සිංහල නීති වාර්තා (ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහලෙන්)
Posted on April 7th, 2019

කිහිප දෙනෙකුට නොව බහුතර ජනතාවට තේරෙන භාෂාවෙන් උපරිමාධිකරණ නඩු තීන්දු ලබාගැනීමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස සිංහල නීති වාර්තා දැක්විය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ලබා දෙන නඩු තීන්දු රෙජිස්ට්‍රාර්වරයාගේ නිල මුද්‍රාව සහ අත්සන සහිතව සිංහල භාෂාවෙන් ලබාගෙන ඒවා නීති සංග්‍රහයක් ආකාරයට සිංහල නීති වාර්තා ලෙස ඉදිරිපත් කර ඇත.

යටත් විජිත යුගයේ සිට මේ දක්වාම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දෙන අතර එය සිංහල ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය නොවීමට ප්‍රධාන හේතුව විය.

ඉංග්‍රීසියෙන් සිය වැඩකටයුතු කරන සුලුතරයක් වූ කණ්ඩායම විසින් උපරිමාධිකරණවල අත දරා සිටින ඉංග්‍රීසි භාෂා අධිකාරිය  හේතුවෙන් වරප්‍රසාද සහ ප්‍රයෝජන ගත් අතර රටේ පංති විෂමතාවය වර්ධනය කිරීමට සහ විදේශීය රටවලට ලංකාවේ කටයුතු වලට තීරණාත්මක ලෙස මැදිහත්වීමටත් මෙමගින් අවස්ථාව ලැබුණි. 

මේ නිසාම සීමිත නීතිඥවරුන් සංඛ්‍යාවකගේ ඒකාධිකාරයෙන් යුත් නඩු විසදන ක්‍රියාපටිපාටියක් උපරිමාධිකරණවල පවතී.

භාෂා විෂමතාවයෙන් / භාෂා වෙනස්කමකින් යුත් එවන් නෛතික පරිසරයක් තුළ වුවත් රටේ සංවර්ධනයට සියලු ජනතාවට සහභාගීවිය හැකිවන ලෙස ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම වෙනුවෙන් සහ උපරිමාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීම සදහා අනවරත උත්සහයක් නීතියේ පාලනය වෙනුවෙන් අදහස් ඇති සහ විශ්වාසය තබන නීතිඥවරුන් අතුලු විද්වතුන් විසින් ආරම්භ කර ක්‍රියාත්මකකර තිබුණි.

එහිදී ජයග්‍රහණයන් මෙන්ම පරජයන්ද එම පිරිසට අත් වූ  අතර ඇතම්හු මේ හේතුව මත සිය ජීවිතයද පුදකර ඇති බවද, නින්දා අපහාස වලට ලක්වී ඇති බවද බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.

ඒ කවර තත්ත්වයක් යටතේ වුවද උපරිමාධිකරණවල පවතින සුලු පිරිසකගේ භාෂා ඒකාධිකාරය නොව රටේ බහුතර ජනතාවගේ අයිතිවාසිකම් සුරකින ආකාරයට එකී ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් නඩු තීන්දු ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ක්‍රියාකරන, පුද්ගලික ලාභ අපේක්ෂා නොකරන බුද්ධිමය සහ නෛතික බලවන්ත අප්‍රතිහත අරගලයක් නොනවත්වාම

ක්‍රියාත්මකවිය. 

නීතියේ නිදහස උදෙසාවන එකී අරගලයේ දී එනම් නිදහස, සමානත්මතාව, යුක්තිය සහ මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සියලු ජනතාවට සහතික කරන්නා වූ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ තීරණාත්මක සංධිස්ථානයකට මේ වන ලාංකික නීති ක්ෂේත්‍රය පැමිණ ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිංහල භාෂාවෙන් නඩු තීන්දු කිහිපයක් ලබා දිමට මේ වනවිටත් නියෝග කර ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නිල මුද්‍රාව යටතේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සන යටතේ උපරිමාධිකරණ නඩු තීන්දු දෙකක් සිංහල භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත.

සිංහල නීති වාර්තා (ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහලෙන්) ඔබ අතට පත්වන්නේ පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් මත ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලයේ සහ උත්සාහයේ ප්‍රතිඵල අනුවය.

මේ ආකාරයට ඉදිරියේදී තව තවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීම රටට සහ ජනතාවට ආදරය ඇති අයගේ වගකීමක් සහ යුතුකම බවත් නීතියේ පාලනය වෙනුවන් පුරවැසියන්ගේ වගවීම බවත් පෙන්වා දෙමි.

අරුණ ලක්සිරි උණවටුන

BSc(Col), PGDC(Col), නීතිඥ 

විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com 

4 Responses to “සිංහල නීති වාර්තා (ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහලෙන්)”

  1. Dilrook Says:

    Excellent.

    Every case must be translated to Sinhala. Otherwise it is held by a small group of people.

  2. . Says:

    අරුණ ලක්සිරි උණවටුන says
    පළමු සිංහල නවකතාව මීනා 1905…
    පළමු සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව 1947
    පළමු ශ්‍රේෂ්ඨාධිකරණ සිංහල තීන්දුව 2019 දී. …

  3. Christie Says:

    Let us all learn English.

    The next step is all in Tamil, then Hindu as we move.

  4. Vaisrawana Says:

    Mr Aruna Laksiri Unawatuna, you deserve our grateful appreciation for the important recent contribution you made as an up and coming young scholar towards achieving this long delayed change. I wish you the very best in all your future endeavours in the service of our people and our country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress