බුද්ධි අංශ තොරතුරු තිබියදීත් වරද්ද ගත්ත ආණ්ඩුව සිද්ධියෙන් පස්සේ කීතැනක වරද්දාගෙන තියෙනවාද?
Posted on May 17th, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■             පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

■             පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

■             පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

බුද්ධි අංශය දුන් තොරතුරු රජයක් ලෙස වගකීමෙන් ඉටු නොකළ හෙයින් මේ ව්‍යවසනයට අපේ රට මුහුණ දෙන්න වුනු බව කවුරුත්පිළිගන්නවා. අගමැති දන්නේ නැහැලු. ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ නැහැලු. කැබිනට් මණ්ඩලය දන්නේ නැහැලු. බුද්ධි අංශ තොරතුරු තිබියදීත් වරද්ද ගත්ත ආණ්ඩුව සිද්ධියෙන් පස්සේ කීතැනක වරද්දාගෙන තියෙනවාද? මේ ආන්ඩුව කෙරෙහි ජනතාවට විශ්වසයක් නැති වෙන්න හේතු ඕනේ තරම් තියෙනවා. විරුද්ධ පක්ෂයක් ලෙස අපි මේ දේවල් හෙලි කළාම බොරදියේ මාලුබානවා කියනවා. මේ රටේ මහ නායක හිමිවරුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අනෙකුත් මුස්ලිම් පූජකතුමන්ලා කියනවා ආන්ඩුව දිගින් දිගටම වරද්දා ගන්න බව. මේ සිද්ධි සම්බන්ධයෙන් පරික්ෂණ කලෙත්, අත් අඩංගුවට ගැනීම් කලේත් පොලීසියේ හා රණවිරුවන්ගේ තියෙන දක්ෂකම නිසයි. මේ ආන්ඩුවේ ඩන්න නායකයින්ට එහි ලකුණු ගන්න බැහැ. නායකයින්ගේ නොහැකියාවයි පෙන්නුවේ.එදා නොහැකියාව පෙන්නපු ආණුඩුව දැන් ආරක්ෂක අංශ කරන්නා වු මෙහෙයුම් තමන්ගේ වැඩක් බව පෙන්වන්න අත්සාහ කරනවා. බෝම්බ වැදිලා මිනිස්සු මැරෙද්දි දන්නේ නැහැ. දැන් සොයා ගැනීම් කරද්දි ඒක අපේ වැඩක්ලු. මේක ආණඩුවේ දෙබිඩි පිළිවෙත. 

රටේ නායකයෝ කියන දේ ජනතාව විශ්වාස කරන්නේ නැති නිසා දරුවෝ පාසල් යවන්නේ නැහැ. ත්‍රිවිද හමුදාව හරි වගකිව යුතු නිලධාරීන් හරි ඇවිත් කිව්වොත් ජනතාව විශ්වාස කරයි.  රජය කෙරෙහි විශ්වාසය නැති වෙන්න හේතු තියෙනවා. යුද හමුදාපතිවරයාට රිෂාඩි බදියුදින් ඇමැතිවරයා දුරකතන ඇමැතුම් දෙකක්ම ලබා දිලා ත්‍රස්තවාදින්ට සම්බන්ධ අය ගැන අහලා තියෙනවා. යුද හමුදාපතිවරයාට කෝල් කලේ ත්‍රස්තවාදියාගේ සුවදුක් අහන්නද? පළවෙනි වරද කරපු ආන්ඩුව දෙවැනි වරද කරලා තියෙන හැටි බලන්න. හමුදාව බොහොම අමාරුවෙන් තොරතුරු ටික හොයාගෙන අත් අඩංගුවට ගත්තාම පොලිසියෙන් ඇප දෙනවා. එක ත්‍රස්තවාදියෙක් නිදහස් කරනවා කියන්නේ එතනින් එහාට ඔහුත් එක්ක සම්බන්ධකම් තියාගෙන හිටපු සියලු දෙනා නිදහස් වෙනවා. මේ රජය කෙරෙහි විශ්වසයක් තියන්නේ කොහොමද. රජය හදන්නේ මැරුණු ජනතවාගේ මළකදන් උඩින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගෙනියන්නයි. ෂැංගිල්ලා හෝටලේ මරාගෙන මැරුණු බෝම්බකරුට අයිති තඹ කර්මාන්තශාලාව සුලු මොහොතකින් ආරක්ෂක අංශ හොයා ගත්තා. ආසන්න තැනක හිටපු බිරිද දරුවෙක් ලැබෙන්න ඉදිද්දි බෝම්බ  පුපුරුවාගෙන මැරුණා. එවැනි සිදුවීමක් වුනාම මුලු පළාතම සිල් වෙන්න ඕනේ. අපි අහලා තියෙන ආරක්ෂක අංශවල වැඩ වුනේ එහෙම. ඒ වුනාට මෙතන ලොරිවලින් ඇවිත් තාප්පේ කඩලා තඹ ටික අරන් යනවා. ඒ සිද්ධීයේ සැකකරුවෝ නව දෙනෙකුට ඇපි ලැබෙනවා. ඇදිරි නීතිය වෙලාවේ වැරුද්ද, වැරද්දමයි. නමුත් ඒ වෙලාවේ පාරේ ගිය කෙනෙව අරන් ගිහින් ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ චෝදනා කරලා උසාවි දානවා. ඇපත් නැහැ. පොලාස් වාර්තාවක් දෙන්නෙත් රස්සාවක් කරන්න බැරි වෙන්නලු. අපිට මේකෙදි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇදිරි නිතිය අවස්ථාවේ පාරේ ගමන් කිරීම වරදක් වෙනවා නම්, රටේ හමුදාපතිවරයාට මේ රටේ ඇමැතිවරයෙක් දුරකතන පණිවිඩයක් ලබා දෙමින් ත්‍රස්තවාදියෙක් ගැන විමසනවා. කෝ කටඋත්තරයක් ගත්තා. ආණ්ඩුකාර තනතුරට මුවාවෙලා මේවා කරන අය ඉන්නවා. ආන්ඩුකාරවරු කියන නමට මුවාවෙලා මේවා කරන අයගෙන් කට අත්තරයක්වත් ගන්නේ නැහැ. ත්‍රිවිද හමුදාවට හා පොලීසියට තමන්ගේ රාජකාරි ඉටු කරන්න ඉඩ දීලා ආන්ඩුව පැත්තකට වෙලා ඉන්න. ආන්ඩුවේ දේශපාලන අත පෙවිම් මගින් මේ ත්‍රස්තවාදී සංවිධානයේ වැඩ කටයුතු හරියට හොයා ගන්න බැඑි වෙනවා. 

මේ සිද්ධී දාමය තුල අපිට සැකයක් මතු වෙනවා. 1983 දි අතුරේ මිය ගිය රණිවරුවෝ 10 දෙනෙක්ගේ දේහයන් රත්මලාන ගුවන්තොටුපලට ගෙනාපු වෙලාවේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා එදා රාත්‍රියේම අවසන් කටයුතු කරන්න කිව්වා. එදා 1983 කලු ජුලිය වෙලාවේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පොලිසියට නිවාඩු දුන්නා. හමුදාව පැත්තකට කෙරුවා. එජාපයේ මැරයන්ට කොළඹ භාරදුන්නා. අහිංසක දෙමළ ජනතාවගේ ගෙවල් දොරවල් ගිණි තිබ්බා. මැරුවා. ඒකේ පාපකර්ම තමයි අපිට අවුරුද් 30ක් ගෙවන්න සිද්ධ  වුනේ. එහෙම කරපු එජාපය 1988, 1989 ජවිපේ කැරැල්ල වෙලේ ජවිපේ සාමාජිකයින් හිරගෙදර දාලා මරණ අතරේ විපක්ෂය මර්ධනයක කරන්නත් පියවර ගත්තා. ඔවුන්ගේ දේශපාලන ගමනට අවහිර වුනු විපක්ෂයේ අය ඉවත් කරගත්තා. දැන් ලෑස්ති වෙන්නෙත් ඒකට. 

ගම්පහ කුරුණෑගල සිද්ධි නොවිය යුතුයි’. නමුත් මේවා පිටුපස ඉන්නේ කවුද? ආන්ඩුවට පැවැත්මක් නැති නිසා මහජාතිය සුලුජාතියට ගහනවා මරනවා කියලා පෙන්වන්න හදනවා. රාජ්‍ය නොවන සංවිධාන 10ක් සාම හමුදාව ලංකාවටගේන්න කියලා ඉල්ලන්න සූදානම් කියලා වාර්තා වෙනවා. මෙ ්10 ලැස්ති වෙන්නේ මොකටද? බෝම්බ පුපුරලා ජිවිත හානි වෙනවා. ඒකෙන් පස්සේ නිහැඩියාවක් ඇති වෙනවා. ඒකෙන් පස්සේ කඩ සාප්පු ගිනි ගන්නවා.ඒ එක්කම රාජ්‍ය නොවන සංවිධාන නඩයත් ඉල්ලිම් කරනවා. සාම සාධක හමුදාවක් ආවම මේ රජය මේ විදියටම තියෙනවා. ඇමැතිවරු ටික ඒ විදියටම ඉන්නවා. ඡන්ද නම් නැහැ. දේශපාලන වශයෙන් විපක්ෂය දඩයම ්කරන වැඩපිළීවෙලකට ආන්ඩුව සූදානම් වුනත් මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. මිය ගිය අයට වන්දි දෙන්න මැදිහත් වුන දේශපාලනඥයින්ට ප්‍රදේශයේ තියෙන අප්‍රසන්නබාවය අපි දැක්කා. මොලය තියෙනවා නම් මියගිය අයට යමක් රජයෙන් දෙනවා නම් ඒ මිනිස්සුන්ට ගෞරවයක් වෙන විදියට කටයුතු කරන්න. ඒ අයගේ පිටේ යාචකයෝ කියන ලේබලය එල්ලන්න එපා. මාධ්‍ය ගෙන ගිහින් සංදර්ශන තියන්න එපා. ඊයේ කතා කරපු මිනිස්සු අනික් දවසේ දේශපාලනඥයින්ට ගල් ගහලා එලවයි. මිනිස්සු මරන්න ඉඩ දීලා, ඇමැතිවරු පල්ලි යන්නේ නැතිව ඉදලා ඊට පස්සේ යනවා චෙක්පතක් දෙන්න. දේශපාලනඥයා අප අප්‍රිය වෙලා තියෙන්නේ. 

ඊරිදා පුවත්පතක් කානතන්කුඩියේ සමූහ මිනී වලක් ගැන කියනවා. මේ සිද්ධිය කියන්නේ දෙමල චින්තකයින්ගේ සංවිධානයේ නායක කනපති පිල්ලේ මොහාන් මහතායි. ත්‍රිවිද හමුදාව ගැන විශ්වාසයක් තියෙන නිසා මේ ගැන ලිඛිතව විස්තර දුන්න බව කියනවා. හමුදාව ගැන විශ්වාසය තියපු මිනිස්සුන්ගේ විශ්වාසය හමුදාපතිවරයා ආරක්ෂා කරයි කියලා අපි විශ්වාස කරනවා.හැබැයි බැය 24ක් ඇතුළත සැකරුවන් පොලිසියට භාර දෙන්න හමුදාවට සිදුවෙනවා. මේ සැකකරුවොත් ඒ විදියට පොලීසියට භාරදුන්නොත් උසාවි යන්නෙත් නැතිව පොලිස් ඇප මත එළියට එයි. මේ ආන්ඩුව කිසි දවසක රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අවශ්‍ය කරන්නේ රාජ්‍ය ආරක්ෂාව නෙවෙයි ආන්ඩුවේ ආරක්ෂාවයි. රාජ්‍ය ආරක්ෂාව බල්ලට ගියත් කමක් නැහැ ආණ්ඩුව ආරක්ෂා වෙලා. 

අපි බලන් ඉන්නවා කතානායකතුමා විශ්වාසභංගයට දුවන්නේ මන්දගාමීවද සිඝ්‍රගාමීවද කියලා. එතුමාට විශ්වාසභංග සම්බන්ධයෙන් පශ්චාත් උපාධීයක් තියෙනවා. විජිත හේරත් මන්ත්‍රීතුමා ලියුම පිටිපස්නේ ගෙනත් දීපු ගමන් එවෙලාවෙම පාර්ලිමේන්තුවේ.ඒ සිහි බුද්ධියම අදත් තියෙනවා නම් 21 වැනිදාට මේ විශ්වාසභංගයත් පාර්ලිමේන්තුවට ගන්නවා.පක්ෂ නායකයෝ රැස්වෙලා තින්දු ගන්න දෙයක් නැහැ. රටේ මේ තරම් මිනිසුස් මැරිලා තියෙන වෙලාවක කතානායකවරයාට විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න බැරිකමක් නැහැ. මේ රජය ඉදිරියට යාමේ හැකියාවක් නැති නිසා කරුණාකරලා ඉල්ලා අස්වෙන්න කියලයි අපි කියන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

පොලීසිය ගැන විශ්වාසයක් ඇති කර ගන්න පුලුවන් වෙයිද කියන සිතුවිල්ල ඇති වුනා විතරයි. හිටපු පොලිස්පතිවරයා කටයුතු කලේ රජයට ඕන විදියටකියන එක මේ වෙද්දි හෙළිවෙමින් තිබෙනවා. රජයේ වගකිය යුත්තන්ට තොරතුරු දීලා තිබුණ බව එතුමා පැහැදිලිව කිව්වා. වැඩ බලන පොලිස්පතිවරයාටත් කියන්නේ ඒ වරදම නොකර මේවා ගැන හරි පරික්ෂණ කරන්නයි අපි ඉල්ලා සිටිනවා. 

පහුගිය දවස්වල කාත්තන්කුඩි ප්‍රදේශයේ හිටපු ජේම්ස් කෙනඩි කියන ඉන්දියානු ජාතික අධ්‍යාත්මික නායකයෙක් යැයි කියා ගන්න පුද්ගලයෙක් කොළඹ අධිකරණය නිලධාරියෙක්ගේ ගෙදරකදියි අත් අඩංගුවට පත්වුනේ. මොහුව යුද හමුදාව අත් අඩංගුවට අරන් දෙහිවල පොලීසියට ගෙනත් භාරදුන්නත් එතැනින් එහාට පරික්ෂණ නැහැ. ඊට පස්සේ පැය 24ට වඩා හමුදාවට රදවා ගන්න බැරිනිසා, පොලීසිය පැමිණිලි සටහන් කර ගන්නේ නැතිව වහාම ගත්ත තැනට භාර දෙන්න කියලා හමුදාවට කියනවා. මේ විදියට රටතුළ සංසරණය වෙන්නේ ජාත්‍යන්තර මංකොල්ලකාරයින්, ත්‍රස්තවාදින්. කාත්තන්කුඩියේ, මන්නාරමේ මිනිවලවල් හමුවෙනවා.රට තුල අපි නොදන්නා භිතියක් ඇති වෙලා.යුද අපකරණ අසුවෙනවා. ගුවන් යානා නාශක අවි හමුවෙනවා. කලු ගල් කර්මාන්තයේ මිනිහාට ගල් පුපුරා ගන්න වෙඩි බෙහෙත් ටිකක් ගන්න බැහැ. ඊට වඩා වෙඩි බෙහෙත් ත්‍රස්තවාදීන් ළග තියෙනවා. අපි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලන් නේ නිතිය නවන තැනට ඔබතුමා නම් යන්න එපා. නිතිය නවන්නේ නිලධාරින් නෙවෙයි. දේශපාලනඥයෝ නීතිය නවවනවා.එදා තිබුණු නිදහස අද ආරක්ෂක අමාත්‍යංශයට නැහැ.එදා තිබුණු නිදහස අද පොලීසියට නැහැ. මිනුවන්ගොඩ වුනේ මොකක්ද? මත්ද්‍රව්‍ය වැටලීම් කරද්දි නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන අපිට ලොකු විශ්වාසයක් තිබුණා. අද මිනුවන්ගොඩ ප්‍රදේශයේ කිසිම දේකට සම්බන්ධ නැති මිනිස්සුන්ට ප්‍රශ්න. රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් සිද්ධය වුනු භූමියේ ඉන්නවා. එදා ලේබල් ගහලා ජවිපේ අය අත්අඩංගුවට ගත්ත ගෝනිබිල්ලා ක්‍රමයටමයි අද අත් අඩංගුවට ගැනීම් වෙන්නේ. සිද්ධීය වෙන්න කලින් දවසේ පන්සලෙන් 35ක් අත් අඩංගුවට ගන්නවා. පන්සලේ පෝය වැඩසටහන ගැන සාකච්ඡා කරන්න ආවාද? ආරක්ෂක වැඩපිළිවෙල ගැන කතා කරන්න ආවද දන්නේ නැහැ.

මත්තල, හම්බන්තොට විරෝධතාවලට ගිය වෙලාවේ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගූණසේකර මහත්තයා කෝට් එක ඇදන් ඇවිත් රෑ 11ට විතර අපේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව පෙනීහිටියා. චෝදනාව වුනේ ටයරයක් ගිනි ගැනීම සහ ඒ නිසා පාරේ තාර උණු වීම. වැල්ලම්පිටියේ බෝම්බ හදපු තඹ කර්මාන්තශාලාවේ අත් අඩංගුවට ගත්ත අය ගැන මොකක්ද කරපු පර්ක්ෂණය. කාගෙද ගුවන් ගමන් බලපත්‍රය තහනම් කලේ. අපේ විදේශ ගමනක් යන්න බැරි මන්ත්‍රීවරු තවම ඉන්නවා. ආන්ඩුවේ පස්පෙලේ මන්ත්‍රීවරු එක පැත්තකින් ඇවිත් රටේ ප්‍රශ්නයක්. මේ වෙලාවේ රට ගොඩගන්න උදව් කරන්න කිව්වා. විපක්ෂනායකවරයා එය සත්භාවයෙන් පිළිගත්තා.අන්තවාදය පතුරන පක්ෂ විපක්ෂ කවුරු හෝ ඉන්නවා නම් අනිවාර්යයෙන් දඩුවම් කරන්න කිව්වා.දැන් විශ්වාස භංගයක් ගෙනත් තියෙනවා. වරදාන වරප්‍රසාදවලට යට නොවී කොන්ද කෙළින් තියන් කටයුතු කරන්න. කතෝලික මන්ත්‍රීවරුන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. තාම කතෝලික පවුල්වල මිනිස්සුන්ගේ ඇග ඇතුලේ උණ්ඩ, යකඩ බෝල තියෙනවා. ඒ අස්සේ ඇමැතිවරු ගිහින් මාධ්‍ය සංදර්ශන දානවා. ජනතාව ඉවසුවා බොහොම ඇති. ජනතාව ඉලපොත ගත්තොත් වත්තල නෙවෙයි මේ රටේවත් ජිවත් වෙනාන බැරි වෙනවා.ජනතාව එජාපයට සාප කරනවා. ආන්ඪුව කරන අයට සාප කරනවා.කතෝලික ජනතාව දන්නවා ආන්ඩුවේ සියලු දෙනා දැන දාන බෝම්බය පුපුරපු බව. කාදිනල්තුමන් ජනතාව සති තුනක් නිහඩ කරලා දුන්නා. මේ ඝාතනවලට සම්බන්ධ සියලු දෙනා බලයෙන් පහ කරන්න ඕනේ. මේ අන්තවාදය පරාජය කරන්න එකතු වෙන්න. අදත් රිෂාඩි ඇමැතිතුමාගේ මාධ්‍ය ඒකකයෙන් කුළියාපිටියේ, මිනුව්නගොඩ පින්තූර ගන්නවා. ඒ පින්තූර ඔවුන්ට උදව් ගන්න පුලුවන් රටවලට යවනවා. ඒ නිසයි අල් ජසිරා වගේ නාලිකා වල කියන්නේ බෞද්ධයින් සුලුජාතීන්ට ගහනවා කියලා. රට කරවන අයගෙන් ඉල්ලන්නේ සියලු දෙනාට නිතිය සමාන්තරව ක්‍රියාත්මක කරන්න කියලයි. වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිතුමා තඹ කර්මාන්තශාලාවේ අයට ඇපි දුන්නේ කොහොමද?මේ අයට පුද්ගලික ලිපි ගොනුවක් තියෙනවා. එහි තියෙනවා පොලිස් නිලධාරියෙක්ව දේශපාලන අධිකාරියකින් ඉල්ලනවා නම් ඒ ඉල්ලන ලිපිය. කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි මේ පොලිස් ස්ථානාධිපතිවරයාව යාපනයේ ඉදන් වැල්ලම්පිටියට ගෙන්න ගන්නේ. මේ සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන්න. වැඩපිළීවෙලක් හදන්න එකතු වෙන්න කියලා කිසිම ආරාධනාවක් නැහැ. අපි ස්වේච්ඡාවෙන් ගිහින් කරපු දේවල් විතරයි. 

එදා මිනුවන්ගොඩ මේ සා විශාල දෙයක් වෙද්දි ආන්ඩුවේ අය කිසිවක් කලේ නැහැ. අද පන්සලත් චෝදනා එල්ල කරනවා. පල්ලියත් චෝදනා කරනවා. නමුත් රුවන් විජේවර්ධන මහත්තයා නම් යුද්දේ කාලf්වත් නැති ආරක්ෂාවක් දාගෙන මිනුවන්ගොඩට ආවා. අපි අපේ ළග ඉන්න ආරක්ෂකයින් අරන් දරුවෝ ආරක්සා කරන්න කිව්වාට රටේ ආරක්ෂක ඇමැති ගොඩබහින්නේ ඇමරිකාවේ ජනාධීපිති අවා වගේ. මේ 225ට අද චෝදනා කරන්නේ ආණ්ඩුවේ ඇත්තෝ නටන නාඩගම නිසයි. මාධ්‍යට වාරණ පිට වාරණා ලැබිලා. නමුත් මාධ්‍යයේ එළි දැක්වීම නිසා ජනතාව දැනුම්වත් වෙමින් සිටිනවා. වත්තල ප්‍රදේශයෙන් පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගත්ත බව කියනවා.අපි කියන්නේ පරික්ෂණ කරන්න.මේ අයගේ ඉතිහාසය හොයන්න. ජවිපේ, එජාපයේ අයටත් මේ විදියේ චෝදනා තියෙනවා. නමුත් අපි රාෂාඩි ඇමැතිතුමා වගේ පොලිස්පතිගෙන් හෝ යුද හමුදාපතිගෙන් අත් අඩංගුවට ගත්ත කෙනාගේ සුවදුක් විමසන්න එන්නේ නැහැ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා 

මේ ආන්ඩුව බුද්ධි අංශ වාර්තා සැලකුවේ නැති නිසා ගැනිය නොහැකි විදියේ පරිහානියක් රටට සිදුවෙලා. කොටස්වෙලද පොල කඩා වැටිලා. සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටිලා. බුද්ධී අංශ නොසලකා සිටීම නිසයි මේ තත්ත්වය ඇති වුනෙ. ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වුනත් කිසිම පරීක්ෂණයක් වෙන්නේ නැහැ. අපි තිරණය කළා විශ්වාසබංග ත්‍යා්ජනාවක් ගේන්න තිරණය කළා. එජාප පුසපෙල මන්ත්‍රීවරු කියනවා මේක 2.50 විශ්වාසභංග යෝජනාවක්ලු. ඒකද එජාපයේ මතය. පළවෙනි චෝදනා විදිට තියෙන්නේ රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාගෙන් හමුදාපතිවරයාට බලපෑම් වුනු බවයි. ඒ චෝදනාව හමුදාපතිවරයා තුන් පාරක් සනාථ කරලා තියෙනවා. එහමුදාපතිවරයාට මෙහෙම බලපෑම් වෙනවා නම් පොලිස්පතිට, ගමේ ඕ. අයි. සීට මොන විදියට බලපැම් ඇද්ද. මෙහෙම තමයි එදා රිෂාඞ් බදියුදින් ඇමැතිවරායගේ සහෝදරයා හමුදාවෙන් අල්ලලා පොලීසියට දුන්නාම නිදහස් වෙන්නේ. රටේ ඇමැතිවරුන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසයි අපි විශ්වාසභංගය ගෙනාවේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුන ගමන් විජිත හේරත් මන්ත්‍රිවරයා හුසේන් බෝල්ට්ට වැඩිය වේගෙන් විශ්වාසභංගයඅරන් දිව්වා. අද ත්‍රස්තවාදයට සම්බන්ධයි කියලා ඇමැතිවරුන්ට චෝදනා එල්ලවෙද්දි අපි විශ්වාසභංග යෝජනාවවත් ගෙනාවා.මේ අය කියනවා දැන් නායකයෝ හදන්න අමාරුයිලු. ජවිපෙන් නම් නායකයෝ හදන්න එපා. ජවිපේ හදපු නායකයෙක්ගේ පුත්තු දෙන්න බෝම්බ පුපුරගෙන මැරිලා දැන් ඒනායකයා ඉන්නේ හිරගෙදර. ඒ නිසා තවත් නායකයෝ හදන්න එපා.ත්‍රස්තවාදින්ගේ මුදල්වලට යට වුනේ නැත්නම් මේ විශ්වාසභංගයට ජවිපේ සහාය දෙනවා. මේ සිදුවිම් එකින් එකට සම්බන්ධයි. දිගන සිද්ධිය කලේ ආන්ඩුවයි, පොලීසියයි, එක්සත් ජාතික පක්ෂයයි කියලා අද වෙද්දි ඔප්පු වෙනවා. බුද්ධි අංශ වාර්තාවලට ක්‍රියාත්මකවුනේ නැත්තේ ඇයි.අසාත් සාලි ආන්ඩුකාරවරයා කියනවා කඩු කන්ටේනර් 10ක් ගෙනාවලු. ඔබලාගේ ආන්ඩුවනේ තිබුනේ.මේ ආන්ඩුවේ වැඩපිලිවෙලත්‍රස්තවාදයයි.මෙ ්ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක්. මැතිවරණ කල් දාගන්න, බලය ඕනම විදිහකට රදවා ගන්න නිසයි මේ ත්‍රස්තවාදය ඇති වෙන්නෙත්, නිතිය ක්‍රියාත්මකවෙන්නේත්, ඇදිරි නිතිය තියෙන වෙලාවේ පහර දෙන්නේ ආන්ඩුවයි.මේ සියලු දේවල් මාධ්‍ය වාර්තා කරමින් තිබෙනවා. 

අද මංගල සමරවිරගේ නිල ටුවිටර් ගිණූමේ කියනවා පෞද්ගලික මාධ්‍ය වලට තව දුරටත් දැන්විම ලබා දෙන්නේ නැහැලු.හේතුව වෛරි ප්‍රකාශ සිදුකිරිම. වෛරී ප්‍රකාශ කලේ මංගල සමරවිරයි. එතුමා හින්දයි ජාතිවාදය ඇති වුනේ. ආන්ඩුවේ නොහැකියාව මාධ්‍ය තුළින් ප්‍රචාරය වුනාම දැන්විම් ලබා දෙන්නේ නැහැ කියනවා.මංගල සමරවිර කියන්නේ කිසිදු ඇමැතිකමකට සුදුසු කෙනෙක් නොවෙයි. සියලුම මාධ්‍ය රටට අවහ්‍ය බදු ටික ගෙවනවා නම් දැන්වීම් නතර කරන්න අයිතියක් නැහැ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress