ජනාධිපතිවරයා විසින් නීතියට පටහැනිව ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමෙන් මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නීතිඥවරයෙක් ජනාධිපතිට සහ අධිකරණ අමාත්‍යාංශයේ නීති සහකාර ලේකම්ට එරෙහිව නඩු පවරයි……
Posted on May 8th, 2019

අධිකරණ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය එරෙහිව පවරන ලද නඩු විභාගකර පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල ගැසට් පත්‍රය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පසුගියදා තීරණය කරන ලදී. එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දී නොතිබූ බව කියමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලදෙන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම ජනාධිපති අතිරේක ලේකම්(නීති) නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇත. ජනාධිපති අතිරේක ලේකම්ගේ එකී යොමු කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ විසින් එකී ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කර ඇත. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් වී ඇති නඩුවකට ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අදාල ලේඛන ගොනුකර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ක්‍රිෂානී ඩී. කෝදාගොඩ මහත්මිය දැන්වීම් යොමු කර ඇත. එකී දැන්වීමට අනුව නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිට තමන්ව කැදවන ලද නඩුවේ තමන් පාර්ශවයක් නොවන බවත්, එම නඩුවෙන් තමන් ඉල්ලීමක් කර නොමැති බවත් මෙය ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අදාල බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් ඔහුගේ විධායක සහ පරිපාලන බලතල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයාට එය එසේ නොවී ජනාධිපතිවරයා විසින් එකී ඉල්ලීම අධිකරණ බලය ක්‍රියාත්මකවන ආකාරයට නීතියට පටහැනිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර විධායක සහ පරිපාලන බලය, අධිකරණ බලය සමග ගැටීමට සළස්වා සිය මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට සහන අයද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇත.

ජනාධිපතිවරයා විධායක සහ පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීම සිදු නොකර තමන්ට අයත් නැති අධිකරණ බලය යොදා නීතිඥවරයාගේ අයිතිවාසිකම් අහිමිකර ඇති බවත්  නීතීඥවරයා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ fජ්‍යෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ විසින් අනුගමනය කළ නීතිවිරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12.1, 12.2, 14(1.අ), 14.1ඇ, 14.1.ඊ සහ 22 ව්‍යවස්ථ මගින් ආරක්ෂා කරදී ඇති මූලික අයිතිවාසිකම්/ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව නීතිඥවරයා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress