අම්ල වැසි වලට ඔරොත්තු දෙන දේශීය වී වර්ග සොයා ගත් පර්යේෂණයට සිසුන් තිදෙනෙක් ඇමරිකාවට
Posted on April 3rd, 2019

මතුගම සෙනෙවිරුවන්

ඉන්ටෙල් ඉන්ටනැෂනල් සමාගම විසින් පවත්වන විද්‍යාව සහ ඉංජිනේරු භාවිතය පිළිබඳ ඉන්ටෙල් ජාත්‍යන්තර සමුළුව සඳහා නොයෙකුත් රටවල නව නිර්මාණ කරුවන් සාභාගි වෙති. 2008 වසරේ සිට ලංකාවේ නව නිපැයුම් හපනුන් ද මෙම තරඟයට එක්ව සිටිති. එහිදී වැදගත්ම කරුණ වූයේ එක් වර්ෂයක් ඇරුණු කොට සෑම වර්ෂයකම ලංකාවට ජයග්‍රහණයක් අත් කර දීමට හැකිවීමයි. 2019 වසරේ දී මෙම තරඟයට රටවල් හැත්තෑපහක් පමණ සාභාගිවනු ඇතැයි අපෙක්ෂා කෙරේ. මැයි මස දොලොස්වනදා සිට දාහත්වනදා දක්වා ඇමරිකාවේ අරිසෝනා ප්‍රාන්තයේ ෆීන්ක්ස් හිදී පැවැත්වෙන මෙම තරඟයට ලංකාවෙන් සිසුන් කණ්ඩායම් තුනක් සභාගි වෙයි. නව නිපැයුම් වලින් මුල් තැන් ගත් සිසුන් දෙදෙනෙක්ද පර්යේෂණ මගින් සොයා ගත් කරුණු සැලකිල්ලට ගෙන ජයග්‍රහණය ලැබූ තිදෙනෙක්ද මේ අතර වෙයිගමෙම ලිපියට පාදක වනුයේ කළුතර ඥානෝදය විදුහලේ සිසුන් තිදෙනෙකු අම්ල වැසි සහ වී වර්ග පිළිබඳ කරන ලද පර්යේෂණයයි

අම්ල වැසි වැටීම නූතන ලෝකයේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙසට සැලකෙයි. අධික ලෙසට පොසිල ඉන්ධන භාවිතා කිරීම නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළට යෑම ඕසෝන් වියන සිදුරු වීම යන කාරණා මේවාට හේතු වන බව සොයා ගෙන තිබේ. අම්ල වැසි වැටීම නිසා බරපතල හානි සිදු වන්නේ කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ජනතාවටයි. ඔවුන්ගේ භෝග වගාවන් අසාර්ථක වීම පැළවීමේ ප්‍රතිශතයන් අඩු වීම මෙන්ම නව කෘමි ගහනයන් ඇකි වීම වැනි විපත් වලට මෙහිදී මුහුණ දෙන්නට වන බව ට පූර්ව කථනයක් සිදු වී තිබේ. කළුතර ඥනෝදය විදුහලේ දොලොස්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු තම පර්යේෂණයට බඳුන් කර ගන්නේ මෙම අභීයෝගයයි. ඒ සඳහා ඔවුහු දැනට ලංකාවේ බහුලව වගා කරන වී වර්ග කීපයක් මෙන්ම පාරම්පරිකව වගා කළ වී වර්ග කීපයක් අධ්‍යනයට බසුන් කළහ. එයට හේතුව ලංකවේ ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය බිඳු වැටුණහොත් ඒ මගින් වන හානිය සුළු පටු නොවන බැවිනි.
මෙම පර්යෙෂණය සඳහා අනුග්‍රහය දකවීමට පහතරට තෙත්කලාපීය වී පර්යේෂණානය වන බෝඹුවල පර්යේෂණායතනයේ විද්‍යාඥයන් ඉදිරිපත් වීම සැබවීන්ම මෙම සිසුන්ට බලවත් සවියක් වූ බව කිව යුතුය. එහි අධ්‍යක්ෂිකා දීපිකා වීරසිංහ මහත්මිය මේ සඳහා සෘජු සහාය පළ කරමින් අවශ්‍ය වී වර්ග සැපයීමට උනන්දු වී තිබේ. මෙම ජාත්‍යන්තර තරඟයට සිසුන් තෝරා යැවීමේදී ලංකාව පුරා විසිරී සිටින පුංචි විද්‍යාඥයන් අතර තරඟ වට කීපයක් පවත්වයි. එම තරඟ සංවිධානය කරනු ලබන්නේ ජාතික විද්‍යාපදනමේ විද්‍යාව ප්‍රචලිත කිරීමේ අංශයයි. එසේම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ ඉන්ටෙල් සමාගමද මෙයට සාභාගි වේ. තරඟ වට කීපයක් පවත්වා එහිදී දස්කම් දක්වන සිසුන් අවසානයේදී ජගත් තරඟයට සුදුසුකම් ලබති. මෙවර මේ සඳහා සුදුසුකම් ලැබ තිඛෙන්නේ කළුතර ඥානෝදය විදුහලේ රංසික සෙනෙවිරත්න චනුත් දෙනුවන් සහ සචින් රවිනාත් යන තිදෙනාය. ඔවුහු ලෝකයේ අම්ල වැසි පිළිබඳ වර්තමානයේ පවතින අභියෝගයන් මුලින්ම අධ්‍යනය කළ බව එම විදුහලේ විද්‍යා උපදේශිකා විනීතා පෙරේරා මහත්මිය
පැවසිය . විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කය තුළ මේ වනවිටත් අම්ල වැසි වාර්තා වීම නිසා ඉදිරියේදී රට විශාල අභියෝයන්ට මුහුණ දෙන බව මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබේ. ඇගේ මග පෙන්වීම අනුව කේගඩීගඑන්ග උඩවත්ත විද්‍යා ආචාරිණියගේ මෙහෙයවීම මත මේ සිසුන් තිදෙන රසායනාගාරය තුළ පර්යේෂණ ආරම්බ කර තිබේ.
වගා කරන වී වර්ගයන්හි පැළවීමේ ප්‍රතිශතය සාමාන්‍ය යෙන් සියයට අසූපහ ඉක්ම විය යුතුය. මෙහිදී ආම්ල ද්‍රාවණ කීපයක නියැදි සමග තනුක ජල ද්‍රවණයක් ද යොදා ගනිමින් වී වර්ග හයක පැළවීමේ ප්‍රතිශයතය ගණනය කර ඇත. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ බීගඩබ්ග 272 6බී බී.ඩබ් 372 බී. ඩබ් 367 යන අභිජනන වී වර්ගත් රන්තවාලු හේරත් බණ්ඩා සහ සුවඳ සම්බා යන දේශීය ප්‍ර භේද තුනය. මෙම පර්ය්ෂණය අවසානයේ වූ නිගමනය වනුයේ සුවඳ සම්බා සහ හෙරත් බණ්ඩා යන දේශීය වී වර්ග දෙක ඉතා හොඳ පැලවීමේ ශක්තියකින් ක්‍රියාකළ බවයි. රන්තවාලු යන දේශිය වී වර්ගයත් 272 6 බී. යන දෙමුහුන් වර්ගයත් ඉතා අඩු පැළවීමේ ප්‍රතිශතයක් වාර්තා කළ බවද අනෙක් වර්ග තුනම පැළවීම සිදු නොවී තිබූ ආකාරයද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.
මිනිස් මැදිහත් වීමක් නොමැතිව වසර දහස් ගණනාවක් තිස්සේ රටේ භූගෝලීය වටපිටාවට අනුව නිර්මාණය වූ දේශිය වී ප්‍ර භේදයන් ආම්ලික තාවයට ඔරොත්තු දීම පුදුමයක් නම් නොවේ. විශේෂයෙන්ම බස්නාහිර තෙත් කලාපයේ වර්ධනය වූ වර්ග යකඩ මළ විසවීම ලවණ තාවය ගංවතුරාව වැනි ස්වභාවික සහ දේශගුණික විපරීතතාවයන්ට නිතරම මුහුණ දුන් වර්ගයන් වෙති. නමුත් මිනිස් මැදිහත් වීමකින් නිර්මාණය වූ අනෙකුත් වර්ග ඔරොත්තු නොදීම පිළිබදව මෙහිදී පර්යේෂකයන් නැවත වරක් සොයා බැලිය යුතු බවටද මෙම පර්යේසණය විසින් පෙන්වා දී තිබේ. මිනිස් මැදිහත්වීමකදී නිතරම අඩු ප්‍රතිශක්තිකරණයක් ජනිත වන අතර අස්වනු වැඩි කර ගැනීමේ ප්‍රවණතාවය මත ලෙ රෝග නොසලකා හැර තිබේ. එම නිසා විශාල වශයෙන් වස විස යොදන්නටද සිදුව ඇතගකොළඹ නාලන්ද විදුහලේ සිසුවෙකුද දේශීය වී වර්ග මගින් දියවැඩියා පාලනය කර ගැනීම ගැන පර්යේෂණයක් කොට ඉදිරිපත් කර තිබෙන බව මෙම තරඟය සංවිධානය කළ ජාතික විද්‍යා පදනමේ විද්‍යාව ප්‍රචලිත කිරීමේ අංශ ප්‍රධානී ආචාර්ය පී ආර්එම්පී ඩිල්රුක්ෂි මහත්මිය පැවසීය. ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරඟයන් සංවිධානය කළ බවද ඇය පැවසීය.
මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress