දේශපාලනඥයෙක් එපා, 225ම එපා, කියලා ජනතාව ගොනාට අන්දන්න හදන අය කරන්නෙත් දේශපාලන කොන්ත‍්‍රාත්තුවක්. මෙහෙම කියලා තෝරගන්න කෙනාත් අන්තිමට කරන්නේ දේශපාලනයමයි…………………………. – මහින්ද රාජපක්ෂ –
Posted on May 23rd, 2019

පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුව

පාරවල් වහගෙන යන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ල වෙන විරෝධයෙන් පේන්නේ ජනතාව සිටින පීඩනයේ තරම යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (23* බත්තරමුල්ල නෙලූම්මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා
වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා. මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් බව වසන් කරනවා. බටහිර න්‍යාය පත‍්‍රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත් අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි.
ලාබාලතම දේශපාලන පක්ෂය වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශාල ඡුන්ද සංඛ්‍යාවක් අරන් ජයග‍්‍රහණය කළා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙවැනි ජයග‍්‍රහණයක් ලබන්නේ ඔබ සියලූ දෙනාගේ කැපවීම හා උනන්දුව නිසයි. ඇමරිකාවේ හිටපු තානාපතිවරයා මෑතකදී ලංකාවට පැමිණි අවස්ථාවේ අපේ පක්ෂයේ සංවිධාන ව්‍යුහය ගැන පැහැදීමෙන් කතා කළා විතරක් නෙවෙයි ඊළග ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් අවිශ්වාසයක් නැති බවත් සදහන් කළා. ඒ වගේම අද සන්ඬේ ටයිම්ස් පුවත්පත පළමුවරට සදහන් කරනවා ශී‍්‍ර ලංකාවේ පවතින රජය අනිවාර්යයෙන්ම පරාජයට පත්වෙන බව.
ත‍්‍රස්තවාදී බෝම්බ පිපිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට නැගෙනහිර පළාත සමග සම්බන්ධකම් තිබෙන බව මේ වෙද්දි හෙළිවෙලා තියෙනවා. මේ ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයත් එක්ක දේශපාලනයේ වෙනසක් සිදුවෙමින් පවතිනවා. ජනතාව දැඩි විදියට ආණ්ඩුවේ කි‍්‍රයා පිළිවෙත විවේඡුනය කරනවා. පහුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මේ කියන පුද්ගලයා දේශපාලනිකව අපිව පරාජය කරන්න කටයුතු කළ පුද්ගලයෙක්. මුස්ලිම් ජනතාව වාසය කරන ගම්බිම්වලට ගිහින් අපිට විරුද්ධව දේශපාලනයේ නිරතවූවෙක්. ඒ පුද්ගලයාගේ සම්බන්ධකම් තිබුනේ කා එක්කද කියන දේ දැන් එළිවෙලා ඉවරයි.
ළ`ගදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පල කලා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ කි‍්‍රයාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.
අපේ ආණ්ඩුව කාලයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල විශාල සංවර්ධනයක් කළා. අපේ කාලයේ ඒ පළාත් වල කරපු වැඩවලට අමතරව මේ ආණ්ඩුව පත්වුනාට පස්සේ බෝක්කුවක්වත් හදලා නැහැ. අපි සියයට 98ක් ජනතාවට විදුලිය දුන්නා. පාලම් හැදුවා. ප‍්‍රදේශයේ ආර්ථික දියුණූවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළා. රේල්පාර හදලා උතුරට දුම්රිය එව්වේ උතුර දකුණ යා කරමින්.
දැන් අඩුම තරමේ තමන්ගේ දහදිය මහන්සියෙන් වගා කරන දේවත් විකුණගන්න බැහැ. තොග වෙලෙන්දන්ට මැදිවෙලා ගොවිජනතාවට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. බඩු ගොවියාගෙන් හාල්, එලවලූ තුට්ටු දෙකට මිලදීගන්න මේ දේවල් වෙලෙදපොලේ ගිණිගනන්.මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ආර්ථිකය අතින් ගත්තාම රට පුරාම තියෙන්නේ මේ තත්ත්වයයි. අපි ඉක්මනින්ම මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යයි.

One Response to “දේශපාලනඥයෙක් එපා, 225ම එපා, කියලා ජනතාව ගොනාට අන්දන්න හදන අය කරන්නෙත් දේශපාලන කොන්ත‍්‍රාත්තුවක්. මෙහෙම කියලා තෝරගන්න කෙනාත් අන්තිමට කරන්නේ දේශපාලනයමයි…………………………. – මහින්ද රාජපක්ෂ –”

  1. Dilrook Says:

    Of course but that is not the point. Humans are a political animal. They have not rejected politics. They have rejected the 226 politicians. We need a new set of politicians, not recycling the same old clans.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress