බිලි පූජාව
Posted on April 30th, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග

ඒබ්‍රහම් තුල මානසික අසමතුලිතභාවයක් තිබුනේය. ඔහුට කටහඞවල් ඇසුණි. ඔහු සිතුවේ දෙවියන් විසින් ඔහුට නියෝග දෙනවා කියාය. වරක් ඒබ්‍රහම්ට තම දරුවා වූ අයිසෙක් කඳු මුදුනට ගෙන ගොස් බිලිදෙන ලෙසට කට හඞ නියෝග කලේය. මෙම ශ්‍රවණ භ්‍රාන්තිය මත ඒබ්‍රහම් තම කුඩා දරුවා වූ අයිසෙක්ව රැගෙන කඳු මුදුනට ගියේය.

කන්ද උඩදී ඒබ්‍රහම් තම දරුවාව බිම හෙලා ඔහුගේ උගුර තියුණු පිහියකින් කපා දැමීමට සූදානම් විය. තම දරුවා කෙරෙහි වූ ඇල්මත් ශ්‍රවණ භ්‍රාන්තිය කෙරෙහි වූ අප්‍රමාණ ගෞරවයත් නිසා ඒබ්‍රහම් ගේ මනසේ ප්‍රගල්භ ඝට්ටනයක් ඇති විය. ඔහු කිහිප වතාවක්ම දරුවා මරා දැමීම සඳහා පිහිය එසවූවද දරුවාගේ මුහුණ දකිත්ම එම බිහිසුණු  ප්‍රයාපනය දියාරු විය.

එහෙත් ඔහුට නියෝග දෙන ඔහුව පාළනය කරන බලවේගයට පිටුපෑමට ඒබ්‍රහම්ට නොහැකි විය. මෙම මානසික සංඝට්ටනය නිසා ඔහු ව්‍යාකූල විය. ඒබ්‍රහම් තුල ඩිසෝෂියේටිව් හෙවත් විඝටන තත්වයක් ඇති විය. පියවි සිහියකින් තොරව ඔහු දරුවා අතහැර කන්දේ ඒමේ අත සැරිසරමින් සිටි ඔහුගේ බැටළු රංචුවේ සිටි කුඩා  බැටළු පැටවෙකු අල්ලාගෙන උගේ ගෙල සින්දේය.

ඉන්පසු ඔහු අපස්මාරික ගැස්මකට ලක් විය. ඒබ්‍රහම්ට පියවි සිහිය එන විට ඔහුගේ කුඩා පුතු අයිසෙක් නිරුපද්‍රිතව දෑස් යොමා පියා දෙස බලා සිටියේය. ඔවුන් අසල මිය ගිය බැටළු පැටවෙකුගේ මළ සිරුරකි. උගේ ලේ වලින් පස තෙමී තිබුනේය. බැටළු පැටවෙකුගේ ජීවිතය ගෙන තමන් ගේ පුතාගේ ජීවිතය  ජීවිතය බේරා දීම ගැන ඒබ්‍රහම් තමන් වන්දනා කල බලවේගයට මුණින් වැටී ප්‍රණාමය පුද කලේය. 

(වෛද් රුවන් එම් ජයතුංගගේ පරිකල්පනික අතික්රමණය  කෘතිය ඇසුරෙනි)

4 Responses to “බිලි පූජාව”

  1. aloy Says:

    The popular teledrama that is being shown on Hiru TV these days, ” Siddartha Gauthama” depicts the fallacy of rulers following the ritual of animal or human sacrifice to please “Brahma”, the Hindu god. It is all about the struggle a young price was making against those beliefs. SL is supposed to be one of the countries where the pure form of Buddhism was established. And our prez himself tried to get the Tripitaka accepted by the UN. Immediately after that he rushed to Tirupathy to engage in these rituals.

    It is a shame that we have leaders like this in this country where over 70% of people are Buddhists.

  2. aloy Says:

    Sorry, please replace as “… it is all about a young Indian prince was making ….”

  3. Christie Says:

    I am sure Sirisena knew of the carnage awaiting before sucking Thirupathi’s two dicks.

    That was his offering to Thirupathi and Modi’s election campaign.

  4. Christie Says:

    Sirisena knew of the carnage to follow before he sucked Thirupathi’s double dicks.

    His offerings to Thirupathi and Modi’s election campaign for Sirisena’s second term.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress