මේ නායකත්වය තවත් කාලයක් පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි. සියල්ලට පෙර රට ගැන සිතිය යුතු කාලයක් නැවතත් එළැඹිලා …………-මහින්ද රාජපක්ෂ –
Posted on May 22nd, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටිනවා. මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප්‍රශ්න ඇති කරන්නක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්. ත්‍රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා. නමුත් ඒ කාලේ මේ විදියට රට අස්ථාවර වුනේ නැහැ. එදා ත්‍රිවිධ හමුදාව ඇතුලු රටේ නායකත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබුණා. මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇති වුනා.  අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.
මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කලේ නැහැ. පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත්‍රණය යොදා ගැනීමයි. මෙවැනි වාතාවරණයක් රටට උදාවුනේ මේ නිසයි.
මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාසය තියන්න පුලුවන්. ජනාධිපතිවරණයත් පුලුවන් නම් නොතියා ඉන්නයි සුදානම. එවැනි තත්ත්වයක් ඇති වුනොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ලංවෙද්දි පහුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිද්ධ වෙන්න පුලුවන්.
හැමදේම දේශපාලනිකරණය වෙලා රට අස්ථාවර වෙලා තියෙන මේ අවස්ථාවේ ලාබාලම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටිනවා. ඇමරිකානු හිටපු තානාපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් පැහැදීමකින් කතාකළා. මීළග ආන්ඩුව බිහිවීම පිළිබද සැකයක් නැති බව ඔහු සදහන් කලේ පක්ෂය රට පුරා ක්‍රියාත්මක වෙන ආකාරය අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා  
මාධ්‍ය – විශ්වාසභංග යෝජනාවට මොකක් වෙයිද?
මහින්ද රාජපක්ෂ මහතා – විශ්වාසභංග යෝජනාව කාරක සභාවකට දාලා තියෙන්නේ. විපක්ෂය විදියට අපි රැස්වෙලා තීරණය කරනවා මෙයට අපි යා යුතුයිද කියලා. එයාලාගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම වැඩියි කියලා දැන දැනත් අපි ගිහින් එතැන වාඩි වෙලා ඉන්න ඕනෙද කියලා අපේ හදවත් විමසනවා.

2 Responses to “මේ නායකත්වය තවත් කාලයක් පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි. සියල්ලට පෙර රට ගැන සිතිය යුතු කාලයක් නැවතත් එළැඹිලා …………-මහින්ද රාජපක්ෂ –”

  1. Christie Says:

    The natives of the country will disappear and Indian Parasites will prosper like in Andamans, Mauritius r Guayana.

  2. jay-ran Says:

    “මේ නායකත්වය තවත් කාලයක් පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි”
    THIS IS A 100% TRUE PREDICTION BY MR!!!
    Because?,During the past several decades we have noticed HOW THIS BATALANDA MASS MURDERER,MADEARRANGEMENTS FOR FOREIGN INVADERS TO HARASS SRI LANKA IN MANY FIELDS!!!
    THIS FOOL HAS NO FUTURE!
    HAS NO GOOD MARRIED LIFE!!
    B’cause HE IS, Gxl KxxxxA!!!
    AS A RESULT,NO CHILD YET?????
    I FEEL SORRY FOR HIS WIFE!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    THERE IS NOTHING THAT WE CAN DO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress