දර්ශණීය පහන් කූඩුව සමඟින් නාවලකන්ද වෙසක් පිංකම් මාලාව
Posted on May 19th, 2019

පේශල පසන් කරුණාරත්න සභාපති සමනල යෞවන සමාජය නාවලකන්ද

ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කොට ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  නාවලකන්ද ගම්මානයේ ගම්වාසීන්ගේ දායකත්වයෙන් නාවලකන්ද  සමනල යෞවන සමාජය හා රන්තරු ළමා සමාජයෙහි මූලිකත්වයෙන්  වෙසක් පිංකම් මාලාවක් සංවිධානය කරමින් බුදුන් වහන්සේගේ තෙමගුල උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට පියවර ගෙන තිබුණි.

ඉදිවෙමින් පවතින නාවලකන්ද බුද්ධමන්දිරය අභියසදී උතුම් බෝධි පූජා පිංකමින් ආරම්භ වූ මෙම වෙසක් පිංකම් මාලාව මගින් තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරමින් ලැබූ විජයග්‍රහණයෙහි දස වන වර්ෂ පූර්ණය අනුස්මරණය කරමින් කුරිරු යුදධයේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් ඇතුළු සමස්ත ජනතාවට පිං පැමිණ වීමත් යුද්ධයේදී තුවල ලැබූ රණවිරුවන්ට සෙත්පැතීම පහ  පසුගිය පාස්කු ඉරු දින සිදුවූ කුරිරු ත්‍රස්ත්‍රවාදීන්ගේ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට පිං පෙත් පැමිණවීමත්, එම ප්‍රහාරයෙන් තුවල ලැබූවන්ට ඉක්මන් සුව පැතීමද සිදුකරන ලදි. නාවලකන්ද ගම්වාසීන් ඇතුළු සියළු රටවැසියන්ගේ ජීවිත ආලෝකමත් වේවා යයි ප්‍රාර්තනා කරමින් නාවලකන්ද ගම්මානය වටා දර්ශණීය පහන් වැටක් ඉදිකොට ගම්මානය ආලෝකමත් කරමින් ආලෝක පූජාවක් පැවැත්වීමද මෙම පිංකම් මාලාව හා සමගාමීව සිදුවිය.

පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරයෙන් පසු රට පුරා පැවැත්වීමට සූදානම් කොට තිබූ වෙසක් තොරණ පහන්කූඩු ආදී චිචිත්‍රාංග සියල්ල අවලංගු කරන ලද නමුත් ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් මෙම වෙසක් පිංකම් මාලාව හා සමගාමීව විශාල දර්ශණීය වෙසක් පහන් කූඩුවක්ද ගම්වාසී තරුණ පිරිස විසින් නිර්මාණය කරන ලදි. ත්‍රස්තවාදී ක්‍රියා නිසා වෙසක් උත්සව අවලංගුවූ නිසා අවට ගම්වල විශාල පිරිසකට වෙසක් සිරිවිඳීමේ අවස්ථාව මෙම පහන් කූඩුව මගින් හිමිවිය.  මේ නිසා අවට ප්‍රදේශයන්හි විශාල ජනකායක් මෙම පහන් කූඩුව නැරඹීමට පැමිණ සිටියහ. පරිවාර කූඩු 36 කින් යුත් මෙම දර්ශණීය පහන් කූඩුව  මෙම මස 18 / 19 / 20 යන තෙදින පුරා ප්‍රදර්ශණය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress