හමුදාපතිවරයාට බලපෑම් කිරීම රිෂාඞ් බදියුදින්ට විශ්වාසභංගයක් ගේන්න ප්‍රමනවත් වගේම දණ්ඩ නිතී සංග්‍රහයට අනුව සිරගත කිරීමට තරම් වරදක්-මහාචාර්ය ජි. එල්. පිරීස්
Posted on May 27th, 2019

අද (27) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (27) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරීස් මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

රජයේ විමර්ශන අපක්ෂපාතී නැති බවයි ලෝකයට පේනනේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරීස් මහතා
රිසාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය තව මාසයකින් විවාදයට ගැනීමෙන් ඵලක් නැහැ. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් මේ සම්බ්නධයෙන් වගකීම තිබෙන්නේ කරූ ජයසුරිය මහතාට බව සදහන් කරලා තියෙනවා. මම අස්වෙන්නේ මොකටද. මාධ්‍ය මාෆියාවෙන් මාව වැරදිකරුවෙක් කරලා තියෙන්නේ කියලා රිෂාඞ් බදුයුදීන් කියනවා. ඒ කියන්නේ මාධ්‍ය මාෆියාවෙන් තමයි එතුමාට මඩ ගහලා එතුමාව වැරුදිකරුකරලා තියෙන්නේ. කිසිම හේතුවක් නැතිව දිගින් දිගටම රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාව බ්ලැක් ලිස්ට් කරලා කියලා නවීන් දිසානායක ඇමැතිවරයා කියනවා.

රිසාඞ් බදියුදීන් අන්වාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතුයි කියන තැනයි අපි ඉන්නේ. ලක්සතොස සහල් ගණුදෙනුව සම්බන්ධයෙන් එතුමාගෙන් පැය ගණන් ප්‍රශ්න කෙරෙනවා. විල්පත්තු වනාන්නතරය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඥාතින් හා මිත්‍රයන් සම්බ්නධයෙන් චෝදනා තියෙනවා. එතුමාගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒ වගේම එතුමාගේ අමාත්‍යංශයේ රහස් කාමරයක් සම්බන්ධයෙන් කියැවෙනවා. අපි ඒ සියල්ල අමතක කරලා එක් කරුණකට පමණක් අවධානය යොමු කරමු. හමුදාපතිවරයා කියනවා රිෂාඞ් බදුයිදින් ඇමැතිවරයා තමන්ට තුන්වතාවක් ඇමතුම් දුන්න බව. ප්‍රථම ඇමැතුමේදී හමුදාපතිවරයා හොයලා බලන්නම් කියනවා. දෙවන වතාවටත් ඇමතුමක් දුන්නාම යුද හමුදාපති කියන්නේ තවම ඒ සම්බන්ධයෙන් මොකුත් කලේ නැහැ කියලයි. තුන්වැනි වතාවටත් යුද හමුදාපතිට කතාකරනවා. ඒ අවස්ථාවේදී එතුමා කියනවා තව අවුරුදු එකහමාරකින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න කියනවා. මේක බරපතල කරුණක්. සැහැල්ලුවට සලකන්න බැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න හදිසි නිති රෙගුලාසි අවශ්‍ය නැහැ. දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති පමණක් ප්‍රමාණවත් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න. මේක හිරේ යන විදියේ වරදක්. යුක්තිය පසදලීමේ ක්‍රියාවලියකට බාධාවක් කිරීම, විමර්ශනයකට මැදිහත් වීම වෙලා තියෙන්නේ. මේක බරපතල වරදක්. අප්‍රියෙල් 21 ඛේදවාචකයට වගකිව යුත්තන් සොයා ගන්න බැරි වෙනවා. රජයේ දෙපාර්තමේන්තු 45ක් විතර මේ ඇමැතිවරයා භාරයේ තියෙනවා. මොහු කතා කරන්නේ යුද හමුදාපතිවරයාටයි. වගකිය යුතු පුද්ගලයින් නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වෙනවා විතරක් නෙවෙයි. මෙවැනිනක් නැවත සිදුවිම වැළැක්විමටත් නොහැකි වෙනවා.

රජය විමර්ශන සම්බන්ධයෙන් අපක්ෂපාතී නැති බවක් පේනකොට තත්ත්වය මොකක්ද. තානාපතිවරු කැදවා ලංකාවේ වාතාවරණය සුබදායි බව අගමැතිවරයා කියද්දි මේ විදියට විමර්ශන විකෘති කිරීම මගින් වෙන්නේ මොකක්ද? සමහර විදේශිය සමාගම් කියන්නේ ශ්‍රී ලංකා රජය ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පියවර ගැන සෑහිමකට පත්වෙන්න බැහැලු. තමන්ගේ රටවල ආරක්ෂක නිලධාරීන් ගෙනත් මෙහි තියෙන ඔවුන්ගේ දේපල ආරක්ෂා කර ගන්න වෙන බව දැන් කියනවා. ෂැංගිලා, චින වරාය ආරක්ෂා කරන්න චිනයෙනුත්, ඉන්දියානු තෙල් සමාගම් සදහා ඉන්දියාවෙනුත් ආරක්ෂාව ගේන්න හදනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගත්තත් පවතින විමර්ශන සම්බන්ධයෙන් රජයේ ඇමැතිවරුන් මේ විදියේ බලපෑම් කරනවා නම් වැඩක් තියෙනවාද? වංක ලෙස රජය විමර්ශන කරමින් සිටින්නේ. මේ ඛේදවාචකයට සම්බන්ධ බවට 89ක් අත් අඩංගුවට අරන් කිව්වාත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරන්නේ නැත්තේ ඇයි. වෙන පනත් යටතේ අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප ගැනීම පහසුයි. නිවැරදි පනත යටතේ චෝදනා ගොනු නොකරන්නේ චේතනාන්විතව කියලයි අපිට හිතෙන්නේ. යම් යම් පුද්ගලයින්ගෙන් හෙලිවන තොරතුරු රජයට හානියක් වෙන නිසයි මෙහෙම කරන්නේ. අත් අඩංගුවට ගන්න පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේ බලය හමුදාවට නොදෙන්නේ ඇයි. ත්‍රස්තවාදි කණ්ඩායම් තුනක් තහනම් කරන්න සති තුනක් ගත්තේ ඇයි. ආරක්ෂක මණ්ඩලය මේ විදියට දේශපාලනීකරණය කලේ ඇයි. දේශපාලනඥයින් මේවායේ වාඩිගත්තේ ඇයි. මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක මණ්ඩලයේ සිටින කාලයේ ආරක්ෂක මණ්ඩලයේ දේවල් සටහන් කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. ආරක්ෂාවට සම්බන්ධ පුද්ගලයින්ට හරයක් ඇති සාකච්ඡාවක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ දේශපාලනඥයෝ ගිහින් වාඩි වුනාම. ඇයි කමිටු වාර්තා ඉදිරිපත් නොකරන්නේ. f ම්සියලු දේ දිහා බැලුවාම විමර්ශන කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි ඇමැතිවරයෙකුට බලයේ සිටින්න නිත්‍යාණූකූලව හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

සභානායකතුමා කිසිදු පැකීලීමකින් තොරව පාර්ලිමේන්තුවේදි කිව්වා මෙවර අපේ පාක්ෂිකයින්ට උදව් කරන්න සමෘද්ධි දීමනාව දෙන බව. සමෘද්ධි දීමනාව දෙන්නේ දිළිදු බව තුරන් කිරිමටයි. පාක්ෂිකත්වය අදාල නැහැ. ආර්ථික ශක්තියක් නැති පුද්ගලයින්ට ඇරෙන්න පාක්ෂිකයින්ට දෙන දිමනාවක් බවට පත්කිරීම නීතී විරෝධියි. මේ නීතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ වෙන සියලුම නිලධාරීන්ට අපි දැඩි පියරව ගන්නවා ඉදිරි රජයකදී .

ආන්ඩුවේ නොහැකියාව පාර්ලිමේන්තුවේ 225ම පිටින් යවන්නයි සුදානම. මේ ආන්ඩුවත් මරාගෙන මැරෙන්නයි සූදානම. තමන්ගේ නොහැකියාව පිළිගන්නේ නැතිව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදනවා. අගමැතිගේ කුණු අපේ ට්‍රැක්ටරයේ අදින්න අපි සුදානම් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රජය ජනතාව අතර අලුත් මාතෘකාවක් නිර්මාණය කරමින් සිටිනවා. ආන්ඩුවේ නොහැකියාව දුබලතාවය නිසා එදා බෝම්බ ප්‍රහාරය එල්ල වුනත් අද වෙන තුරු ආරක්ෂක අංශවලට නිවැරදිව පියවර ගන්න දෙන්නේ නැහැ. මේ නිසා ජනතාවට අප්‍රිය වෙලා තියෙන ආණ්ඩුව වෙනුවට ආන්ඩුව ඇතුලේ ඉන්න අයම කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම සම්බන්ධයි කියනවා. ත්‍රස්තවාදියා ආවේ මරාගෙන මැරෙන්නනේ. ඒ වගේ මේ ආන්ඩුවත් දැන් සූදානම් වෙන්නේ විපක්ෂයත් මරාගෙන මැරෙන්නයි. ආන්ඩුව පාලනය කලේ 225ද. 2015 ජනවාරි 8 වැනිදා ඉදන් පහුගිය ඔක්තෝම්බර් විතර වෙනකල් ආන්ඩුව පාලනය කලේ එජාප, ශ්‍රීලනීප, දෙමල සන්ධානය හා ජවිපේ කියන කණ්ඩායම් එකතු වෙලයි. හීලෑ වුනු විපක්සයේ විපක්ෂ නායක සම්බන්ධන්. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක. ඒ අය ආණ්ඩුව පාලනය කරලා රටේ ආරක්ෂාව ගැන තීරණ අරන් වැඬේ වැරදුනාම දැන් කියනවා 225ම එපා කියලා. අපි මේ ආන්ඩුවේ හිටියේ නැහැ. අපි මේ ආන්ඩුවෙන් බේරිලා හිටියේ හරිම අමාරුවෙන්. අගමැතිතුමගේ කුණු ටික අපේ ට්‍රැක්ටරයේ අදින්න ලෑස්ති වෙන්න එපා. ආන්ඩුවේ කුණු ආන්ඩුවේ ට්‍රැක්ටර්වලින්ම ඇදගන්න. එදා යුද්ධට කරන වෙලාවේ අපේ ආන්ඩුව වාසි අවාසි දෙකම භාරගත්තානේ. කටුනායක ගාමන්ට් ෆැක්ටරිවල සිද්ධියෙන් මරණයක් වුන ගමන් කිව්වේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව වගකියන්න ඕනේ කිව්වා. මේ ආන්ඩුව කියන්නේ 225ම වගකියන්න ඕනේ කියලයි. මේකට ආන්ඩුව කළ අය විතරයි වගකියන්න ඕනේ. අපේ ආන්ඩු කාලේ ආරක්ෂක මණ්ඩලය සතියකට දෙවතාවක් රැස්වුනා. ජනවාරි 8 වැනිදායින් පස්සෙත් ආරක්ෂක මණ්ඩලය රැස්වුනා. මේ කවුන්සිල් එකෙන් කලේ රාජපක්ෂ දඩයම් කරන්නේ කොහොමද, ඒ අයත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන් හිරේ දාන්නේ කොහොමද කියන දේවල් විතරයි හෙව්වේ. ඇමැතිවරු මාධ්‍ය සාකච්ඡා තියලා අහවලා හිරේ යනවා වගේ කතා කියන්නේ කොහොමද?
රොහාන් ගුණරත්න මහතා කියනවා අපේ දේශපාලනඥයෝ රටේ ආරක්ෂාව එක්ක සෙල්ලම් කළා. යුද හමුදා බුද්ධි නිලධාරීන් 500ක් විතර ඡායාරූපගත කිරීම් කළා. මේ විදියට බුද්ධි අංශය විනාශ කරලා රටක රාජ්‍ය ආරක්ෂාවක් ගෙනියන්නේ කොහොමද? ආන්ඩුව ආපු ගමන් හිටපු පොලිස් විෂය භාර ඇමැතිවරයා ගිහින් මාර්ග බාධකයකට පයින් ගැහුවා. හමුදා නිලධාරීන් කඳවුරුවලට සීමා කලා. දැන් ප්‍රහාරයක් එල්ල වුනාම කියනවා 25ම වගකියන්න ඕනෙලු.
අසාත් සාලි ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශ දිහා රටම බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුකාරවරයා දින ගණනාවකට කලින් අධිකරණයේ විනිසුරුවරයෙක් සම්බන්ධ බව කිව්වත් අද වෙනතුරු මොහුගෙන් කිසිදු ප්‍රකාශයක් අරන් නැහැ.මේ විනිසුරුවරයා කවුද කියන දේ තාම හොයා ගෙන නැහැ. දැන් ආරක්ෂක අංශවලට වැඩ කරන හැටිත් අසාත් සාලි උගන්වන්න අරන්. බල්ලො ගෙනියන්නේ කොහොමද වගේ දේ ගැන කියනවා. ඒ මදිවට දැන් වෛද්‍ය සාෆිට සුදුහුණු ගානවා. තවම අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා විතරයි. අසාත් සාලි එළියට බැහැලා කියනවා ඔහු සුද්ධවන්තයෙක්ලු. මේ අල්ලගන්නේ චූටි බබාලානේ. අහුවෙන බබාලාව නාවන්නේ අසාත් සාලි. දර්ගා නගරයෙන් අහුවුනා සහරාන් ත්‍රිවිලරයක් අරන් දිපු කෙනෙක්. මෙවැන් ප්‍රකාශ කරමින්, ජාතිවාදය අවුස්සන සුලු ප්‍රකාශ කරද්දි මොහුව ආරක්ෂා කරන කෙනා කවුද කියවන ප්‍රශ්නය රට ඉදිරියේ තියෙනවා. දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ගෙනත් ප්‍රශ්න කළා.අසාත් සාලිට කිසිම ප්‍රශ්නයක් නැහැ.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙනවා. ඒ අතරතුර වෛද්‍ය සාෆි අත් අඩංගුවට පත්වුනා. රිෂාඩි බදුයුදින්ගේ ලේඛණයෙන් කුරුණෑගලට ඡන්දේ ඉල්ලපු මොහු ඊලගට පාර්ලිමේන්තුවට එන්න හිටපු කෙනා. යම් විදියකින් වෙනත් කෙනෙක්ට පත්වෙන සිද්ධියක් වුනොත් පාර්ලිමේන්තුවට එන්න ඉන්නේ වෛද්‍ය සාෆි. එතුමාට කියලා කරගන්න දෙයක් තියෙනවා. මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දෙ දෙන අයට එතුමා කරපු වැඬේ කරවා ගන්න තිබුණා නම් හරි. මේ අයව සුද්ධ කරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. විපක්ෂයක් විදියට අත් අඩංගුවට ගන්න පුද්ගලයින් සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්නවා. අපේ බ්ලැක් බුක් එකේ මේ දේශලපාලනඥයෝ කරන ප්‍රකාශ, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශ ලියලා තියාගෙන අපේ ආන්ඩුවක් ආවම අපි නිතියෙන් කටයුතු කරනවා. වෛද්‍ය සාෆි ගැන දිවයින පත්තරයයි රටට හෙලි කලේ. මේ ගැන කතානායකවරයාගෙන් අනුර කුමාර විමසීමක් කලාම කතානායකවරයා කියනවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බව. වහින්න කලින් ගොරවනවා වගේ අනුර කුමාර අහනවා පරීක්ෂණය කරනනේ දිවයින පත්තරයටද, දොස්තරටද කියලා. මේ න්‍යාය පත්‍ර එකකට එකක් සැසදෙනවා. ජවිපේ අද හැසිරීම හිරිකිතයි. දිවයින පත්තරේට තොප්පියක් දාන්න පුලුවන්ද කියලා බැලුවේ. මාධ්‍ය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඔබ ඇත්ත ලියන්න.
ලංකාවේ ලක්ෂ 6ට දැන් සමාද්ධි දෙන්න යනවා. කිරි ඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කියනවා වසර 20ක් පොදුජන පෙරමුනේ අයට සමෘද්දි දුන්න නිසා ඒ අය දැන් එජාපේ අයට දෙන්න යනවාලු. අපේ පක්ෂය හදලා තවම අවුරුදු තුනයි. දැන් ප්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලයිස්තු ගෙන්වාගෙන ඒ ලයිස්තු පැත්තක තියලා එජාප ආසන සංවිධායකගේ ලයිස්තුවට වැඩ කරනවා.
■ යුද්ධයෙන් පස්සේ රටේ බරපතල ගැටලුවක් වුනේ දිළිදුකම පිටුදැකිමයි. ඒසදහා තියෙන ප්‍රධාන වැඩපිළීවෙල සමෘද්ධි ව්‍යාපාරයයි.
■ ඉතිහාසයේ පළමු වතාවට පාක්ෂිකයින්ට සලකන්න සමෘද්ධි ව්‍යාපාරය යොදා ගන්න සූදානම් වෙනවා.
■ රටේ ආර්ථික තත්ත්වය සලකා බලලා ලක්ෂ 26ට සමෘද්ධි දුන්නත් කමක් නැහැ. පාක්ෂිකත්වය සලකන්න එපා
බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ජගත් පුෂ්පකුමාර මහතා
යුද්ධයෙන් පස්සේ රටේ බරපතල ගැටලුවක් වුනේ දිළිදුකම පිටුදැකිමයි. ඒසදහා තියෙන ප්‍රධාන වැඩපිළීවෙල සමෘද්ධි ව්‍යාපාරයයි. මහින්ද රාජපක්ෂ රජය යටතේ දිළීදුකම පිටුදැකීමේ දෙපාර්තමේන්තුව හදලා සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කරලා ජනතාවට විශාල සේවයක් කලා. අඩුපාඩු වුනා කියලා වත්මන් ආන්ඩුව කිබුල් කදුලු හලමින් බැසිල් රාජපක්ෂ මහතා හිරගත කළා. නිලධාරීන් වැඩ තහනමට ලක්කළා. එවැනි පාරිශුද්ධභාවයක් පෙන්වලා ජනතාවට වැඩි සහනයක් දෙනවා කියලා කිඹුල් කදුලු හලලා බලයට ආපු ආන්ඩුව නිති පනත් වලට තමන්ට අවශ්‍ය විදියට අර්ථ නිරුපන දීලා පාක්ෂිකයින්ට සලකන්න මේ ව්‍යාපාරය යොදා ගන්න හදනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වයට අනුව ලක්ෂ 6ට නෙවෙයි . ලක්ෂ 26ට සමෘද්ධි සහනය දුන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රටේ කිසිදු රජයක් දුප්පතුන්ට දෙන සහනාධාරය තමන්ගේ පාක්ෂිකයින්ට දෙන්න තීන්දුවක් අරන් නැහැ. සමෘද්දි දීම සම්බන්ධයෙන් පහුගිය රජයට අමු අමුවේ චෝදනා කරමින් මේ දිනවල සමෘද්දි අමාත්‍යංශයේ ශ්‍රවණාධාරයට නිලධාරීන් ගෙන්වලා හිමිකම් පත් ලියමින් සිටිනවා. පොලොර්නරු දිස්ත්‍රික්කයේ නිලධාරීන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැන වදිමින් එතැනින් ඉවත් ගියා. තමන් 2017 හදපු ලේඛණ වෙනුවට එජාප නායකයින්ගේ ලේඛණ අනුව සහනාධාර දෙන්න සූදානම් වෙනවා. රංජිත් අලුවිහාරේ තමන්ගේ නිවසටම ප්‍රතිලාභීන් ගෙන්වා ගෙන ආවොත් විතරයි ප්‍රතිලාභ දෙන්නේ කියලා. සුභසාධන ප්‍රතිලාභ පනත අනුවයි සහනය දෙන්නේ කියනවා. මේ පනතේ සහනාදාර වැරදි විදියට දුන්නොත් නිලධාරියා වගේම ප්‍රතිලාභියාත් හිරගත කරන්න පුලුවන්. මේ ඇමැතිවරයා ඉහළ නිලධාරින් භාවිතා කරලා ප්‍රතිලාභ දෙන්නයි සූදානම් වෙන්නේ.මේ නිලධාරීන්ට යම් කාලයකදී විශාල සිරදඩුවමකට යටත් වෙන්න සිද්ධවෙනවා. ප්‍රතිලාභය ලබා ගැනීමට සිටිය අයට සිදුවෙන අසාධාරණයට එරෙහිව ඔවුන් අධිකරණයට යන්න සූදානමින් සිටින්නේ.මේ වැඩ පිළිවෙලට හට් ගහන්න, පුටු ගේන්න ලක්ෂ 1800ක මුදලක් වියදම් කරන්න සූදානම්. මේවා දයා ගමගේ ඇමැතිවරයාගේ ගෙදරින් ගේන ඒවා නෙවෙයි. දුප්පත් මිනිස්සු රුපියල් 5,10 ගානේ එකතු කරපු මුදල්. මේක ජාතික අපරාධයක්. දුප්පතුන් තවත් දුප්පතුන් වෙනවා. මැතිවරණයක් ඉලක්ක කරගෙන මෙවැනි කටයුතුවල නිරත වීම අපි හෙලා දකිනවා. ඒ වගේම මේ වැඩපිළීවෙලට එරෙහිව ගත හැකි සියලුම පියවර ගන්නත් අපි සූදානම්.  
මාධ්‍ය – ඇයි මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ.
රෝහිත අබේගුණවර්ධන – මොහුට මොනතරම් චෝදනා එල්ලවුනත් ප්‍රකාශයක් ගත්ත් වත් නැහැ. ඇමැති වරප්‍රසාධයට මුවා වෙලා ඉන්න නිසා ආරක්ෂක අංශවලට ප්‍රශ්න කරන්න විදියක් නැහැ.ඒ නිසා විශ්වාසභංග යෝජනාවෙන් ඇමැතිකම අයින් කරලා දුන්නාම හරිනේ. ලගදි මුල්‍ය අපරාධ කොට්ටාශයට ගෙනත් තිබුනේ හාල් ප්‍රශ්නයකට.
ජි. එල්. පිරිස් මහතා – කිසිදු පැකිලිමකින් තොරව තුන්වතාවක් යුද හමුදාපතිවරයා ඇමතිම බලපෑමක්. එවැනි ඇමැතිවරයෙක්ව දවසක්වත් ඇමැතිධූරයේ තියා ගන්නේ නැහැ. යුද හමුදාපතිවරයාට කොන්දක් තිබුණා. හමුදාපතිතුමාට ඒ චිත්ත ධෛර්ය තිබීම අපි අගය කරන්ක ඕනේ.ප්‍රබල ඇමැතිවරයෙක්ගේ බලපෑමකට යට වුනා නම් මොකද වෙන්නේ.මේ වෙන විමර්ශන ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද. මේකම ප්‍රමාණවත් ඇමැති ධූරයෙන් ඉවත් වෙන්න. අමාත්‍යධූරයේ ආවරණය ඉවත් කරන්න අවශ්‍යයි. අමාත්‍යධූරයෙන් ඉවත් කළාට පස්සේ සාමාන්‍ය පුරවැසියෙක්. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress