ගම සමග පිළිසදරක් ඇරඹේ
Posted on April 2nd, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ගම සමග පිළිසදරක් වැඩසටහනේ තුන්වැනි අධියර අප්‍රියෙල් 02 වැනිදා සිට ජුනි මස 01 වැනිදා දක්වා පැවැත්වෙයි. ඒ අනුව දින 60කින් රට පුරා ගම සමග පිළීසදරක් මැයෙන් රැස්වීම් 25000ක් පැවැත්වීමට නියමිතව ඇත.

ඔබේම මව්බිම ඔබේම අදහස් ඇසුරින් ගොඩනගමු තේමාව යටතේ ගම සමග පිළිසදරක් වැඩසටහන අධීයර තුනක් යටතේ සංවිධානය කර ඇති අතර මේ වන විට එහි අධියට

දෙකක් සාර්ථකව අවසන් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයක් පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සදහා ජනතාවගේ අදහස් විමසීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කෙරේ.

තුන්වැනි අධියර සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරිකයින් දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙයි. ඒ අනුව අද (02) පක්ෂයේ පළාත් පාලන සංසදය, පළාත් සභා සංසදය දැනුම්වත් කිරීම සිදුවූ අතර හෙට (03) පක්ෂයේ උපාධීධාරී සංගමය , පෙරපාසල් සංවිධානය, භික්ෂු සංවිධානය, ඉංජිනේරු සංවිධානය, නිතීඥ සංවිධානය හා ධීවර සංවිධානය,විශ්‍රාමික සංවිධානය, සාම විනිසුරු සංවිධානය, ජ්‍යේෂ්ඨ පුරවැසි සංවිධානය, දේශීය වෛද්‍ය සංවිධානය, ස්වේච්ඡා සංවිධාන නියෝජිත සංසදය, ඉදිකිරිම් ශිල්පීන් සංවිධානය, සංස්කෘතික කළා සංවිධානය, නිවේදක ශිල්පීන් සංවිධානය, සමුපකාර මහ සභා නියෝජිත සංවිධානය, සමුපකාර අධ්‍යක්ෂකවරුන්ගේ සංවිධානය, කාන්තා සංවිධානය, තරුණ සංවිධානය සහ වෘත්තීය සමිති මධ්‍යස්ථානය  දැනුම්වත් කිරීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress