කැෆේ සහ පොදුජන පෙරමුණ අතර හමුවක්
Posted on May 16th, 2019

මාධ්‍ය ඒකකය  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමුවෙයි. එම පෙරමුණේ සභාපති  ජී. එල් පීරිස් මහතා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු මෙන්ම එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් මෙම හමුවට එක්ව සිටියහ. කැෆේ සංවිධානය වෙනුවෙන් එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සහ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය මෙන්ම  එහි අධ්‍යක්ෂවරුන් වන අරවින්ද ඉන්ද්‍රජිත්, නිරෝෂන පීරිස් හා ශෂික මාදිවල යන මහත්වරු  මේ සඳහා සහභාගි වී සිටියහ. 

වත්මන් රජය සහ අනිකුත් පාර්ශව මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණ. එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛන සංශෝධන ක්‍රියාවලිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මේ ආකාරයට ඉදිරියේදී මෙරට අනිකුත් ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් ද හමුවීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress