අසත්‍ය ‌චෝදනා කරපු අය ‌මෙරට අධීකරණයෙන් කරන්න බැරි වුනු නිසා විදේශීය අධිකරණයකින් හරි දඩුවමක් ‌දෙන්න රාජ්‍ය ‌නොවන සංවිධාන හරහා ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරනවා
Posted on April 18th, 2019

අද (18) පොදුජන ‌පෙරමුනේ මාධ්‍ය හමුව

අද (18) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් 

  • පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා 
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා 

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා 

සුබ අලුත් අවුරුද්දක් ‌වේවා කියලා පළමුවෙන්ම සුබ පතනවා. ‌‌‌මෛත්‍රී රනිල් ආන්ඩුවේ අවසාන සිංහල අවුරුද්ද කරන්න ජනතාව සූදානම්. ජනතාව මත විශාල බදුබර පිඩනයක්ව ‌යොදවපු ‌මේ ආණ්ඩුව  ජාතික මැතිවරණයේදී ‌පොදු ජන ‌පෙරමුණ මුලික කරගනිමින් ජයගන්න අපි සූදානම්. මැයි 01 වැනිදා කම්කරු දිනය සැමරීමේදී ‌පොදුජන ‌පෙරමුනේ මූලිකත්වයෙන් අප්‍රියෙලි මස 26 වැනිදා ත්‍රිකුණාමලයේ ඉදන් රථ ‌පෙලපාලියකින් ‌කොළඹට එන්න ‌පොදුජන තරුණ ‌පෙරමුණ සූදානම්. ආණ්ඩුවට විරෝධතාවය දක්වන ජනතාව ‌පෙරටු කරගෙන 26 වැනිදා ත්‍රිකුණාමලයේ ඉදන් අනුරාධපුරයටත්, 27 වැනිදා අනුරාධපුරයේ ඉදන් දඹුල්ල නගරයටත්, 27 වැනිදා දඹුල්ල නගරයේ ඉදන් කුරුණෑගල නගරයටත්, 28 වැනිදා කුරුණැගල සිට දිවුලපිටියටත් , 29 වැනිදා දිවුලපිටියේ සිට ඔරුගොඩවත්ත දක්වාත්, අවසාන දවසේ , ඒ් කියන්නේ මැයි පළවෙනිදා ‌රටපුරා සිට ඒකරාශි ‌වෙන ජනතාව සමග කැම්බල් පිටියට පැමිණ ආන්ඩුවට දැවැන්ත විරෝධතාවයක් දක්වන්න අපි සුදානම්.

ආන්ඩුව ආරම්භ ‌වෙන්නේ විපක්ෂයේ ‌දේශපාලන කණ්ඩායම්ක හා නායකයින් දඩයම් කරමින්. ඒ්ධී සදහා පාර්ලිමේන්තුව භාවිතා කරමින් ‌කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයින් නැවත ‌තරග කිරීම වළක්වන්න නීති සම්පාදනය කළා. පළාත් පාලන ආයතන මැතිවරණය වසර ‌දෙකහමාරක් කල් දැම්මා. ස්වාදීනයි කියන ‌මැතිවරණ කොමිෂමට ‌හෝ ජනාධිපතිට අගමැතිට ‌පාර්ලිමේන්තුවට ‌හෝ කිසිවෙක්ට පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය කියන්න බැරි තරමට රට අර්බුදයට පත්වෙලා. මහින්ද රාජපක්ෂ මහතාට ඒල්ල වුනු ‌චෝදනා ‌මේ ‌වෙද්දි ඉතා ‌වේගයෙන් ‌ගෝඨාභය රාපක්ෂ මහතාගේ දිසාවට හැරෙමින් තිබෙනවා. ‌මේ කාරණාව ආරම්භ ‌වෙන්නේ 2015 ජනවාරි මාසයේ 15 වැනිදා.ආණ්ඩුව පත්වුනු හැටියේම ජනමාධ්‍ය විෂය භාර ඇමැති විදියට මංගල රාජපක්ෂ මහතා රාජ්‍ය මාධය භාවිතා කරලා පළමුවෙන්ම ‌චෝදනා කලේ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට. රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්තියක්දා වුනේ හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලන්න ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සුදානම්න ‌වෙනවා කියන ඒකයි. ‌මෙහිදි හිටපු හමුදාපතිවරයාටත්, හිටපු අගවිනිසුරුවරයාට හා හිටපු ආරක්ෂක ‌ලේකම්වරයාටයි ‌මේ ‌චෝදනාව ඒල්ල වුනේ. ඒ් විතරක් ‌නෙවෙයි. යුද හමුදා මුලස්ථානය ඉදිකරන්න ලැබුණු මුදල් පුද්ගලික ගිණුමක බැරකරගෙන  මුදල් වංචාවක් කරන්න සුදානම් ‌වෙනවා කියලත් ‌‌චෝදනා ඒල්ල වුනා.  මහා පරිමාණ වංචා පිළීබද ‌චෝදනා කරලා මුල්‍ය වංචා විමර්ශන ආයතනය නිර්මාණය කරලා ඒහි පළවෙනි නඩුව විදියට ඇවන්ගාඩ් සිද්ධිය විභාග කරනවා. ඒ් විතරක් ‌නෙවෙයි පහුගිය වසරේ එය වි‌‌ශේෂ මහාධිකරණය පිහිටුවලා ඩී. ඒ්. රාජපක්ෂ ‌කවුතුකාගාරය ‌වෙනුවෙන් කරපු කටයුතුවලදි මුදල් පිළීබද අකටයුතුකම් වුනා කියලා නඩු පවරනවා. ඒක්නැලිගොඩ, තාජුඩින් ගාතන සම්බන්ධයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව කියමින් අනුර ‌සේනානයක හිටපු නියෝජ්‍ය ‌පොලිස්පතිවරයා ,හමුදා බුදධි අංශ නිලධාරින් අත්අඩංගුවට අරන් වසර ‌දෙකක් විතර රදවා ‌ගෙන හිටියා.  ඒ් නිලධාරීන්ගේ ඥාතීන් ඒළියට ඇවිත් කිව්වා හිටපු ආරක්ෂක ‌ලේකම්තුමාගේ නම කිව්වොත් නිදහස් කරනවා කියලත් ‌මේ බුද්ධි අංශ නිලධාරීන්ට බලපැම් කරන බව.‌මෙවැනි අසත්‍ය ‌චෝදනා කරපු අය ‌මෙරට අධීකරණයෙන් කරන්න බැරි වුනු නිසා විදේශීය අධිකරණයකින් හරි දඩුවමක් ‌දෙන්න රාජ්‍ය ‌නොවන සංවිධාන හරහා ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරනවා. ‌මේ පිටුපස ඉන්නේ මංගල සමරවිර ඇමැතිවරයා කියලා අපි විශ්වාස කරනවා.

ඒතුමා ඇතුළු කණෟඩායමක් අද ජාත්‍යන්තර අධීකරණවල ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරමින් සිටිනවා. 2007 ත්‍රස්ත විමර්ශන ඒ්කකයෙන් අත් අඩංගුවට ගත්ත, වර්තමානයේ කැනේඩියානු පුරවැසිභාවය හිමි, ‌රෝයි මනෝජ් කුමාර් කියන පුද්ගලයෙක් තමයි ඒක සිවිල් නඩුවක් ‌ගොනු කරලා තියෙන්නේ. ‌මොහු ‌මේ නඩුව ‌ගොනු කරන්න ‌පෙර රජයේ ඉහළ ‌පෙලේ නායකයින් කිහිප ‌දෙනෙක් සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අපිට ‌මේ ‌වෙද්දි ‌තොරතුරු ලැබිලා තියෙනවා. සම්බන්ධකම් පැවැත්වුවා පමණක් ‌නොවේ. 2007 දි ‌ලෝකයේ තහනම් සංවිධානයක් වුනු ඒල්. ටි. ටී. ඊයට  අනුබල ‌දෙමින් ඔවුන්ගේ රූපවාහිනි ‌සේවයට අවශ්‍ය ‌රේඩාර් දුරකතන ජංගම දුරකනන, සැටලයිට් ආදිය සැපයූ බව කියමින්, ඒ් උපකරණත් සමගයි අත් අඩංගුවට ගන්නේ. ඔහු ඒ් සියලු ‌ෙචෝදනාවලට වැරදිකරු බව පිළීගැනීමෙන් පසුව දඩයක්ද නියම කිරීමෙන් පසුවයි ‌2010 දී මොහුව පිටුවහල් කරන්නේ. පහුගිය කාලයේ දිගින් දිගටම හිටපු ආරක්ෂක ‌ලේකම්වරයාට එරෙහිව විරුද්ධව ‌‌චෝදනා ඒල්ල කරපු ප්‍රබලයෙක් වුනු සරත් ‌පොන්සේකා සමග ‌මේ ‌රෝයි කියන පුද්ගලයා සිටින ඡායාරූප අපිට ලැබිලා තියෙනවා.  රජයේ ඉහළ නායකයින් සමග කටයුතු කරමින් ‌මේ විදියට නඩු පවරද්දි ‌මේ පිටුපස රජය සිටින බව පැහැදිලියි.  වගේම ‌අපේ රටේ යුද අපරාධ වුනා කියමින් ‌වෙනම රාජ්‍යයක් ‌වෙනුවෙන් ‌පෙනි සිටින හිටපු උතුරේ හිටපු මහ ඇමැතිවරයා ඒක්ක ඉන්න ජායාරූපත් තියෙනවා. ‌මේ රටේ අධිකරණයෙන් දඩුවම් වින්ද,‌ මේ  රටේ පුරවැසිභාවය නැති පුද්ගලයෙක් තමයි ‌මේ විදියට නඩු පවරන්නේ. 2007 වසරේ අත් අඩංගුවට අරගෙන වද හිංසා පැමිනුවා කියලයි ‌මොහු නඩු පවරන්නේ. නමුති ‌මෝහු සියලු වැරදිවලට වැරදිකරු බව පිළිගෙන තිබෙනවා.

නඩු අංක ඒච්. සී. 5017 අංකයෙන් ‌ෙකොළඹ මහා අධීකරණයේ නඩු පවරලා, සියලු වැරදි පිළිගැනිම නිසා ‌මෙරටින් පිටුවහල් කලේ. වසර වයකට පස්සේ ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියෙන අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනතාවගේ සහාය ඇත්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් ‌වෙනවා කියමින් තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ඉදිරිපත් වී සිටින අවස්ථාවක ‌මෙි විදියට නඩු පවරන ඒකෙන් පැහැදිලි වන්නේ ආන්ඩුවේ හස්තයක් ක්‍රියාත්මක ‌වෙනවා කියන ඒකයි.

ආගමන විගමන කටයුතු අමාත්‍යංශය ඉදිරියේදි සරත් ‌පොන්සේකාට ලබාදෙන බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ‌මේ ‌පෙල ගැසුමේන් ‌පේන්නේ  2015 ජනවාරි 8 වැනිදා සිටම ඔවුන්ගේ අභියෝග හදුනා ‌ගෙන තිබිමයි. ඔවුන් පළමුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත තරග කරන්න බැරි ‌වෙන්න නිති පැනෙව්වා. ඉන් පස්සේ ‌ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයින් ඉලක්ක කරගෙන 19 වැනි සං‌‌ශෝධනය යටතේ නීති හැදුවා. නාමල් රාජපක්ෂ ඉලක්ක කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීමේ වයස්සීමාව ‌වෙනස් කළා. අපි අපේ අපෙක්ෂකයා නම් කර නැති තත්ත්වයකත් ආණ්ඩුව ඔවුන්ට ප්‍රබලම අභීයෝගයක් ‌දෙන පුද්ගලයා විදියට ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හදුනා ‌ගෙන ඔහුට ඒරෙහිව ක්‍රියාත්මක ‌වෙමින් තිබෙනව. ආන්ඩුව යටතෙයි දැන් හැම ‌දෙයක්ම ක්‍රියාත්මක ‌වෙන්නේ. නිතිය ක්‍රියාත්මක කරමින් අනිසි විදියට රටේ අනාගතය භාරගන්න ඉන්න පුද්ගලයින්ට මඩ ගහන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

දුමින්ද දිසානායක මහතා අලුතෙන් හැදෙමින් තිබෙන සංධානය ගැන අදහස් දක්වලා තිබුණා. ආන්ඩුවට ඒරෙහිව නැගී සිටින බලවේගයක් විදියට ආන්ඩුව ‌පෙරලන්න සූදානම් අයත් ඒක්ක සාකච්ඡා කරන්න සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා වගේම බැසිල් රාජපක්ෂ මහතාත් ප්‍රකාශ කරලා තිබුණා. දුමින්ද දිසානයක මහතා කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌පොහොට්ටුවේ වලිගයක් කරන්න සූදානම් නැහැ කියලා. ඒහෙිම කිව්වට වසර 4ක් තිස්සේ ශ්‍රීලනීපය එජාපයේ අතකොලුවක් කරලා තියෙන්නේ. ශ්‍රීලනිප ප්‍රතිපත්ති යට කරලා එජාපයේ අතකොලුුුුවක් කලේ ඒවකට ජාතික ආන්ඩුව ‌වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා ශ්‍රීලනීප අපේක්ෂකයා පරාජය කරන්න ඒළියට බැහැපු දුමින්ද දිසානයකලායි. පිරිසක්ත මැවරණයක් ප්‍රකාශ කළ හැටියේම ශ්‍රීලනිපය අත්හැරලා රනිල් වික්‍රමසිංහ නායකත්වයට එකතු ‌වෙන්න සූදානම් ‌වෙනවා. ඒජාපයේ අතකොලුවක් බවට ශ්‍රීලංනා නිදහස් පක්ෂ්යය පත්කරපු අයගෙන් මිදිලා ආණුඩුව පලවා හරින්න ඒකතු ‌වෙන්න කියලා අපි අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා 

නව වසර ජනතාවට සුබ ‌වෙන්නේ ‌කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. රටේ ආර්ථික සංවර්ධන ‌වේගය වැඩි ‌වෙමින් දකුණූ ආසියාවේ ‌වේගයෙන්ම සංවර්ධනය ‌වෙන රට බවට පත්වෙමින් රැකියා ප්‍රශ්නය විසදමින් තියෙද්දි ජනතාවට බිල්ලෝ මවලා ජනතාවට යහපාලනය ලබා ‌දෙනවා කියලා ‌මේ ආන්ඩුව පත්වුනත් ඒදා ඉදලා බඩු මිල වැඩි වුනා. රැකියා ප්‍රශ්නය ආවා. අද ජනතාවට ‌තියෙන ප්‍රශ්න ‌වෙලා තියෙන්නේ විදුලිය යන්න කලින් ඇදුම මැද ගැනිම, වතුර කපන්න කලින් වතුර පුරවා ගැනීම වගේ ‌දේවලුයි. විදුලි අර්බුදය සංවිධානාත්මකව ආන්ඩුව හදපු ඒකක්. රුපියල් 10.50ට විදුලි ඒ්කකයක් ‌දෙන්න සමාගමක් සුදානම් වුනත් ‌කොමිස් නැති නිසා හරවලා යැව්වා. ලංකාවේ ලංකා ට්‍රාන්ස් ‌‌පෝමස්ස් සමාගම රුපියල් 14 ට විදුලි ඒ්කකයක් ‌දෙන්න සූදානම් වුනත් ‌කොමිස් නැති නිසා ඒ්වා හරවලා යැව්වා.

ඒදා කැඩිලා තිබුණ වරායේ තියෙන විදුලිබලාගාරය හදලා දැන් ඒ්කෙන් ‌මෙගා ‌වොට් 60ක් විදුලිය ලැබෙනවා. ඒ්ෂීයන් පවර් ඒකෙන් ‌මෙගා ‌වොට් 60ක් ලැබෙනවා. මාතර මාදුගලින් ‌මෙගාවොට් 20ක් එකතු ‌වෙනවා. ඒ් වගේම හදිසි විදුලිය මෙගා වොට් 100ක් මිලදි ගත්තා. ‌දැන් විදුලි අර්බුදය අවසන් ‌වෙලා තියෙන්නේ.

විදුලි අර්බුදය විසදිලා තියෙද්දිත් ‌මේ  අය සංවිධානාත්මකව විදුලි අර්බුදයක්  ‌පෙන්වලා රුපියල් 34ට විදුලි ඒ්කකයක් මිලදි ගන්න සුදනාම් ‌. ‌මේ ‌වෙද්දිත් කල්ලතෝනි විදුලිය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් සිද්ධ ‌වෙනවා. තුර්කි සමාගමකින් ‌මෙගාවොට් 400ක් ගන්න සූදානම් වුනත් ‌මේ ගිවිසුම ජනතාවට ‌හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ‌මේ සම්බන්ධ සාකච්ඡා වලට විදුලි බල මණ්ඩලයේ කිසිවෙක් සම්බන්ධ කරගෙන නැහැ. ‌මේ විදුලිය සදහා ‌ගෙවන්න ‌වෙන්නේ ‌ඩොලර්වලින්. රැපියල් ‌කෝටි 17500ක් ‌ඩොලර්වලින් ‌ගෙවන්න ‌වෙනවා. ඒදා තිබුනු ඩිසල් මාපියාව නතර කලේ අපේ රජයයි. දැන් නැවතත් ඩිසල් මාපියාවක් හදලා ලංකාවේ ‌ඩොලර්ස් ටික පිටරට යවන කුමන්ත්‍රණයක් සිද්ධ ‌වෙනවා. තව ටික දිනකින් විදුලි බිල වැඩි ‌වෙනවා. ‌කොමිස් මුදල්වලට යටවෙලයි ‌මේ විදියට විදුලිය ගන්න සුදානම් ‌වෙන්නේ.

හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් කියවලා ‌පෙන්වන්න හැදුවා. රටක් සංවර්ධනය ‌වෙන ‌කොට අලුතෙන් මාර්ග ගුවන්තොටුපලවල් වරායන් හැදෙනවා. ගිය වසරේ කටුනායක ගුවන්තොටුපල වහපුවාම ගුවන් ‌යානා යැව්වේ මත්තලට. මත්තල ‌නොතිබුනා නම් විශාල මුදලක් අහිමි ‌වෙන්න තිබුනා. ඒ් යානා ඉන්දියාවට ගිහින් නැවත එන්නේ.  හදිසි අවස්ථාවල ‌වෙනදා ගුවන් යානා ගියේ ඉන්දියාවට. දැන් අයහපත් කාලගුණ තත්ත්වයන්වලදි යන්නේ මත්තලට. ‌මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතිවල ප්‍රතිඵල අද අපිට දකින්න ලැබෙනවා. ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු ‌වෙලාවකට කියනවා කැබිනට් ඒකේ ඉන්නේ කුඩු කාරයෝ පෝරිසාදයෝ වසලයෝ, පගා කාරයෝ ,කොමිස් කාරයෛා, මන්දබුද්ධිකයෝ කියලා.ඒජාපයේ අයමයි කියන්නේ. ඒ් වගේ අය කැබිනෙට්ටුවේ හිදීමේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ. එදා මහ බැංකුව කැඩුවා කියලා අපි කියද්දි ‌මේ අය කිව්වේ ඒහෙම දෙයක් වුනේ නැහැ කියලා. අද ඒ් අයම කියනවා මහ බැංකුව කැඩුවා කියලා. ‌මේ ආන්ඩුව බලයට ඇවිත් ‌දෙයක් කලා නම් ‌හොරකම වංචාව දූෂණය විතරයි.

2 Responses to “අසත්‍ය ‌චෝදනා කරපු අය ‌මෙරට අධීකරණයෙන් කරන්න බැරි වුනු නිසා විදේශීය අධිකරණයකින් හරි දඩුවමක් ‌දෙන්න රාජ්‍ය ‌නොවන සංවිධාන හරහා ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව නඩු පවරනවා”

  1. jay-ran Says:

    “පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා !”
    “පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා !!”
    Hithawath MAHATHWARUNI!,
    Sri Lankawe wena mema dewal ahuwama HITHAT,GATHATA,MANASATA<ITHAAMA DUKAK ATHI WANNEYA.Manda kiyanawaanam, 30s AVURUDU,DHRAVIDA,LTTE THRASTHAWAADE DARUNU UDDHAYA,AVURUDU 2 1/2 KING PARAAJAYAKALA,ATHIVUTHTHAMA,ATHI GARU MAHINDA RAJAPAKSA UTHUMAATATH,ATHI GARU,GOTABHAYA METHI THUMAATATH,ATHI UTHUM SRI LANKAWE,THRIVIDA HAMUDAAWE,"UTHTHAMAYAN THUMAALATATH,NOYEKUTH ASIKKITHA,BORU CHODANAAWAL NANGAMING CHODANAA KARANA MEMA BALLO! THIRISANNU!! KAWDA?????
    BATALANDA MINEEMARUWA WANA RANIL KIYANA "DARUWEK NETHI BALLAYA"!!!

  2. Christie Says:

    These two cases filed in USA are the work of India and Indian Colonial Parasites and their suckers.

    India hates Gota because he was instrumental in wiping out the Indian terrorist arm the Tamil Tigers.

    Behind both cases are human rights businesses receiving money from India and Indian Parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress