මැතිවරණ නොපැවැත්වීම නිසා අර්බුද රැසක්.
Posted on May 22nd, 2019

කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්

පළාත් සභා මැතිවරණ නිසි කලට නොපැවැත්වීමෙන් පළාත්වල පරිපාලන  ගැටළු රැසක් ඇතිවී ඇති බව කැෆේ සංවිධානය කියයි.එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අමඩ් මනාස් මකීන් මහතා අද (22)රාජගිරියේදී පැවැති සාකච්ඡාවකදී  මේ බව පෙන්වා දුන්නේය.  ඌව පළාත් සභාව හැරුණු විට අනිකුත් සියලම පළාත් සභාවල නිල  කාලය මේ වන විට අවසන් වී ඇති අතර එම පළාත් සභා මේ වනවිට පාලනය කරනු ලබන්නේ ආණ්ඩකාරවරුන් විසිනි.  එක් එක් පළාත්වල ජනතාවගේ කැමැත්තෙන් තෝරගත් නියෝජිතයින් වෙනුවට ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පත්කළ ආණ්ඩුකාරවරයා පමණක් යොදා ගැනීම අනුමත කළ නොහැකි බව හෙතෙම කියා සිටියේය.

රජය විවිධ හේතු දක්වමින් පළාත් සභා මැතිවරණය නොපවත්වා  ආණ්ඩුකාරවරුන් යටතේ දිගින් දිගටම එම පළාත් පාලනය කිරීම මඟින්  ජනතා පරමාධිපත්‍යය බලය  උල්ලංඝනය වන  බව ද අහමඩ් මනාස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පළාත් සභා සඳහා සීමා නිර්ණය කිරීම් තවමත් අවසන් නොමැති නම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

දිගින් දිගටම මැතිවරණ නොපැවැත්වීමෙන් පාලන ක්‍රමය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වී යන බවත් ඒ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමේ අනිසි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවනු ඇති බවත් අහමඩ් මනාස් මහතා මෙහිදී පැවැසීය.

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress