වගකිම ඉටු කරනවා මිස එහි වරද මාධ්‍ය පිට පටවන්න එපා.
Posted on May 2nd, 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව

අද දින (05* පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
x පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා
x පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර මහතා

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා.
අගමැතිවරයා කාර්ය භාරය ඉටු නොකර මාධ්‍ය ප‍්‍රකාශයෙක් වෙලා. මේ වෙද්දි විශේෂ ප‍්‍රකාශ තුනක් කරලා. ආණ්ඩුව බලයට ආ දවසේ ඉදලා අගමැති ජනාධීපති දෙපල මාරුවෙන් මාරුවට ප‍්‍රකාශ කරනවා. ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් ප‍්‍රතිඵලයක් නැහැ. තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊයේ වෙද්දි රනිල් වික‍්‍රමසිංහ මහතා මේ ප‍්‍රහාරය මාධ්‍ය දඩයම සදහා යොදා ගන්න හදනවා. රජය ජනතාවගේ ආරක්ෂාවට තොරතුරු නොදෙන අවස්ථාවක ආරක්ෂක අංශ සමග එක්ව මාධ්‍යයි ජනතාවට තොරතුරු දුන්නේ. එක මාධ්‍ය ආයතනයක් මේ දඩයමට ගොදුරු වුනොත් සියලූ මාධ්‍ය ආයතන එක්වෙන්න. ජනතාවට නිවැරදි තොරතුරු දිම නිසා ප‍්‍රශ්නයක් වුනු බවයි අගමැතිතුමා කියන්න හදන්නේ.
රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට නැගී හිටපු මාධ්‍යවේදීන්ට වුන දේ, බටලන්ද කොමිෂම ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වගකිම ඉටු කරනවා මිස එහි වරද මාධ්‍ය පිට පටවන්න එපා. වරදේ වගකීම පොලිස්පතිවරයා පිට තියලා අත හෝදගන්නත් උත්සාහ කරනවා. විය යුත්තේ සමස්ත රජයම වරද පිළිගැනීමයි. දැන් ආයෙත් එජාපයේ සුපුරුදු පිළිවෙත පටන් අරන්. රාජිත සේනාරත්න මහතා තමයි මහින්ද රාජපක්ෂ රජය බිදදමන්න පදනම් විරහිත චෝදනා එල්ල කලේ. වරස 5ක් තිස්සේ ඒ කිසිවක් ඔප්පු කර ගන්න බැරි වුනා. හමුදා කුමන්ත‍්‍රණයක් ගැන කිව්වා. තාජුඞීන් ඝාතනය ගැන කිව්වා. මහින්ද රාජපක්ෂ මහතා නමට විදේශයේ තියෙන මුදල් ගැන කිව්වා. දැන් ආයෙත් වැඩ පටන් අරන්. ගෝඨාභය රාජපක්ෂ මහතාව එදා අන්තවාදී බෞද්ධයෙක් කිව්ව මොහු දැන් අන්තවාදී මුස්ලිම් ප‍්‍රශ්නයට මැදි කරන්න හදනවා. විජේදාස රාජපක්ෂ මහතා අන්තවාදින් ගැන කියද්දි එහෙම දෙයක් නැහැ කිව්වෙත් මෙතුමා. ඒ ප‍්‍රකාශ නිසා මිනිස් ජිවිත දහස් ගණනක් නැති වුනා.
මේ අය අන්තවාදින් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න බවයි කිව්වේ. මේ පින්තූර බලන්න. යම් කණ්ඩායමක් ඇවිත් කිසියම් පොතක් පිළිගන්වන එකයි මෙයි තියෙන්නේ. මෛතී‍්‍ර ගුණරත්න ආන්ඩුකාරවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, දඹර අමිල හිමියන්,ට වගේම රාජිත සේනාරත්නටත් ඔය කියන පොත පිළීගන්වලා තියෙන බව මේ පින්තූරවලින් පැහැදිලියි. අන්තවාදි කණ්ඩායම් පෝෂණය කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නෙවෙයි. වර්තමාන ආන්ඩුවයි අන්තවාදය පෝෂණය කලේ. ආණ්ඩුවට අවශ්‍ය වුනේ පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය රැුක ගැනීම පමණයි. තමන්ගේ වගකිම නිසියාකාරව ඉටු කරන්න බැරි නම් එහි වගකීම වෙනත් අය පිට පටවන්න එපා.
අපේ පියල් නිශාන්ත මන්තී‍්‍රවරයා කරපු ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වෙද්දි පරීක්ෂණ සිද්ධවෙනවා. ඒ එතුමාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කර තිබියදිත්. නමුත් මරණ සංඛයාව 351ක් කියලා පසුව එය 251ක් කීම සම්බන්ධයෙන් මේ වෙද්දි කිසිදු පියවරක් නැහැ. විරුද්ධ පක්ෂය දඩයම් කරන්න දැන් ආන්ඩුව සූදානම් වෙනවා.
ඒ වගේම රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි. රිසාඞ් බදියුදීන් හා තියෙන සම්බන්ධතා ගැන කියැවෙනවා. ත‍්‍රස්තවාදින් භාවිතා කරපු නිවසක් දේශපාලකයින්ට සම්බන්ධයි කියනවා. කාගෙන්ද ප‍්‍රශ්න කලේ. ඒ කිසිවෙක් සම්බන්ධයෙන් නිතීිමය විදියට පරික්ෂණ කලේ නැහැ. රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයාගෙන් ප‍්‍රශ්න කරපු බව පොලිස්පති කිව්වාත් ඔහු එළියට ඇවිත් කියනවා මගෙන් කිසිම ප‍්‍රශ්න කිරිමක් වුනේ නැහැ කියනවා. හිස්බුල්ලා අසාද් සාලි, ආන්ඩුකාරවරුන්ට වගේම මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල වෙනවා. කෝ ප‍්‍රශ්්න කලා. චෝදනා එල්ල වෙන රජයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප‍්‍රශ්න කළ යුතුයි. නැත්නම් අපිට හිතෙන්නේ මේකට රජය සම්බන්ධයි කියලා. කිලෝ ගාණක් පුපුරන ද්‍රව්‍ය මොවුනට ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර දඩුවම් දිය යුතුයි. ඒ වගේම මන්සූර් ඇමැතිවරයා ත‍්‍රස්තවාදියාගේ බිරිද බලන්න යනවා. ඒකට අවස්්ථාව නොදුන්න අධ්‍යක්ෂවරයා පොළොන්නරුවට මාරු කරනවා.
ආන්ඩුව මේ සියලූ දේ දැනගෙන වසන් කරලා මේ බරපතල හානිය රටට කළාද කියලා අපිට සැකයි. හිටපු අමාත්‍ය වසන්ත සේනානයක මහතා තුර්කි ත‍්‍රස්තවාදින් අපේ රටේ ඉන්න බවට හෙළිදරව්වක් කරනවා.මේ සම්බන්ධයෙන් වසර දෙකකට පෙර දැනුම්වත් වෙලා ඉදලා තියෙනවා. මොවුන්ගේ ගමන් බලපත් අංක පවා ලබාදී තියෙනවා. මොවුන්ගේ කීදෙනෙක් දැන් මෙරට ඉන්නවාද. කීදෙනෙක් ලංකාවෙන් පිටත් වුනාද කියන දේ රජය පැහැදිලි කළ යුතුයි.
අද ජනතා විමුක්ති පෙරමුණ කෙහෙද ඉන්නේ. පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව හා ගත්ත පියවරයන් දැඩිව විවේඡුනය කළ මොවුන් ජාතික ව්‍යසනයක් ඇතිවුනු අවස්ථාවක මේ විදියට නිහ`ඩ ඇයි. සැකරුවෙක් විදියට අත් අඩංගුවට ගත්ත ඊබ‍්‍රහීම් ඔවුන්ගේ ජාතික ලයිස්තුවේ ඉන්න නිසාද? ජවිපේ පෙරට ඇවිත් මේ ව්‍යසනය වලක්වන්න උදව් කරන්නේ නැත්තේ කියන එකත් අපිට ප‍්‍රශ්නයක්.
මේ 15 වැනිදා වෙද්දි තිරණාත්මක තීන්දුවක් ලැබෙන්න තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතා අගමැතිවෙලා ආන්ඩුවක් බිහිවෙයි කියන බලාපොරොත්තුව එජාප මන්තී‍්‍රවරුන්ට තිබුණා. අනාගතයේ එජාපය භාරගන්න ඉන්නවා නම්, එජාප ආන්ඩු සමයක වුනු මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියට එන්නේ නැත්තේ ඇයි. මේ සිද්ධිය ආවරණයක් කරගෙන විරුද්ධ පක්ෂයට චෝදනා එල්ල කරමින් ජනතා අප‍්‍රසාදය වහගන්නයි මේ උත්සාහ කරන්නේ.
ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනත් තියෙන්නේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට කිව්වත් එය අසත්‍යයි. ඒ සදහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන තියෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට වුනු පොරොන්දුවක් මොවුන් මේ ඉටු කරන්න සූදානම් වෙන්නේ. මේ හදුන්වා දෙන පනත හරහා සිද්ධ වෙන්නේ රජයට විරුද්ධව නැගී සිටින පුරවැසියන් පාලනය කරන්නයි. මාධ්‍ය ආයතන වුවත් පාලනය කරන්න ඉඩ තියෙනවා. විදේශිය රටවල සහාය ගන්න හදන්නේ ප‍්‍රතිත‍්‍රස්ත පනත ගේන්න හදන්නේ එල්.ටී, ටී. ඊ ඩයස්පොරොවේ ග‍්‍රහණයට මේ ආන්ඩුව ලක්වෙලා තියෙන නිසයි.
යුද්ධය අවසන් වීමෙන් පස්සේ අපේ රටේ සංචාරක ව්‍යාපාරය සීග‍්‍රයෙන් වර්ධනය වුනා. මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය වගේම එයින් පස්සේ රටේ ආරක්ෂාව විශ්වාසනීය විදියට තහවරු කිරීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා දැන් සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ මග පෙන්වීම යටතේ පුද්ගලික අංශය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පියවර ගත්තා. මේ ව්‍යසනයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය සම්න්ධයෙන් රජය කිසිදු අවධානයක් යොමු කලේ නැහැ. දැන්වත් රජය මැදිහත් වී සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සදහා වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි. එහෙම නොකර ප‍්‍රකාශ නිකුත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ.
අද වෙද්දි ආනන්දි ශසිදරන්, මාවෙයි සේනාධිරාජා උතුරු පළාතට හමුදා ආරක්ෂාව ඉල්ලනවා. ඔවුන් තමයි අපේ රණ විරුවෝ යුද අධිකරණයට ගෙනියන්න උත්සාහ කලේ. අද දෛවයේ සරදමක් විදියට උතුරු පළාත හා නැගෙනහිර පළාත ආරක්ෂා කළ හැක්කේ හමුදාවට පමණයි කියලා ඔවුන්ටත් විශ්වාස කරන්න සිද්ධ වෙලා. දැන්වත් මානව හිමිකම් කොමිෂමේ සම අනුග‍්‍රහය දැක්වූ යෝජනාවලින් ඉල්ලා අස්වෙන්න. මේ ත‍්‍රස්තවාදය වැලැක්වීම සදහා වහාම වැඩපිළීවෙලක් දියත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර මහතා
මේ විපත වූ අවස්ථාවේ සිට මේ දක්වා දේශපාලන නායකත්වයේ අඩුපාඩු මග හරිමින් අවශ්‍ය නායකත්වය දුන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්. පොදුජන පෙරමුණ විදියටත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් විදියටත් අපි අගරදතුරුතුමන්ට අපේ ගෞරවය දක්වනවා. තමන්ගේ ජිවිත ගැන නොහිතා මේ වෙනතුරු රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට වගේම ජනතාවට නිවැරදි තොරතුරු ලබා දුන්න මාධ්‍යයටත් අපේ ගෞරවය දක්වනවා. ආණ්ඩුවට නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න ඒකකයක් පත්කරන්න දින54ක් ගත වුනත් මාධ්‍ය මුල් අවස්ථාවේ සිට එය නිවැරදිව කළා.
අගරදගුරුතුමන් තමන්ට දුන්න වෙඩිනොවදින වාහනය ප‍්‍රතික්ෂේප කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කිව්වා. සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ තොරතුරු ජනතාවට නොදී දේශපාලන නායකත්වය වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලන අවස්ථාවක මෙවැනි ආගමික නායකයෙක් අපේ රටේ සිටීම ගැන අපි සතුටු වෙනවා. පහුගිය සති කිහිපයේ උන් වහන්සේගේ ප‍්‍රකාශ තුලින්ම රට පාලනය වූවා හැරෙන්න දේශපාලන නායකත්වය තුළින් රටේ සාමය පවත්වා ගැනීමක් සිදුවුනේ නැහැ.
පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. නිවැරදි තොරතුරුම පමණක් මුලාශ‍්‍ර කරගත යුතු බව අපි විශ්වාස කරනවා. නමුත් පහුගිය කාලයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයාගේ ප‍්‍රකාශ අපි දැක්කා. ත‍්‍රස්තවාදින් කියලා වෙනත් රටවල පුද්ගලයින් ගේ ජායාරූප පවා නිකුත් වුනා. ඒ සම්බන්ධයෙනුත් පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාට මෙන්ම නීතීය කි‍්‍රයාත්මක විය යුතුයි.
මේ දින කිහිපයේ රජයේ පාර්ශවය නියෝජනය කරන අය මේ අවස්ථාවත්් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇගිල්ල දිගු කරන්න උපයෝගි කර ගෙන තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එජාපයේ පසුපෙල මන්තී‍්‍රවරුන්ගේ විරෝධය පලවෙද්දි ඔවුන්ට උපදෙස් ලැබී තිබෙන්නේ මාධ්‍ය ඉදිරියට ගිහින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂට හා විපක්ෂයට මේ සිද්ධිය බැර කරන්න පුලූවන් කියලයි. අවසාන දින දෙකේ සමාජ මාධ්‍ය දිහා බැලූවම නැවතත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල නිර්මාතෘ විදියට පෙන්වා දෙන්න උත්සාහ ගන්නේ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ දෙපල බව පේනවා. රාජිත සේනාරත්න 2015 මැතිවරණයට පෙර බොදුබල සේනාව අන්තවාදි කණ්ඩායමක්. එය මෙහෙයවන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුන්‍දා ආණ්ඩුවයි කියලා කිව්වා. මැතිවරණයෙන් පස්සේ ඒක මෙහෙයවන්නේ පාඨලී චම්පික කියලා කිව්වා. ආවා කල්ලය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරද්දි මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ නිර්මාණයක් කිව්වා.
ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන්න සූදානම් කිව්ව අවස්ථාවේ මොවුන්ගේ සටන් පාඨය වුනේ ගෝඨාභය රාජපක්ෂට සුලූ ජාතික ඡුන්ද නොලැබෙන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි කිව්වටා පස්සේ දැන් මේ අන්තවාදි කණ්ඩායම්වල නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ මහතායි කියන්න උත්සාහ ගන්නවා. රටේ විපතක් සිදුවෙලා තියෙන අවස්ථාවක මිට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙස අපි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටිනවා. පහුගිය කාලයේ බොරුවෙන් ගෙන ගිය ආන්ඩුව මේ විපතෙන් පස්සෙත් බොරුවෙන් ඉදිරියට ගෙනියන්න එපා.
රාජිත සේනාරත් මහතා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළට ගන්න පෙර නිලධාරීන් මැදිහත් වෙලා හෝ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එතුමා කරන්නේ හොද මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයින්ට කරන්න පුලූවන් විදයේ ප‍්‍රකාශ නෙවෙයි. ජාත්‍යන්තර මාධ්‍යට රනිල් වික‍්‍රමසිංහ මහතා විවිධ ප‍්‍රකාශ නිකුත් කරනවා. අයි. එස්. අයි. එස් නායකයා වසර 5ට පසු කරපු ප‍්‍රකාශයට අනුව තුර්කියේ හා සිරියාවේ ඔවුන් ලබපු පරාජයන්ට ප‍්‍රතිප‍්‍රහාරයක් විදියට ලංකාවේ තෝරාගත් ඉලක්කයට කරපු ප‍්‍රහාරයක් කියලා කියන්න අගමැතිවරයා උත්සාහ කරනවා. රාජ්‍ය ආරක්ෂාවේ දුර්වලකම අයි. එස්. සංවිධානය ප‍්‍රයෝජනයට ගත්තා කියන දේ එයින් පැහැදිලියි. ඒ වගේම තුර්කිය සිරියාවට පස්සේ ඔවුන්ගේ ඉලක්කය ලංකාවද කියලා දෙවරක් හිතන්න සිද්ධ වෙනවා. අපි දිගින් දිගටම අනතුරු හැගවිම් කළා. බුද්ධි අංශවල මානසිකත්වය කඩා වැටීමේ ප‍්‍රතිඵලයි මේ දකින්න ලැබෙන්නේ. 21 වැනිදා සිට ආරක්ෂක අංශ දිනපති අත්අඩංගුවට ගැනීම් සිද්ධවෙන ආකාරයෙන් අපිට පේනවා. රටේ ආරක්ෂක අංශ ශක්තිමත් බව මේවායින් පැහැදිලියි. දැන්වත් ජාතික ආරක්ෂාව අනතුරේ දාන්න එපා. විදේශ ඔත්තු, තොරතුරු වගේම අපේ අංශවල තොරතුරු මගින් ප‍්‍රහාරයන් වළක්වා ගන්න අපේ හමුදාවන්ට හැකියාව තියෙනවා.
ඇමරිකානු තානාපතිනිය ලංකාවට අනතුර තවමත් තියෙන නිසා අවධානයෙන් ඉන්න කිව්වා. මේ තානාපතිනියම නැගෙනහිර පලාතේ යුධ පුහුනු කටයතු වලට සම්බන්ධ වෙනාව. ඇමරිකානු යුද අභ්‍යාස සිද්ධවුනා. මාස තුනකට කලින් නාවික හමුදාව ශක්තිමත් කරන්න කියලා තානාපති කාර්යාලය හරහා ඩොලර් මිලියන 38ක ප‍්‍රධානයක් දුන්නා. ඒ වගේම මහා බි‍්‍රතාන්‍යට අයත් දුපතක් තියෙනවා දියොගොගාසියාව කියලා. පළවෙනි , දෙවැනි ලෝක යුද්ධය වගේම මැද පෙරදිග යුද තත්ත්වයන් සිරියාව, වගේ රටවල තත්ත්වයන්ටත් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්තානය බවට පත්වුනේ මේ ¥පතයි. මේක ඇමරිකාව බදු ක‍්‍රමයට අරන් තිබුණු ¥පතක්. මිට සති කිහිපයකට පෙර හේග් ජාත්‍යන්තර අධිකරණය මේ ඇමරිකාව මේ ¥පතේ පරිපාලනය නිති විරෝධීයි කියන තීන්දුව දුන්නා. ඒ සමග ඇමරිකානු හමුදාව ඉන්නේ අනතුරක. ඉන්දියන් සාගරයේ ඔවුන්ගේ මූලස්ථානය නැති වෙමින් පවතිනවා. මේ මොහොතෙත් ඇමරිකාව ඉන්දියන් සාගරයේ මූලස්ථානය බවට ලංකාව පත්කර ගැනීමේ උත්සාහයක් තියෙන්න පුලූවන්. මේ නිසා ලංකාව ලෝක බලවතුන්ගේ යුධ පිටියක් කරන්න අවස්ථාව දෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
2013 දිණමිණ පුවත්පතේ තියෙනවා නිති රිති කඩපු විදේශිකයින් 3000ක් රටෙන් පිටුවහල් කරපු බව කියනවා. මේ ආගමන බුද්ධි නිර්ක්ෂණ ඒකකය 2010 ආරම්භ කරලා විවිධ ජාවාරම් වලට සම්බන්ධ ත‍්‍රස්තවාදය වරපුරන පිරිස් ඉන්න බව හදුනා ගෙන 3000ට අධීක පිරිසක් මෙරටින් පිටුවහල් කළා. එයින් 161 අන්තවාදී ඉගැන්විම් කරන පූජකවරු. ඒ බුද්ධි අංශය අද කි‍්‍රයාත්මක වෙනවාද දන්නේ නැහැ. චම්පික රණවක ඇමැතිවරයා කියනවා 300ට ආසන්න විදේශයින් ත‍්‍රස්තවාදය, අන්තවාදය වපුරන ගැන්විම් කරන අය සිටින බව, විජේදාස රාජපක්ෂ මහතා කියනවා අයි. එස් අයි. එස් සම්බන්ධකම් තියෙන අය ගැන කියනවා. වසන්ත සේනානායක රජය දැනුවත් කළාලූ තුර්කි ත‍්‍රස්තයින් මෙරට සිටින බවට. නිති විරෝධීව මෙරට රැුදී සිටින විදේශියකයින් පිළිබදව ගණනය කිරීමක් මෙතෙක් සිද්ධ වුනාද කියලා අපිට සැකයක් තියෙනවා. ආන්ඩුවේ හිටපු දෙන්නෙක්ට ආන්ඩුවට එරෙහිව කරුණු දක්වන්න කොන්ද පණ තිබුණ හතක ගැන අපි සතුටුයි. විජේදාස රාජපක්ෂ මහතාටත්, වසන්ත සේනානයක මහතාටත් මේනිසා අවසානයේ තනතුරු අහිමි වුනා. අනතුරු හගවන එවැනි පුද්ගලයින්ට වෙන දේ අපි බලන් ඉන්නවා. හිටපු හමුදාපති සරත් පොන්සේක් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කරපු චෝදනාවලට ප‍්‍රතිචාර දක්වා තිබුණා.
එදා ආන්ඩු පෙරලිය වෙලාවේ සිංදු කියමින් බූරුවා ගසමින් හිටපු අජිත් පෙරේරා, හරීන් ප‍්‍රනාන්දුලාත් අද ජවිපේ වගේම නිහඩයි. ජවිපේ වගේම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස නිහඩයි. මේ ව්‍යවසන වුනාට පස්සේ ජවිපේ නායකයාට මෙරටට එන්න දින 6ක් ගත වුනා. රාජ්‍ය නායකයාට පැය 12ක් ගතවුනා. මුජිබර් රහිමාන්ගේ හිතවත් කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙක් කඩු කිනිසි එක්ක හසුවුනා. ආන්ඩුවේ මන්සූර් මන්තී‍්‍රගේ රියදුරා අවි ආයුධ එක්ක අසුවුනා. ජවිපේ ජාතික ලයිස්තු පුද්ගලයෙක්ගේ පවුල කෙලින්ම ප‍්‍රහාරය සම්බන්ධ වුනා. බැරිවෙලාවත් බැසිල් රාජපක්ෂ මහතාගේ මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙක් මෙතැන හිටියානම් මොකද වෙන්නේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපවත්වා ඉන්න කුමන්ත‍්‍රණ දියත් වෙනවා. කුමන්ත‍්‍රණ කරලා බලයේ සිටින්න හෝ ඡුන්ද කල්දාන්න සුදානම් වෙන්න එපා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
නිපුණතා සංවර්ධන ඇමැතිවරයා විදියට ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයා මඩකලපු ශරියා විශ්ව විද්‍යාලය අනුමැතිය දුන්න බව සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරනවා. 2012 වසරේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රතිපත්ති තින්දුවක් ගනිමින් විෂය ධෘරාවට තාක්ෂණ විෂය ඇතුලූ කරනවා. තාක්ෂණ විෂය උසස් පෙලට එකතු විමත් සමග යුනිවසිටි කොලේජ් 25ක් මේ රටේ ඇති කරන්න තීරණයක් ගන්නවා. යුනෝ ටෙක් විදියටයි මේ තීන්දුව ගන්නේ. රාජ්‍ය මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල 20ක් හා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වි තවත් විශ්ව විදයාල 5කුත් ඇති කරන්න තිරණය වෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ එකගතා ගිවිසුම් තුනක් ඇති කරනවා. පළමුවැන්න ශී‍්‍ර ජයවර්ධන පුර රෝහල එක්කත්, දෙවැන්න ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනයත් සමගත්, තුන්වැන්න හිරා ආයතනයත් එක්කත් මේ ගිවිසුම් හැදෙනවා. එදා පාඨමාලා තුනකටයි අනැමැතිය හිමි වෙන්නේ. එදා අනුමැතිය ලබාදෙනයඅනෝ ටෙක් ආයතනය අද දවසේ බිහිවෙන භූමියට නෙවෙයි දුන්නේ. කාත්තන්කුඩිවල තියෙන වෙනත් එකකටයි අනුමැතිය දුන්නේ. හයිරා පදනම කියන මේ කටයුත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ 2015 දෙසැම්බර් මාසයේ. ඒ නිසා මේකට මහින්ද රාජපක්ෂ හෝ ඩලස් අලහප්පෙරුම මහත්වරු පහසුකම් දීලා නැහැ. මේ ආන්ඩුවේ එවැනි අනුමැතියක් ලබා දුන්න කණ්ඩායම් කවුද කියලා සෙවීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා.
මාධ්‍ය – මේ වෙද්දි ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජිවත්වෙන්න වාතාවරණයක් නිර්මාණය වෙලා නැහැ නේද?
සෙහාන් සේමසිංහ – රටේ ජාතික ආරක්ෂවා සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවයක් දීපු නිසා පසුගිය ආන්ඩුව සමයේ මෙවැනි සිද්ධියක් වුනේ නැහැ. සංහිදියාව පිළිබද කාර්යාලය තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව පැත්තකට දාලා සංහිිදියාව කියන දේ තුල කටයුතු කරලා මේ අවාසනාවන්ත සිද්ධියට රට ගොදුරු කලේ. මේ සංහිදායව පිළීබද කාර්යාලයට ලැබුණු මුදල් හා ඒ මුදල්වලට වුනු දේ දැන ගැනීමට අවශ්‍යයි. ඩොලර් මිලියන 480ක් මේ ප‍්‍රහාරය නිසා රටට ලැබෙන බව මංගල සමරවිර මුදල් ඇමැතිවරයා සතුටෙන් කිව්වා. මේ මුදලට රට පාවාදුන්නද? අගමැතිතුමන් මෙම්රටේ කි‍්‍රස්තියානු භක්තිකයාට හිංදු ජාතිකයාට බෞද්ධයාට ආගමික ස්ථානවලට යන්න හැකියාවක් නැහැ. පළමුව රටේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ ව්‍යසනය වෙලා ෂතියක් ගිහිල්ලත් පරික්ෂණ කරන්න ප‍්‍රමාණවත් නිලධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට ති‍්‍රවිද හමුදා හා පොලිසිය කරන සියලූ කටයුතු වෙනුවෙන් අපි පෙනී සිටින බව කියනවා. මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ය කලේ රණවිරුවන් බාල්දු කිරීමයි. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. අගමැතිතුමාට නැවතත් කියන්නේ රටේ අගාමික නිදහස ස්ථාපිත කරන ලෙසයි.
මාධ්‍ය – ජනාතවගේ ආරක්ෂාව නැති වුනත් පාර්ලිමේන්තුව ආරක්ෂා කරලාතියෙනවා.
සෙහාන් සේමසිංහ – අද දේශපාලනඥයින් ගැන තියෙන්නේ කළකිරිමක්. සිමිත දේශපාලනඥයින් පිරිසක් බලය රැුක ගන්න නොකළ යුතු දේක රලා තියෙනවා. ව්‍යසනය වෙලා සතියක් යන තැක අගරදගුරුතුමන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නයි කියලා. රජය අන්තවාදින් ජයස්පෙර්රාව සමග කටයුතුකළා මිස ජාතික ආරක්ෂාව ගැන හිතුවේ නැහැ
මාධ්‍ය – පාසල් ඇරඹෙන්න නියමිතයි නේද
සෙහාන් සේමසිංහ – දෙමව්පියන්ඉන්නේ අවිනිශ්චිත තත්ත්වයක. පාසලට යන දරුවා නිරුපදි‍්‍රතිව නිවසට එයි කියන විශ්වාසය දෙමව්පියන්ට නැහැ. 6 වැනිදා පාසල් ඇරඹෙන්න පෙර දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. 6 වැනිදා පාසල් අරින්න සුදුසු තත්ත්වයක් රටේ තියනවා කියලා දෙමව්පියන් තුළ විශ්වාසයක් නැහැ. රජය වගකිම ති‍්‍රවිද හමුදාවට භාරදීලා පැත්තකට වුනොත් හරි. සිවිල් ආරක්ෂක කමිටු කිට්ටුවෙන් රාජ්‍ය අංශ එක්ක කටයුතු කළා. මේ ආන්ඩුව බලයට ඇවිත් සිවිල් ආරක්ෂක කමිටු අකී‍්‍රය කළා. ස්වේජාවෙන් රටට ලබා දුන්න ආරක්ෂාව නොසලකා හැරියා. මෙ ්සිද්ධියෙන් අපි කිසිද් දේශපාලන වාසි ගන්න උත්සාහ නොකළාටඅ ාණ්ඩුවත් ආන්ඩජුවට උදව් කරන පාර්ශවයත් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන බව පේනවා.
මාධ්‍ය – නිතිය සාමය අමාත්‍යංශය සරත් පොන්සේකා මහතාට දෙන්න කියලා ඉල්ලිමක් තියෙනවා.
සෙහාන් සේමසිංහ – සරත් පොන්සේකා මහතාගේ දේශපාලන මතයකුමක් වුවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමා දරන්නෙ අපේ දේශපාලන මතයමයි. රජය දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අසථ්‍ය ප‍්‍රචාරයක්අරන් ගියා. ත‍්‍රස්තවාදය පරාජය කරන්න දේශපාලන නායකත්වය ලැබුනේ කොහොමද කියන දේ සරත් පොන්සේකා මහතා ප‍්‍රකාශ කරනවා.මේක රජයේ අභ්‍යන්තර ප5ශ්නයක්.ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අපේ සහාය උපරිමෙයන් ලබා දෙනාවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress