සිංහල – මුස්ලිම් උණුසුම එක්වරම ඉවැන්ජලිකල් – කතෝලික තෙරපුමක් දක්වා පරිවර්තනය වුයේ ඇයි?
Posted on April 25th, 2019

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)

පසුගිය සතියේ දක්නට ලැබුණ ආගම් නීතිය සහ දේශපාලනය හා බැදී උණුසුම සහ ඒවා හාස්කමකින් මෙන් සමනය වන ආකාරය අතීතයේ දක්නට නො වීය. එය යහපත් ප්‍රවණතාවයකි. 1815 උඩරට ගිවිසුමෙන් පසු 1818 ඇති වූ කැරැල්ලත්, 1962කුමන්ත්‍රණය, 1972 , 1988-1989 ආයුධ සන්නද්ධ අරගලයත්, වසර 30ක් පුරා උතුරු නැගෙනහිර මුල් කරගෙන පැවති සන්නද්ධ ගැටුමත් ලංකාවේ බහුතර සිංහල ජනසමාජයට බොහෝ පාඩම් කියා දී ඇති හෙයින් ජනතාව බේද කරමින්, නැවත මිනිස් සංහාරයක් සිදු කරවීම දක්වා ගැටුමක් නිර්මාණය කළ නො හැකි බව ප්‍රත්‍යක්ෂ වීම ලාංකිකයින් ලැබූ විසල් ජයග්‍රහණයකි.
උතුරු නැගෙනහිර පැවති බෙදුම්වාදී යුද්ධය 2009 මැයි 18 වැනි දින අවසන් වීමත් සමග  වත්මන් බෞද්ධ සමාජයේ බොහෝ පිරිසක් විවිධ නීතිමය ක්‍රියාකාරීත්වයේ හස්තයට හසු වී බන්ධනාගාරගත වීමද, විටෙක දේශපාලන පළිගැනීමේස්වභාවයෙන්ද, විටෙක පසුගිය පාලන සමයේ දූෂණ අක්‍රමිකතා සෙවීම නමින්ද, විටෙක ආගමික මුහුණුවරින්ද සිදු විය. යුද්ධය අවසන් කිරීමට දායක වූ සෙබළුන් ජිනීවා උගුල අටවා කොටු කිරීමට සමත් විය.මුස්ලිම් අන්තවාදයක් සම්බන්ධව සාක්ෂි ඉදිරිපත් වෙමින් බෞද්ධ ජන සමාජය තුළ සැකයක් ඇති කරන පුරාවස්තු විනාශ කිරීම් සහ රක්ෂිත වනාන්තර එළි කරන බවට තොරතුරු පසුගිය දිනවල සමාජයේ බහුල ලෙස සාකච්ඡා විය.
යුද්ධය අවසන් වීමත් සමගම බහුතර සිංහල ජනතාවට සිදු කළ අසාධාරණ
2009 මැයි 18 දිනෙන් පසු බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාවට සිදු වූ ප්‍රභල පහරදීම සිදු වූ යේ නීති කෂේත්‍රය තුළිනි. 1971 සිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ස්වභාෂාවෙන් නීතිය ඉගෙනීමට නිදහස් අධ්‍යාපනයේ දරුවන්ට සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ 1970 සමගි පෙරමුණු රජය විසින් හිමිකර දී තිබූ අයිතිය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන රජය විසින් කප්පාදු කරමින් ස්වභාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ නීතීයට ඇති ප්‍රවේශය සීමා කරනු ලැබීය. යුද්ධය අවසන් වීමත් සමගම ජපානය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කොරියාව වැනි දියුණු රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධව විමසීමක් නො කර මැකෝලි සාමිවරයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියම දිගටම ගෙනයාමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් විශාල වැරැද්දක් ඔහු රටට සිදු කළේ ය. එමෙන්ම යුද්ධය අවසන් වීමත් සමගම පෙරදිග චින්තනයෙන් අපට උරුම අපේ හර පද්ධතිය නගා සිටුවිමට ඔහු ක්‍රියාකරනවා වෙනුවට සේද මාවත් සංකල්පය අනුව යමින් විදේශ ගැති ආර්ථිකයකට සහ ණය උගුලකට රට යටත් කළේ ය. ජිනීවා මානව හිමකම් උගුල විසදනවා වෙනුවට තවතවත් එයට රට සහ යුධ විරුවන්සිරකරනු ලැබීය.
කරුණාකර කියවන්න – ජිනීවා උගුල මව් භාෂා අයිතිය සහ මානව අයිතිවාසිම්  (2014 මාර්තු 31 රිවිර පුවත්පත 22 පිටුව)මහින්ද රාජපක්ෂ රජය විසින් දායාද කළ සියලු දෝෂයන් සමනය කිරීමට කියා බලයට පැමිණි එකී රජයේම ඇමතිවරු සහනියෝජිතයෝ යහපාලන ආණ්ඩුව පිහිටුවා තමන්ගේ පෙර රජයේ වැරදි නැවත සිදුකරමින් තිබීම නිදහස සම්බන්ධ බලාපොරොත්තු තබා සිටි බහුතර සිංහල ජනතාව විමතියටත්, පසුතැවිල්ලටත් පත් කර ඇත. එවනි පරිසරයක පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරාවුල, ඉවැන්ජලිකල් – කතෝලික තෙරපුම සහ 2017 ජුනි 20 දින ප්‍රකාශයට පත්කළ අස්ගිරිය ප්‍රකාශනය”දිශානති කරන්නේ බහුතර සිංහල ජනතාව පෙරදිග චින්තනයෙන් සවිබල ගැන්විය යුතු බවයි.

කරුණාකර කියවන්න අස්ගිරිය ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අභිබවා යන නීතිමය වලංගු ලියවිල්ලක් – අස්ගිරිය ප්‍රකාශනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබෙන නීතිමය පිළිගැනීම. 

ඉවැන්ජලිකල් – කතෝලික තෙරපුම සමාජයට නිරාවරණය වීම
භික්ෂූන් වහන්සේ ලා පිරිසක් විසින් සිය උරුමයන් එනම් බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නො වන බවට රජයට චෝදනා එල්ල කළ අතර ඒ සමගම එක්තරා නීතීඥවරයෙක් ක්‍රිස්තියානි දේවස්ථාන 166කට නිසියම් පිරිසක් විසින් පහරදී ඇති බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.  එකී ප්‍රකාශය සිදු කර පැය 24ක් යන්නට මත්තෙන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රිස්තියානි දේවස්ථාන කිසිවකට හානි සිදුකර නැති බවට කාදිනල් හිමිපාණන් වහන්සේ තොරතුරු ලබා දී ඇති බව කියමින් ක්‍රිස්තියානි දේවස්ථාන 166කට නිසියම් පිරිසක් විසින් පහරදී ඇති බව කීම අසත්‍ය බව දක්වා එකී නීතීඥවරයා විසින් පැය 24ක් යාමට මත්තෙන් සියලු ජනතාවගෙන් සමාව ගත යුතු බවට ප්‍රකාශ කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ මේ දක්වා කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ හෝ හෝ ලිප්ටන් වටරමුමේ  දක්නට නොවූ අගම වෙනුවෙන් වන උද්ඝෝෂණ කරළියට පැමිණීමය. එකී ආගමික උද්ඝෝෂණ සදහා එතරම් ජනතාවක් සහභාගී නොවුණද ජාත්‍යන්තර වශයෙන් ඉන් රටට සිදුකරන හානිය සුළුපටු නො වේ. එහිදී පහර දෙන්නාත්, පහර කන්නාත් එකගතාවයෙන් එය සිදු කරගන්නේද යන්නත් විමසිය යුතුය.බෞද්ධ පුරාවස්තු විනාශ කරමින් පුරාවස්තු ආඥාපනත උල්ලංඝණය කරන සිදුවීම් පසුගිය සමයේ බහුලව සිදු වුණද බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට කොළඹ කොටුව හෝ ලිප්ටන් වටරවුම තොරා නොගෙන අස්ගිරිය ප්‍රකාශනය”වැනි විධිමත් නීතිමය වලංගු සන්නිවේදන ක්‍රම අනුගමනය කරද්දී ක්‍රිස්තියානි පල්ලි 166කට පහරදීම සම්බන්ධව කියාමින් වත්මන් රජයේ ප්‍රභල ඇමතිවරයා ඉලක්ක කරමින් සිදුකරන ආගමික විරෝධය මතු කරන්නේ කවර ගැටුමකට ආරාධනයක්ද යන්න බහුතර සිංහල ජනතාව අවධානය යොමු කළ යුතුය. මන්ද වර්තමානයේ ලංකාවේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ පාලන ආයතන අතරින් අධිකරණය නැමැති දෙවොලේ කටයුතු සිදුවන්නේ බහුතර සිංහල ජනතාවගේ භාෂාවෙන් නොවීමත් එහි තීන්දු තීරණ ගන්නේ එංගලන්ත නීතී වාර්තා සහ දකුණු අප්‍රිකානු නීති වාර්තා මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් බහුතර සිංහල ජනතාව අවබෝධ කළ යුතුය.
යුක්තිය ඉටු කිරීමේදී සහ යුක්තිය ඉටු කර ගැනීමට යාමේදී නිවහල් ස්වාධීන රටක ජනතාවට උරුම විය යුතු නිවහල් අධිකරණ සහ නීති ක්‍රමය මේ දක්වා අවබෝධ කිරීමට, ඒ සම්බන්ධව පර්යේෂණ කිරීමට බහුතර සිංහල ජනතාවට මේ දක්වා නො හැකි වීමද සළකා බැලිය යුතුය.

කියවන්න – 

1.      නීතියේ පාලනයට පාර්ලිමේන්තුවත්, අධිකරණත් රටේ ජනතාවගෙන් සගවා නීති නො සෑදීම ද ඇතුළත් ය.

http://www.lankanews.org/2017/06/blog-post_50.html

2.        නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය බහුතරයක් වූ සිංහල ජනතාවට වලංගු නො වේ.

http://www.lankanews.org/2017/06/blog-post_47.html#more

3.      ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් විශේෂ නිවේදනයක් -නීතිය ආධිපත්‍ය යටකරමින් දේශපාලන ආධිපත්‍ය මතුවෙලා..රටම අනතුරක

 http://www.lankanews.org/2017/06/blog-post_67.html

ඉහත තොරතුරු පමණක් නොව සිංහල – මුස්ලිම් උණුසුම එක්වරම ඉවැන්ජලිකල් – කතෝලික තෙරපුමක් දක්වා පරිවර්තනය වුණේ ඇයි? යන්න විමසීමේදී එයට නිවැරදි පිළිතුරු පෙරදිග චින්තනය මගින් පෝෂිත අවිහිංසා ධර්ම මාර්ගය ඔස්සේ ලබා ගැනීමට ප්‍රයත්න දැරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු දී බහුතර සිංහල ජනතාවද ඉන් පාලනය කිරීමට පොළඹබන බටහිර සංස්කෘතිය පෝෂණය කරන ලංකාවේ පවතින නීති ක්‍රමය පිළිබදව ද අධ්‍යයනය කළ යුතුය. (මෙවැනි කෙටි ලිපියකින් එය කළ නො හැකිය.)
අවසන් වශයෙන් කිව යුත්තේ සිංහල – මුස්ලිම් උණුසුම වේවා ඉවැන්ජලිකල් – කතෝලික තෙරපුම වේවා අවසානයේ රට සහ ජනතාව දිශානති කරන්නේ පෙරදිග සංස්කෘතිය සහ සිංහල භාෂාවේ අවසානය දක්වා බවයි. එනම් පෙරදිග චින්තනයේ පරිහාණිය දක්වා බවයි. බහුතර සිංහල ජනතාව ඒ සමගම අවබෝධ කළ යුත්තේ 1815 උඩරට ගිවිසුමේ සිටම අපව රැවටීමට පාලකයින් සමත් වී ඇති බවයි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress