ත්‍රිපිටකය විකෘති කරන ඊනියා සංදේශනා
Posted on May 8th, 2019

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාවතගම පේමානන්ද හිමි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ පීඨාධිපති (භාෂා අධ්‍යයන පීඨය) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

බුදුදහම තම තම නැණ පමණින් නන් අයුරින් දෙසන, ලියන පිරිස්‌ මේ රටේ බිහි වූයේ අද ඊයේ නො වේ. පිරිසිදු ථෙරවාද බුදුදහම අපිරිසිදු කරමින් ලියූ සහ දෙසූ එම පිරිස්‌ එය තම බඩ වඩා ගැනීමේ මාර්ගය ලෙස තෝරා ගත්හ. ශ්‍රී ලංකාවේ මේ වන විට යළි එම තත්ත්වය විවිධ ස්‌වරූපයෙන් ක්‍රියාත්මක වන බව විවිධ පොත පත කියවීමෙන් හා සමාජ ජාලා වෙබ් අඩවි නැරඹීමෙන් වටහා ගත හැකි ය. මේ තත්ත්වය ඉතා හොඳින් වටහා ගත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිපිටකය ජාතික උරුමයක්‌ බවට පත් කිරීමෙන් එය කිසිවෙකුට අර්ථලාභීව හෝ පර්ෂද මධ්‍යයෙහි විජෘම්භමාන වීමේ මානයෙන් සංස්‌කරණය කිරීම හෝ මුද්‍රණය කිරීම තහනම් කළත් ත්‍රිපිටකයේ ඇතුළත් ධර්ම කරුණු හිතුවක්‌කාරී ලෙස විග්‍රහ කිරීම, දේශනා කිරීම හා සාවද්‍ය ධර්ම විරෝධී අධර්මවාදී කරුණු ඇතුළත් ග්‍රන්ථ රචනා කොට රට පුරා බෙදා හැරීම පිණිස නීතියෙන් බාධාවක්‌ නැති බව වර්තමානයේ සිදු කෙරෙන අර්ථ විකෘති කළ ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණයෙන් හා බුදුන් වදාළ ධර්මය විකෘති කොට දේශනා කෙරෙන අවස්‌ථාවලින් පැහැදිලි වෙයි. එහෙයින් ත්‍රිපිටකය ජාතික උරුමයක්‌ බවට නීතිගත කිරීමෙන් පමණක්‌ පිරිසිදු ථෙරවාදී බුදුදහම සුරක්‍ෂා කළ නොහැකි බව පැහැදිලි ය. පෙර රජදවස නම් එවන් අධර්මවාදී ත්‍රිපිටක විරෝධී ග්‍රන්ථ රචනා කළ අයත් ඒවා නිවැරදි යෑයි දේශනා කළ අයත් සොයා ගතෙහි ලකුණු තබා රටින් පිටුවහල් කර ඇත. වර්තමානයෙහි එලෙසින් කළ නොහැකි බව අපි දනිමු. එසේ වුවත් පිරිසිදු ථෙරවාද බුදුදහම ආරක්‍ෂා කර ගැනීමට අවංක හැ`ගීමක්‌ තිබේ නම් කළ යුතු වන්නේ වෙළෙඳපොළෙහි විකිණීමට තබා ඇති හා ගමක්‌ ගමක්‌ ගානේ බෙදා හැර ඇති සාවද්‍ය ඊනියා ත්‍රිපිටක ග්‍රන්ථත් ඒ ඇසුරින් රචනා කොට ඇති ඊනියා ධර්ම ග්‍රන්ථත් එක්‌ රැස්‌ කොට ගිනි තබා විනාශ කිරීම යි. පිරිසිදු ථෙරවාදී ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් දේශනා පැවැත්වීම් හා ග්‍රන්ථ රචනා කිරීම් පිළිබඳ උත්සන්න අවස්‌ථාවක්‌ ලෙස ත්‍රිපිටකය පිළිබඳ කිසිදු කියවීමක්‌ හෝ හැදෑරීමක්‌ නැති ඒ පිළිබඳ උගත් තෙර නමකගෙන් ඉගෙන ගත් බවට ඡායාමාත්‍ර සාCෂ්‍යයක්‌ වත් නැති මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ නමින් පළ කර ඇති ලොකු කුඩා ග්‍රන්ථ හඳුන්වා දිය හැකි ය.

එවැනි කෘති සමූහයක්‌ අතුරින් උන් වහන්සේගේ නමින් පළ වී ඇති “නිවන් දැකීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය” නම් කෘතිය ධර්ම දානය පිණිස නොමිලයේ බෙදාහරින ලද්දක්‌ බව පැහැදිලි ය. එය පිටු 536 කින් යුක්‌ත විශාල ග්‍රන්ථයකි. එය අවසන් කර ඇත්තේ මෙසේ යි. 

එහි ඇතුළත් “මෙතෙක්‌ වැසී යටපත්ව අභාවයට ගොස්‌ තිබූ පරියාප්ති ශාසනය යළි මතුකර දේශනා කළ බව සිහනද පතුරා ලෝකයාට ප්‍රකාශ කර සිටිමි.” යන වැකිය දුටු අපි මේ කෘතියේ පිටුවක්‌ පාසා කියවීමු. ඒ හැම පිටුවකින් ම මීවනපලානේ හිමියන් කර ඇත්තේ මෙතෙක්‌ පැහැදිලි ව පිරිසිදුව පැවති හා පවතින පිරිසිදු බුද්ධදේශනා ඇතුළත් ත්‍රිපිටකය ක්‌ලිෂ්ට කිරීමයි. ත්‍රිපිටකය ලියවී ඇති පාලි බස පිළිබඳව හෝ ත්‍රිපිටකය තෝරා ගැනීමට මහෝපකාරී වන අටුවා ටීකා සාහිත්‍යය ගැන හෝ කිසිවක්‌ නොදැන හිතුවක්‌කාරී ලෙස විස්‌තර කිරීම යි. විග්‍රහ කිරිම යි. භාෂාවක අක්‍ෂර, පද, වාක්‍ය හා සම්බන්ධ ව්‍යාකරණය පිළිබඳ නොදැන එම බසින් රචිත කිසිවක්‌ විග්‍රහ කළ හැකි ද? අරුත් සැපයිය හැකි ද? නොහැක්‌කේ ම ය. මීවනපලානේ හිමියන් ඒ පිළිබඳ කිසිවක්‌ නොදැන පරියාප්ති ශාසනය මතු කර දක්‌වා ඇත්තේ සිහනද පතුරා බව කියා තිබේ. සැබව. ඒ හිමියන් මෙමගින් කර ඇත්තේ සිංහ හම පොරවා ගත් වෙනත් සත්වයකු සේ මෙතෙක්‌ පිරිසිදුව පැවති ථෙරවාද බුදුදහම උදුරා දැමීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කර ඇති බව යි. ඒ නිසා උන් වහන්සේගේ ඉහත දැක්‌වූ ප්‍රමාණයෙන් දැවැන්ත කෘතියේ ඇතුළත් ධර්මවිරෝධී ප්‍රකාශවලට ත්‍රිපිටක ධර්මානුසාරයෙන් පිළිතුරු ලිපි පෙළක්‌ සැපයීමට අපි අදහස්‌ කළෙමු. මේ එහි පළමු වැන්න යි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙහි අප දන්නා පරිදි කොතැනක වත් – පරම දුල්ලභෝ මනුස්‌සත්ත පටිලාභෝ” යනුවෙන් දේශනා පාඨයක්‌ නැත. ප්‍රථම, ද්විතීය තෘතීය ථෙරී සංගීති ත්‍රයෙන් ද චතුර්ථ මහායාන සංගීතියෙන් ද ශ්‍රී ලංකාවේ දී සිදු කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ ක්‍රියාවලියෙන් ද මියන්මාරයේ පැවැත්වූ ඡට්‌ඨම සංගීතියෙන් ද ව්‍යවහාර ප්‍රාප්ත අප දන්නා ත්‍රිපිටකයේ හෝ ත්‍රිපිටක අටුවා ටීකා සාහිත්‍යයේ කොතැනක වත් නැති එහෙත් මීවනපලානේ ධම්මාලංකාර නමැති හිමියන්ට පමණක්‌ ඇස ගැටී ඇති ඉහත දැක්‌වූ පාඨය මිහිපිට බට බුද්ධවේශධාරී මාරයෙකුගේ මාර ප්‍රකාශයක්‌ දැයි අපි නම් නො දනිමු.

අප දන්නා සැබෑ ත්‍රිපිටකයට අනුව නම් බුදුරජාණන් වහන්සේගේ දෛනික චර්යාවේ සුගතෝවාදය නමින් දිනකට තෙවරක්‌ තම ශ්‍රාවකයන් අමතා සිදු කළ අවවාදය දීඝ, සංයුත්ත, අංගුත්තර යන නිකායන්හි ද ඒවාට අයත් අට්‌ඨකථාවල ද දැක්‌වෙන්නේ මෙසේ ය. 

භික්‌ඛවේ අප්පමාදෙන සම්පාදේථ දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්‌මිං දුල්ලභෝ මනුස්‌සත්ත පටිලාභෝ ……….. දුල්ලභං සද්ධම්ම සවණන්ති. 

(PTS 1.46. සනි. 1.245, අනි. 1.65)

මිනිසත් බව ලැබීම දුර්ලභ වූවක්‌ බව එම බුද්ධභාෂිතයෙන් කියවේ. නමුත් මීවනපලානේ ධම්මාලංකාර හිමියන් මිනිසත් බව ලැබීම දුර්ලභ ලාභ අතුරින් උතුම්ම ලාභය යෑයි කියා ඊට අනුරූප වන පරිදි පරම දුල්ලභෝ මනුස්‌සත්ත පටිලාභෝ යනුවෙන් අබුද්ධ භාෂිතයක්‌ බුද්ධභාෂිතයක්‌ ලෙස දැක්‌වීමෙන් බෞද්ධ ජනයා නොමග යවා ඇති බව පළමුවෙන්ම කිව යුතු ය. මෙය කතු හිමියන්ගේ හිතලුවක්‌ මිස බුද්ධ දේශනාවක්‌ නො වේ. මේ උද්ධෘත පාඨය මීවනපලානේ හිමියන් දුල්ලභෝ මනුස්‌සත්ත පටිලාභෝ යනුවෙන් දැක්‌වෙන බුද්ධභාෂිතය විකෘති කොට යෙදූ තැනකි. මෙම සාවද්‍ය කරුණු ඇතුළත් කෘතිය බෞද්ධ ජනයා නොමඟ යවනසුලු ධර්ම විරෝධී අධර්මවාදී ප්‍රකාශනවලින් ගහණ ය. මෙම ලිපියෙන් විචාරයට ලක්‌ කෙරෙන්නේ එම කෘතියේ ප්‍රථම පරිච්ඡේදයේ අන්තර්ගත බුද්ධ දේශනා ලෙස දක්‌වා ඇති අබුද්ධ දේශනා ය. මේ එහි දැක්‌වෙන තවත් අධර්මවාදී ස්‌ථානයකි.

“අද අප දකින අපට පෙනෙන අනන්ත අප්‍රමාණ තිරිසන් සතුන් යෑයි අප හඳුන්වන සියලු ම සත්ව කොට්‌ඨාසවලට ලැබී ඇත්තේ ඉවක්‌ පමණි. එය ඥාණ විශේෂයකි. අපට නොපෙනෙන සියලුම දේව, බ්‍රහ්ම, අමනුස්‌ස කොට්‌ඨාසවලට ද යම්කිසි ඉවක්‌, ඥාණ සම්භාරයක්‌ ලැබී තිබුණත් මිනිසාට මෙන් මනසක්‌ ලැබී නැත. මනස යනු සකස්‌ කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි ඥාණ විශේෂයකි.” (1 පිටුව)

ඉහත දැක්‌වූ උද්ධෘත පාඨයට අනුව මීවනපලානේ හිමියන්ට ලොව සිටින සියලු සත්ත්ව කොට්‌ඨාස ඉව නමැති ඥාන විශේෂයක්‌ ඇති තිරිසනුන් ය. තථාගතයන් වහන්සේ නමක්‌ සතු චතුර් වෛශාරද්‍ය, අෂ්ටවිද්‍යා, ෂඩ් අසාධාරණ, තෙසැත්තෑ ඥාන ආදි ඥාන මණ්‌ඩලයෙහි ඉව නමැති ඥානයක්‌ ඇත්තේ දැයි අපි නොදනිමු. එසේ ම දේව, බ්‍රහ්ම, අමනුස්‌ස කොට්‌ඨාස ද ඉවක්‌ සහිත තිරිසන් ගණයට අයත් කිරීමට කතුහිමියන් සතු ඉව අපට නම් නැත. මනස යන ශබ්දය අභිධම්මාවතාර පුරාණ ටීකාවේ නිර්වචනය කර ඇත්තේ මෙසේ යි.

“තත්ථ මනසන්ති චිත්තං, මානසන්තිපි පඨන්ති”

එහි අදහස වන්නේ මනස යනු සිත විනා ඥාන විශේෂයක්‌ නො වේ. මීවනපලානේ හිමියන් තම අධර්මවාදී කෘතියේ සැම තැන යොදා ඇත්තේ ඥාණ යනුවෙනි. එය ද වැරදි ය. එය ඥාන යනුවෙන් නිවැරදි විය යුතු ය. එමගින් පැහැදිලි වන්නේ ත්‍රිපිටකය රචනා වී ඇති පාලි බස හෝ ඊට අර්ථ ව්‍යාඛ්‍යාන සපයා ඇති ග්‍රන්ථවල භාවිත සංස්‌කෘත භාෂාව පිළිබඳ ව හෝ සරල සිංහල බස පිළිබඳ ව හෝ අල්ප වූ ද ඥානයක්‌ මීවනපලානේ හිමියන්ට නැති බව යි. පාලි බස නොදැන පාලියෙන් සංග්‍රහ වී ඇති ත්‍රිපිටකයේ ඇතුළත් දහම් කරුණු මේ හිමියන් පාඨකයාට සහ ශ්‍රාවකයාට වටහා දෙන්නේ කෙසේ ද? අත්තනෝමතික ලෙස පද විග්‍රහ කරන අරුත් සපයන මේ අවියත් ලේඛකයා මනුස්‌ස ශබ්දයට අර්ථ සපයා ඇත්තේ 

‘මන උස්‌සා ගත හැකි, මනස උසස්‌ බවට පත් කර ගත හැකි ශක්‌තිය’ 

(1 පිටුව)

යනුවෙනි. එය විසංවාදී නිරුක්‌තියක්‌ ඉදිරිපත් කිරීමකි. ලෝකවාසී මනුෂ්‍යයන් උස්‌සා ගන්නේත් උස්‌සා ගෙන යන්නේත් ඔවුන්ට උස්‌සා ගත හැකි වන්නේත් බූරුවන් හරකුන් වැනි සතුන් පිට උස්‌සවා ගෙන යනු ලබන්නේත් කිසියම් බරකි. මිනිසුන් කර මතින් ද ඇතැම් විට දෑතින් ද කිසියම් බරක්‌ උස්‌සා ගෙන යනු මිස මන උස්‌සා ගෙන යාමක්‌ නම් අප කිසිවෙකු අසා නැත. මේ නම් මිනිසුන් මුළා කිරීම පිණිස නන් දෙඩවීමක්‌ මිස කිනම් දම් දෙසීමක්‌ ද? මේ හිමියන් අනන් මනන් දොඩවන බව අප සඳහන් කරන්නේ උන් වහන්සේ සමග ද්වේෂයෙන් හෝ වෛරයෙන් නො වේ. කරුණු සහිත ව ය. මෙම ලිපියෙන් විචාරයට ලක්‌වන මීවනපලානේ හිමියන්ගේ කෘතියෙහි පළමු පිටුවේ මෙසේ දක්‌වා තිබේ. “අද අප දකින, අපට පෙනෙන අනන්ත අප්‍රමාණ තිරිසන් සතුන් යෑයි අප හඳුන්වන සියලුම සත්ත්ව කොට්‌ඨාස වලට ලැබී ඇත්තේ ඉවක්‌ පමණි. එය ඥාණ විශේෂයකි” (1 පිටුව).

මේ කතුහිමියන් ම එම පිටුවේ ම දෙවන ඡේදයෙහි අවසාන වැකියෙහි “මනස යනු ඉව හෝ ඥාණය නොවන බව පැහැදිළි ය’ යනුවෙන් දක්‌වා ඇත. නමුත් පළමු ඡේදයේ දී ප්‍රකාශ කර ඇත්තේ “මනස යනු සකස්‌ කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි ඥාණ විශේෂයක්‌” ලෙස යි. මෙමගින් පැහැදිලි වන්නේ මේ කෘතියේ කතුවරයා වූ මීවනපලානේ හිමියන්ට අග මුල පැටලී ඇති බව පමණක්‌ නොව අරහතුන් වහන්සේ නමකැයි තමා විසින් ම හඳුන්වා ගන්නා වූ ඒ හිමියන්ට පිට පොට පැටලීමෙන් ඒ හිමිගේ සම්මා සතිය ද විකල්වී ගිය බවකි. එම ඡේදයේ ඥාණය යන පදය නිවැරදි වන්නේ ඥානය ලෙස බවත් පැහැදිළි යන පදය නිවැරදි වන්නේ පැහැදිලි යනුවෙන් බවත් බස පිළිබඳ මෙලෝ හසරක්‌ නොදැන ගත් ලිවීමට හා දම් දෙසීමට සූදානම් වූ මීවනපලානේ හිමියන්ට කරුණාවෙන් දන්වා සිටිමු. අධර්මස්‌කන්ධයෙහි නිමග්න වී සිටින ඒ හිමියන් ධර්මස්‌කන්ධයෙහි ගිලී සිටින බෞද්ධ ප්‍රජාව මුළාවේ දමා ඇති තවත් අධර්මවාදී ප්‍රකාශයක්‌ ඒ හිමියන්ගේ කෘතියේ මෙසේ දැක්‌වෙයි. දේවත්වයක්‌ ලබා ඉපදීම වූ කලි මිනිසත් බව කෙලෙසීමේ පල විපාකයකි. (1 පිටුව) ත්‍රිපිටක ධර්ම පර්යායට අනුව දෙවියෙකු ලෙස උපත ලැබීම මිනිසත් බව කෙලෙසීමක්‌ නොව තථාගත ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව යමින් බෞද්ධ ආචාර ධර්ම සම්පූර්ණ කිරීමෙහි අතුරු පලයක්‌ ලෙස මිනිසත් බව ඉක්‌මවා දේවත්වයට පත්වීම බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වේ. මේ ඊට එක්‌ නිදසුනකි.

“ඉමේ වා පන භොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා… 

සම්මාදිට්‌කා සම්මාදිට්‌කම්මසමාදානා, තේ කායස්‌ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පන්නාති” 

(මනි. භයභේරව, කන්දරක ආදි සූත්‍ර)

මෙම කෘතියේ පළමු පරිච්ඡේදයේ තවත් තැනක බුදුන් වහන්සේ මිනිසකු ලෙස ඉපිද මනස දියුණු කර ගැනීමෙන් ම බුද්ධ තත්ත්වයට පත් වූ බවත් එහි ම රහතුන් වහන්සේලා ද මිනිසුන් ලෙස ම ඉපදී මනස දියුණු කර ගැනීම නිසා ම බුද්ධ තත්ත්වයට පත් වන බවත් දක්‌වා තිබේ. (1 පිටුව) පාලි බස පිළිබඳ කිසිදු දැනුමක්‌ හෝ අවබෝධයක්‌ නැති බව පොතේ සෑම වැකියකින් ම ප්‍රකට කරන මෙහි කතුවරයා වූ මීවනපලානේ හිමියන් අත්තනෝමතික ලෙස පාලි පදවලට විකෘති අර්ථ සපයා පාඨකයා මුළාවේ දමා තිබේ. බුද්ධ තත්ත්වය ගැන කියා ඇත්තේ ද එවැනි අනවබෝධයෙනි. ඛුද්දක නිකායේ මහානිද්දේසට්‌ඨකථාවේ දැක්‌වෙන පරිදි බුද්ධන්ති සබ්බඤaCදු බුද්ධං යනුවෙන් දැක්‌වෙන පරිදි බුද්ධ යනු සර්වඥතාඥානය බව දක්‌වා තිබේ. එනම් සියල්ල දන්නා නුවණ යි. පහත දැක්‌වෙන්නේ බුද්ධ ශබ්දය පිළිබඳ තවත් නිර්වචන කීපයකි. 

බුද්ධෝති කේනට්‌ඨේන බුද්ධෝ? බුඡ්රීතා සච්චානීති බුද්ධෝ, බෝෙතා පජායති බුද්ධෝ, සබ්බඤaCදුතාය බුද්ධෝ, සබ්බ දස්‌සාවිතාය බුද්ධෝ, අනඤaඤනෙයHතාය බුද්ධෝ, විසවිතාය බුද්ධෝ, ‚ණාසව සංඛාතේන බුද්ධෝ, නිරුපක්‌කිලේස සංඛාතේන බුද්ධෝ, ඒකන්තවීතරාගෝති බුද්ධෝ, ඒකන්තවීතදෝසෝති බුද්ධෝ, ඒකන්තවීතමොහෝති බුද්ධෝ, ඒකන්තනික්‌කිලේසෝති බුද්ධෝ, ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ, ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බෝෙති බුද්ධෝ, අබුද්ධි විහතත්තා බුද්ධිපටිලාභත්තා බුද්ධෝ,… ” 

(ඛුනි. මහානිද්දේසපාළි)

එහි අරුත නම්, 

1. චතුරාර්ය සත්‍යයන් අවබෝධ කළේනු යි ද

2. සත්ත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවයිනු යි ද

3. සියල්ල දන්නා බැවින් ද

4. සියල්ල දක්‌නා බැවින් ද

5. අනුන් වෙතින් අසා දැන නොගත් බැවින් ද

6. විශේෂ ප්‍ර`ඥාවෙන් බබළන බැවින් ද

7. ගෙවා දැමූ කෙලෙසුන් ඇති බැවින් ද

8. උපක්‌ලේශ නොමැති බැවින් ද

9. ඒකාන්තයෙන් දුරු කළ රාග ඇත්තේනු යි ද

10. ඒකාන්තයෙන් දුරු කළ ද්වේෂ ඇත්තේනු යි ද

11. ඒකාන්තයෙන් දුරු කළ මෝහ ඇත්තේනු යි ද

12. ඒකාන්තයෙන් නිම කළ කෙලෙස්‌ ඇත්තේනු යි ද

13. ඒකායන මග ගියේනු යි ද

14. අනුත්තර සම්‍යක්‌ සම්බෝධිය අවබෝධ කළ එක ම තැනැත්තා බැවින් ද 

15. අබුද්ධිය නසා බුද්ධිය ප්‍රතිලාභ කළ බැවින් ද

බුද්ධ නම් වේ. මීට අමතර ව බුද්ධ ශබ්දය ගැන ත්‍රිපිටකයේ බොහෝ තැන්වල අර්ථ විවරණ රැසක්‌ දක්‌වා ඇති බව ද මෙහි කතු හිමිට සිහිපත් කර දීමට කැමැත්තෙමු.

මෙහි තවත් තැනක මිනිස්‌ මනස දියුණු කිරීමෙන් අරහතුන් වහන්සේලා ද බුද්ධත්වයට පත් වන බව කීමෙන් (1 පිටුව) ගම්‍ය වන්නේ මීවනපලානේ හිමියන් බුද්ධ හා අරහත්ත යන පද දෙකේ අර්ථ පටලවා ගෙන ඇති බව යි. 

මේ ලේඛකයාට රහතුන් වහන්සේගේ ධර්මානුකූල ස්‌වභාවය මැනවින් ප්‍රකට කෙරෙන බුද්ධ දේශනා ගැන කිසිදු දැනුමක්‌ හෝ අවබෝධයක්‌ නැති බව පෙනේ. ඒ සඳහා බුද්ධ භාෂිතයකින් පිළිතුරු සැපයීමට කැමති ය. 

“අථ වා අරියේන අට්‌ඨංගිකේන මග්ගේන සබ්බේ කිලේසා සබ්බේ දුච්චරිතා සබ්බේ දරථා සබ්බේ පරිළාභා සබ්බේ සන්තාපා සබ්බා කුසලාභිසංඛාරා ධුතා ච ධෝතා ච සන්ධෝතා ච නිද්ධෝතා ච අරහා ඉමේහි ධෝනෙයෙHහි ධම්මේහි උපේතෝ සමුපේතෝ….සමන්නාගතෝ”

(ඛුනි. මහානිද්දේසපාළි, PTS 1ග78) 

එහි අදහස වන්නේ අරි අටඟි මගින් සියලු කෙලෙසුන්, සියලු දුසිරිත්, සියලු කෙලෙස්‌ විඩා, සියලු කෙලෙස්‌ දාහය, සියලු කෙලෙස්‌ තැවීම්, සියලු අකුසල් සංස්‌කාරයන් සේදූ, සෝදන්නා වූ, මැනවින් සෝදන්නා වූ, වෙසෙසින් සේදුවා වූ යනාදි සියලු පිරිසිදු කළ යුතු ධර්මයන්ගෙන් යුක්‌ත වූ උතුමා ම රහතන් වහන්සේ බව යි. එම බුද්ධ දේශනා පාඨවල මන්ද මාරුතයක්‌ තරම් වත් මීවනපලානේ හිමියන්ගේ වැදී නැති බව අල්ප වූ බුද්ධියක්‌ ඇත්තෙකුට වුව ද වැටහෙනු ඇත.

එසේම ත්‍රිපිටක පාලියේ දැක්‌වෙන “රහතන් වහන්සේ පරතෝඝෝෂ වශයෙන් සිවුසස්‌ දහම් අවබෝධ කරන බැවින් සාවක බුද්ධ නම් වන්නේ ය යන අරුතින් මේ හිමියන් අරහතුන් වහන්සේලා ගැන සඳහන් කළ බවක්‌ ඉහත දැක්‌වූ තොරතුරුවලින් නම් හෙළි නො වේ. (VRI 72ල ඛුනි. උදානට්‌ඨකථා, PTS 58)

අපේ ධර්ම සම්ප්‍රදායට අනුව නියම රහතන් වහන්සේ කෙබඳු කෙනකු ද යන්න හඳුනා ගැනීමට උපකාරවත් වන ඉගැන්වීම් රාශියක්‌ දක්‌නට ලැබේ. 

සුඛං වත තස්‌ස න හෝති කිඤ්චි
සංඛාතධම්මස්‌ස බහුස්‌සුතස්‌ස,
සකිඤ්චනං පස්‌ස විහඤ්ඤමානං
ජනෝ ජනස්‌මිං පටිබද්ධරූපෝති.
(ඛුනි, උදාන පාළි, උපාසක සූත්‍රය, 154 පිටුව)

එහි අරුත මෙසේ යි. 

යමෙකුට (රාගාදි) පළිබෝධයෙක්‌ නැත් ද, මනා කොට සිද්ධ කරන ලද (මාර්ග) ධර්ම ඇති, (එහෙයින් ම ප්‍රතිවේධ බහුශ්‍රැතත්වයෙන්) බහුශ්‍රැත වූ, ඒ ක්‌ෂීණාස්‍රවයාට ඒකාන්තයෙන් සුවෙකි. එහෙයින් ම පෙළෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව. ජන තෙම (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය ස්‌වභාව ඇත්තේ ය.

තථාගතයන් වහන්සේ විසින් රහතන් වහන්සේගේ ස්‌වභාවය දක්‌වා ඇත්තේ ඉහත සඳහන් ආකාරයෙනි. රහතන් වහන්සේලාට රාගාදි කිසිදු පළිබෝධයක්‌ නොමැත. බුදුරජාණන් වහන්සේ විසින් මුල, මැද, අග යහපත් කොට පරිපූර්ණ වශයෙන් දේශනා කළ මාර්ගය මැනවින් අනුගමනය කොට ඇති උන් වහන්සේලා ධර්මය තම ඥානයෙන් ම ප්‍රත්‍යක්‍ෂ කොට ධර්මතාවන් තත්ත්වාකාරයෙන් ම දැන බහුශ්‍රැත බවට පත් ව සිටින්නෝ ය. මෙහි දී බහුශ්‍රැත වශයෙන් දක්‌වන්නේ ඒ ඒ ධර්මතාවන්ගේ හේතුඵල සබඳතාව පිළිබඳ පවත්නා නිරවුල් වැටහීම යි. 

රහතන් වහන්සේලාට ධර්මතාවන් පිළිබඳ කිසිදු අයුරකින් වරදින්නේ නොමැත. රහතන් වහන්සේලා ධර්මය පිළිබඳ කවර අවස්‌ථාවක හෝ අසත්‍යයක්‌ නො පවසන්නෝ ය. ධර්මයේ ඒ ඒ කොටස්‌ තැනින් තැන කටපාඩම් කර ගෙන ඒවා තමාට රිසි සේ කිසිදු හේතු ප්‍රත්‍ය සබඳතාවක්‌ නොදක්‌වා දේශනා කරන උදවිය බහුශ්‍රැත නොවන බව දත යුතු ය. ඔවුහු දාෂ්ටිගත ව චිත්ත විපර්යාසයන්ට පත් ව ධර්මය අධර්මය කොට ද විනය අවිනය කොට ද දක්‌වති. ධර්මයන්ගේ තථ නැතහොත් තථ්‍ය ලක්‍ෂණය නුවණින් දැක ඇති හෙයින් ද ඒවා ප්‍රත්‍යක්‍ෂ හෙයින් ද රහතන් වහන්සේලා කිසිදු අවස්‌ථාවක විපරීත තත්ත්වයට පත් ව සත්ත්වයා මුළාවට පත් කරන ව්‍යාකූල ප්‍රකාශ සිදුනොකරන බවද දත යුතු ය. සියලු කෙලෙස්‌ හා ග්‍රන්ථ නොහොත් කෙළෙස්‌ ගැට දුරු කොට ඇති ඒ උතුම් පුද්ගලයන් උදෙසා තථාගතයන් වහන්සේ භාවිත කළ වචනය වන්නේ ”‚ණාසව” යන වචනය යි. මේ වචනය ත්‍රිපිටකය තුළ රහතන් වහන්සේ හා සම්බන්ධ ප්‍රකට භාවිතයක්‌ බව දත යුතු යි. එසේ ම රහතන් වහන්සේ හා සම්බන්ධ තවත් විග්‍රහයක්‌ පහත දක්‌වා ඇත. එය අධ්‍යයනයෙන් ද සැබෑ රහතන් වහන්සේ යනු කවරෙකු ද යන්න දත හැකි ය.

 සුනෝ වත යේ අකිඤ්චනා

 වේදගුනෝ හි ජනා අකිඤ්චනා,

 සකිඤ්චනං පස්‌ස විහඤ්ඤමානං

 ජනෝ ජනස්‌මිං පටිබද්ධචිත්තෝ ති.

 (ඛුනි. උදාන පාළි, ගබ්භිනී සූත්‍රය, 156 පිටුව)

 එහි අරුත මෙසේ යි.

 ”යම් කෙනෙක්‌ (රාගාදි) පළිබෝධ නැත්තාහු ද (ඔහු) ඒකාන්තයෙන් සුත වෙත්. (ආර්ය මාර්ග සංඛ්‍යාත) වේදයෙන් (නිවනට) පැමිණි ඒ ක්‍ෂීණාස්‍රවයෝ තුමූ ඒකාන්තයෙන් (රාගාදි) පළිබෝධ නැත්තෝ ය. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය සිත් ඇත්තේ ය. (එහෙයින්) දුකට පැමිණෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව.”

 යම් කෙනකු තුළ ක්‌ලේශයන්ට උපකාරී වන රාගාදි පළිබෝධයන් නොමැත්තේ නම් හෙතෙම ඒකාන්තයෙන් සුවපත් බවට පැමිණේ. ආර්ය මාර්ගය අනුගමනයෙන් නිවනට පැමිණි ක්‍ෂීණාස්‍රව හෙවත් රහතන් වහන්සේ කිසිදු සංස්‌කාරයක්‌ හා බැඳී නො සිටිති. එහෙත් රාගාදි පළිබෝධයන්ගෙන් යුක්‌ත අන්‍ය ජනයා හා බැඳී ගිය සිත් ඇති පුද්ගලයෝ දුකට පත් වෙති. මෙයින් තේරුම් ගත යුත්තේ යම් වස්‌තුවක්‌ සමග හෝ පුද්ගලයින් සමග යමකු ගැටීමට පත් වන්නේ නම් ඒකාන්තයෙන් ම ඒ පුද්ගලයා කෙළෙස්‌ සහිත වූවකු බව යි. ජනයා සමග ඇලී ගැලී සිටිමින්, ඔවුන් පිරිවරා ගනිමින් නිතර කටයුතු කරනුයේ කෙලෙස්‌ සහිත පුද්ගලයන් විසිනි. රහතන් වහන්සේලා විවේකය භජනය කරන පිරිසකි. පුද්ගලයන් සමග ඇලෙමින් ගැලෙමින් ඔවුන් හා වාද විවාද කරමින් අත්තුක්‌කංසන පරවම්භන යනුවෙන් දැක්‌වෙන තමා උසස්‌ කොට අනුන් පහත් කොට කටයුතු කරන ඕලාරික ගතිපැවතුම් රහතන් වහන්සේලා තුළ විද්‍යමාන නොවන බව ද නුවණින් තේරුම් ගත යුතු ය. රහතන් වහන්සේ පිළිබඳ තවත් විග්‍රහයක්‌ මෙසේ ය(

 යස්‌සන්තරතෝ න සන්ති කෝපා

 ඉති භවාභවතඤ්ච වීතිවත්තෝ,

 තං විගතභයං සුං අසෝකං

 දේවා නානුභවන්ති දස්‌සනායා ති.

 (ඛුනි. උදාන පාළි, භද්දිය සූත්‍රය, 168 පිටුව)

 එහි අදහස මෙසේ ය.

 යමෙකුගේ අභ්‍යන්තරයෙහි කෝපයෝ නැත් ද, යම් හෙයකින් සම්පත් විපත් ආදි භවාභවතාව ඉක්‌ම සිටියේ ද, මෙබඳු වූ පහ ව ගිය භය ඇති, සුත වූ, ශෝක නැති, ක්‍ෂීණාස්‍රවයා දකින්නට දෙවියෝ ද අසමර්ථ වෙත්.

 රහතන් වහන්සේ තුළ කෝපය නොමැත. එසේ ම සම්පත් විපත් ආදි දෙයින් උන් වහන්සේලාගේ සිත වික්‍ෂේපයට පත් නො වෙයි. එසේ ම පහ ව ගිය භය ඇති, සුත වූ, ශෝක නොමැති ක්‍ෂීණාස්‍රවයා හෙවත් රහතන් වහන්සේ දකින්නට දෙවියන් පවා අසමර්ථ වන බව මෙහි දක්‌වා ඇත. නමුත් නූතනයෙහි අප දකින ප්‍රකට කරුණ නම්, ත්‍රිපිටක ධර්මය හෝ අටුවා, ටීකා පිළිබඳ ව හෝ කිසිදු ගැඹුරු අවබෝධයක්‌ නොමැති, ධර්මතාවන්ගේ හේතුඵල ස්‌වභාවය පිළිබඳ යම් තරමකින් හෝ නිරවුල් ව විග්‍රහ කිරීමට අසමර්ථ, පඤ්ච ශීලය තුළ හෝ හික්‌මීමක්‌ නොමැති ජනයා විසින් අසවල් අසවල් පුද්ගලයන් රහතන් වහන්සේලා ය, මාර්ගඵලලාභීන් ය ආදි වශයෙන් විවරණ ඉදිරිපත් කරමින් ඔවුන් පසුපස ගමන් කිරීම ය. ඉහත දැක්‌වූ ගාථාවෙන් තථාගතයන් වහන්සේ ප්‍රකට කරනුයේ රහතන් වහන්සේගේ සැබෑ ස්‌වභාවය දැක ගැනීමට දෙවියන් පවා අසමර්ථ වන බව යි. කරුණු මෙසේ හෙයින් ඕලාරික ගති ඇති අනුවණ ජනයා විසින් අසවල් පුද්ගලයා හෝ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමකි, මාර්ගඵලලාභී කෙනෙකි යනුවෙන් කරන ප්‍රකාශ හා ක්‍රියාකාරකම් කෙතරම් හාස්‍යජනක ද යන්න නුවණින් ම තේරුම් ගැනීමට උත්සාහවත් විය යුතු ය.

 ඇතැම්හු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දේ පවා ප්‍රතික්‍ෂේප කොට තම දෘෂ්ටිය ම නිවැරදි යෑයි ග්‍රහණය කොට සිටිති. එවන් පුද්ගලයන්ට තථාගතයන් වහන්සේ ත්‍රිපිටකයෙහි පෙන්වා දුන් කරුණු ඉදිරිපත් කොට රහතන් වහන්සේගේ ස්‌වභාවය විවරණය කළ ද එය නිරර්ථක කරුණක්‌ බව දත යුතු ය. මෙහි දක්‌වන කරුණු විවේක බුද්ධියෙන් යුතු විචක්‌ෂණ බවෙන් යුතු පුද්ගලයන් සඳහා ම ඉදිරිපත් කරන්නක්‌ බව ද දත යුතු ම ය.

 මෙම කෘතියේ මේ රටේ උගත් නූගත් කිසිවෙකු කොතැනක දී වත් දැක නැති කිසි දා කිසිවෙකු ලියා නැති, කිසිවෙකුගෙන් අසා නැති අපූරු වදන් වැලක්‌ සමගින් නිසරු කියමනක්‌ දක්‌නට ලැබේ. “මිනිසත් බවට පත් වීම යනු තම ගතිගුණ, ගතිහඬ, ගතිරුව, ගතිබල ,ගතිබව මිනිසත් බවට සුදුසු ලෙස ගැලපෙන ලෙස පවත්වා ගෙන යාමයි. සිතින් , වචනයෙන් , ක්‍රියාවෙන් කරන සියලු ක්‍රියාවන් ගතිගුණ, ගතිහඬ, ගතිරුව අනුව ම සකස්‌ කර ගත් ඒවා ය” (2-3 පිටු)

 එම ඡේදයෙහි ඇත්තේ මෙලෝ අරුතක්‌ නැති අපභ්‍රංසයකි. උන් වහන්සේගේ බසින් ම කිවහොත් එහි කිසිදු ගතියක්‌ නැත. එහෙත් එවන් බොල් නිසරු පද වැලක්‌ ඇද බාන්නේ මහා දැනමුත්තකු ලෙසින් මහා ගැඹුරු දහමක්‌ දැන ගෙන කිසිවක්‌ නොදත් පාඨකයා වෙත ධර්මය දේශනා කරන්නෙකුගේ විලාසයෙන් ගර්වයෙන් යුතුව ය. 

 මේ කෘතිය කියවා ඇති පාඨකයන්ගෙන් හා මීවනපලානේ හිමියන්ගෙන් බණ අසා ඇත්තා වූ ද තවමත් ඒ වැරදි බණ අසා මුළාවෙන් ගොඩ ඒමට නොහැකි ව සිටින අහිංසක ශ්‍රාවකයාගෙන් ද විමසන්නේ ඔබ කොතැනක හෝ ඉහත දැක්‌වූ ගතිහඬ, ගතිරුව, ගතිබල, ගතිබව වැනි කියුම් හෝ යෙදුම් අසා හෝ දැක තිබේ ද? ඔබ ඒ විකාරරූපී යෙදුම් දැක ඇත් නම් දැක ඇත්තේ ද කියවා ඇත් නම් කියවා ඇත්තේ ද අසා ඇත් නම් අසා ඇත්තේ ද බස පිළිබඳ කිසිදු ඉගෙනීමක්‌ නැති ව මහා භාෂා විශාරදයකු, ධර්ම දේශකයෙකු=, ආර්ය උත්තමයෙකු=, යුග පරිවර්තකයකු ලෙස පෙනී සිටින බස හා පෙළ දහම ද ඉතිහාසය ද පාලි බස තබා සිංහල බස පිළිබඳ සරල දැනුමක්‌ වත් නැති මීවනපලානේ ධම්මාලංකාර හිමියන් තථාගත ධර්මය විකෘති කොට ලියා ඇති ග්‍රන්ථවලින්ම ය. නැති නම් ඉහත දැක්‌වූ ක්‍ෂෙත්‍ර පිළිබඳ අල්ප වූ හෝ ඥානයක්‌ නැති ව විකෘති දහම් දෙසන මෙහි කතු හිමියන්ගේ මුවින් ම ය. බුද්ධ දේශනා හිතුවක්‌කාරී ලෙස තමාට සිතෙන සිතෙන පරිදි විකෘති කරමින් දෙසන ධම්මාලංකාර හිමියන්ට බුදුසමයේ සතර අපායන් අතර දෙවන අපාය වන තිරිසන් අපායෙහි බල්ලෙකු ව ඉපදීම දුසිරිතෙහි යෙදී පින් කිරීමෙන් ලබන සැපයක්‌ ලු. එහෙත් ථෙරවාද ධර්ම සම්ප්‍රදායයෙහි අපාය යන පදය නිර්වචනය වන්නේ,

 අපායන්ති ඒවමාදි සබ්බං නිරයමේව ච. නිරයෝහි සග්ගමොක්‌ඛ හේතුභූතා පුඤaඤසම්මතා අයා අපේතත්තා සුඛානං ච ආයස්‌ස අභාවා අපායෝ. 

 (ඛුනි. මහානිද්දේස අට්‌ඨකථා, ඡඔS 381)

 යනුවෙන් නිරය දැක්‌වීමට පර්යාය පදයක්‌ වන අපාය යනු සග මොක්‌ සුව ලැබුමට මුල් වන පින් ලෙස පිළිගැනෙන අය නොහොත් ආදායමෙන් පහවූ බැවින් ද සැපයන්ගේ එක්‌රැස්‌ වීමක්‌ නොවන හෙයින් ද අපාය ලෙසිනි.

 එසේ ම 

 “අපායග්ගහණේන තිරච්ඡානයෝනිං දීපෙති. 

 තිරච්ඡානයෝනි හි අපායෝ සුගතිතෝ අපේතත්තා (එම)’ 

 යනුවෙන් අපාය ශබ්දයෙන් තිරිසන් ජන්මය දක්‌වන අතර තිරිසන් යෝනිය වනාහි සුගති සංඛ්‍යාත සැපයෙන් පහවූවක්‌ නැති නම් බැහැරවූවක්‌ බැවින් අපාය නම් වේ. මෙකී විග්‍රහයන්ට අනුව බල්ලකු ව පමණක්‌ නොව කිනම් තිරිසනකු ව උපත ලැබුවත් එය අපාදුක්‌ සහිත උපතක්‌ මිස සැපතක්‌ නම් නො වේ.

 අපායේ ඉපදී ලබන සුවයක්‌ පිළිබඳ බුදුදහමේ උගන්වා නැති බව ඉහත දහම් කරුණුවලින් මනා ව පැහැදිලි වනු ඇත. එහෙත් “සුචරිතයෙහි යෙදී පින් කළ හොත් දෙවි බවට පත් වී සැප විඳිය හැකි ය. දුශ්චරිතයෙහි යෙදී පින් කළ හොත් බලූ බවට පත් විය හැකි ය. නගරයේ ලොකු ගෙවල්වල බල්ලන් සැප විඳින්නේ ඒ නිසාම ය.” (3 පිටුව) යනාදි වශයෙන් දක්‌වන මීවනපලානේ හිමියන්ගේ ඊනියා ධර්මවිග්‍රහය තුළ බල්ලෙකු ව ඉපදී ලබන සැප පිළිබඳ ඉගැන්වීම කිනම් ධර්මානුකූල කතාවක්‌ ද? 

 මේ හිමියන් ධර්මාවබෝධය යන්න ද විකෘති ලෙස විග්‍රහ කර ඇත්තේ මෙසේ යි. 

 “…. පෘථග්ජන පුද්ගලයා සහ අරිය උත්තමයා, අරිය – අනරිය වෙනස්‌කම් මෙන් ම ධ්‍යාන හා මාර්ගඵල ආදී උසස්‌ උතුම් කරුණු අවබෝධ කොට දැක ගත හැක්‌කේ මිනිසෙකුටමය. මේවා පිළිබඳව වෙනස්‌කම් දැන ගැනීම, අසා හෝ කියවා අවබෝධ කර ගැනීම ධර්මාවබෝධය ලැබීම යි.” (4 පිටුව)

 ථෙරවාද ධර්ම සම්ප්‍රදායයෙහි ධර්මාවබෝධය හඳුන්වා ඇත්තේ ධම්මාභිසමය යනුවෙනි. 

 “අත්ථි ගබ්භසෙයHdය ධම්මාභිසමයෝ, අත්ථි ගබ්භසෙයHdය අරහත්තප්පත්ති, අත්ථි සුපිනගතස්‌ස ධම්මාභිසමයෝ අත්ථි සුපිනගතස්‌ස අරහත්තප්පත්ති’ (කථාවත්ථු. පාළි ඡඔS 621)

 ඉහත දැක්‌වූ පාළි පාඨයට අනුව කුසෙහි සිටින විට ද නින්දේ පසුවන විට ද ධර්මාභිසමය හෙවත් ධර්මාවබෝධය මෙන් ම රහත් බව පවා ලැබෙන බව පැහැදිලි වේ. ත්‍රිපිටක සාහිත්‍යයේ දීඝ නිකාය ටීකාවේ ධම්මාභිසමය හෙවත් ධර්මාවබෝධය වශයෙන් දැක්‌වෙන්නේ චතුරාර්ය සත්‍යය හෙවත් සිවුසස්‌ දහම නුවණින් වෙසෙසින් අවබෝධ කර ගැනීම ය. 

 “ධම්මාභිසමයෝති චතුසච්චධම්මස්‌ස ඤdණේන සද්ධිං අභිසමයෝ”

 (ඡඔS 2.8. 3, දීනිටී, මහාපදාන සුත්ත වණ්‌ණනා, මනිටී. ඕපම්මවග්ග, සනිටී. බ්‍රහ්ම සංයුත්ත) 

 හුදෙක්‌ ධර්මය ඇසීම හෝ කියවීම පමණක්‌ නොව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මත පිහිටා එනම්, “ධම්මං කායේන පස්‌සති’ (ධම්මපද – ධම්මට්‌ඨ වග්ග) යනුවෙන් දහම කයින් දැකීමෙන්ම නියම ධර්මාවබෝධය සහ ඒ තුළින් ජනිත වන ලෞකික ලෝකෝත්තර ආධ්‍යාත්මික ප්‍රතිලාභ අත්පත් වන බව මුල් බුදුසමය උගන්වයි. ධර්මය කයින් දැකීම යන්නෙන් අදහස්‌ වන්නේ තමන් අසන කියවන දහම් කරුණු ක්‍රියාවට නැංවීම යි. එසේත් නැති නම් ප්‍රතිපදාවක්‌ ලෙස පූරණය කිරීම යි. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් සීලය ගැන අසයිත කියවයිග සිල්වත් වීමෙන් එය ක්‍රියාවට ද න`ගයි. යනාදි වශයෙනි. 

 මාර්ගඵලාධිගමය ලබන්නේ මිනිසකු ව උපන් කෙනකු පමණක්‌ බව මීවනපලානේ හිමියන් තම කෘතියේ 4 පිටුවේ දක්‌වා තිබුණ ද බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ සිට හතළිස්‌පස්‌ වසරක්‌ මු`ඵල්ලේ සුදේශිත සියලු දේශනාවන් අවසානයේ මගඵල ලැබූයේ හුදෙක්‌ මිනිසුන් පමණක්‌ නොව කෙළ ලක්‍ෂ සංඛ්‍යාත දිව්‍ය බ්‍රහ්මාදීන් බවට ත්‍රිපිටක සාහිත්‍යයේ ඕනෑ තරම් සාධක තිබේ. මේ සාධක පිළිබඳ සු`ඵ හෝ දැනුමක්‌ මීවනපලානේ හිමියන් තුළ නැත්තේ ත්‍රිපිටක ග්‍රන්ථයක්‌ ස්‌වප්නයකින් වත් අත පත ගෑවී හෝ පෙනී නැති නිසා විය යුතු ය. පාඨකයා ඉදිරියේ පාලි බස පිළිබඳ මහා වෙසරදෙකු ලෙස පෙනී සිටිමින් පාලි භාෂාවට අයත් පද විග්‍රහ කර ඇති සැටි සහ ඒවාට අරුත් සපයා ඇති සැටි දුටු අපට මීවනපලානේ හිමියන් කිසි දිනෙක, කිසි තැනක, කිසිවෙකුගෙන් පාලි බස පිළිබඳ කිසිවක්‌ ඉගෙන ගෙන නැති බව ම කියාපායි. එහෙත් පාලි බසින් රචිත ත්‍රිපිටකයේ සැබෑ දහම් කොටස්‌ තෝරා විග්‍රහ කර දීමට මීවනපලානේ හිමියන් අනුගමනය කර ඇති රටාව බෞද්ධ ජනයා නොමග යවන්නකි. 

 පාඨකයා නොමඟ යෑවීමට විකෘති අරුත් හා විග්‍රහයන් සපයා ඇති තවත් අවස්‌ථාවක්‌ ලෙස සරණ යන පදය පිළිබඳ සාවද්‍ය විග්‍රහය දැක්‌විය හැකි ය. 

 “සරණ වීම යනු තේරුම් ගත යුතු වචනයකි….. සරණ යනු පද දෙකකි. සර, චර ගමන් කරන, පැවැත්ම යන තේරුමයි. “ණ” යනු නතර කිරීම, නැවැත්ම, අවසන් කිරීම යන තේරුමයි. මේ අනුව සරණ යනු අප කවුරුත් නොනවත්වාම කරන මේ සංසාර ගමන නැවැත්වීමට, එය නවත්වා විඳින දුක්‌ කන්දරාවෙන් මුදවා ගැනීමට උපකාරී විමයි. “(5 පිටුව)

 එම කෘතියේ ම තවත් තැනක සරණ යන පදය ගැන මෙසේ දැක්‌වෙයි.

 “පිහිට හෝ උපකාරය යනු සරණ වීම නො වේ…” (6 පිටුව)

 සර ධාතුවෙන් පර ව අන ප්‍රත්‍යය යෙදී (සර + අන ඝ සරන (රකාරය කෙරෙන් පර ව සිටි නකාරයට ණකාරය වීමෙන්) ඝ සරණ) සෑදෙන පාලි කෘදන්ත පදයක්‌ වන සරණ පදය සංස්‌කෘත භාෂාවේ ශරණ යනුවෙන් සිටී. මේ පිළිබඳ ව්‍යාකරණානුකූල පද නිෂ්පත්තිය හා පදාර්ථ මතු කර ගැනීම හා මතු කර දැක්‌වීම පිළිබඳ මෙලෝ හසරක්‌ නොදත් මීවනපලානේ හිමි මේ ශබ්දය පලා ඇත්තේ (බිඳ ඇත්තේ) සර+ණ යනුවෙන් පද දෙකක්‌ වශයෙනි. ඒ හිමියන්ට සර ධාතුවත් ණ ප්‍රත්‍යයත් පද දෙකක්‌ ලු. මේ පද විග්‍රහය වනාහී සුරගුරුගේ නොව, අසුරගුරු වන ශුක්‍රගේ විග්‍රහයක්‌ දෝ යි අපට ඇති වන්නේ බරපතළ විමතියකි. සරණ යන පදයෙහි අක්‍ෂර 3ක්‌ ඇති නිසා සරණ යනු පද දෙකක්‌ නොව, තුනක්‌ යෑයි මීවනපලානේ හිමියන් සඳහන් නොකළේ මන්දැ යි අපට සිතේ. එසේ පද 3 ක්‌ යෑයි කියා තිබුණ ද කතු හිමියන්ගේ තරම දන්නා අප පුදුම විය යුතු නැත. කෙසේ වෙතත් මීවනපලානේ හිමියන්ගේ සරණ යන ශබ්දයේ අර්ථ විග්‍රහය කියවා හෝ අසා නොමග ගොස්‌ ඒවා අනුගමනය කරන අනුමත කරන හා අනුකරණය කරන අහිංසක හුදී ජනයාටත් පාලි පෙළ දහම හෝ බස හා වියරණය නොදත් මීවනපලානේ හිමියන්ටත් ඒ පිළිබඳ ව ත්‍රිපිටක ධර්මයට අනුව පැහැදිලි අර්ථ විවරණයක්‌ ලබා දීම අපගේ යුතුකමක්‌ යෑ යි අපි සලකමු. 

 ඒ අනුව සරණ යන්නෙන් දුක්‌ නැසීම, පිළිසරණ වීම කෙළෙසුන් වනසාලීම භය නැසීම යනාදි අරුත් ගණනාවක්‌ ගම්‍යමාන කෙරෙන බව, 

 “සරණන්ති දුක්‌aඛ නාසනං”

 (මහානිද්දේසට්‌ඨකතා) 

 “සරණන්ති පටිසරණං”

 (ඛුනි. සරණාගමන කථාවණ්‌ණනා)

 ඉහත පාඨයන්ට අනුව සරණ ශබ්දයෙහි පිහිට වීම, උපකාර වීම යනාදි අරුත් ගෙන දෙන බව සරණ යන පදයට “පටිසරණ” යන සමානාර්ථ පදය භාවිත කොට තිබීමෙන් පැහැදිලි වෙයි. තව ද නිරුක්‌ති න්‍යාය ද අනුගමනය කරමින් විග්‍රහයට බඳුන් කරන සරණ ශබ්දයෙහි සර ධාතුවේ හිංසාර්ථයක්‌ ගම්‍යමාන වන බව ද ඒ අනුව කෙළෙසුන් නැසීම, සත්ත්වයන්ගේ භය වනසා දැමීම යන අර්ථ වනිත වන බව ද පහත දැක්‌වෙන පාඨයෙන් පෙනේ.

 “යානි හි නේසං සංකිලේස කාරණානි

 අඤaඤdනාදීනි තේසං සබ්බේන සබ්බං 

 අනුප්පන්නානං අනුප්පාදනේන උප්පන්නානං ච

 පහානේන වෝදානං හෝතීති. හිංසත්ථස්‌ස 

 සරසද්දස්‌ස වසේනේතං පදං දට්‌ඨබ්බන්ති 

 හිංසතීති සරණන්ති වත්වා තම්පන….” 

 (මනි. අ. සාමඤaඤඵල සුත්ත)

 (සාදීටී. බලන්න)



 මේ තවත් ධර්ම විරෝධී සඳහනකි. මීවනපලානේ හිමියන්ට අනුව අප වෙසෙන පරිසරයේ අපට සමීප ව සිටින කුහුඹුවන් ආදි තිරිසන් සතුන් ද නෑ නොනෑ සතුරු මිතුරු ආදි මිනිසුන් ද අපට මුණ ගැසී සිටින්නේ පැරණි සාංසාරික සම්බන්ධතා මත ය. ගැටලූව වන්නේ එවැනි පැරණි සබඳතා යටතේ අපට හමු වන ඒ සියලු ආකාරයේ සතුන්ට,

 “පිං ලබාදීමෙන්, පිං පැමිණවීමෙන්, ප්‍රතිඋපකාර කිරීමෙන්, මෙත් වැඩීමෙන්, වන්දි ගෙවීමෙන් හා සමාව ගැනීමෙන් ඒ සියලු ආකාර වූ සත්වයන් සමග පවතින සංසාර සම්බන්ධතාවලින් මිදී නිදහස්‌ වන තුරු නිවන් දැකිය නොහැකි ය.” (7-8 පිටු) 

 යනාදි වශයෙන් මීවනපලානේ හිමියන් දක්‌වා ඇති පරිදි මතු දැක්‌වූ ක්‍රමයට ඒ ඒ සතුන් කෙරෙහි අපගෙන් ඉටු විය යුතු සියලු යුතුකම් හා වගකීම් ඉටු නොකරන තාක්‌ අප කිසිවෙකුට සසරින් මිදීමක්‌ හෝ නිවන් දැකීමක්‌ සිදු වන්නේ නැත. මීවනපලානේ හිමියන් ඇදබාන මෙවන් ප්‍රලාප බුද්ධදේශනා ලෙස ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ කොතැනක හෝ සඳහන් වී තිබේ ද? නැත්තේ මැ යි. බුදුන් වහන්සේ දේශනා කළ දහමට අනුව මේ සංසාරය අනවරාග්‍ර ය. නොහොත් අග මුල නොපෙනෙන්නකි. 

 අනමතග්ගෝයං භික්‌ඛවේ සංසාරෝ 

 පුබ්බා කෝටි න පඤaඤdයති

 (සනි. අනමතග්ග සංයුත්ත)

 එකී අනවරාග්‍ර සංසාරයෙහි අපගේ මව නොවූවක, පියා නොවූවෙකු ආදි ලෙසින් නෑ නොනෑ හිතාහිත නොවූවන් කිසිවෙක්‌ නැත. (සනි. තිණකට්‌ඨ සුත්ත) අනමතග්ග සංයුත්තයේ ම ඇති අස්‌සු සුත්ත, ‚ර සුත්ත ආදී සූත්‍රවලට අනුව පුද්ගලයකුගේ සංසාර සම්බන්ධතාවන්හි විසුරුණු පැතුරුණු බව මැනවින් ප්‍රකට කර ගත හැකි ය. එවැනි සංසාර සම්බන්ධතාවන්ගෙන් නිදහස්‌ වන තෙක්‌ සසරින් මිදීමක්‌ හෙවත් නිවන් ලැබීමක්‌ පිළිබඳ මීවනපලානේ හිමි නො දකියි. එහෙත් බුද්ධ දේශනාව වන්නේ සංසාර සම්බන්ධතාවන් පිළිබඳ වගකීම් ඉටු කරමින් පමා වී සිටීම නොව, 

 “අඡ්ජෙව කිච්චං ආතප්පං 

 කෝ ජඤaඤd මරණං සුවේ.”

 (ඛුනි. නෙත්තිප්පකරණ) 

 “අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ” (ලෝවැඩසඟරාව) යනුවෙන් සසරින් මිදීම නම් වූ නිවන් දැකීම සඳහා තමන් වහ වහා පිළිවෙත් මග ගමන් කළ යුතු බව ඉහත දැක්‌වූ පාලි පාඨයේ ද අදහස යි.

 මීවනපලානේ හිමියන්ගේ ඊනියා ධර්ම පුස්‌තකයෙන් මග පෙන්වන්නේ අප්‍රමාදී ව පිළිවෙත් මග ගමන් කිරීම පසෙක තබා සසර හමු වන මිනිස්‌ නොමිනිස්‌ පිරිස කෙරෙහි වන්දි ගෙවමින් ඔවුන්ගෙන් සමාව ගනිමින් සංසාර සම්බන්ධතාවලින් නිදහස්‌ වීම පිණිස කටයුතු කළ යුතු බව යි. ඒ හිමියන්ට අනුව කුහුඹුවන්ගෙන්, මැස්‌සන්ගෙන් ආදි සතුන්ගෙන් අප සමාව ගන්නේ කෙසේ ද? ඒ සතුනට අප වන්දි ගෙවන්නේ කෙසේ ද? කූඹින්ට නම් සීනි ස්‌වල්පයක්‌ ලබා දී හෝ වන්දි ගෙවිය හැක්‌කේ නොවැ. ඇරත් ඉහත දැක්‌වූ සතුන්ගෙන් අප සමාව අයදින්නේ කවර බසින් ද? කවර ආකාරයට ද? මීවනපලානේ හිමියනි, මේ සම්බන්ධයෙන් ත්‍රිපිටක ධර්මානුකූල ව දෙසා වදාරන සේක්‌වාෘ



 සංකේත නිරූපණ( 

 1. අනි. – අංගුත්තර නිකාය

 2. කථාවත්ථු. – කථාවත්ථුප්පකරණ

 3. ඛුනි. – ඛුද්දක නිකාය

 4. මනි. – ම-Cධිම නිකාය

 5. මනිටී. – ම-Cධිම නිකාය ටීකාව

 6. සනි. – සංයුත්ත නිකාය

 7. සනි. – සංයුත්ත නිකාය ටීකාව

 8. සාදීටී. – සාරත්ථදීපනී ටීකාව

 9. ඡඔSග – ඡ්කස ඔeංඑ Sදජසැඑහ

 10. Vipassana Research
 Institute (http://incubator.apache.org/lucene.net/)

මෙම ලිපියේ මුල් කොටස අප්‍රියෙල් 03 වැනිදා බදාදා අතිරේකයේ පලවිය.


thripitaka

ධර්මයන්ගේ ස්‌වභාවයන් අවබෝධ කිරීමට නොහැකිව මේ හිමියන් අවුල් ජාලයක පැටලී විපරීත ප්‍රකාශ සිදු කරනුයේ කවරක්‌ නිසා ද යන්න මේ කරුණු අනුව පැහැදිලි වේ. අභිධර්මය වැනි පරමාර්ථ ධර්ම ස්‌වභාවයන් පිළිබඳ අවබෝධයක්‌ නොමැති තැනැත්තා වචනයක්‌ පාසා වැරදි මත ඉදිරිපත් කරන බව දත යුතු ය. එයින් තමා ද මුලාවට පත් ව තවත් බොහෝ පිරිසකගේ ස්‌වර්ග මෝක්‌ෂ සම්පත් අහිමි කරන බව ද දත යුතු ය. මේ හිමියන් සිදු කරන්නේ ද එවැනි ක්‍රියාවකි.

 තථාගතයන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය කවරක්‌ ද යන්න වටහා ගත නොහැකිව මේ හිමියන් සිදුකරන තවත් අසත්‍ය ප්‍රකාශයක්‌ පහත දක්‌වනු ලැබේ: 

 “…පෙර ආත්ම භවයන් ගැන පෙන්වා දීමට හෝ ලෞකික සැප සම්පත් දියුණු කර සංවර්ධනය කර ගන්නා ආකාරය පෙන්වා දීමට හෝ දේශනා කළ ධර්මයක්‌ නොවේ.”

 (12 පිටුව)

 තථාගතයන් වහන්සේ දේශනා කළ කරුණක්‌ දේශනා නොකළේ යෑයි පැවසීම තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමකි. එය බරපතළ අකුශලයක්‌ බව දත යුතු ය. මීවනපලානේ හිමියන් ඒ බලවත් අකුශලය මෙහිදී සිදු කරගෙන තිබේ. ඒ බව තහවුරු කිරීමට නිදසුන් කීපයම මෙහි දක්‌වනු කැමැත්තෙමු. බුදුරජාණන් වහන්සේ සත්ත්වයාගේ ලෞකික ජීවිතය සුවපත් කිරීම උදෙසා දේශනා කළ සූත්‍ර සිය ගණනක්‌ ත්‍රිපිටකය තුළින් සොයාගත හැකිව තිබියදී මීවනපලානේ හිමියන් බුදුන් වහන්සේ දෙසූ ධර්මය තුළ ලෞකික සැප සම්පත් දියුණු කර ගන්නා ආකාරය පෙන්වා නැති බව (12 පිටුව) ලියා තිබීම මුසාවාදයකටත් වඩා අබුද්ධභාෂිතයක්‌ බුද්ධභාෂිතයක්‌ ලෙස ඉදිරිපත් කිරීමකි. ඉහත කරුණ ප්‍රකට කිරීම සඳහා ව්‍යග්ඝප-ජ සූත්‍රය දක්‌වනු ලැබේ. 

 මෙම සූත්‍රය ආරම්භයේදී ම සඳහන් වන්නේ දීඝජාණු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් සිදුකරන ඉල්ලීම යි. එය පහත පරිදි දත යුතු ය:

 “මයං භන්තෙ, ගිහී කාමභොගී පුත්තසම්බාධසයනං අ-Cධාවසාම, කාසිකචJදනං පච්චනුභොම, මාලාගJධවිලෙපනං ධාරයාම, ජාතරූපරජතං සාදියාම. තෙසං නො භන්තෙ, භගවා තථා ධම්මං දෙසෙතු, යෙ අම්හාකං අස්‌සු ධම්මා දිට්‌ඨධම්මහිතාය දිට්‌ඨධම්මසුඛාය සම්පරායහිතාය සම්පරායසුඛායාති.”

 (අනි. අට්‌ඨක නිපාතය, ව්‍යග්ඝපජ්ජසුත්ත, 234 පිටු: VRI. 3.109, PTS. 4.281)

 එහි අර්ථය මෙසේ දත යුතු ය. වහන්ස, ගෘහස්‌ථ කාමභෝගී වන අපි පුත්‍ර දාරාවන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් පරිහරණය කරන්නෙමු. මල්ගඳ විලවුන් දරන්නෙමු, රන් රිදී පරිහරණය කරන්නෙමු. වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක්‌ අපගේ මේ ජීවිතයේ හිත පිණිස මේ ජීවිතයේ සැප පිණිස, පරලොව සැප පිණිස වන්නේ නම් එවැනි ධර්මයක්‌ දේශනා කරන සේක්‌වා.

 මෙහිදී දීඝජාණු ලෞකික ජීවිතයේ ස්‌වභාවය පවසා එය සුවපත් කර ගන්නා අකාරයට අවැසි ධර්මයක්‌ දේශනා කරන ලෙස ඉල්ලා සිටියි. බුදුරජාණන් වහන්සේ ලෞකික ජීවිතයේ සුවපත් භාවය උදෙසා ධර්මය දේශනා නොකරන්නේ නම් එම අවස්‌ථාවේ ඒ බව දිඝජාණු හට පවසනු ඇත. නමුත් තථාගතයන් වහන්සේ ලෞකික ජීවිතයේ දියුණුවට උපනිශ්‍රය වන කරුණු මෙසේ දේශනා කොට වදාළහ(

 “චත්තාරො මෙ ව්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්‌ස දිට්‌ඨධම්මහිතාය සංවත්තන්ති දිට්‌ඨධම්මසුඛාය. කතමෙ චත්තාරො? උට්‌ඨානසම්පදා ආරක්‌ඛසම්පදා කල්‍යාණමිත්තතා සමජීවිකතා.”

 (අනි. අට්‌ඨක නිපාතය, ව්‍යග්ඝපජ්ජසුත්ත, 235 පිටු: VRI. 3.109, PTS. 4.281)

 ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වන කරුණු සතරක්‌ (04) මෙහි දක්‌වා ඇත. උට්‌ඨාන සම්පදා, ආරක්‌ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යනුවෙනි. මේ කරුණු අනුව උක්‌ත ග්‍රන්ථයේ සඳහන් පරිදි මේ හිමියන් පවසන කරුණු කෙතරම් අසත්‍යය ද යන්න ප්‍රකට වේ. 

 බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා, විවාහ ජීවිතයේ දියුණුව සඳහා, නීරෝගී භාවය සඳහා සහ සැමියා, බිරිඳ ආදීන්ගේ යුතුකම් අයිතිවාසිකම් පිළිබඳ දේශනා කළ සූත්‍ර බොහෝ සංඛ්‍යාවක්‌ ඇත. සිඟාලෝවාද සූත්‍රය, උග්ගහ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, මිත්තානිශංස සූත්‍රය, මහාමංගල සූත්‍රය, පත්තකම්ම සූත්‍රය, නකුල පිතු සූත්‍රය, කූටදන්ත සූත්‍රය ආදි සියලු සූත්‍ර ලෞකික ජීවිතයේ යහපත උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනා ය.

 සිඟාලෝවාද සූත්‍රයේදී යුතුකම් සහ අයිතිවාසිකම් පිළිබඳ දේශනා කොට ඇත. දරුවන් – දෙමාපියන්, සැමියා – බිරිඳ, යහළුවා – යහළුවන්, සේවක – ස්‌වාමි, ශිෂ්‍යයන් – ගුරුවරුන්, ගිහි – පැවිදි ආදි වශයෙන් කොටස්‌ සයකට බෙදා ඔවුනොවුන් විසින් ඒ ඒ පුද්ගල කොටස්‌ විෂයෙහි කළ යුතු යුතුකම් කොටස්‌ දක්‌වා ඇත. උග්ගහ සූත්‍රයේදී උග්ගහ සිටුතුමාගේ දියණියගේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට අවැසි කරුණු දේශනා කොට ඇත. පරාභව සූත්‍රයේදී පුද්ගලයාගේ පිරිහීමට හේතු වන කරුණු දක්‌වා ඇත. මිත්තානිසංස සූත්‍රයේදී මිතුරන්ට සැලකීමෙන් ලැබෙන ආනිසංස දක්‌වා ඇත. කූටදන්ත සූත්‍රයේ රාජ්‍ය පාලනය පිළිබඳ කරුණු දක්‌වා ඇත. මේ සියල්ල මිනිසුන්ගේ ලෞකික ජීවිතයේ යහපත් පැවැත්ම උදෙසාම දේශනා කොට ඇත. මෙවැනි සූත්‍ර සිය ගණනක්‌ ත්‍රිපිටකය තුළින් දැක්‌විය හැකි ය.

 බුදුරජාණන් වහන්සේ ලෞකික ජීවිතයේ සැප සම්පත් දියුණු කිරීමට ධර්මය දේශනා නොකළේ යෑයි පවසන කරුණ කොතරම් අසත්‍ය වූ සාවද්‍ය ප්‍රකාශයක්‌ ද යන්න මේ කරුණු අනුසාරයෙන් දත යුතු ය. මේ හිමියන් පවසන බොහෝ කරුණු මෙසේ අසත්‍ය වූ ප්‍රකාශයන්ම ය. ඒවා අසන ඒවා සත්‍යය යෑයි පිළිගන්නා පිරිස ද මෙයින් බොහෝ අකුසල් සිදු කරගන්නා බව දත යුතු ය. මේ හිමියන් පසුපස ගමන් කරන පිරිස ද කිසිදු විචාරශීලීත්වයකින් තොරව මේ කරුණු පිළිගැනීමෙන් තමා බුදුරජාණන් වහන්සේට අගෞරව කරමින් අපායට යැමට මඟ සලසා ගන්නා බව ඔවුහු ද නො දනිති. මේ හිමියන් දේශනා කරන දේ පිළිගැනීමට ගියහොත් ඔවුන්ට නිවන කෙසේ වෙතත් ස්‌වර්ග මාර්ගය පවා අහිමිව නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායට ගමන් කරන මාර්ගය පමණක්‌ හිමිවන බව ප්‍රකාශ කළ යුතුම ය. 

 මේ හිමියන් ලියා ඇති ඉහත ස`දහන් සාවද්‍ය කරුණු ඇතුළත් ලිපිය උක්‌ත ග්‍රන්ථයේ 8-13 පිටුවල ඇතුළත් වෙයි. මීවනපලානේ හිමියන් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටක බුද්ධධර්මය ග්‍රන්ථාරූඪ කොට ඇති පාලි භාෂාව පිළිබ`දව තබා තම මවුබස වූ සිංහල භාෂාවේ සම්මත ලේඛන රීතිය වත් නිවැරදිව නොදන්නා බව එම පිටුවල ඇතුළත් පහත දැක්‌වෙන අක්‌ෂර වින්‍යාස දෝෂ සහිත පද කීපයෙන්ම තහවුරු වෙයි.

 සාවද්‍ය රූප                       නිරවද්‍ය රූප



 සරළ                                 සරල

 පැහැදිළි                          පැහැදිලි

 ගෝතම සාක්‍ය             ගෞතම ශාක්‍ය

 දේශණා                         දේශනා

 ස්‌වභාවික                     ස්‌වාභාවික

 මිත්‍යා                            මිථ්‍යා

 ගාම්භීර                         ගම්භීර

 භාජනය විය                භාජන විය

 භාවිතා                        භාවිත

 යෙදුනේ                     යෙදුණේ

 ඥාණයෙන් ම            ඥානයෙන් ම

 පිරිණිවීමෙන්              පිරිනිවීමෙන්

 ජන්බුද්වීපය              ජම්බුද්වීපය

 පැවතුන                    පැවතුණ

 දෘෂ්ඨිය                      දෘෂ්ටිය

 කිසිඳු                        කිසිදු

 සැළකීම                 සැලකීම

 අධ්‍යාත්මික           ආධ්‍යාත්මික

 මේ හැර පද බෙදා ඇති සැටිත් උක්‌තය හා ආඛ්‍යාතය යොදා ඇති සැටිත් සම්මත පිළිවෙළට නොව අසම්මත අත්තනෝමතික ලෙස යොදා ඇති බව එම කෘතියේ වැකියක්‌ වැකියක්‌ පාසා පරීක්‌ෂා කිරීමෙන් පැහැදිලි වෙයි. මෙසේ සිදුවී ඇත්තේ බස පිළිබඳ නොදන්නාකම නිසාම ය. තව ද, “සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ” යන පාලි සාහිත්‍යයෙහි විද්‍යමාන වන ප්‍රකාශනය පූර්වෝක්‌ත ග්‍රන්ථයේ 10 පිටුවේ දැක්‌වෙන්නේ “සුනේථ, ධාරේථ, චරේථ” යනුවෙනි. මෙහි සුනේථ යනුවෙන් යොදා ඇති පදය වැරදි ය. එය පාලි බස පිළිබඳ මඳ දැනුමක්‌ ඇත්තෙකු විසින් වත් නොලියන බව නිසැක ය. එහි නිවැරදි පදය වන්නේ සුණාථ යනු යි. එහි අක්‌ෂර වින්‍යාස දෝෂයක්‌ පමණක්‌ නොව ක්‍රියා රූපයේ දොAෂයක්‌ ද ඇති බව ඒ හිමියන්ට සිහිපත් කරදීමට කැමැත්තෙමු. එසේම චරාථ යන ක්‍රියා රූපය චරේථ යනුවෙන් ලියා තිබීමෙන් හෙළි වන්නේ ද පාලි බස නොදන්නා බවයි. මේ හිමියන් ලියා ඇත්තේත් මුවින් ප්‍රකාශ කරනු ලබන්නේත් කිසිදු අර්ථවත් බවකින් තොර පද මිශ්‍රණයක්‌ සහිත භාෂාවකි. ඒවා අසන කියවන ශ්‍රාවකයන් සහ පාඨකයන් මේවාට මුළා වන්නේ පිරිසිදු බුද්ධ දේශනාම කියා යි. අප්‍රබුද්ධයන්ගේ එවන් දෙසුම් හා ලිවීම් අහිංසක ජනයා නොමඟ යවන සුලුය. ඒ නිසාම මේ ලිපිය කියවා මීවනපලානේ හිමියන් විසින් විකෘති කොට ලියා කියා ඇති දෑවලින් දූෂණය වී ඇති අහිංසකයන්ගේ සිත් ඒ හිමියන්ගේ විකෘති ධර්මයට මුළා නොවී සැබෑ පිරිසිදු ත්‍රිපිටක ධර්මය අවබෝධ කර ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 සංකේත නිරූපණ: 

 1. අභිධා. – අභිධානප්පදීපිකා

 2. අනි. – අංගුත්තර නිකාය

 3. ඛුනි. – ඛුද්දක නිකාය 

 4. ඛුනිඅ. – ඛුද්දක නිකාය අට්‌ඨකථා

 5. දීනි. – දීඝ නිකාය

 6. දීනිඅ. – දීඝ නිකාය අට්‌ඨකථා

 7. ධසඅ. – ධම්මසŒගණී අට්‌ඨකථා

 8. මනි. – ම-Cධිම නිකාය

 9. සනි. – සංයුත්ත නිකාය

 10. ඡඔSග – ඡ්කස ඔeංඑ Sදජසැඑහ

 11. VRI. – Vipassana Research Institute
 (http://incubator.apache.org/lucene.net/)

සියලු දෘෂ්ටි මේ කරුණු තුන යටතේ විග්‍රහ වන බව දත යුතු ය. පුද්ගලයාට දුක ඇතිවීම සම්බන්ධයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කොට තිබූ කරුණු හතරක්‌ (04) දැක්‌වේ. ඒවා පහත පරිදි ය.

 * සයං කතං දුක්‌ඛං – පුද්ගලයාගේ දුක තමා විසින් කරන ලද්දකි.

 * පරං කතං දුක්‌ඛං – පුද්ගලයාගේ දුක අනෙකකු විසින් කරන ලද්දකි. 

 * සයං කතං ච පරං කතං ච දුක්‌ඛං – දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දකි.

 * අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්‌ඛං – දුක තමා විසිනුත් නො කරන ලද්දේ, අනුන් විසිනුත් නොකරන ලද්දේ ආකස්‌මික ව ඉබේ හටගත්තකි.

 (සනි. අෙච්ලකස්‌සප සුත්ත)

 මේ කරුණු විග්‍රහ කිරීමේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දුකෙහි සමුදය හෙවත් දුක ඇති වීම හේතු ප්‍රත්‍යයන්ට අනුව සිදු වන බව යි. 

 “එතෙ තෙ කස්‌සප උභො අන්තෙ අනුපගම්ම මæෙCධන තථාගතො ධම්මං දෙසෙති. අවිæජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං – පෙ – එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්ධස්‌ස සමුදයො හොති.”

 (සනි. අෙච්ලකස්‌සප සුත්ත)

 මේ කරුණු අනුව තේරුම් ගත යුත්තේ සෑම කරුණක්‌ සම්බන්ධ ව ම ත්‍රිපිටකය තුළ නිරවුල් ව කරුණු ඉදිරිපත් කොට ඇති ආකාරය යි. මේ හිමියන් පවසන කරුණු තහවුරු කිරීමට පැහැදිලි ව කිසිදු මූලාශ්‍රයක්‌ ඉදිරිපත් නො කරයි. තමාට හිතෙන හිතෙන දේ අවුල් සහගත ව ප්‍රකාශ කරයි. එසේ හෙයින් බුද්ධධර්මය අධ්‍යයනය කරන පිරිස්‌ විසින් සිදු කළ යුත්තේ අවිචාරවත් ව මේ හිමියන් දක්‌වන කරුණු සත්‍යය යෑයි පිළිනොගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සංග්‍රහ වී ඇති ත්‍රිපිටක ධර්මය ඇසුරින් විමසීම යි. ඒ ඒ කරුණු කවර සූත්‍රයන්හි සංග්‍රහ වේ ද, කවර ධර්මයක්‌ හා සැසඳේ ද යන්න මූලාශ්‍රය ආශ්‍රය කොට ගෙන විමසිය යුතු ය. එසේ සිදු කරන කල්හි මේ හිමියන් දක්‌වන කරුණු සූත්‍රයන් පමණක්‌ නොව, එහි දැක්‌වෙන ධර්ම කරුණු සමග නොගැළපෙන බව මනා ව පසක්‌ වේ. එයින් ම මේ හිමියන් දක්‌වන ලද කරුණුවල අසත්‍යය ප්‍රකට වේ. 

 මීවනපලානේ හිමියන් බස පිළිබඳ වෙසරදකු සේ පහත දැක්‌වෙන ප්‍රකාශය කර තිබේ. සමහර කෙනෙක්‌ මෙය සම+උත්පාද ලෙස විග්‍රහ කරන නමුත් මෙහි අඩංගු වන්නේ සං+උත්පාද යන තේරුම බව කියා තිබේ. එතැනින් නතර නොවන උන් වහන්සේ ‘සං’ යන පදයේ ධර්ම අර්ථය තේරුම් ගැනීමත් සමග ම මේ ගැටලූව ද නිරාකරණය කර ගත හැකි යෑයි පවසති. අනේ අනිච්චං¾ ‘සං’ යන්න පදයක්‌ ද? එය උපසර්ගයකි. එහි අරුත් 15ක්‌ ඇති බව ඉහත දැක්‌විණ. ඒ අරුත් අතර සං උපසර්ගයට වෙන් වූ ධර්මාර්ථයක්‌ තිබුණි ද? නැත. මේ නම් භාෂාවට ද එහි ව්‍යවහාරයට ද කළ මහත් අපරාධයකි. මේවා හිස්‌ මුදුනින් පිළිගන්නෝ බුදු දහම පමණක්‌ නොව, ඊට අදාළ පාලි බස සහ තම මවුබස ද නොහඳුනන්නෝ ය. 

 බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙහි සං උපතක්‌ ගැන කොතැනක වත් ස`දහන් නො වේ. විවිධ උපත් ගැන අප අසා ඇතත් සං උපතක්‌ ගැන අප අසා නැත. එවන් උපතක්‌ සතිමත් නැණවත් කිසිදු ශාස්‌තෘවරයකු දේශනා කර ද නැත. එවැන්නක්‌ ප්‍රකාශ කළ හා ලියා ඇති එක ම තැනැත්තා ලෙස ගිනස්‌ වාර්තා පොතට ඇතුළත් වන්නේ ද මීවනපලානේ හිමියන් ම පමණි. බලන්න මේ අණ්‌ඩර දෙමළින් කියවෙන්නේ කුමක්‌ ද කියා?

 “මේ සං උපත ලබන්නට හේතුවන කරුණු තේරුම් ගත්තේ නැතිනම් තමා තුළම තමන් ම සං උපදවා ගන්නා ආකාරය තේරුම් ගත්තේ නැති නම්, තමන් තුළම සං ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත්තේ නැති නම් තමන් ම එකතු කර ගන්නා, සමුදය කර ගන්නා, සං තැම්පත් කරන, -ගබඩා කරන ස්‌ථානය දැන ගත්තේ නැති නම්, මේ සං යන එකතු කිරීම පිළිබ`ද තේරුම් ගත නොහැකි ය.” (86 පිටුව)

 දෙවියනේ( අපේ රටේ උගත් යෑ යි සමාජ සම්මත උදවියත් මේ සං උපත ගැන රැවටී ඇති සැටි. මේ මොන විකාරයක්‌ ද? විහිළුවක්‌ ද? සං යනු උපසර්ගයකි. එයින් ගෙන දෙන අර්ථ මුල දී දැක්‌වීමු. ඒ හැර එයින් දෙන කිසිදු ඊනියා ධර්මාර්ථයක්‌ නැත. මෙය මීවනපලානේ හිමියන් බුදුන් වහන්සේගේ දේශනාවක්‌ ලෙස දක්‌වා ඇතත් එය එවැන්නක්‌ නොව, කතු හිමියන්ගේ ගොන්කම ප්‍රකට කරන තවත් අං දේශනාවක්‌ බව තහවුරු කරන තැනක්‌ ඒ හිමියන්ගේ ‘පරම පිවිතුරු සිරි සද්ධර්මය’ නම් කෘතියේ 86 පිටුවේ මෙසේ දක්‌නට ලැබේ(

 “සංදේශනාව ගෝතම බුදුපියාණන් එදා විවිධ අවස්‌ථාවන්වලදී දේශණා කර වදාළ උතුම් දේශනාවකි. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මුළුමනින් ම සංදේශනාවකි. ම-Cධිම නිකායේ එන රථ විනීත සූත්‍රය, ධම්මෙච්තිය සූත්‍රය, සේල සූත්‍රය හා සංයුක්‌ත නිකායේ එන විශාඛ සූත්‍රයත් “සං” දේශනාව ඉතාමත් පැහැදිළිව දේශණාකර වදාළ තැන් ලෙසින් පෙන්වා දිය හැකියි.”

 මීවනපලානේ හිමියන්ගේ ඒ මේ ඊනියා දහම් දැනුමේ නිරුවත කදිමට වේදිකාගත වන අගනා අවස්‌ථාවකි, ඒ. ඉහත ඡේදයේ දැක්‌වෙන කිසිදු සූත්‍රයක ඊනියා ‘සංදේශනාවක්‌’ ඇත්තේ ම නැත. ඇති දෙයක්‌ නම් නැතැ යි කීමට අපට කිසිදු අවශ්‍යතාවක්‌ ද නැත. ඇති දේ ඇතැ යි කීමත් නැති දේ නැතැ යි කීමත් ශිෂ්ට සම්මත සමාජය විසින් පිළිගනු ලබන, ගරු කරනු ලබන, ප්‍රිය කරනු ලබන, එසේ ම දහමට ද ගැළපෙන සාධු ප්‍රතිපත්තිය යි. ගැඹුරු ධර්මාර්ථ තියා ඉතා සරල, මතුපිට අර්ථ නොහොත් පෘෂ්ටාර්ථවත් තේරුම් ගෙන නැති, කාගෙන් කාගෙන් හෝ සූත්‍රවල නම් හා යම් යම් පදකෑලි අසා දැන ගෙන හෝ ඇහිඳ ගෙන අඳුරේ අතපතගාන්නාක්‌ මෙන් මේ කරන විකාර කථා හරසුන් කයිකතන්දර ම බව දන්නෝ දනිති. 

 මඡ්Cධිම නිකායේ මූල පණ්‌ණාසකයේ තෙවැනි වර්ගය වන ඕපම්ම වර්ගයේ සත්වැනි සූත්‍රය වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය එහි ‘සන්දස්‌සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති’ යන ආඛ්‍යාත පද හතර උන් වහන්සේගේ ඤාණපද හතර බවත් එයින් මුළු ධර්මස්‌කන්ධය ම දරා සිටින බවත් සඳහන් කරමින් බුදුරජණන් වහන්සේගේ ‘සං’ දේශනාවක්‌ ලෙස මෙසේ උපුටා දක්‌වයි(

 “චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ‘සංදස්‌සේති සමාදපේති සමුත්තේඡේති සංපහංසේති’ යන ඥණ පද හතර, ඇතෙකුගේ පාද හතරට උපමා කර, ඇතාගේ කඳ ධර්මස්‌කන්ධයට සමාන කර උපමාවක්‌ ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර, ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම “සං” පද හතරින්, ඥාණ පද හතරෙන් මුළු ධර්මස්‌කන්ධය ම දරා සිටින ආකාරය විග්‍රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් “චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත.” (86 පිටුව)

 මේ කවර නම් උන්මත්තක කථාවක්‌ද? චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අහවල් සංදේශනාවක්‌ ද? බුදුන් වහන්සේ සංදේශනා පැවැත්වූ සිද්ධියක්‌ හෝ තැනක්‌ එම සූත්‍රයේ අන්තර්ගතය පිළිබඳ අබමල් රේණුවකවත් දැනුමක්‌, වැටහීමක්‌ ගෑවිලාවත් නැති මේ මීවනපලානේ තුළින් පලාගෙන පැන නඟිනු විනා අප දන්නා වසර 2600කට අධික ශාසන ඉතිහාසයේ හෝ පාලි ත්‍රිපිටක සාහිත්‍යයේ හෝ කවර තැනකවත් අසන්නට හෝ දකින්නට ලැබී නැත. මෙහි දී මුලින් ම ඉහත ඡේදයේ භාෂා ව්‍යවහාරය තුට්‌ටු දෙකට වැටී ඇති බව කීමට සිදු වෙයි. ‘සංදස්‌සේති, සංපහංසේති’ යන පද සූත්‍රවිරෝධී ව ද ‘ඥාණ’ යන්න (දෙතැනක ම) භාෂා විරෝධී ව ද යොදා ඇති හෙයිනි. 

 චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇරඹෙන්නේ සුහද මිතුරන් දෙදෙනකු වන ජානුස්‌සෝණි බමුණා සහ පිලෝතික පිරිවැජියා අතර මහමද්දහනේ අතරමග දී සිදු වන ප්‍රිය සම්භාෂණයකිනි. එහි දී පිලෝතික බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රඥා මහිමයත් ඒ බව තමාට මැනවින් ප්‍රත්‍යක්‌ෂ වූ උන් වහන්සේගේ ඤාණපද සතරත් සරල ව ඇත් අඩි උපමාව ද ගනිමින් විස්‌තර කරයි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදීමට පත් වන ජානුස්‌සෝණි වරක්‌ උන් වහන්සේ බැහැදැකීමට පැමිණ පිලෝතික සමග ඇති වූ සාකච්ඡාව ඇත් අඩි උපමාව ද සමග ඉදිරිපත් කරයි. එහි දී බුදුන් වහන්සේ පිලෝතික අසම්පූර්ණ ලෙස දැක්‌වූ ඇත් අඩි උපමාව තවදුරටත් විස්‌තර කරමින් සැදැහැ උපදවා ගත් යෝගාවචරයකු විසින් තෙරුවන් සරණ යැමේ සිට අනුපිළිවෙළින් ආර්ය ශීලයෙන්, ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන්, ආර්ය සතිසම්පජඤ්ඤයෙන් (සිහිය සහ ස්‌ථානෝචිත ප්‍රඥාවෙන්) සමන්විත ව විවේක සෙනසුන් ඇසුරු කරමින් බවුන් වඩමින් නීවරණයන්ගෙන් සිත ඈත් කොට සතර ධ්‍යාන ද ත්‍රිවිද්‍යා ද චතුරාර්යසත්‍යාවබෝධය ද ත්‍රිවිධ ආස්‍රවයන්ගෙන් සිත මුදවාලීම ද මගපල නිවන් සහිත විමුක්‌ති ඥානය ලබා ගැනීම තෙක්‌ අනුපූර්ව ආර්ය ප්‍රතිපදා මාර්ගයේ අතරමග නොනැවත ගමන් කළ යුතු පිළිවෙළ දේශනා කොට ඇත (මනි. සග3.7). මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට අත්‍යqත්තම ධර්ම දායාදය ලබාදීමේ උතුම් ශාසනික ධර්මදූත මෙහෙවරේ දී උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව වශයෙන් මේ ධරණිතලයෙහි දී මේ සූත්‍රය ම තෝරා ගන්නට ඇත්තේ ද ඉහත කී අනුපූර්ව ධර්ම ප්‍රතිපදා මාර්ගය එමගින් මැනවින් ප්‍රකට වන බැවිනැ යි සිතිය හැකි ය. මේ කිසිවක්‌ නොදන්නා මීවනපලානේ හිමි මේ උතුම් දේශනා තමන්ගේ හරසුන් හිතලු සමග මුසු කරමින් අමු අමුවේ විකෘති කරයි. ඔහු දක්‌වන්නේ ‘සන්දස්‌සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති’ (මනි. සග3.7) යන වචන හතර බුදුන් වහන්සේගේ ඥානපද සතර ලු. මේ මොන විකාර කථාවක්‌ ද? පිලෝතික බුදුන් වහන්සේගේ ඥානපද සතර වශයෙන් දකින්නේ උන්වහන්සේ සමග වාද-ප්‍රතිවාද කිරීම පිණිස ප්‍රශ්නමාලා සාදා ගෙන පූර්ව-සූදානමින් යුක්‌ත ව පැමිණි, එහෙත් උන්වහන්සේගේ ‘සන්දස්‌සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති’ යන පද හතරින් විස්‌තර වන ගුණ හතරින් සමන්විත ධර්ම-කථා ශ්‍රවණය කොට වාද කිරීම පසෙක ලා තථාගත-ශ්‍රාවක භාවයට පත් වූ බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රිය, ගෘහපති, ශ්‍රමණ යන මහපඬිවරුන් වෙන වෙන ම බුදුන් වහන්සේගේ ඥානය ඉදිරියේ දමනයට පත් වී ම පිළිබඳ සිද්ධි හතර යි. ඉහත ආඛ්‍යාත පද සතරෙහි අර්ථ සාහසික ලෙස සංහාරය කොට ඇත්තේ මෙසේ ය:

 “සංදස්‌සේති” පළමු වැනි ඥාණ පදයයි. “සං” යන එකතු කිරීම, රැස්‌ කිරීම, උපාදානය කර ගැනීම විග්‍රහ කර, විස්‌තර කර පැහැදිළි කිරීම මෙහිදී දේශනා කර තිබේ.

 “සමාදපේති” යනු එකතු කරගත් “සං” වලින් මිදී නිදහස්‌ වී, සම්මා තත්ත්වයට පත්වන ක්‍රියා මාර්ගය පැහැදිලි කර දී පෙන්වා දීමයි.

 “සමුත්තේඡේති” යනු එකතු කිරීමේ ක්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුලින් උදුරා දමා, “සං” මුල ගළවා දැමුවා යන ක්‍රියාවලිය විස්‌තර කර දීමයි. එකතු කළ සියලු දේ අස්‌කර, නිදහස්‌ වුණා යන අදහසයි.

 “සංපහංසේති” යනුවෙන් විස්‌තර වන්නේ, “සං” ප්‍රහාණය කර “සං” වලින් සදහටම මිදී නිදහස්‌ වන්නට මඟ පෙන්නා දී, නිවන් සුවයට නිවැරදි මඟ පෙන්නා දුන්නා යන තේරුමයි.” (පිටුව 86)

 බැලු බැල්මට ම නිකම් බොල් වචන හරඹයක්‌ බව ඕනෑ ම ළදරුවකුට පවා තේරුම් යන ඉහත ශබ්දාර්ථ හෝ ඒ පිළිබඳ අදහස්‌ සපුරා ම ධර්මවිරෝධී බව පහත සඳහන් අටුවා හා ටීකා ආශ්‍රිත නිර්වචනවලින් පැහැදිලි වනු ඇත(

 “සන්දස්‌සෙතීති ඛන්ධානං සභාවලක්‌ඛණාදීනි දස්‌සෙති. සමාදපෙතීති ගණ්‌හාපෙති. සමුත්තෙජෙතීති සමාදානම්හි උස්‌සාහං ජනෙති. සම්පහංසෙතීති පටිවිද්ධගුණෙන වොදාපෙති ජොතාපෙති.”

 (සනිඅ. පත්තසුත්තවණ්‌ණනා, VRI. 1.156 PTS. 1.177) 

 ඊට අනුව ‘සන්දස්‌සෙති’ යනු ස්‌කන්ධාදි ධර්මයන්ගේ ස්‌වභාව-ලක්‌ෂණාදිය සහිත කරුණු දැක්‌වීම යිá ‘සමාදපෙති’ යනු ඒ කරුණු අවබෝධ කරවීම යිá ‘සමුත්තෙජෙති’ යනු ඒ අවබෝධ කරවූ කරුණු විෂයෙහි උත්සාහය, උනන්දුව ඇති කරවීම යිá ‘සම්පහංසෙති’ යනු අවබෝධ කර ගත් ගුණයෙන් ප්‍රහර්ෂයට, දීප්තියට, බැබළීමට පත් වීම යි. ඒ අනුව එම වචන හතරෙන් බුදුන් වහන්සේගේ ඕනෑ ම දේශනාවක අඩංගු වන ‘ධර්මය කරුණු වශයෙන් දැක්‌වීම, එම දහම් කරුණු ශ්‍රාවකයාට අවබෝධ කරවීම, අවබෝධ කරවූ කරුණු අනුගමනය කිරීම සඳහා ශ්‍රාවකයා තුළ උනන්දුවක්‌ ඇති කරවීම, ඒ කරුණු පිළිපැදීමෙන් මෙලොව, පරලොව වශයෙන් හා ධ්‍යාන, මාර්ගඵලාදි වශයෙන් ලැබෙන ආධ්‍යාත්මික ප්‍රතිලාභ පිළිබඳ ශ්‍රාවකයා තුළ ප්‍රසාදයක්‌, ප්‍රමෝදයක්‌ ඉපදවීම් යන ලක්‌ෂණ හතරක්‌ ප්‍රකට වේ. මේ අර්ථ තවත් වැඩිදුර පැහැදිලි වීම පිණිස පහත සඳහන් අටුවා හා ටීකා අර්ථකථන ද අවධානයට ලක්‌ කිරීම සුදුසු ය:

 “සන්දස්‌සෙතීති සම්මුඛෙ විය කත්වා දස්‌සෙති. සමාදපෙතීති ගණ්‌හාපෙති. සමුත්තෙජෙතීති සමුස්‌සාහෙති. සම්පහංසෙතීති පටිවිද්ධගුණෙහි වණ්‌ණං කථෙන්තො වොදාපෙති.”

 (අනිඅ. සŒකවාසුත්තවණ්‌ණනා, VRI. 2.211: PTS.2.352)

 එයින් අදහස්‌ වන්නේ ද සම්මුඛයෙහි මෙන් කොට දැක්‌වීම සන්දස්‌සෙති බවත් අවබෝධ කරවීම සමාදපෙති බවත් උත්සාහවත් කරවීම සමුත්තෙජෙති බවත් දහම් මග ගමන් කිරීමෙන් අත්පත් වන ගුණ ඇගයීම තුළින් ප්‍රමෝදවත් කරවීම සම්පහංසෙති බවත් ය. එසේ ම මේ ආඛ්‍යාත පද හතරින් කියෑවෙන අර්ථය වඩාත් ගැඹුරින් පැහැදිලි කරන අටුවා පාඨයක්‌ මෙසේ ය:

 “ධම්මියා කථායාති පඤ්චන්නං උපාදානක්‌ඛන්ධානං උදයබ්බයාදිපකාසනියා ධම්මියා කථාය. සන්දස්‌සෙතීති තානියෙව අනිච්චාදිලක්‌ඛණානි උදයබ්බයාදිකෙ ච සම්මා දස්‌සෙති, හත්ථෙන ගහෙත්වා විය පච්චක්‌ඛතො දස්‌සෙති. සමාදපෙතීති තත්ථ ලක්‌ඛණාරම්මණිකං විපස්‌සනං සම්මා ආදපෙති, යථා වීථීපටිපන්නා හුත්වා පවත්තති, එවං ගණ්‌හාපෙති. සමුත්තෙජෙතීති විපස්‌සනාය ආරද්ධාය සŒඛාරානං උදයබ්බයාදිසු උපට්‌ඨහන්තෙසු යථාකාලං පග්ගහනිග්ගහසමුපෙක්‌ඛණෙහි බොඡ්Cධගානං අනුපවත්තනෙන භාවනං මඡ්Cධිමං වීථිං ඔතාරෙත්වා යථා විපස්‌සනාඤාණං සූරං පසන්නං හුත්වා වහති, එවං ඉන්ද්‍රියානං විසදභාවකරණෙන විපස්‌සනාචිත්තං සම්මා උත්තෙජෙති, විසදාපනවසෙන වොදපෙති. සම්පහංසෙතීති තථා පවත්තියමානාය විපස්‌සනාය සම්පවත්තභාවනාවසෙන චෙව උපරිලද්ධභාවනාබලෙන ච චිත්තං සම්මා පහංසෙති, ලද්ධස්‌සාදවසෙන සුට්‌ඨු තොසෙති.”

 (ඛුනිඅ. පඨමලකුණ්‌ඩකභද්දිය සුත්තවණ්‌ණනා, VRI. 292: PTS. 359)

 තථාගතයන් වහන්සේගේ ධම්මියා කථාය යනු පංච උපාදාන ස්‌කන්ධයන් පිළිබඳ උදය (ඇති වීම), වය (විනාශ වීම) ආදිය පැවසෙන දැහැමි කතාව යි. සන්දස්‌සෙති යනු ඒ අනිත්‍යාදි ලක්‌ෂණයන් ද උයද-ව්‍යය ආදිය ද අතින් ගෙනැරපාන්නක්‌ මෙන් ප්‍රත්‍යක්‌ෂ වශයෙන් මැනවින් ගෙන හැර දැක්‌වීම යි. සමාදපෙති යනු එහි ලක්‌ෂණ අරමුණු කරන විදර්ශනාව මගට පිළිපන්නවුන් මෙන් කොට මැනවින් වටහා ලීම හා අවබෝධ කරවීම යි. සමුත්තෙජෙති යනු අරඹන ලද විදර්ශනාවෙන් සංස්‌කාරයන්ගේ උදය-ව්‍යාදිය මතු වන කල සුදුසු පරිදි එය මනාව දකිමින් බොඡ්Cධං ධර්මයන් පවත්වමින් විදර්ශනා ඥානය මුවහත් කර ගනිමින් ද ඉන්ද්‍රිය ධර්මයන් විශද භාවයට පත් කරමින් විදර්ශනා චිත්තය මොනවට උත්තේජනයට පමුණුවා ලීම යි. සම්පහං සෙති යනු එසේ පවත්වනු ලබන විදර්ශනාවගේ කර ගෙන යනු ලබන ප්‍රගුණ කිරීම් වශයෙන් ද මත්තෙහි ප්‍රතිඵල ලැබීම් වශයෙන් ද සිත මැනවින් ප්‍රමෝදයටත් ආස්‌වාදයටත් පමුණුවා ලීම යි. මේ අයුරින් එම පද හතර ඉතා පුළුල් අර්ථ විවරණයකට බඳුන් කරන අටුවාවේ ඒ පිළිබඳ ඇතැම් කරුණු ටීකාව වඩවඩාත් විග්‍රහ කරන්නේ මෙසේ ය( 

 “දස්‌සෙතීති පච්චක්‌ඛතො දස්‌සෙති, හත්ථාමලකං විය පාකටෙ විභූතෙ කත්වා විභාවෙති. ගණ්‌හාපෙතීති තෙ ධම්මෙ මනසා අනුපෙක්‌තෙ දිට්‌ඨියා සුප්පටිවිද්ධෙ කාරෙන්තො උග්ගණ්‌හාපෙති. සමුස්‌සාහෙතීති සමාධිම්හි උස්‌සාහං ජනෙති. පටිලද්ධගුණෙහීති තාය දෙසනාය තන්නිස්‌සයපච්චත්තපුරිසකාරෙන ච තෙසං පටිවිද්ධගුණෙහි. වොදාපෙතීති තෙසං චිත්තසන්තානං අස්‌සද්ධියාදිකිලෙසමලා පගමනෙන පභස්‌සරං කරොති.”

 (අනිටී. සŒකවාසුත්තවණ්‌ණනා,VRI. 2.175:

 කියවන්න( සනිටී. VRI. 1.184)

 දස්‌සෙති යනු අතැඹුලක්‌ මෙන් පසක්‌ වන පරිදි දහම් කරුණු ප්‍රකට කොට දැක්‌වීම යි. ගණ්‌හාපෙති යනු එම කරුණු මනසින් දැක ගත හැකි වන පරිදි ද අවබෝධ ඥානයට හසු වන පරිදි ද ඉගැන්වීම යි. සමුස්‌සාහෙති යනු සමාධියෙහි උත්සාහ ඇති කරවීම යි. පටිලද්ධගුණෙහි යනු එම දේශනාවෙන් ඊට අයත් දහම් කරුණු වෙන් වෙන් ව වැඩීමෙන් අත්පත් වන ගුණ හෙවත් ප්‍රතිඵල යි. වොදාපෙති යනු චිත්ත-සන්තානයන්හි අශ්‍රද්ධාදි කෙලෙස්‌ මල දුරලීමෙන් ප්‍රභාස්‌වර කිරීම යි. 


 ලබන සතියට 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress