මේ ආන්ඩුවේ තියනෙ නොහැකියාව වගේම ආරක්ෂාව ගැන ජනතාව සෑහිමකට පත්වෙන්නේ නැහැ
Posted on May 7th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්  

■             පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 
■             පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා 
■             පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 

පූර්ණ ආරක්ෂාවක් ඇතිව පාසල් යනන පුලුවන් නිසා පාසල් පසුගිය 6 වැනිදා පාසල් ආරම්භ කරන බව කියපු අධ්‍යාපන අමාත්‍යංශය ඊට පස්සේ  6 වසර සිට 12 වසර දක්වා පාසල් ආරම්භ කරන බව. ඒ අතරේ අධ්‍යාපන ඇමැති කියනවා සුරක්ෂා රක්ෂණය තියෙනවා පාසල් යන්නලු. මේ පණිවිඩයෙන් පස්සේ මුලු ලංකාවෙම පාසල් පැමිණීමේ ප්‍රතිශතය 4%ක් විතර වුනා. මෙයින් පෙන්නේ ආරක්ෂාව පිළීබද සහතිකයක් මේ රටේ ජනතාවට නැති බවයි. රුපියල් ලක්ෂයක සුරක්ෂණය දෙන නිසා දෙමව්පියන්ට දරුවෝ පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පරික්ෂණවලට දරුවෝ යවන්නේ නැති බව ඇමැතිතුමා දැනගන්න ඕනේ. මේ ආන්ඩුවේ තියනෙ නොහැකියාව වගේම ආරක්ෂාව ගැන ජනතාව සෑහිමකට පත්වෙන්නේ නැහැ. පාසල් ආරම්භ කරන්න ඕනේ ආරක්ෂාව තහවුරු කරලයි. පාසල අවට ඉන්න දරුවෝවත් පාසලට එවන්නේ නැතිව වාහනවලින් දරුවෝ එවයිද? ආරක්ෂාව සහතික කරලා ජන ජිවිතය නැවත නගා සිටුවන්න අවශ්‍යයි. 

විපක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ලබාදුන්නා. විපක්ෂ නායකතුමාත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන්වලා ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදුන්නා. විපක්ෂයක් විදියට අපි අපේ සහයෝගය දෙමින් සිටිනවා. 

දැනට අත් අඩංගුවේ සිටින ඊබ්‍රහිම් මොහොමඞ් ලංකාවේ හොදම අපනයනකරු බව රිෂාඩි බදියුදීන්ගේ පුවත්පත් සාකච්ඡාවක සදහන් වුනා. ඒ කියන්නේ ත්‍රස්ත ප්‍රහාරයේ සහෝදරවරු දෙන්නාගේ පියා. ඔවුන්ගේ පියා හොදම අපනයනකරු. ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ වෙළෙද බලපත්‍රය දීලා තියෙන්නේ ඔහුට. ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශකරපු මනුෂ්‍යාට අපි කියන්නේ හොදම අපනයනකරු කියලයි. ව්‍යාපාරිකයෙක් විදියටයි හදුනන්නේ. ඔහුගේ කොම්පැණිය හදුනන්නේ නැහැ කියලා ඔහු සදහන් කරලා තියෙනවා. මේ විදියට නාදුනන කෙනෙක්ට ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ බලපත්‍රය දුන්න නිසා තමයි මේ අපරාදය වුනේ. 

පහුගිය දින කිහිපයේ ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ කතාවලින් පේන්නේ රාජපක්ෂ භීතිකාව නැවත ඇතිවෙලා කියලයි. එක පැත්තකින් 2015ට කළින් මේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තිබුණලු. හිටපු ඇමැතිවරයෙක් කියනවා බැසිල් රාජපක්ෂ මහතා රිෂාඩි බදියුදීන් ගොඩනැගුවා කියලා. මේක ඉතාම කණගාටුදායකයි. 2017, 2018 දීත් තුර්කි තානාපතිවරයා දෙසැරයක් ආරක්ෂක අමාත්‍යංශයට ලිපි යවලා කියනවා තුර්කියේ ත්‍රස්තවාදී සංවිධායනයක සාමාජිකයින් පනස්දෙනෙක්ගේ පැමිණීම සම්බන්ධයෙන්. මොවුන් අත් අඩංගුවට අරන් භාරදෙන්න කියලත් ඉල්ලා තිබෙනවා. එතුමාගේ ලිපියට පිළීතුරු නැති නිසා ආරක්ෂක අමාත්‍යංශයට ගිහින් එවකට ආරක්ෂක ලේකම් හමුවෙලා මම එවලු ලිපියට පිළිතුරු නැත්තේ ඇයි කියලා විමසීමක් කරපුවාම එය ආරක්ෂක මණ්ඩලයට යවලා පියවර ගන්න බවයි කියලා තියෙන්නේ. නැවත වරක් විමසීමක් කළාම ආරක්ෂක මණ්ඩලයට දැම්මත් මුස්ලිම් දේශපාලනඥයින් දෙදෙනෙක්ගේ බලපෑම් නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බැරිවුන බව සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තුර්කා තානාපතිවරයා සදහන් කරනවා. මොවුන් ඉස්ලාම් රැඩිකල්වාදය පතුරන පිරිස්. පාස්පෝට් අංක පවා දුන්නත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ වෙන්නේත් නැහැ. කිසිවෙක් අත් අංඩගුවට ගත්තේ නැහැ කියලා තුර්කි තානාපති සදහන් කරනවා. අපේ ආන්ඩුවක් තිබුණා නම් මේ වෙද්දි මොවුන් අත්අඩංගුවට පත්වෙලා. ඇමැතිවරුන් බුද්ධි අංශය නැති කලේ නැහැ කියලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වාට,  බුද්ධි අංශයේ ශම්මි කරුණාරත්නලා හිරේ දැම්මාට පස්සේ, මාරුකළාට පස්සේ, ගිරිතලේ සම්පූර්ණයෙන්ම වහලා දැම්මාට පස්සේ බුද්ධි අංශයේ හයයි හිරේ ඉන්නේ, අනෙක් අයට අපි හානි කරලා නැහැ කිව්වාට වැඩක් නැහැ. ඒ මාරුකරපු අය දැන් කැදවන්න. වසන්ත සේනානයක මහතා හෙළිකරපු මේ කාරණයත් එක්ක පැහැදිලි වෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආන්ඩුවට කිසිම වැඩපිීළිවෙලක් නැති බවයි. රටවල් 180ක අන්තවාදී විදියට ඉස්ලාම් ධර්මය පතුරුවන මේ සංවිධානය රටවල් 22ක තහනම් කරලා තිබියදීත් ආන්ඩුව කිසිදු ප්‍රකාශයක් කලේ නැහැ. තුර්කි තානාපති දේශපාලනඥයින් දෙදෙනෙක් ගැන සදහන් කළත් මේ වන තෙක් ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. හැබැයි පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක් ප්‍රශ්න කරනවා. ප්‍රධාන සැකකරුවන් විදියට මිනිස්සු සැකකරන මේ දෙපලගෙන් තවම කිසිදු ප්‍රශ්න කිරිමක් නැහැ.

සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුනා. ඔවුන් කියන්නේ තවමත් හෝටල්වලට සංචාරකයෝ එන්නේ නැතිබවයි. මේ වන තෙක් විදේශ ඇමැතිවරයා, සංචාරක ඇමැතිවරයා වචනයක්වත් කතා කරලා නැහැ. ව්‍යාපාරිකයින් කියන්නේ සංචාරක ව්‍යාපාරය නැංවිමට ආන්ඩුවේ කිසිම දායකත්වයක් නැහැ කියලා. ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් නායකත්වය ගන්නා ලෙසත්. 

අපේ කාලයේ තිස් අවුරුදු යුද්ධයක් නිමවීමෙන් පස්සේ ලංකාවේ අයිෆා එක තිබ්බා. අපි ඒකෙන් පෙන්නුවේ අල්පෙනෙත්තක්වත් බිම වැටෙන්නැති රටක් බව. සංචාරක ව්‍යාපාරයට අනාරක්ෂිත කළාපයක් නොවන බව අපි ලොවට ඔප්පු කළා. අගමැතිතුමා බටහිර එක්ක හොදනම් කරුණාකරලා මේ වෙලාවේ බටහිරෙන් ප්‍රකාශයක් ගන්න. අද බටහිර රටවල් කියන්නේ ලංකාවට යන්න එපා කියලයි. ආන්ඩුව බටහිරට ඕනේ විදියට රට කරනවා නම් රටට තියෙන ආදායම් රැක ගන්න පියවර ගන්න ඕනේ. මේ මාස හයෙත් කරදර නොදී මැතිවරණයකට යන්න.නැත්නම් ආන්ඩුව කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න. මේ වෙද්දි ව්‍යාපාරකයින්ගේ ලීසිං කරපු වාහන ගෙනියන්න පටන් අරන්. රටේ තියෙන තත්ත්වය දෙස බලා ආරක්ෂාව තහවුරු කරන්න. නැත්නම් රටට ඉදිරියට යන්න බැහැ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා 

විපක්ෂයත් දුර්වලයි කියලා පහුගිය කාලයේ කිව්වා. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේන් ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ බලය ලබා දීලා තියෙන්නේ විධායකයටයි. ව්‍යවස්ථාදායකයේ ආන්ඩු පක්ෂය හා විපක්ෂය සිටිනවා. විපක්ෂයේ අපි කරන්නේ විපක්ෂයේ කාර්යභාරයයි. වගකීම් සහිත විපක්ෂයක්විදියට අපි කටයුතු කළා. වෙන විපක්ෂයක් තිබුණා නම් මේ වෙලාවේ බොරදියේ මාලුබාන්න කටයුතු කරනවා. අපි අදත් විපක්ෂයේ කාර්යභාරය ඉටුකළා. 2015දි අපි භාරදුන්නේ දකුණු ආසියාවේ සුරක්ෂිතම රටයි. ඒ වෙලාවේ යම් යම් ආරක්ෂක විධිවිදාන ක්‍රියාත්මක වුනා. මර්මස්ථාන ආරක්ෂා කළා. එවකට ජෝන් අමරතුංග ඇමැතිවරයා ජනාධිපති මාවතේ තිබුණු මාර්ග බාධකය විවෘත කලේ ඒකට පයින් ගහලයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුමක් තිබුණා නම් ආණ්ඩුවක් මාරුවුනා කියලා ඒ විදියට රටේ ආරක්ෂාව හැල්ලු කරන්නේ නැහැ. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න කරන්න ඇරලා රාජපක්ෂවරුන්ට නඩුදාන එක ගැන විතරයි බැලුවේ. අදත් ඒක පටන් අරන් තියෙන්නේ.මොන දේ වුනත් වගකියන්න ඕනේ රාජපක්ෂවරයෙක් තමයි.  නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව රටේ තිබුණූ දරුණූම ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා. ඒ නිසා අලුත් ආන්ඩුවක් බලයට එන්න මාර්ගය හැදුනා. ජනතාවට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඒ සියලු දේ අමතක කරලා මුව හමට තඩිබෑමේ කාර්යය කිරීම නිසා රටම අනාරක්ෂීත කරලා. විපක්ෂයට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැහැ. ව්‍යවස්ථාවෙන් රටේ ආරක්ෂාව දීලා තියෙන්නේ විධායකයටයි. රට අනාරක්ෂීතවිම වැලැක්වීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. රටේ බුද්ධී අංශවලට කරපු අපරාධය ගැන පාර්ලිමේන්තුවේදී නිරන්තරයෙන් කතා කළා. අදටත් රිමාන්ඞ් කරපු අයට මහාධිකරණයේ නඩු පවරන්න චෝදනාවක් ගොනු කරගන්න බැරිවුනා. සිද්ධ වුනු එකම දේ අපිට තොරතුරු ලැබෙන මාර්ග අවහිරවීමයි. 

ඉන්දීය බුද්ධි අංශයට  මේ පණිවිඩය ගියා. පහරදෙන ස්ථාන, පහර දෙන දිනය, සියල්ලම ඉන්දියාවට ලැබුණා. ඉන්දියාවේ බුද්ධි අංශවලට රජය බලපෑම් කරන්නේ නැහැ. ඉන්දියාව දුන්න තොරතුරු ගණනය කරගන්නවත් අරක්ෂක අංශවලට නොහැකි වුනා. පොලිසියේ එකම එක ඩි. අයි. ජී කෙනෙක් තමන්ට ලැබුණූ තොරතුර අදාල අංශයවලට දැනුම්දුන්නා. ඒ නිසයි ප්‍රභූ ආරක්ෂක අංශයට තොරතුර ලැබුනේ. එතුා ප්‍රභූන් ආරක්ෂා කළා නෙවෙයි. එතුමා යටතේ ප්‍රභූ ආරක්ෂාව තිබුණ නිසා එතුමා කලේ එතුමාගේ රාජකාරියයි. මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට රට පත්කරපු රජයක් අපිට ඇගිල්ල දිගු කරන්නේ ඇයි. අපි රටේ සංවර්ධන වේගය වැඩිකළා. වාහන ආවා. මිනිස්සු සතුටින් හිටියා. මේවා බොරුවැඩ. ණය ගන්නවා කියලා බලයට ඇවිත් ඒ අය ගත්ත ණයවලින් කරපු දේකුත් නැහැ. 

දැන් මේ ආණ්ඩුව මියගිය ආන්ඩුවක්. වෙනදා ආණ්ඩුවෙන් පණිවිඩයක් දෙනකොට මහජනතාව ඇහුම්කන් දෙනවා. දැන් පාසලකට ළමයි එවන්නේවත්නැහැ. ඇයි ඒ? මේ රජය ගැන විශ්වාසයක් නැති එක. මහජනයා විශ්වාස කරන්නේ නැහැ කියන්නේ මේ ආන්ඩුව මියගිහින්. අවසන් හුස්ම හෙලමින් සිටින්නේ. අනලස්ව වැඩකරපු රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය බිංදුවට වැටිලා. එෆ්. සී. අයි ගෙන්වලා දක්ෂ නිලධාරීන් බංකුවල තියලා වාඩිකරලා ප්‍රශ්න කරනවා. පොලිසියටත් වුනා. වැඩක් කරලා ප්‍රශ්න දා ගන්නවාට වැඩිය වැඩ නොකර ඉන්න එක හොදයි. අද මුලු රටම එක තැන හිටලා. විශාග ආර්ථික ප්‍රපාතයකට රට වැටිලා තියෙන්නේ. අදටත් වැඩපිළිවෙලක් නැහැ. මේ ප්‍රශ්නය විදෙස් මාධ්‍ය අගමැතිගෙන් විමසුවාම කිව්වේ සංචාරකයෝ තමයි මේ රටට එනවාද කියලා තීන්දු කරන්න ඕනේ කිව්වා. වචනයක්වත් කිව්වේ නැහැ අපි සංචාරකයින් ආරක්ෂා කරනවා කියලා. සිද්ධියෙන් පස්සේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොච්චිකඬේ පල්ලිය ලගදී විදෙස් මාධ්‍යයට කියනවා හෝටල්වලට අපි ආරක්ෂාව දෙන්නේ නැහැ කියලා. එවැනි බාල ප්‍රකාශ කරන අත්දැකීම් අඩු අයටයි වගකීම් භාරදීලා තියෙන්නේ. අද රජයන් දෙකක් ක්‍රියාත්මකයි. එක කොටසක් මේ පැත්ත බලද්දි අනිත් කොටස බලන්නේ අනිත් පැත්ත. තමන්ගේම ජනාධීපතිට කැලෑපත්තර ගහනවා. මෙහෙම රටක් තිබුණාද? මේ තරම් දුර්වල වගකීම් රහිත ආන්ඩුවක් වුනත් අපි විපක්ෂයේ කාර්යභාරය ඉටුකරලා මේ තත්ත්වයෙන් ජනතාව ගලවා ගන්න අපිට කළ හැකි කාර්යභාරය ඉටුකරනවා. 

විශාල අනාරක්ෂිත තත්ත්වයක් තිබියදී අපි උත්සාහ කරන්න ඕනේ එකිනෙකා අතර මිත්‍රත්වය වැඩිකර ගත යුතුයි. අයි. එස්.ත්‍රස්තවාදයක් මේ රටේ ක්‍රියාත්මකයි. ඒ ත්‍රස්තවාදය කොපමණද කියනවා නම් මැරෙන්නේ අඹුදරුවෝ. කුසේ ඉන්න දරුවෝ ඔක්කොම එක්ක. භාර්යාව,පියා, මව, සොයුරු සොයුරියන් සේරම මැරෙනවා. ඒ තරමට මේ ත්‍රස්තවාදය භයානකයි. රජය නොදැන මේ රටට විදේශ විනිමය ගේන්න පුලුවන්ද? මහ බැංකුව නොදැන කිසිවෙකුට ඩොලර් 10000ට වැඩිය මේ රටට ගේන්න බැහැ. වෙන රටකට ගෙනියන්න බැහැ. මහ බැංකුවට විශාල ගණුදෙනු සම්බන්ධයෙන් දන්වන්න වෙනවා. මොවුන් රට අභ්‍යන්තරයෙන් සල්ලි හොයාගත්තාද?, පිටින් සල්ලි එව්වද කියලා කියන්න ඕනේ. මේ දේවල් තවදරටත් සගවන් ඉදලා හරි යන්නේ නැහැ. මුස්ලිම් ජනතාවත් මේ සිද්ධියේදී ඔත්තු දිලා තියෙනවා. ආන්ඩුව මේ විදියෙන් අපිට ඔත්තු ලැබෙන ක්‍රමවේදයක් සකසා ගැනිම් අවශ්‍යයි. 

ආනයන අපනයන පාලකගේ සහතිකය නැතිව ගම්මිරිස් අපනයනය කරන්න බැහැ.  ලංකාවේ එකම අමාත්‍යංශයේ කිසිම ඇමැතිවරයෙක් ඉදලා නැහැ. රිෂාඞ් බදියුදීන් තමයි ඒ විදියේ ඉන්නේ. ලොකු දැනුමක් තිබිලාද ඉන්නේ.ආයතන 46ක් එක පුද්ගලයෙක් අතට දීලා තියෙනවා.ඔහුගෙන් ප්‍රශ්න නොකළට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරනවා වැරදි ප්‍රකාශයක්කිරිම ගැන. 

මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලයිස්තුවෙත් ඉන්නවා. මාධ්‍යයක මේ පුද්ගලයා ඉතාම හොද පුද්ගලයෙක් කියලා පළවෙනවාත් මම දැක්කා. වෙනකෙනෙක් කළා නම් එහෙම කියන්නේ නැහැ. බුද්ධි අංශ අනතුරු ඇගවීම් නොසලකා හිටියේ ඇයි කියලා අපි ආන්ඩුවෙන් අහන්නේ අදවෙද්දි සමස්ත ජනතාවම අනාරක්ෂිත වෙලා නිසයි. මේ ආන්ඩුව දෙපත් නයෙක් වගෙයි. ඔලු දෙක දෙපැත්තට අදිනවා. එක පාරක යන්න බැහැ. 

අද ජනතාව අහන්නේ කාදිනල්තුමා කියන දේ විතරයි. ආන්ඩුව කියන දේ අහන්නේ නැහැ. වෙන රටක මේ විදියේ තත්ත්වයක් ඇති වුනානම් ආන්ඩුව අස්වෙලා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා 

අධයාපන ඇමැතියවරයාගේ දැනුම්දිම මත පාසල් ඇරඹුණා. ඇමැතිවරයාගේ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය සිසුන්ගේ පැමිණීමෙන් පේනවා. අධ්‍යාපන ඇමැති කෙනෙක් වුනාම ප්‍රායෝගික දැනුමක්වත් තියෙන්න ඕනේ. සිසුන් රක්ෂණය කරලා නිසා බය නැතිව පාසල් යවන්නලු. ඒ කතාවෙන් පැහැදිලි වෙන්නේ දරුවෝ බිල්ලට දිලා රක්ෂණය විදියට දෙන රුපියල් ලක්ෂ දෙකක විතර මුදල ගන්න කියන එකයි.මේ කතාවෙන් පස්සේ දෙමව්පියෝ තවත් බය වුනා. රක්ෂණය ගැන මතක් වුනේ බැරෑරුම් තත්ත්වයක් තියෙන නිසා කියලා තේරුම් ගත්ත දෙමව්පියෝ දරුවෝ පාසලට එව්වේ නැහැ. ආන්ඩුවේ ප්‍රකාශවලට කිසිම පිළීගැනීමක් නැහැ. මේ තත්ත්වය ගැන ඇමැතිවරයා සදහන් කලේ ළමයි නැති වුනාට ගුරුවරුන්ගේ පැමැණීම හොදයිලු. ගුරුවරු එන්නේ උගන්වන්නනේ. ළමයි තමයි ඉගෙන ගන්න එන්නේ. දැන් ගුරුවරුන්ටත් ඉගෙන ගන්න වෙලා. මේ විදියට බොලද විදියට ඇමැතිවරු තවදුරටත් කටයුතු කරන්න එපා.ජනතාවට බය වෙන්නේ නැතිව  රුකියාවට යන්න. දරුවෝ පාසල් යවන්න කිව්වාට අපි දැක්කා මාධ්‍යයේ පලවෙනවා මේ දවස්වල ඇමැතිවරු බය වෙලා අමාත්‍යංශවලට එන්නේ නැති බව. අවුරුදු තිහක ත්‍රස්තවාදයක් තියෙන කාලෙය් මහජන නියෝජිතයෝ විදියට අමාත්‍යංශවලට ගියා, උතුරු නැගෙනහිරට ගියා. බෝම්බ, පැති බෝම්බ තුවක්කු , බිම් බෝම්බ හැමදේම තිබුණා. මැතිවරණ ටිකත් හරියට පැවැත්වුවා. මේ ආන්ඩුවේ අකාර්යක්ෂමතාවය තමයි සියලු දෙයින් පේන්නේ.

කොළඹ සිට අනුරාධපුරයට යද්දි රටේ තත්ත්වය දැක්කාම කණගාටු හිතෙනවා. යුද්දේ කාලයේ ගුවන්තොටුපලට ගැහුවා. ගුවන් යානා පිච්චුවා. ඒ වුනත් සතියක් දෙකක් යද්දි සංචාරකයෝ ගුවන්මගින් ආවා. ඒ කියන්නේ රජය ගැන විශ්වාසයක් තිබුණා. විෂය භාර ඇමැතිවරයා භය වෙලා හිටියේ නැහැ. මේ අය වාහනයක් ඇතුළට ගන්න දෙන්නේ නැහැ. කිලෝමීටරයක් විතර පයින් යන්න සකස්වලා තිබුණා. මේවා දැක්කාම සංචාරකයෝ එන්නේ නැහැ. මේ වගේ එකමුතුවක් නැති කැබිනට් මණ්ඩලයක් නැහැ. හෝටල් ව්‍යාපාරකියන් කිව්වේ රටේ නායකත්වය හා ආන්ඩුවේ දුර්වලතාවය නිසා කිසිම සංවර්ධනයක් වෙන්නේ නැති නිසා රටේ වෙනසක් ඇති කරන්න කියලත් ඒ සදහා නායකත්වය ගන්න කියලත් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලුවා. සෘජු නායකයෙක් නැති වුනොත් රට තවත් කඩා වැටෙනවා. පළාත් සභා විසුරුවලා සෑහෙන්න කාලයක් වෙනවා. ඌව විතරයි විසුරවන්න තියෙන්නේ. මේ අය ජනතාවට බයේ මැතිවරණය නොතියා ඉන්න උත්සාහ කරමින් සිටියේ. දැන් හදිසි නිතියට මුවාවෙලා මැතිවරණ ගැන කතා නොකර ඉන්නවා. ජනාධීපතිවරණයත් නොතියා ඉන්නයි අත්සාහ ගන්නේ. යුද්ධය අවස්ථාවේදීත්, ජවිපේ භීෂණ කාලයේදීත් ජනාධීපතිවරණය කල් නොදමා පැවැත්වුවා. ඒ විදියටම ජනාධපතිවරණය නිසි වෙලාවට තියන්න ඕනේ. තවත් ජනතාව පීඩාවට නොකර මහ මැතිවරණයක් මගින් ජනතාවට කැමැති පාලනයක් පත්කර ගන්න අවස්ථාව දෙන්න. ආන්ඩුව වැරදි කරලා වැරදි කරලා ජනතාව වෙනුවෙන් කරන්න තියෙන එකම යුතුකම මේකයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress