ඝෝෂාකාරී නළා භාවිතා කරන රියදුරන්ට ජූලි පළමුදා සිට දැඩි නීති-(ඉන්දිකා රාමනායක දිවයින)
Posted on April 9th, 2019

Dr Sarath Obeysekera

රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී  ශබ්ද සිහිත නළා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන  බස් රථ ඇතුළු වාහන වල රියදුරන්ට ජූලි මස 1 වැනිදා සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.

වාහනවල සවිකර ඇති මෙම නළා සහ ආලෝක රටා  ඉවත් කර කිරීම සඳහා  සියලූ වාහන වලට සහ මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ දී අද (8)  පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාද සහභාගී විය.

මහජනයාට ඝෝශාකාරී  නළා සහිත බස් රථ, මෝටර් රථ,  වෑන් රථ  ති‍්‍රරෝද රථය,  යතුරු පැදි ඇතුළු වාහන පදවන  රියදුරන්ට විරුද්ධව නඩු පැවරීමෙන් පසු රුපියල් 3000 සිට 5000 නොඅඩු  දඩයක්  නියම කර ඇති බවත් හෙතෙම කීය.

කර්කෂ ඝෝෂාකාරී  ද්විත්ව ස්වර නළා නාද කරමින් වාහන ධාවන කිරීම නිසා  මාර්ගය පරිහරණය කරන සහ වාහනයේ ගමන් ගන්නා මහජනයා  අපහසුතාවට පත්කරමින්, භිය උපදවන,  කරදරයක් වන අයුරින්, රථ ධාවන කරන රියදුරන්ට  රුපියල් 10,000 සිට 20,000 ට නොඅඩු  දඩයකට යටත් කළ හැකි බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඉහත වරද යටතේ ගැනෙන  නළා ශබ්ද කරමින් රථ ධාවන කිරීම නිසා  යම් පුද්ගලයකුට තුවාල සිදුවන අවස්ථාවක  එම රියදුරුට රුපියල් 10,000 සිට 20,000 ක නොවැඩි  දඩයක් සහ මාස 2 ට නොවැඩි කාලයක  සිරදඩුවම් සහ   රියදුරු බලපත‍්‍රය අත්හිටුවීමට අධිකරණයට බලයක් ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ඉහත වැරදි යටතේ  යම් කිසි පුද්ගලයකුට බරපතල තුවාල සිදු වුවහොත්  රියදුරුට අමතරව  රථයේ ලියා පදිංචි හිමිකරුට ද රුපියල් 25,000 සිට 35,000 නොවැඩි දඩයකට හා මාස 6 ක නොවැඩි සිරදඩුවමක් හා  රියදුරු බලපත‍්‍ර අත්හිටුවීමටද අධිකරණයට හැකියාවක් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඉහත වරද යටතේ නලා ශබ්ද කරමින් ගමන් කර පුද්ගලයකුට මරණය    සිදුකරන අවස්ථාවක  වාහන පදවන රියදුරාට  හා  ලියාපදිංචි අයිතිකරුට   රුපියල් 50,000 සිට 75,000 ට නොවැඩි   දඩයක් හා   වසරකට නොවැඩි   සිරදඩුවමක්,  රියදුරු බලපත‍්‍රය   අත්හිටුවීමට අධිකරණයට බලය ඇති බවද  අජිත් රෝහණ මහතා පැවසීය.

මෝටර් වාහන පනතේ අනුව යම් නලාවක  තිබිය යුත්තේ තනි ස්වරයක් පමණක් බවද කීය.

තනි ස්වරය නලාවක් වුවත් එය ඉදිරිපස සිට මීටර් දෙකක් ඇතුළත ශබ්දය පරික්ෂා කිරීමේ දී එය ඩෙසිබල් 93ට  නොඅඩු විය යුතු බවත් වාහනයේ ඉදිරිපස සිට  මීටර්  07 ක්  ඇතුළත ශබ්දය ප‍්‍රමාණය ඩෙසිබල් 105 නොඅඩු බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යාශය  මේ සඳහා ශබ්දය මැනීමේ උපකරණ 200 ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රධානය කර ඇති බවද පැවසේ.

තවද මෝටර්  වාහන වල ආලෝක සංඥා  නිමි නිමී දැල්වෙන  රටාවලින්  යුත් ආලෝක  සංඥා   පාවිච්චි කළ හැක්කේ මෝටර් රථයේ   ඉදිරිපස හා  පිටුපස  ඇති  සිග්නල් ලයිට් දෙක  සඳහා පමණක් බවත් අජිත් රෝහණ මහතා   සඳහන් කළේය.

මෙම කරුණු වලට  පටහැනිව  කටයුතු කරන රියදුරන්ට රුපියල් 2500 සිට රුපියල් 25000  දක්වා  දඩ නියම කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

I have suggested to include some more violators in the prohibition list who break  environmental  rule such as early moring and noon prayers emanating from loud speakers disturbing  the people and  school children  .

Many writers have complained about ” Paan Choon ” -tuk tuk traders making the annoying noise by playing loud music to show their presence .

Some poor little ricj kids play loud Regae music or other tyoe  rapper music in their flashy cars and disturb neughbourhood 

Rule should be that any sound level going beyound 50 to 60 Decibells at the dictance of 10 meters should be prohibited . ( 93 decibells at 2 meters is too loud ) 

We are a nation depending on tourism ,We need to shos our visistors that we are discilined 

ps

Recently i woke up ealry morning and switched on to one of the TV channels and listended to Piriteh chanting .Ever polular “Atanatiya” pirith was on full sound which is meant to be heard by Devils ( Kunbandayo)  etc so that they are chased  away .

I suggested to my wife that this chanting should be played every day by Ditwanna Lake at about 150 Decibells so that all the Kumdbayas’ in the house of commons are driven away !

Dr Sarath Obeysekera

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress