මීවනපලානේ හිමියන්ගේ පිවිතුරු සිරි සද්ධර්මය බුද්ධාගම ද? බුද්ධ ධර්මය ද?
Posted on April 3rd, 2019

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  මාවතගම පේමානන්ද හිමි,  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උපුටා ගැන්ම දිවයින

නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වන එකම දහම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය බව සැබැවි. එය වසර දෙදහස්‌ හයසියයකටත් අධික කාලයක්‌ ලොව පුරා පැවති සහ දැනටත් පවතින අනාගතයට ද වලංගු වන ඒකායන ධර්ම මාර්ගය යි. එය අමුතුවෙන් කිව යුත්තක්‌ නො වේ. බුදුදහම පහළ වූයේ දඹදිව වුවත් එම දහම සමස්‌ත ලෝකයටම සාධාරණ ධර්මතාවෙන් යුක්‌ත වූවකි.

 මීවනපලානේ හිමියන් බුදුන් වදාළ ධර්මය බුද්ධාගම හා බුද්ධ ධර්මය යනුවෙන් වෙන් වෙන් ව දක්‌වා ඇතත් ඒ දෙක පැහැදිලිව විස්‌තර කර නැත. එහිමියන් කර ඇති විස්‌තරයෙන් පවා ප්‍රකට වන්නේ උන්වහන්සේ ඒ ගැන කියන්නට ගොස්‌ වල්මත් වූ සෙයකි. වර්තමානයේ දේශීය හා දේශාන්තරික බෞද්ධ සමාජය තුළ ප්‍රචාරයට පත්ව ඇති බුද්ධාගම සහ බුද්ධ ධර්මය නම් වූ පොදු ව්‍යවහාරයන් ඉලක්‌ක කොට ගන්නා ඉහත නම සඳහන් ලේඛකයා එකිනෙකට පරස්‌පර හිතලු ජාලයක පැටලී ඇති බව ප්‍රකට කෙරෙන කරුණු රැසක්‌ එම කෘතියේ ඇතුළත් වේ. මේ ඊට කදිම නිදසුන් දෙකකි.

 බුද්ධ ධර්මයෙහි එකම විශේෂත්වය වන්නේ මේ ධර්මය තම තමන්ම මනස මෙහෙයවා ස්‌වභාව ධර්මයේ පැවැත්ම පිළිබ`දව විද්‍යාත්මක සත්‍යය ප්‍රඥාවෙන්ම තේරුම් ගතයුතු වීමයි. ඒ විශේෂත්වය නිසාම ප්‍රඥාවෙන්ම දැරිය යුතු විද්‍යාත්මක වූ නිසාම මේ උතුම් ධර්මයට බුද්ධ ධර්මය යන නම ලැබුණි. 

 (8 පිටුව)

 බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක්‌ම නොවේ. මේ දෙකෙහි වෙනස නිවැරදි ලෙසත් බුද්ධියෙන් යුතුවත් වටහා ගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. උපතින්ම බෞද්ධයකු ලෙස බුද්ධාගම උරුමයෙන් අදහන කෙනෙකුට මේ දෙකෙහි වෙනසක්‌ ඇති බවක්‌ තේරුම් ගැනීම ද තරමක්‌ අපහසු දෙයකි. 

 (9 පිටුව)

 බුදුරජාණන් වහන්සේ ස්‌වකීය ධර්මය අවබෝධ කරගත හැක්‌කේ ප්‍රඥාවන්තයන්ට මිස අප්‍රාඥයන්ට හෙවත් අනුවණයන්ට නොවන බව දේශනා කර ඇත්තේ මෙසේ යි.

 ”පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස්‌’

 (මනි. අනුරුද්ධසුත්ත)

 එලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබිය දීත් මීවනපලානේ හිමියන් තම කෘතියේ දක්‌වා ඇති ඉහත ඡේද දෙකින් ප්‍රකාශ කිරීමට අපේක්‌ෂා කළේ කුමක්‌ දැයි අපට පමණක්‌ නොව සිංහල බස දත් සතිමත් කිසිවකුට නොවැටහේ. ඊට හේතුව ත්‍රිපිටක ධර්මය පිළිබ`ද මූලික දැනුමක්‌වත් උන්වහන්සේ තුළ නොමැති වීම හා බුද්ධ ධර්මය පිළිබ`දව ඇති දැනුම ද අවුල් සහගත තත්ත්වයක පැවැතීම බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.

 සැබැවින්ම ඉහත දැක්‌වූ බුද්ධාගම සහ බුද්ධ ධර්මය යන ව්‍යවහාර දෙකින් බුදුදහම නිරූපණය වන්නේ කුමකින් ද බුදුදහම සඳහා නිවැරදිම ව්‍යවහාරය බුද්ධාගම ද? නැතහොත් බුද්ධ ධර්මය ද? යන්න විචාරයට ලක්‌ කිරීමට ගෙන ඇති තැත මෙකල එම දහම සොයායන අයට විඩා ඇති කරවන්නක්‌ මිස ප්‍රායෝගික වටිනාකමක්‌ හෝ ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී වන කිසියම් ශාස්‌ත්‍රීය අගයක්‌ ඇති කාර්යයක්‌ හෝ නොවේ. කෙසේ වෙතත් ඉහත ලේඛකයා මහත් ගෞරවයෙන් යුතුව එය නවතම සොයා ගැනීමක්‌ ලෙසින් ඉදිරිපත් කිරීමට උත්සාහයක්‌ ගෙන ඇති සෙයක්‌ හැඟෙන හෙයින් ලේඛකයාගේම එකිනෙකට පරස්‌පර ඒකාබද්ධතාවෙන් තොර කරුණු ද ගෙන හැර දක්‌වමින් සමාලෝචනයක යෙදීම මෙම ලිපියෙන් සිදු කෙරේ. පළමුවෙන්ම පැවසිය යුත්තේ ඉහත නම සඳහන් ලේඛකයා දක්‌වා ඇති පරිදි බුද්ධාගම නම් වූ ව්‍යවහාරය තථාගතයන් වහන්සේගේ දේශනාව හැඳින්වීම සඳහා ත්‍රිපිටක සාහිත්‍යයේ යෙදී නැති බවයි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් හැඳින්වීම සඳහා ත්‍රිපිටක ධර්මයෙහි බෙහෙවින්ම යෙදී ඇත්තේ ‘ධම්ම’ (සංස්‌කෘත( ධර්මය) යන ව්‍යවහාරය යි. එයට අමතරව ‘පාවචන’ (අතීතසත්ථුකං පාවචනං නත්ථි නො සත්ථාති – දීනි. මහාපරිනිබ්බාණසුත්ත, VRI. 2.115; PTS. 2.154; එවමෙව භොතො ගොතමස්‌ස පාවචනං අපගතසාඛාපලාසං අපගතතචපපටිකං අපගතඵෙග්ගුකං සුද්ධං සාරෙ පතිට්‌ඨිතං, මනි. අග්ගිවච්ඡසුත්ත, VRI. 2.166; PTS. 1.488| යනාදී) යන්න ද යෙදී ඇත. ‘සත්ථුසාසන’ (අච්ඡරියං ආවුසො අබ්භුතං ආවුසො යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන….., මනි. රථවිනීතසුත්ත, VRI.
 1.208; PTS. 1.150; ඨානං ඛො පනෙතං භික්‌ඛවෙ විඡ්ජති යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිඡ්ජාගතො තණ්‌හාධිපතෙයෙHන චෙතසා සත්ථුසාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙයH. – සනි. ඛන්ධසංයුත්ත, VRI. 2.92; PTS.
 3.103; යනාදි) යන්න ද තථාගතයන් වහන්සේ විසින් තම දේශනා හැඳින්වීම සඳහා යොදා ඇත. නවාංග ශාස්‌තෘ ශාසනය වශයෙන් විග්‍රහ වන තැන් විමසීමෙන් ද ඒ බව ප්‍රකට වේ. එසේම ‘බුද්ධ ධම්ම’ (තදාපි තං බුද්ධධම්මං සරිත්වා අනුබූහයිං, ආහරිස්‌සාමි තං ධම්මං යං මය්හං අභිපත්ථිතං. – ඛුනි. බුද්ධවංසපාළි, VRI. 2.318; PTS. 26), ‘බුද්ධවෙද’ (එකමන්තං නිසීදිත්වා බ්‍රාහ්මණො මන්තපාරගූ, බුද්ධවෙදං ගවෙසන්තො ඤාණෙ චිත්තං පසාදයිං. – ඛුනි. අපදානපාළි, VRI. 1.169; PTS. 1.166)” ‘ජිනවචන’ කෙවලං සුතමෙවෙතං මයා තස්‌සෙව පන භගවතො වචනන්ති “පෙන්තො අත්තානං පරිමොචෙති සත්ථාරං අපදිසති ජිනවචනං අප්පෙති ධම්මනෙත්තිං පතිට්‌ඨාපෙති. – දීනිඅ. මූලපරියාය සුත්තවණ්‌ණනා, VRI. 1.9; PTS. 1.7)) යනාදී අන්වර්ථ ව්‍යවහාර ද ත්‍රිපිටක සාහිත්‍යයෙහි දක්‌නා ලැබේ. ඒ අතර ‘බුද්ධධම්ම’ යන්නෙන් ‘බුදු බව ඇති කරන දහම’ නොහොත් ‘පාරමිතා ධර්ම’ අදහස්‌ කෙරෙන බැව් අටුවාව දක්‌වයි(

 “බුද්ධධම්මන්ති බුද්ධභාවකරං ධම්මං, පාරමීධම්මන්ති අත්ථො.”

 (ඛුනිඅ. රේවතබුද්ධවංසවණ්‌ණනා, VRI. 188; PTS. 165)

 තමන් වහන්සේගේ ඇවෑමෙන් සංඝ ශාසනය පාලනය කරනු පිණිස නායකයකු පත් කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආනන්ද හිමියන් දන්වා සිටි අවස්‌ථාවේදී උන් වහන්සේ දේශනා කොට ඇත්තේ මෙසේ ය(

 “යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො ච සො වො මමච්චයෙන සත්ථා”

 (දීනි. මහාපරිනිබ්බාණසුත්ත, VRI. 2.115; PTS. 2.154)

 එහි අරුත වන්නේ ආනන්දය, මා විසින් ඔබට දෙසන ලද යම් දහමක්‌ ඇත්තේ ද, පනවන ලද යම් විනයක්‌ ඇත්තේ ද එය ම මාගේ ඇවෑමෙන් ඔබගේ ශාස්‌තෘ වන්නේ ය කියා යි. එමඟින් බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ල ධර්මය වශයෙන් ද පැනවීම් සියල්ල විනය වශයෙන් ද ඉදිරිපත් වී ඇති බව ප්‍රකට වෙයි. එසේම ධර්ම ශබ්දය විවිධාර්ථ සහිතව භාවිත කළ යුතු ව්‍යවහාරයක්‌ බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් මෙන්ම කෝෂ ග්‍රන්ථවලින් ද පැහැදිලි වෙයි(

 “ධම්මො සභාවෙ පරියත්තිපඤ්ඤෙ

 ඤායෙසු සච්චප්පකතීසු පුඤ්ඤෙ

 ඤෙයෙH ගුණාචාරසමාධිසූපි

 නිස්‌සත්තතාපත්තිසු කාරණාදො”

 (අභිධා, 784 ගාථාව)

 එම ගාථාවෙන් ධම්ම ශබ්දයෙහි ස්‌වභාව, පර්යාප්ති, ප්‍රඥා, න්‍යාය, සත්‍ය, ප්‍රකෘති, පුණ්‍ය, ඥේය, ගුණ, ආචාර, සමාධි, නිඃසත්ත්ව, ආපත්ති, කාල යනාදී වශයෙන් අර්ථ තුදුසක්‌ (14) ගෙන දෙයි. ඒ අතර ඇති ධම්ම ශබ්දයේ එක්‌ අර්ථයක්‌ වන පර්යාප්ති යන්නෙන් තථාගතයන් වහන්සේගේ දේශනාව නම් වූ අරුත ගම්‍ය කෙරෙයි. 

 ධම්ම ශබ්දය විවිධ අර්ථයන්ගෙන් යුක්‌ත වන බව ත්‍රිපිටකාගත කරුණු ආශ්‍රයෙන් ද දැක්‌විය හැක. “ධම්මනියාමතා” “ධම්මතා” ආදිය නිතර භාවිත වන්නකි. එහිදී ධම්මනියාමතා වශයෙන් දක්‌වන්නේ කවරක්‌ ද යන්න විග්‍රහ කොට ගත යුතු ය(

 “උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්‌ඨිතිතා ධම්මනියාමතා ඉදප්පච්චයතා”

 (සනි. පච්චයසුත්ත, 40 පිටු( VRI. 1.24, PTS. 2.25)

 එහි අර්ථය මෙසේ ය. තථාගතයන් වහන්සේලා ලොව පහළ වූ කල්හිත්, තථාගතයන් වහන්සේලා ලොව පහළ නොවූ කල්හිත් ධර්මයන්ගේ පැවැත්ම, ධම්ම නියාමතාව හා පටිච්චසමුප්පන්න බව පවතින්නේම ය යනු යි. එය ස්‌වභාව නීතිය පදනම් කොට දක්‌වන ලද්දකි. සියලු කල්හි ලොව පවත්නා ස්‌වභාව නීතිය නම් මේ පටිච්චසමුප්පාදයම ය. එහි “ධම්මනියාමතාව යනුවෙන් එය දක්‌වා ඇත. යම් යම් පුද්ගලයන්ගේ ආවේණික ස්‌වභාවයන් පාදක කොට ගෙන “ධම්මතා” යන්න ව්‍යවහාර වී ඇත. එයට නිදසුන් පහත පරිදි දත යුතු ය(

 “ධම්මතා එසා භික්‌ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්හං ඔක්‌කන්තො හොති, න බොධිසත්තමාතා කොචිදෙව ආබාධො උප්පඡ්ජති.”

 (දීනි. මහාපදානසුත්ත, 18 පිටු( VRI. 2.10, PTS. 2.12)

 මෙයින් දැක්‌වෙන්නේ යම් අවස්‌ථාවක බෝධිසත්ත්වයන් මව්කුස පිළිසිඳ ගනියි ද එතැන් සිට බෝසත් මවට කිසිදු ආබාධයක්‌ හට නොගන්නා බව යි. එය ධම්මතාවකි. මේ සඳහා තවත් නිදසුන් අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ භූමිචාල සූත්‍රය අධ්‍යයනයෙන් ද වටහා ගත හැකි වෙයි. 

 බුද්ධ ධර්මය යන්න නිවැරදි වචනය සහ බුද්ධාගම යනු තථාගත ධර්මය ප්‍රකාශ නොවන කරුණක්‌ වශයෙන් දක්‌වමින් තම අඥාන ස්‌වභාවයම ප්‍රකට කරන මේ හිමියන් තමා පූර්වයෙන් දක්‌වා ඇති කරුණ සහ පසුව කරන ප්‍රකාශය කුමක්‌ ද යන්න පිළිබඳව පවා සිහි නුවණ ගලපා ගත නොහැකි පුද්ගලයකු බව ඉහත දක්‌වන ලද උන් වහන්සේගේම උක්‌ත ග්‍රනAථයෙහි ඇතුළත් පහත දැක්‌වෙන ප්‍රකාශය මඟින්ම තහවුරු කොටගත හැකි ය.

 “බුද්ධාගම ද ඒ උතුම් ධර්මයම පදනම් කොටගෙන කලින් කලට ජනප්‍රිය වූ ආගම් සංකල්පයන් ද එකතු කරගෙන, පොදු ජනයාගේ සිත් ගන්නා ලෙසින්, ගරු බුහුමන් ලබන්නට හැකි පරිදි, භක්‌තියෙන් අදහන්නට සුදුසු පරිදි සකස්‌ කරගත් ආගමකි. එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ දින පටන් අද දක්‌වාම විවිධ වෙනස්‌කම්වලට භාජනය විය. බෙදීම්වලට හා විපරිණාමයවීම්වලට ද ලක්‌විය. ඒ අනුවම අද පවතින බුද්ධාගම ද තව නොබෝ කලකින්ම වෙනස්‌ වී, විපරිණාමයට පත්වීම කාටවත් නැවැත්විය නොහැකි දෙයකි(

 පරම පවිත්‍ර බුද්ධ ධර්මය කිසිම ආකාරයකින් කිසිම දවසක එවැනි වෙනස්‌කම්වලට විපරිණාමවලට භාජනය වන එකක්‌ නොවේ.”

 (9 පිටුව)

 බුද්ධාගම ජනප්‍රිය සංකල්පවලින් සකස්‌ කර ගත් එකක්‌ බව දක්‌වන මේ හිමියන් එම බුද්ධාගම ම මිහිඳු හිමියන් විසින් ලංකාවට ගෙන ආ බව, ”එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන්” ආදී ප්‍රකාශයෙන් දක්‌වා ඇත. එහිදී පුදුමයට කරුණක්‌ නම් මේ හිමියන් පවසන පරිදි මිහිඳු මහරහතන් වහන්සේටත් විශාල වැරදීමක්‌ සිදු වී ඇත. එනම් සත්‍යය වන පරම පවිත්‍ර බුද්ධ ධර්මය අතහැර මිහිඳු හිමියන් බුද්ධාගම ලංකාවට ගෙනැවිත් ඇති බව යි. සත්‍යය හා අසත්‍යය පිළිබඳ මනා අවබෝධයක්‌ ඇති රහතන් වහන්සේලා මුලා වන ස්‌වභාවයකින් යුක්‌ත පිරිසක්‌ නොවන බව දත යුතු ය. රාග, ද්වේෂ, මෝහ දුරු කොට අර්හත්වයට පත් රහතන් වහන්සේලා මුලා වන ස්‌වභාවය දුරු කොට ඇත්තාහ. මේ හිමියන් ප්‍රකාශ කරන පරිදි මිහිඳු මහරහතන් වහන්සේට බුද්ධාගම සහ බුද්ධ ධර්මය වෙන් කොට හඳුනාගත නොහැකි වී ජනප්‍රිය ආගම් සංකල්ප එකතු කොට සකසා ගත් බුද්ධාගම ලංකාවට ගෙනැවිත් ඇත. එමඟින් මිහිඳු මහරහතන් වහන්සේත් අඥානයකු බව ප්‍රකට කරන්නට තරම් මේ හිමියන් උත්සාහ දරා ඇති බව පෙනේ. එයින් තමා පමණක්‌ නිවැරදි ධර්මය දේශනා කරන බවත් අන් සියලු දෙනා මෝඩයන් බවත් මේ හිමියන් තම ශ්‍රාවකයන්ට හඟවන්නට උත්සාහ දරා ඇත. තමා පවසන්නේ කුමක්‌ ද යන්න පවා නොදැන වචන තුළ මුලා වී ඇති මේ හිමියන් අර්ථ ශූන්‍ය වචන භාවිත කරමින් මහත් අවුලක්‌ ඇති කොට ඇති බව මේ ප්‍රකාශ අධ්‍යයනයෙන් මනාව පැහැදිලි වේ. “මෝඝ පුරුෂ” යන වචනය තථාගතයන් වහන්සේ විසින් භාවිත කොට ඇත්තේ මෙවැනි පුද්ගලයන් උදෙසා ය. ඔවුහු කිසිදා සත්‍යය තේරුම් ගන්නට සමර්ථ නොවෙති. මේ හිමියන් ද එවැනි තත්ත්වයට පත්ව ඇති බව උක්‌ත කරුණු අනුසාරයෙන් ප්‍රකට වෙයි.

 ධර්මය පිළිබඳ කිසිදු පැහැදිලි අවබෝධයක්‌ මේ හිමියන් තුළ නොමැති බව උක්‌ත ග්‍රන්ථයෙහි සඳහන් පහත ප්‍රකාශයෙන් ද ප්‍රකට කොට ගත හැකි ය(

 “විඤ්ඤාණ ශක්‌තියෙන්ම උපත ලබන, ජීවත්වන හැම කෙනෙක්‌ම තම මනසේ ශක්‌තීන්ම දියුණු කරගෙන, විඤ්ඤාණ ශක්‌තියම පිරිසිදු චිත්ත ශක්‌තියක්‌ බවට ද ශුද්ධ පවිත්‍ර කරගැනීම මේ ප්‍රතිපත්ති මාර්ගය යි. එය තමන් විසින්ම තමා සඳහාම අනුගමනය කළ යුතු ය.”

 (11 පිටුව)

 ධර්මය පිළිබඳ සාමාන්‍ය හෝ දැනීමක්‌ නොමැතිව සිදුකර ඇති ඉහත ප්‍රකාශය අවුල් ජාලයකි. එහි දැක්‌වෙන පදයන් විමසීමෙන් ඒවා එකිනෙකට සම්බන්ධයක්‌ නැති සම්පූර්ණයෙන්ම අසත්‍ය වූ ධර්ම විරෝධී ප්‍රකාශ බව පැවසිය යුතු ය. ඒ එක්‌ එක්‌ පද ගෙන පිරික්‌සීමෙන් ඒ බව ප්‍රකට කර ගත හැකි ය. 

 “විඤ්ඤාණ ශක්‌තියෙන්ම උපත ලබන…” යනුවෙන් මෙහි දැක්‌වෙන ආරම්භක පදය ම සාවද්‍ය බව දත යුතු ය. සත්ත්වයා උපත ලබනුයේ විඤ්ඤාණ ශක්‌තියකින් යෑයි තථාගත ධර්මය තුළ කරුණු විග්‍රහ කොට නොමැත. සත්ත්වයා සුගති දුගති ආදි ඒ ඒ භවයන්හි ප්‍රතිසන්ධිය ලබනුයේ කර්ම ශක්‌තියෙන් බව ප්‍රකට කරන සාධක ත්‍රිපිටකය ඔස්‌සේ දැක්‌විය හැකි ය( 

 “උපධිං පටිච්ච දුක්‌ඛමිදං සම්භොති

 සබ්බූපාදානක්‌ඛයා නJථි දුක්‌ඛස්‌ස සම්භවො,

 ලොකමිමං පස්‌ස පුථූ

 අවිඡ්ජාය පරෙතා භූතා භූතරතා,

 භවා අපරිමුත්තා.”

 (ඛුනි, උදාන පාලි, ලෝකාවලෝකනසුත්ත, 194 පිටු.)

 එම පාලි ගාථාවෙහි අදහස වන්නේ,

 “උපධිප්‍රත්‍යයයෙන් මේ දුක්‌ හටගනී. සියලු උපාදානයන්ගේ ක්‌ෂයෙන් දුක්‌ හටගැන්ම නො වේ. මේ බොහෝ වූ ලොව බලව. අවිද්‍යාවෙන් මඩනා ලද, කර්මක්‌ලේශයන්ගෙන් උපන්, අන් සතුන් කෙරෙහි තෘෂ්ණායෙන් ඇලුණු සත්ත්වයෝ භවයෙන් නොමිදුණෝ ය” යනු යි.

 මෙහිදී ඉතා පැහැදිලිවම සත්ත්වයන් කර්මක්‌ලේශයන්ගෙන් උපත ලබන බව දක්‌වා ඇත. මේ හිමියන් පවසන කරුණු අසත්‍ය බව ඒ කරුණු අනුව ප්‍රකට වේ. සත්aත්වයාගේ ප්‍රතිසන්ධිය සඳහා පාදක වන්නේ කර්මය යි. එම කර්මය ජනක කර්මය යනුවෙන් හැඳින්වේ. පූර්ව භවයෙහි මරණාසන්න අවස්‌ථාවේ අරමුණු වන කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ආදි එකක්‌ අනුව අනතුරු භවයෙහි ප්‍රතිසන්ධිය සිදුවන බව දත යුතුය. එසේම මේ හිමියන් පවසන තවත් කරුණක්‌ නම් සත්ත්වයා විඤ්ඤාණ ශක්‌තියෙන්ම ජීවත් වන බව යි. නමුත් ධර්මය තුළ විග්‍රහ වන කරුණු අනුව විමසීමේදී එය ද සාවද්‍ය ප්‍රකාශයක්‌ බව දත හැකි වනු ඇත. 

 සත්ත්වයාට ප්‍රතිසන්ධියට සේම එම ප්‍රතිසන්ධිය ලැබූ භවයෙහි ජීවත් වීමට ද ප්‍රබල වශයෙන්ම පාදක වන්නේ ඔහුගේ කර්මය යි. අංගුත්තර නිකායේ තික නිපාතයේ දී “කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං…” ආදී වශයෙන් දක්‌වන කරුණු අනුව මෙය තේරුම් ගත හැකි ය. කර්මය ක්‌ෂේත්‍රය වශයෙන් දක්‌වා ඇත. එහි රෝපණය වන බීජය නම් ප්‍රතිසන්ධි විඤ්ඤාණය යි. ඒ සඳහා ද පාදක වන්නේ කර්මය යි. ප්‍රතිසන්ධිය සඳහා සේම ජීවත් වන අවස්‌ථාවේ ද කර්මය ඉදිරිපත් වන ආකාරය විවිධ ප්‍රභේදයන්ට අනුරූපීව ධර්මය තුළ කරුණු විග්‍රහ කොට ඇත. ජනක කර්ම, උපස්‌aතම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම ආදිය ද ඒ සඳහා නිදසුන් වශයෙන් ගත යුතු ය. එසේම ගති සම්පත්ති, උපධි සම්පත්ති, කාල සම්පත්ති, පයෝග සම්පත්ති, ගති විපත්ති, උපධි විපත්ති, කාල විපත්ති, පයෝග විපත්ති ආදී කර්ම විග්‍රහයන් ඔස්‌සේ ද සත්ත්වයාගේ උපතට සහ එහි පැවැත්මට කර්මය කවර කවර අයුරින් උපනිශ්‍රය වන්නේ ද යන්න කර්මය විග්‍රහ කොට ඇති ආකාරයෙන් අවබෝධ කිරීමෙන් පැහැදිලි වේ.

 මෙහිදී අවබොAධ කොට ගත යුතු මූලික කරුණ වන්නේ ධර්මය තුළ විග්‍රහ වන කරුණු නිසි ආකාරයෙන් අවබෝධ කර ගැනීමට තරම් මේ හිමියන්ට ප්‍රඥාවක්‌ තිබේ ද යන්න යි. ප්‍රඥාවක්‌ නොමැති තැනැත්තාට කර්මය වැනි ගැඹුරු කරුණු තුළ පවත්නා හේතු ඵල සබඳතාව අවබෝධ කර ගැනීමට නොහැකි වේ. විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ පවත්නා තැනැත්තාම ධර්ම කරුණු නිවැරදිව වටහා ගැනීමට සහ අන්‍යයන්ට තේරුම් කර දීමට සමත් වේ. ඒ බව අත්ථසාලිනී අට්‌ඨකථාවේ මෙසේ දක්‌වා ඇත.

 “ආභිධම්මිකභික්‌ඛූ යෙව කිර ධම්මකîකා නාම, අවසෙසා ධම්මං කථෙන්තාපි න ධම්මකථිකා. කස්‌මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූපපරිච්ඡෙදං ධම්මන්තරං ආලොලෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං න ආලොලෙන්ති. තස්‌මා ආභිධම්මිකො භික්‌ඛු ධම්මං කථෙතු වා මා වා පුච්හතකාලෙ පන කථෙස්‌සතීති සො යෙව ධම්මකථිකො නාම හොති.”

 (ධසඅ. අත්ථසාලිනී, VRI. 31, PTS. 29)

 මෙහිදී දක්‌වා ඇත්තේ ‘ආභිධර්මික භික්‌ෂූන්ම ධර්මකථිකයන් වන බව යි. අන්‍යයන් ධර්ම දේශනා කළ ද ධර්මකථිකයෝ නො වෙති. ඒ කවරක්‌ නිසා ද යත්? ඔවුන් ධර්ම දේශනා කරන්නේ නම් එහි දී එක්‌ කර්මයක්‌ තවත් කර්මයක්‌ හා අවුල් කොට ද එක්‌ විපාකයක්‌ තවත් විපාකයක්‌ හා අවුල් කොට ද රූපාරූප දෙක අවුල් කොට ද එක්‌ ධර්මයක්‌ තවත් ධර්මයක්‌ හා අවුල් කොට ද ධර්මය දේශනා කරන බැවිනි. ආභිධර්මික භික්‌ෂූහු වනාහී එසේ ධර්මය අවුල් නො කරති. එසේ හෙයින් අභිධර්මය දන්නා භික්‌ෂුව ධර්මය දේශනා කළ ද දේශනා නොකළ ද යමෙකු ඇසූ විට ධර්ම කරුණු නොවරදවා කියන හෙයින් එම භික්‌ෂූහු ඒකාන්තයෙන්ම ධර්මකථිකයෝ නම් වෙති’ යනුවෙන් මෙහිදී දක්‌වා ඇත.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress