ශ්‍රී ලාංකීය ඉතිහාසයතුල අඳුරුතම දිනයක්
Posted on April 21st, 2019

ජාතික විද්වත් සංවිධානය

ශ්‍රී ලාංකීය ඉතිහාසයතුල අඳුරුතම දිනයක් සනිටුහන් කරමින් 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින කොච්චිකඩේ සාන්ත අන්තෝනි, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්  මඩකලපුව සියොන් යන දේවස්ථාන තුන ඇතුලු ස්ථාන හයක  සිදුවූ බෝම්බ පිපිරවීම  බෞද්ධ, කතෝලික, හින්දු හා මුස්ලිම් ඇතුලු සියලු ආගම් නියෝජනය ශ්‍රී ලාංකීය ජනතාව අතිශය සංවේගයට සහ  ලජ්ජාවට පත් කල සිදුවීම් ලෙස හෙලා දකින ජාතික විද්වත් සංවිධානය පොදුවේ ශ්‍රී ලාංකීය ජනතාවටත් විශේෂයෙන් සිද්ධිය නිසා මියගිය හා තුවාල ලැබූ අයගේ පවුල් වල සාමාජිකයින් ඇතුලු කතෝලික ප්‍රජාව වෙත සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.

ආගමික හෝ දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් කිසිම ප්‍රජාවකට අත්කරදෙන කුමන හො ජග්‍රහනයන් නොමැති බව තරයේ අවධාරණය ජාතික විද්වත් සංවිධානය  මෙම සංවේදී මොහොතේ වගකීමෙන් හා සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පුරවැසින්ගෙන් ඉල්ලා සිටී එසේම මෙම අවාසනවන්ත මොහොත සිය පටු දේශපාලන අභිමතාර්ථයන් ඉටු කරගැනීම ස‍ඳහා අවස්ථාවාදී ලෙස ප්‍රායෝජනයට නෙගන්නා ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු ආගමික සහ ජාතිකත්වයන් අතර සහජීවනයටත් ලෝක ප්‍රජාවතුල ශ්‍රී ලාංකීය නාමයටත් ඛේදනීය අනතුරක් සිදුව ඇති මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ වගකීම් සහගත ක්‍රියාත්මක වීම් ප්‍රකාශ සහ තොරතුරු හැර මහජනතාව නොමග යවන හෝ ප්‍රකෝපයට පත්කරන අවස්ථාවදය නොවේ.

පුරවැසියන් ගේ ආරක්ෂාවත් නීතියේ ආධිපත්‍යයත් තහවුරු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ජාතික විද්වත් සංවිධානය සාමකාමීව සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress