රටේ ආර්ථිකයේ එන්ජිම විදියට අපි දැක්කේ පුද්ගලික අංශයයි. අද ඒ එන්ජිමත් දුම් දමමින් නතර වෙන්න එන්නේ.
Posted on May 21st, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■             පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

■             පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා

■             පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා 

■             චම්පික අලුත් නාඩගමක් නටනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා

ලංකාවේ දැන් අපූරු දේවල් සිද්ධ වෙනවා. රජය තමන්ගේ නොහැකියාව ඕනාවටත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන මේ අවස්ථාවේ නාටකයක් දියත් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ අතරේ චම්පික ඇමැතිවරයාත් නාඩගමක් නටමින් සිටිනවා. ආණ්ඩුව බෙදිලා රටේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට දිනපති විවිධ ජවනිකා පෙළ ගස්වනවා. මේ තත්ත්වය ඉතාම භයානකයි.ආණ්ඩුව රටේ ආරක්ෂාව නොතකා හැරීම නිසයි මේ සිද්ධිය වුනේ. 

උපාධිදාරීන් එක්ලක්ෂ 55000කට රැකියා නැහැ. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අයට විතරයි රැකියා ලබෙන්නේ. අනෙක් අය තියෙන රැකියාවකට යන්න සිද්ධි වෙනවා. උපාධිධාරින් පමණක් මෙපමණ ඉන්නවා කියන්නේ විශාල ප්‍රමාණයක්. උසස් පෙළ සමත් විශ්ව විද්‍යාලයට යන්න බැරි වුන අය ලක්ෂ 12ක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 15ක් මේ වෙද්දි රැකියා පෝලිමේ ඉන්නවා. රටේ එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙද්දියි ආන්ඩුව මේ විදියට නාඩගම් නටමින් සිටින්නේ. ලංකාවේ පුද්ගලික අංශය මේ වෙද්දි විවිධ හේතු නිසා තමන්ගේ ආයතනවල සේවකයින්ව රැකියාවන්ගෙන් දොට්ට දමමින් සිටිනවා. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය අනෙකුත් සේවාවන් සමග බැදී සිටිනවා.සැපයුම්කරුවන්, රියදුරන් මේ සියලු දෙනා ආර්ථිකයෙන් වැටිලා. රටේ ආර්ථිකයේ එන්ජිම විදියට අපි දැක්කේ පුද්ගලික අංශයයි. අද ඒ එන්ජිමත් දුම් දමමින් නතර වෙන්න එන්නේ. එක පැත්තකින් දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ආන්ඩුවේ නොහැකියාව තදින්ම පේන්න තියෙනවා. රුකියා වෙළෙඳපොළේ රජයේ හෝ පුද්ගලික අංශවලින් රැකියා සැපයීිමක් සිද්ධ වෙන්නේ නැහැ.    

රටේ ආර්ථිකය ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ මිළදි ගැනීමේ හැකියාව සම්පුර්ණයෙන්ම වැටිලා තියෙන්නේ. වෙනදා කිලෝ එකක් මිලදී ගත්ත මිනිහා අද මිලදි ගන්නේ ග්රෑම් 250යි. අපේ පළාතේ පොල් තොග මිල රුපියල් 20යි. රුපියල් 20ට පොල් ගෙඩියක් විකුණලා අපේ කර්මාන්තය රැකගන්න බැහැ.  බිත්තර කර්මාන්තයත් අද බරපතල තත්ත්වයකට ඇද වැටිලා. සහල් මිල පහත වැටෙන්නේ ඉල්ලුමක් නැති නිසා. මේ සියල්ලෙන් පේන්නේ ජනතාවට මිලදි ගැනීමේ හැකියාවක් නැති බවයි. මේ පාලකයින් යටතේ රට අසාර්ථක වෙමින් තිබෙනවා. රට ගෙනියන්න දවසකට ආන්ඩුවකට රුපියල් බිලියන 4ක් ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. මේ වසරේ පළවෙනි කාර්තුව කිසිවෙක් බදු ගෙවලා නැහැ. බදු ගෙවන්න  ආදායමක් නැහැ. රජය බදු වැඩිකරලා බදු ගන්න හැදුවත් ඒක හරි ගිහින්ලත් නැහැ. ව්‍යාපාරික ක්සේත්‍රයේ මේ දැවැන්ත බිදවැටීමට හේතුව මිනිස්සු අත මුදල් නොගැවසීම. 

පාස්කු ප්‍රහාරයෙන්පස්සේ අපේ රට විදෙස්රට වල කෙලිබිමක් වෙමින් තිබෙනවා. ආන්ඩුව අත් දැකීමක් නැතිව විවිධ රටවල් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරමින් තිබෙනවා. රටේ ආරක්ෂාව ගැන බිදුවකවත් අවබෝධයක් තියෙනවා නම් මේ විදියට වැඩ කරන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ආභාෂය හා උපදෙස් පමණයි මේ අයට ලැබුනේ කියලා මම හිතනවා. ආරක්ෂක අංශවල කාර්ය කරන්නඅ පි ඉඩ දෙමු. ලෝක බලවතුන් අපේ රට ගැන ඉව අල්ලමින් සිටිනවා. අපේ රටේ නිදහස භෞමික අඛණ්ඩතාවය ගැන ඕනේ තරම් අපිට උදාහරණ තියෙනවා. 1948 නිදහස ගත්තත් 1956 වෙද්දි අපේ රට ස්වාධීන කරන්න බණ්ඩාරනායක මහත්තයා පියවර ගත්තා. ත්‍රිකුණාමල වරායෙන් කටුනායකින් හමුදා කදවුරු ඉවත් කෙරුවා. සිරිමාවෝ මැතිණිය ජනරජ ව්‍යවස්ථාව මගින් බි්‍රතාන්‍ය ඩොමිනියන් පාලනයෙන් ඉවත්වුනා. රටේ රාජ්‍ය නායකයෝ රටේ ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට මුල්තැන දුන්නා.  දැන් දවසින් දවසට අපිට අහන්න ලැබෙන්නේ විවිධාකාර ආරක්ෂක ගිවිසුම් ගැන. ඇමරිකාවත් එක්කත් 2018 දි ගිවිසුමත් අත්සන් කළා. තවත් ගිවිසුමකට ආන්ඩුව උත්සාහ කරමින් සිටිනවා. ඒ කියන්නේ අපිට අපි ගැන විශ්වාස නැහැ. ආන්ඩුව බලයට පත්වෙලා ජනතාවගේ බලාපොරොත්තු සුන් කරන එකයි කරලා තියෙන්නේ. මේ වගේ අනාරක්ෂිත තත්ත්වයකට රට පත්වෙලා නැහැ. මේ විදියට දෙමව්පියෝ දරුවෝ පාසල් නොයවා ඉදලා නැහැ. රජය ගැන විශ්වාසයක් නැති මේ වගේ තත්ත්වයක ඇයි මේ ආන්ඩුව තවත් ඉන්නේ. දැන් පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා එකක් පටන් අරන්. අපි මොනවා කරන්නද? සමහරු සන්හිදියාව ගැන කියනවා. මේ දේශපාලන නඩය උත්සාහ කරන්නේ  රට තවතවත් අස්ථාවර කරන්නයි. 

■             ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් ආන්ඩු කරන්න ගියේ නැහැ. නමුත් අපි වගකිම් සහිත විපක්ෂයක් විදියට රට ස්ථාවර කරන්න, ජනතා විශ්වාසය ඇති කරන්න පියවර ගන්නවා. 

■             එජාප ආන්ඩුව දුර්වල වෙද්දි ජවිපේ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

අසමත් රාජ්‍යයක් බවටයි අපි පත්වෙමින් සිටින්නේ. ග්‍රිසිය වැනි රටවල් ඒ තත්වයට පත්වුනා. අදට පාස්කු ප්‍රහාරයට මාසයක්. මේ මාසයේ රජයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම රජයේ අසමත්භාවය අපිට පැහැදිලි වෙනවා. අද විපක්ෂ නායකතුමා පාසල්වලට යනවා. අපි පහළම දේශපාලනඥයාගේ සිට ඉහළම දේශපාලනඥයා දක්වා රටේ අස්ථාවරභාවය නැති කරන්න තීරණය කළා. ඒ අනුව අද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධානපෙලේ පාසල්වලට ගියා. ඒ වගේම අපේ අනෙකුත් දේශපාලනඥයින්ගේ ළමයි අනිවාර්යයෙන් පසල් යවන්නත්, අනෙක් පාසල්වලට ළමුන් යැවීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම රාජ්‍ය සේවකයින් තවමත් වාර්තා වන්නේ 60%යි. ඔවුන්ගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්නත් අපි මැදිහත් වෙනවා. අපි ආන්ඩුවක් ගත්තත් රාජ්‍යයේ මේ වගේ අස්ථාවර තත්ත්වයක් තිබීම ප්‍රශ්නයක් වෙන නිසා අපි දැන් ඉදන්ම මැදිහත් වෙන්න තීරණය කළා. ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් ආන්ඩු කරන්න ගියේ නැහැ. ආන්ඩුවට බැරි දේවල් විපක්ෂය කරන්න ගියේ නැහැ.  ආන්ඩුව වගකිම ගන්නේ නැත්නම් තව මාස කිහිපයකින් බලයට පැමිනෙන විපක්ෂයක් විදියට අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. 

රට අසමත් රාජ්‍යයක් බවට පත්වෙන කරුණු කිහිපයක් තියෙනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා කියනවා මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා. මුජිබර් රහුමාන් කියනවා ආන්ඩුව වගකිම භාරගත යුතුයිලු. මේ අය ආන්ඩුවේ නෙවෙයිද. මාධ්‍යයට ඇවිත් ආන්ඩුව වගකීම භාරගත යුතුයි කියන්නේ ඇයි. සජිත් ප්‍රේමදාස කියනවා නායකයා පුන පුනා කියන ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගන්න ඕනලු. නියෝජ්‍ය නායකයා ඒ ක කියන්න ඕනේ තමන්ගේ නායකයාට. නැබිනට් එකේදී හරි ආන්ඩු පක්ෂ කණ්ඩාටම් රැස්වීමේදි මේ ගැන කතා කරනවා වෙනුවට ජනතාව ඉස්සරහට ඇවිත් කියලා හරි යනවාද? මේ ව්‍යාකූල තත්ත්වයෙන් පේන්නේ ආන්ඩු කරන්න බැරි බවයි. කිසිම කාලයක හමුදාපතිවරු, පොලිස්පති ඇවිත් මාධ්‍ය ඉදිරියේ දරුවෝ පාසල් යවන්න කියද්දි දෙමව්පියෝ දරුවෝ පාසල් නොයවා ඉන්නේ නැහැ. අපි අනාවැකියක් කියනවා මේ විදියට ගියොත් 1% ආර්ථික වර්ධනයකට රට බහුනවා. අපි හැම උපාධීධාරියාටම රැකියාවක් දුන්නා. 2014 දෙසැම්බර් වල ඉදන් අද වෙනතුරු උපාධිධාරින්ට රැකියා නැහැ. ගිය සතියේ ගෝල්ෆේස් හෝටලයේ 125ක් එලියේ. මේවායින් පේන්නේ අනාගතයේ තරුණ නැගීටිමක් වෙන බවයි. ගිය සතිය වෙද්දි හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් නතර වෙලා. ඊ.ටී. එෆ්, ඊ. පී. එෆ් මිලදී ගන්න හදනවා. මේවා භයානකයි. රටේ වෙලදපොල අක්‍රිය වෙලා. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැති වෙලා. දැන් ආණ්ඩුව එළියට යන්න ඕනේ.

මේ අස්සේ ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්නේ විසුරිලා තියෙන ආන්ඩුව එකතු කරන්න. මේ ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුව වෙනුවෙනු ඉදිරිපත් වෙන කීවෙනි අවස්ථාවද බලන්න. එජාප ආන්ඩුව දුර්වල වෙද්දි ජවිපේ ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. මේ වෙලාවේ රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයටත් සහාය දීලා, අපිත් එක්ක කතා කරලා ආණ්ඩු විරොධී විශ්වාසභංගයක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණට හැකියාව තිබුණා. අපි ඉදිරිපත්කරපු විශ්වාසභංගය නිසා ආන්ඩුවේ බෙදීමක් ඇතිවුනා. කතෝලික මන්ත්‍රීවරුන්ට වගේම තවත් සමහර මන්ත්‍රීවරුන්ට ඡන්දය නොදී ඉන්න විදියක් නැති වුනා.එක ඇමැතිවරයෙක්  එළියට බැහැලා වෙනත් මඟක් හොයනවා. මාධ්‍යට නිතරම කතා කරපු තව ඇමැතිවරයෙක් නිශ්ශබ්ද වෙලා. තවත් ඇමැතිවරු විපක්ෂය එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ආන්ඩුවේ අස්ථාවරභාවය එළියට හොදින්ම පෙන්වා. සමහර මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ ආන්ඩුව විවේඡනය කිරිම ආරම්භ කරලා ඉන්නේ. අද මන්ත්‍රීවරයෙක් රිසාඞ් බදියුදීන්ට විරුද්ධව ඡන්දේ දෙන බව ප්‍රසිද්ධියේ කිව්වා. මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවකයි රතු අලි පැටියා සුදානම් වෙන්නේ ආන්ඩුව එකතු කරන්න. ජවිපේ ඉතිහිසයේ කිසිදු දවසක නොකරපු කොන්ත්‍රාත්තුවක් මේ කරනන යන්නේ. 

දැන් සමහරු සන්ධාන ගහන් එලියට යන්න සූදානම්. මේ අවුරුද්ද අන්තිමට ඇමැතිවරු දෙතුන් දෙනෙක් එලියට ගිහින් ඉදිරි වැඩ කරන්න සූදානම් වෙනවා. මේක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න සූදානම්. සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා ප්‍රති ත්‍රස්ත පනත ගොනවොත් ධවල පත්‍රිකාව ගෙනාවා වගේ වැඩක් සිද්ධ ඒ වගේ සමහරුන්ට මිනිස්සුන්ගේ හදවතේ තියෙන දේවල් තේරුම් අරන් නිශ්ශබ්දව ඉන්නවා. ආන්ඩුවේ අවසානකාලය යන්නේ. අද බැංකුවල තත්ත්වය බලන්න. රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් දෙන්න මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර අරන් තියෙන්නේ කියලා. අද වෙනතුරු බැංකුවලට චක්‍රලේඛණය යවලා නැහැ. ඉස්සර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ඉන්න කොට මෙවැනි සිද්ධියක් වුන හැටියේ බැංකු ගෙන්වලා අවශ්‍ය අපදෙස් දුන්නා. ගංවතුරක් වුනාමත් මේ විදියට අවශ්‍ය පියවර ඉක්මනින්ම ගත්තා. අද වෙනතුරු චක්‍රලේඛණය යවලා නැහැ. මේ ආන්ඩුව මහජන ආරක්ෂාව සපයන්න බැරි, ආර්ථිකය වැටුනු, සේවා බිද වැටුනු මේ වෙලාවේ රට තවත් අරාජික නොකර ඉවත් වෙන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

■             ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව සියලු ආගමිකයින්, සියලු ජාතිකයින් එක්ව වෙසක් දිනය සමරලා පෙන්නුවේ මුදල් ඇමැතිට කනේ පහරක් ගහනවා වගේ

■             රිෂාඞ් බදියුදින් කියන්නේ ආන්ඩුවේ ලොකු මුලක්. මුල කපලා ගහ පෙරලමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා 

මුදල් ඇමැතිතුමා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කිව්වා. ඒ අතරේ වෙසක් පොහොයත් ආවා. එක පැත්තකින් ආගමික ත්‍රස්තවාදින්ගේ තර්ජනයත් තියෙද්දි වෙසක් අත්සවය පවත්වන්න ජනතාව උනන්දුවෙන් කටයුතු කළා.  මේක සිංහල රටක් බව කනේ පහරක් ගහලා පෙන්වලා දුන්නා වගේ. ඉස්ලාම් ක්‍රිස්තියානි ඇතුලු සියලු ආගම් එකතු වෙලා වෙසක් සැමරුවා. ආන්ඩුවේ වාසයට කතාකරන ඇමැතිවරු මේ වෙසක් එකේදි හොදටම ඇණ ගත්තා. මංගල සමරවිර කියන්නේ ආන්ඩු කඩා වැටෙද්දි මුක්කු ගහන කෙනා. දැන් මාධ්‍යය වලට වෙළඳ දැන්විම් දෙන්නේ නැහැලු. මේ සල්ලි එතුමාගේ භූදලය නෙවෙයි. රටේ ජනතාවගේ මුදල්. වැඩියෙන් ශ්‍රාවකයෝ බලන තැන්වලටයි වෙලෙද දැන්වීමේ දෙන්නේ. සිල් රෙදි දුන්නා කියලා උගත්, තැන්පත් පුද්ගලයෙක් වෙන ලලිත් වීරතුංග මහත්තයාව හිරේ දැම්මා. දේශපාලන පලිගැනීම්වලට ජනතාවගේ මුදල් යොදවන අමාත්‍යංශවල ලේකම්වරුන්ට නිලධාරීන්ට ඉදිරියේදී මේ දේවල්වලට වගකියන්න වෙනවා. කඩාවැටෙන ආන්ඩුව මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා. මේවාට රජයේ නිලධාරීන් මැදිහත් වෙලා අමාරුවේ වැටෙන්න එපා. ඇමැතිවරුන්ගේ වැරදි වැඩට සම්බන්ධ වෙන්න එපා. 

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් තියෙන බව කියනවා. ජනාධිපතිතුමා ඒක කරන එකක් නැහැ.එතුමාගේ වටේ ඉන්න අයට ඒක කරගන්න ඕනෙකම තියෙන්නේ. එතුමා මට අවුරුදු 6ක් එපා පහක් තිබුණාම ඇති කියලා 19 වැනි සංශෝධනයෙන් ධූර කාලය අවුරුදු 5ක් කරගත්තා. තව මාස 6ක් එතුමා ඉල්ලනවා කියන්නේ බොරුවක්. 

ජවිපේ ලහි ලහියේ විශ්වාසභංග යෝජනාවක් සුදානම්. රිසාඞ් බදුයුදීන්ට එරෙහි චෝදනාව රට හැමතැනින්ම එල්ල වෙමින් තිබෙන දෙයක්. ඒකාබද්ධ විපක්ෂය මේක පරාජ්ය කරන්න සූදානම්. එවැනි වෙලාවක මේකට සහාය වෙන එකයි කරන්න තිබුනේ.ආන්ඩුව එළව ගන්න තිබුණ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ මේකට අදව් කලේ නැහැ. ලහි ලහියේ ආන්ඩුව එළවන්න තියෙන උනන්නදුව ගැන සැකයි. දෙමළ සන්ධානයටත් මේකට උදව් කරන්න අයිතියක් තියෙනවා. මඩකලපුවේ පල්ලියකටත් ගැහුවා. ක්‍රිස්තියානි මන්තී5වරුනුත් විරුද්ධයි. දැන් 113ට ආසන්න වෙලා තියෙන්නේ. ඒ පරාජය අබිමුවේ ඉන්න ඇමැතිවරයා ගලවා ගන්නයි හදන්නේ. රිෂාඞ් බදියුදින් කියන්නේ ආන්ඩුවේ ලොකු මුලක්. මුල කපලා ගහ පෙරලමු. ආන්ඩුවට ගේන විශ්වාසභංගය කලින් ගෙනාවොත් ආන්ඩුව රැක ගැනීමයි වෙන්නේ. ජාතියේ නාමයෙන් මේ දේ කරන්න එපා කියලා අපි ජවිපෙන් ඉල්ලා සිටිනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress