සදුදා දින සිට වහාම ක්‍රියාත්මකවක පරිදි මුහුණූ ආවරණය සම්බන්ධයෙන්
Posted on April 30th, 2019

Mohammed Rasooldeen- Justice of the Peace Media Secretary Western Province Governor’s Office

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හදිසි නීතිය යටතේ සදුදා දින සිට වහාම ක්‍රියාත්මකවක පරිදි මුහුණූ ආවරණය සම්බන්ධයෙන් පනවන ලද තහනම තරයේ පිළිපදින ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් මුස්ලිම් පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

පසුගිය සදුදා දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යයාලයේදී මුස්ලිම් පාසල් 59 යක විදුහල්පත්වරුන් අමතා ගරු ආණ්ඩුකාරතුමා මේ බව ප්‍රකාශ කර සිටියේය.

විදේශිකයින් 40 දෙදෙනකුද ඇතුළුව පුද්ගලයින් 268 දෙදෙනකු ඝාතනය කරමින් පසුගිය පාස්කු ඉරු දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් මුහුණු ආවරණය සම්බන්ධයෙන් තහනම පනවන ලද බව ගරු ආණ්ඩුකාරතුමා පහදා සිටියේය.

මෙම නීතියේ ඇති වැදගත්කම අවධාරණය කළ ගරු ආණ්ඩුකාරතුමා පවසා සිටියේ මෙම නීතිය යටතේ මෝටර්සයිකල්කරුවන් හටද සම්පූර්ණ පරිදි මුහුණු ආවරණය වන හිස්වැසුම් පැලදීය නොහැකි බවයි. නීතිය ක්‍රීයාත්මක කරන නිළධාරීන් සඳහා පුද්ගලයින් පහසුවෙන් හදුනාගැනීමට මෙන්ම ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් සමඟ එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු මෙම නීතිය බලය ලබාදෙයි. ජනාධිපතිතුමා විසින් මෙම නීතිය පැනවීමටත් පෙර ජමියාතුල් උලමා සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් පුර්ව දැනුවත් කිරීම් සිදුකර ඇත.

පාසල්වලට ඇතුල්වන සිසුන්ගේ සහ දෙමාපින්ගේ මුහුණු ආවරණයට ඉඩලබා නොදෙන ලෙස මීට දින දෙකකට පමණ පෙර ගරු ආණ්ඩුකාරතුමා විසින් සිදු කල ප්‍රකාශය ද මතක් කරමින් එතුමා පවසා සිටියේ  අතිගරු ජනාධිපතිවරයා විසින් සියළුම පාසල්වලට අදාල වන පරිදි ජාතික මට්ටමින් නීතියක් ඇති කරනු ඇති බවයි.

පාසල් තුල මුහුණු ආවරණය කරන සිසුන් මෙන්ම ගුරුවරුන්ද සිටින බවත් මෙම නීතිය ක්‍රීයාත්මක කිරීම සඳහා ඔවුන් සහාය ලබා  දෙනු ඇති බවත් ගරු ආණ්ඩුකාරතුමාගේ කථාවට පිළිතුරු ලෙස විදුහල්පතිවරු පැවසූහ.

 ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් බොහෝමක් පැමිණිලිකර සිටියේ දිවා රාත්‍රී කාලවල පාසල් දේපල ආරක්ෂා කිරීම සඳහා මුරකරුවන් නොමැති බවයි. ඇතැම් පාසල් වල තාප්පද නොමැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress