ඉස්ලාමීය ත‍්‍රස්තයන් නිර්මාණය කරන මහමොළකරු යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පිහිටුවීමට මූලික වූ ආචාර්යවරයෙක්!-ගලගොඩඅත්තේ ඥානසාර හිමි
Posted on May 29th, 2019

සිරිමන්ත රත්නසේකර උපුටා ගැන්ම දිවයින

galag135

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් ඇතුළු ඉස්ලාමීය ත‍්‍රස්තයන් නිර්මාණ කරන සහ ත‍්‍රස්ත සල්ලි සුදු කරන මහ මොළකරු යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පිහිටුවීමට මූලික වූ ආචාර්යවරයෙක් බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනාවරණය කළහ. 

 උන්වහන්සේ මේ බව අනාවරණය කළේ නාවල  රාජගිරියේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ ඊයේ (28 වැනිදා* විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

 ඔහු දෙහිවල ප‍්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන බවත්, එහි අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යයන් දෙසීයක් පමණ ඔස්ටේ‍්‍රලියාවට ගොස් ජිහාඞ් ත‍්‍රස්තවාදීන්ට එකතු වී ඇති බවත් සඳහන් කළ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරයට සම්බන්ධ වූ දෙදෙනකු ද එම ආයතනයෙන් ඉගෙන ගෙන ඇති බවත් කියා සිටියහ.

 මෙම තැනැත්තාට දෙස් විදෙස් අති විශාල දේපළ සහ මුදල් සම්භාරයක් ඇති බව සඳහන් කළ ඥානසාර හිමියෝ ඔහු අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු යැයි අවධාරණය කර කියා සිටියහ.

 ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග ඔහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඒ බව සනාථ කිරීමට සාක්ෂි රැුසක් තමන් වහන්සේ සතුව ඇති බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

 මෙම ත‍්‍රස්තවාදය පැතිරවීමේ මහමොළකරුවන් අත්අඩංගුවට නොගෙන කඩු කිනිසි අල්ලා කිහිප දෙනකුට තඩිබා මෙම ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව පැවසූ ඥානසාර හිමියෝ මේ පුද්ගලයා මේ වන විට කොළඹ වාසය කරන බවත් කියා සිටියහ.

 ඡුායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress