාප රජය මේ රට පාලනය කරන්න කිසිම උනන්දුවක් උද්යෝගයක් නැති බව දැන් පේනවා. අයවැය විවාදය සාකච්ඡාවට ලක්වෙද්දි, පාර්ලිමේන්තුවේ අයවැය ලේඛණය තරම් වැදගත් පනතක් නැහැනේ. නමුත් වැය ශීර්ෂ දෙකක ඡන්ද ගන්න කොට ආන්ඩුපක්ෂයෙන් එක අවස්ථාවක 38යි. අනෙක් අවස්ථාවේ 24යි. අමාත්‍යංශයවලටමුදල් වෙන් කිරීම සිදුවන අවස්ථාවේ පෙනී සිටින්නේ මන්ත්‍රීවරු 24ක් පමණයි. එයින් පේන්නේ මේ සම්බන්ධයෙන් කිසිම උද්යෝගයක් නැතැ බවයි. උනන්දු වෙන්නේ වැටුප් දිමනා වරදාන ලබාගැනීමට විතරයි. වරදාන භාරගන්නවා නම් අඩුම තරමේ ජනතාවගේ දෛනික අවශ්‍යතා හෝ සැපිරිය යුතුයි. විදුලිය විතරක් නෙවෙයි දැන් වතුරත් නැහැ. සාමාන්‍ය ජනතාවට වතුර නැති වුනාට ඇමැතිවරු පදිංචි වෙලා ඉන්න පැතිවලට වතුර දීලා. දැන් ජාතික ආන්ඩුවක් හදන්න හැදුවා. ඒක ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වැඩපිළීවෙලක්. 19 වැනි සංශෝධනයෙන් කැබිනට් මණෟඩලපයට උපරිම සිමාවක් තියෙනවා. ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ගිහින් ජාතික ආන්ඩුවක් හදන්න බැහැ. එය දැන් කවුරුත් පිළිඅරන් තියෙනවා. දැන් විකල්පය කැබිනට් ඇමැතිවරු බැරිනම් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙන්න සූදානම්ක තියෙනවා. තව මාස හයක කෙටි කාලයයි තියෙන්නේ. මේ රජයේ ආයුෂ කොට නිසා ඒ සිමිත කාලයේ ගන්න පුලුවන් සියලු දේ අරගෙන සාක්කු පුරවා ගැනීමයි අරමුණ වෙලා තියෙන්නේ. විවිධ විවේඡන දෝශාරෝපණ මැද මහින්ද රාජපක්ෂ මහත්තයා නොරොච්චෝලේ හැදුවා. ඒක නොහැදුනානම් අද මේ විදියටවත් විදුලිය දෙන්න ලැබෙන්නේ නැහැ. මේ රජය සාම්පූර් බලාගාරය පිළීබද වැඩපිළිවෙල සම්පූර්ණයෙන් නතර කළා. කෙරවලපිටිය විදුලිබලාගාරය සම්බන්ධයෙන් අපි කාටත් වඩා විවේඡන එල්ල කලේ ජර්මන් තානාපතිවරයා. අදහා ගන්න බැරි තරම් මහා පරිමාන දූෂණ කෙරවලපිටිය සම්බන්ධයෙන් ඇති වෙලා කියනාව. විදුලි බලය නැතිව ජීවත් වෙන්න බැරි නිසා හදිසි අවස්ථාවක් ඇති වුනා කියන පදනම මත පුද්ගලික අංශයෙන් විදුලිබලය ලබාගන්න වුවමනාවෙන් ඇති කරපු තත්ත්වයක් තියෙන්නේ. මේ හදිසි අව්සථාවට මුහුණ දෙන්න කියන තර්කයයි රටට පෙන්වන්නේ. ඒ අනුව ඒෂියා පවර් කියන සපුගස්කන්දේ තියෙන පුද්ගලික සමාගමකින් මෙගාවොට් 50ක් අතිවිශාල මුදලකට ලබාගන්නවා. තවත් පුද්ගලික සමාගමකින් මෙගාවොට් 24ක් ගන්න සූදානම්. මේවායින් අදාල පුද්ගලයින්ගේ පසුම්බිවලට යන මුදල් මිලියන වලින් ගනින්න වෙනවා. ඉතිරි කාලයේ පරම්පරා ගණනකට සරිලන වීදියට උපයා ගැනීමයි ඉලක්කය වෙලා තියෙන්නේ. මේ නිසා ජනතා අධිකරණයට යා යුතුයි. ඒනිසයි අපේ හිටපු මහ ඇමැතිවරු දෙන්නෙක් වන මහිපාල හේරත් සහ එස්. එම්. රන්ජිත් මැතිවරන්‍යක් ඉල්ලා අධීකරණයට ගිහින් තියෙන්නේ. රජය මහා පරිමාන වංචා දූෂණ නිසා මැතිවරණයක් පවත්වන්න සූදානමක් නැහැ. අද අබීයාචානාධිකරණයේ නඩුව ඇහෙනවා. මේ මගඩි සියල්ල මධ්‍යයේ රජය පිළීබද ජනතා මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් දෙන්න කියලයි අපි කියන්නේ. 

■             බොරුවාගේ දවසේත් අපේ අගමැතිතුමා හොදම බොරුව කියලා

■             අයවැය මග ඇරියේ එජාපයේ පසුපෙල හයිය පෙන්වන්නයි ඒජාප මන්ත්‍රීවරු කියද්දි අගමැතිවරයා ඒක විපක්ෂය මත පටවන්න උත්සාහ කරනවා. අපි කලේ විපක්ෂයේ කාර්යභාරයයි

■             කරපු පාපකර්ම නිසා විදුලි බල ඇමැති ඊළග ආත්මේ ඔටුවෙක් නැත්නම් බකමූනෙක්. මුදල් ඇමැති කපුටෙක්. ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ.

■             ආන්ඩුව පැරදුනොත් මහින්ද රාජපක්ෂ නැවත බලයට එන නිසා ආන්ඩුවට සහාය දෙන්න සූදානම් වෙන දෙමළ සංදානය පහුගිය කාලයේ විපක්ෂ නායකධුරය අරන් ආන්ඩුවට සහාය දිදී හිටපු බව පැහැදිලියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා 

අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආන්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආන්ඩුවේ නායකයිනගේ දවස. ඒ අයට හොද දවසක් නිසා පුලුවන් තරම් බොරු කියන්න පුලුවන්.අගමැතිතුමා අද දවසේත් හොදට වැඬේ කරලා. එතුමා කියනවා මේ මාසෙන් පස්සේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා වලට මුදල් නැහැලු. අගමැතිතුමා මෙහෙම කියන්නේ ඇයි. පහුගිය 278 වැනිදා ස්වදේශ කටයුතු හා පළාත් පාලන , බස්නාහිර සංවර්ධන හා නගර සභා වැය ශීර්ෂය පරාජය වුනා. දැන් අගමැතිතුමා කියනවා ඒක පරාජය කලේ විපක්ෂය. ඒ නිසා මේ රටේ ග්‍රාමසේවකවරුන්ට පඩි ගෙවන්න සල්ලි නැහැලු. අගමැතිතුමා ඒ ප්‍රකාශය කරන අතරේ අද ලංකාදීප පුවත්පතට එජාප මන්ත්‍රී ඉසාඞ් රහිමාන් කියනවා අයවැය මගහැරියේ එජාපයේ පසුපෙලේ හයිය පෙන්වන්න කියලා. දැන් වික්‍රමසිංහ මහත්තයා අද දවසට ගැලපෙන්නේ නැත්ද. සිංහල අවුරුද්දට රාජ්‍ය නායකයෝ කිරිබත් කනවා. වෙසක් දවසට පන්සල් යනවා. නත්තල් දවසට පල්ලි යනවා. අපේ අගමැතිතුමාත් අද බොරුවගේ දවස නිසා හොදම බොරුව කියනවා අද දවෙස් වාර්තා කරන්න. එතුමා හැමදාම බොරු කියපු කෙනා. වොක්ස්වැගන් කොම්පැණියවත් නොදැන මෙහෙ අනුශාඛාවක් හැදුවා. මෑත භාගයේදී ඕමාන රාජ්‍ය නොදැන තෙල් පිරිපහදුවකට මුල්ගල තිබ්බා. ලක්ෂ දහයකට රැකියා දදෙනවා කිව්වා. ඒ වගේම රත්තරන් බඩු බේරලා දෙනවා කිව්ව අගමැති. මෝටර් බයිසිකල් දෙනවා කිව්ව. තෙමි තෙමි යන අයට නොතෙමි යන්න පුංචි කාර් දුන්න අගමැති. කප්පරක් බොරු කියපු මෙහෙම අගමැති කෙනෙක් ලෝකෙම නැහැ. මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කලුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුනාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා. රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා. ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආක්මේකරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලි බලඇමැතිවරයා මිළග ආත්මේ බකමූනෙක් වෙනවා. නැත්නම් කාන්තාරෙක ඔටුවෙක් වෙලා ඉපදෙනවා.ත වතුර දෙන්නෙත් නැහැ. ලයිට් දෙන්නෙත් නැහැ. මිනිස්සුන්ව කරුවගේ තියපු පාපකර්මයට අහුවෙනවා. ඒ වගේම මුදල් ඇමැතිවරයාත් ඒ පාපකර්මයට අහුවෙනවා. සිංහල අවුරුද්දට දෙන පඩි පැකට් එක මාසෙ කෑමටත් මදි. මුදල් ඇමැතිවරයාත් කපුටෙක් වෙලා උපදියි. කපුටක්ට මොනතරම් කෑවත් බඩකිනියි. සමහරු එළගි තෙල්වල පොගවපු පහන් තිර දෙනවා කපුටන්ට කන්න. ටික වෙලාවක් හරි බඩගින්නක් නැතිව ඉන්න පුලුවන් වෙන්න. මේ යහපාලන ආන්ඩුවෙ ඉන්න අය ඊළග ආත්මේ උපදින්නේ සත්තු වත්තේ.ඒ තරමට පාපකර්ම කරගත්තා පත්වුනා වසර හතරක කාලයේ. අපි දැක්කා පහුගිය සතියෙ එක්තරා පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා. රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පෙරලුනොත් මහින්ද රාජපක්ෂ නැවත බලයට එන නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙන්න තීරණය කළාලු. ගෝඨාභය ජනාධීපතිවෙන්න දකින සිහනය අතහරින්න වෙනවා කියලා මේ විදියට කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්. අද  සිංහල දෙමළ මුස්ලිම් ජාතින් තුනම බෝම්බ පිපිරෙන්නේ නැති රටක ජිවත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් රණවිරුවොත්  නිසා මේ විදියේ පරිසරයක් හැදිලා තියෙද්දි ශ්‍රී දරන් කියන්නේ එල්. ටි. ටි. ඊ එක තිබුණ කාලේ හොදයි කියලයි. ගෝඨාභය රාජපක්ෂ එක් ලක්ෂ හතළිස් දහසක් මැරුවා කියලා ශ්‍රිදරන් කියන්නේ දෙමළ ජනතාව අතර වෛරය පතුරවන්නයි. අයවැය පැරදුනොත් ආන්ඩුව පාරාදය. ආණ්ඩුව පැරදුනොත් එන්නේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ එනවාට කැමැති නැහැ. ඇත්ත. මහින්ද රාජපක්ෂ ආවාම ඊලාම් ගන්න බැහැ. නැවත එල්. ටි. ටී. ඊයට නැගිටින්න බැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ එනවාට කැමැති නැති නිසායි මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. ශ්‍රී දරන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන කොට බලන්න පාර්ලිමේන්තුවේ 16ක් ඉන්න දෙමළ ජාතික සන්ධානයට විපක්ෂය නායක ධූරයත්, හයක් ඉන්න ජවිපෙට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. ඒ ආන්ඩුවට සැබෑ විපක්ෂයක් තිබුණාද කියලා මේ ප්‍රකාශයත් එක්ක සලකා බලන්න. විපක්ෂයේ නායකවරයෙකුට නිලවාහන දීලා, කාර්යාල දීලා තියෙන්නේ විපක්සයේ කාර්ය භාරය ඉටුකරන්න. විපක්ෂනායකකම තියන් හිටපු සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායම ඒ කාලේ විපක්ෂ නායකකම කරලාද. නැහැ. ආන්ඩුවට කඬේ ගිහින්ලා. ජනතා විමුක්ති පෙරමුණත් ආන්ඩුවට කඬේ ගිහින්. එදා ඒකාධීපති වියරුව කියමින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තට ඇගිල්ල දිගු කරගත්ත අයට තමන්ටම ඇගිල්ල දිගු කරගන්නයි දැන් සිද්ධ වෙන්නේ. එදා ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනා කෙළීන් හිටගෙන නොහිටියා නම් අද විපක්ෂයක් තියෙනවාද. අද නම් සැබෑ විපක්ෂයක් බිහිවෙලා තියෙනවා. අද මිනිස්සුන්ට හඩ යනවා. එදා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබෙන අයිතිය නැති කළා. විපක්ෂයට හිමි වුනු කතා කිරීමේ කාලයෙන් වැඩි කාලයක් ගත්තේ දෙමළ ජාතික සන්ධානය. ඊළගට ජනතා විමුක්ති පෙරමුණ. අපි 51 දෙනාට ලැබෙන්නේ විනාඩි 50යි. ඒක 51න් බෙදන්නත් බැහැ. නැගිටලා කතානායකතුමනි කියපු ගමන් බෙල්ලෙන් අල්ලලා වාඩිකරනවා. ඒ නිසා ශ්‍රීදරන් මන්ත්‍රීවරයාගේ කාතවෙන් එළීයට එනවා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට දොලපිදේනි දීලා අයට වැයට අත ඔසවා ගන්න බව. දෙමළ සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තමන්ගේ සුඛ විහරණය වෙනුවෙනුයි පෙනී සිටින්නේ. දැන් සම්බන්ධන් මන්ත්‍රීවරයාට දිලා තියෙනවා නිල නිවසක්. මමත් පාර්ලිමේන්තුවේ වසර 20ක් සිටිය නිසා මේ දේවල් ඉල්ලන්න බලන් ඉන්නේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හීනය ගැනත් ශ්‍රීදරන් කියනවා. හීනය සැබෑ වෙන හැටි එතුමාට දැක ගන්න පුලුවන් වෙයි. සරත් පොන්සේකා මහත්තයාත් කියනවා ජනාධිපතිවරණයට කළින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිරේ යයිද දන්නේ නැහැලු. කොහොමද ඒ වැඬේ. දැන් නඩු තියෙන්නේ විශේෂ අධීකරණයේ. ඒ අධීකරණයේ තීන්දුව ගැන කියන්නේ තවම සාක්ෂි ලබා ගැනීමක්වත් ආරම්භ වෙලා නැති වෙලාවකයි. දැන් බලන්නේ ගොටාභය රාජපක්ෂ මහතාව මොනවාට හරි හිර කරන්න පුලුවන්ද කියලයි. ඒ නිසා අපි අධීකරණයෙන් ඉල්ලා සිටිනවා අධීකරණ්‍යට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. 

ජවිපේ විජිත හේරත් මන්ත්‍රීවරයා රැස්විමක් අමතමින් සිටිනවිට ලයිට් යනවා.තත්ත්පර ගානකින් ලයිට් ආපු ගමන් කියනවා බලන්න මේ ආන්ඩුවේ හැටි . අපි ජෙනරේටරයෙන් තමයි දැන් වැඩ කරන්නේ කියලා. එතුමා මුල අමතක වීමේ පෙත්තක් බීලා ආවද දන්නේ නැහැ. ඒ කඬේ කඩු හොද නැහැ. මේ කඬේ බඩු හොද නැහැ. කියලා හොරෙන් හොරෙන් එජාපෙත් එක්ක ආන්ඩුව හදලා දැන් ආන්ඩුව හොද නැහැ කියනවා. ජවිපේ ට මේ ආන්ඩුව විවේඡනය කරන්න කිසිම අයිතියක් නැහැ. මේ ආන්ඩුව කරන වැරදිවල සියයට තිහක වගකීම ජවිපේ ගන්න වෙනවා. නැති බොරු කියලා, ඒ බොරු පැල කරලා මේ ආන්ඩුව ගෙනත් ඒ අවලාදයෙන් බේරෙන්න දැන් මිනිස්සු ඉස්සරහ බොරු කියනවා. මේ නයාව ඔඩොක්කුවේ දාගත්තේ අපිද . නැහැ. ජනතා විමුක්ති පෙරමුණයි. 

මාධ්‍ය – වැය ශීර්ෂය පරාජ වුනාට පස්සෙ වැටුප් ගෙවන්න සල්ලි නැහැ කියනවා. 

රෝහිත අබේගුණවර්ධන මහතා – ආන්ඩුවෙන් පිටට පළාත් පාලන ආයතන දුන්නොත් සල්ලි දෙන්නේ නැහැකියලා මැතිවරණය කාලයේ අගමැතිවරයාකිව්වා. පළාත් පාලන ආයතනවලට සත පහක් දුන්නේ නැහැ. අමු බොරු. වැය ශීර්ෂය පරාජය වුනේ අපේ වරදින්ද. අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය ආණ්ඩුව ගෙදර යවන්න. වැටුප් ගෙවන්න සල්ලි නැත්නම් පස්වෙනිදාට අයවැය පැරදෙන්න ඇරලා මැතිවරණයකට යන එකයි. 

ජි.එල් පීරිස් මහතා – අපේ කාලයේ හිටපු මහනුවර නගරාධිපතිවරයා කිව්වා මහනුවර ජනතාවගේ සේවය සදහා මුදල් හොයාගත්තේ යම් යම් නිර්මාණශීලි වැඩපිළීවෙල හරහා කිව්වා. පොහොට්ටුවට බලය දුන්නොත් ඒ ආයතනයට රජයෙන් සත පහක් දෙන්නේ නැති බව අගමැති වරයා සහ ඇමැතිවරු කිව්වා. ඒ ප්‍රකාශයෙන් ජනතාව සැලුනෙත් නැහැ. අපි සැලුනෙත්  නැහැ. ඒ තර්ජන මැද අපි පළාත් පාලන ආයතන ජයගත්තා. 

මාධ්‍ය -මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කරන්න මේ වෙද්දි ජනාධිපතිවරයා පියවර අරන් තියෙනවා. 

රෝහිත අබේගුණවර්ධන – මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලීසිය, ඇතුලු ආර්කෂක අංශ අපි අගය කරනවා. මරණීය දණ්ඩනය නියම කරන්නත් සූදානම් වෙනවා. මත් උවදුර නතර කරන්න ගන්න පියවර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපේ සහාය ලබා දෙනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා සංසදයේ සභාපති , සබරගමුව පළාත් සභාවේ සභාපති, කංචන ජයරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගි වූයේය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress