බුද්ධි නිලධාරීන්ගේ වගකීම මේකද?
Posted on May 29th, 2019

 මහින්ද නිල්වැල්ල කර්තෘට ලියුම් උපුටා ගැන්ම දිවයින

 ‘‘අන්තවාදීන් සන්නද්ධ වීම ගැන 2016 දී බුද්ධි අංශ මා ඉදිරිපිටදී ජනපතිට වාර්තාවක් දුන්නා’’ යයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළහ. රතන හිමියන්ගේ එම ප‍්‍රකාශය රාජ්‍ය බුද්ධි අංශ කි‍්‍රයාකාරීත්වය හා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ බපතරළ සැක සංකා මතු කරන බැවින් ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීම සිවිල් පුරවැසියන්ගේ වගකීමය.

 ඉහත ප‍්‍රකාශය සම්බන්ධ දෙසුම විiුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා තදින් සමාජගත කර ඇති බැවින් ඒ හරහා රටේ ආරක්ෂාව පිළිබඳ සමාජය තුළ මතුව ඇති සැක සංකා හා ප‍්‍රශ්නාර්ථයන්ට පැහැදිලි පිළිතුරක් ජනාධිපතිවරයා වහා ලබාදිය යුතුය. 

 රතන හිමියන් එහිදී ප‍්‍රකාශ කළ එක් කාරණයක් නම් ආයුධ ගැනීම් ගැන වාර්තා අතේ තිබුණත් ආණ්ඩුව මුස්ලිම් දේශපාලනඥයන්ට බියේ කිසිවක් නොකළ බවත් බුද්ධි අංශ නිලධාරීන් විසින් 2016 දී අන්තවාදීන් පිරිසකගේ සන්නද්ධ වීම පිළිබඳව හා කණ්ඩායම් අතර වෙඩි තබා ගැනීම් පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන් බවත් එම අවස්ථාවේදී තමන් ද එහි සිටි බවත්ය. රතන ස්වාමීන් වහන්සේ මෙම ප‍්‍රකාශය කළේ පාර්ලිමේන්තුව තුළදී නම් මෙය සමාජය එතරම් ගණනකට නොගෙන බැහැර කිරීමට ඉඩ ඇති මුත් මෙම ප‍්‍රකාශය කරනුයේ පාර්ලිමේන්තුවෙන් පිටත වගකිවයුතු පිරිසක් ඉදිරිපිටදී නිසා එය එලෙස සාවi හුදු දේශපාලනික ප‍්‍රකාශයක් සේ සලකා බැහැර කළ නොහැක. මන්ද උන්වහන්සේ මෙම ප‍්‍රකාශය කරනුයේ උන්වහන්සේ නායක ස්වාමීන් වහන්සේ ද හිඳුවාගෙන මේ මොහොතේ රටේ කාගේත් ගෞරවය, ආදරය මෙන්ම විශ්වාසය දිනාගත් මැල්කම් රංජිත් කාදිනල් තුමන් ද ඇතුළු ආගමික පූජක තුමන්ලා මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රතුමන්ලා ද ඇතුළු සම්භාවනීය සභාවකදී වන බැවිනි. උන්වහන්සේට එහිදී තහවුරු කිරීමක් අවශ්‍ය වූයේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සෘජුවම වගකිවයුත්තේ ජනාධිපතිවරයා බව ඒත්තු ගැන්වීම විය හැක. රටේ ජාතික ආරක්ෂාවට වගකිවයුත්තේ ජනාධිපතිවරයා වන බැවින් එහි තාර්කික බව අපි බැහැර නොකරමු. එනමුත් මෙහිදී මතුවන ප‍්‍රධාන කාරණාව නම් රාජ්‍ය බුද්ධි අංශ තම බුද්ධි වාර්තා පරිහරණය කරනුයේ මෙතරම් වගකීම් විරහිත ලෙස ද යන්නයි. ජනාධිපතිවරයාට යොමු කරන බුද්ධි වාර්තාවක් අදාළ නොවන පුද්ගලයකු අතට පත් වූයේ කෙලෙසද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. එක්කෝ එම වාර්තාව ජනාධිපතිවරයාට 

 පිළිගන්වන අවස්ථාවේ එම බුද්ධි නිලධාරියා අසල සිටින සෙසු අයටත් පැහැදිලි වනසේ එය කියවා භාර දුන්නා විය යුතුය. නොඑසේ නම් ජනාධිපතිවරයා සමඟ තිබූ පෞද්ගලික හිතවත්කම නිසා ජනාධිපතිවරයා විසින්ම උන්වහන්සේට මෙය කියවීමට සැලැස්වූවා විය යුතුය. එසේත් නැත්නම් සදාචාර විරෝධී ක‍්‍රමයකට උන්වහන්සේ මෙය තමන් අතට ගෙන කියවා බැලූවා විය යුතුය.

 කෙසේ නමුත් රාජ්‍ය රහස් ලේඛනයක් මෙලෙස උන්වහන්සේ අතට පත්වූයේ කෙලෙස ද යන්න සොයා බැලිය යුතුය. කැබිනට් පති‍්‍රකා පවා කැබිනට් ඇමැතිවරයකු අතට පත් කරනුයේ ඉතාමත් ආරක්ෂිත ආකාරයෙන්ව තිබියදී ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා පිළිබඳ අනුගමනය කර ඇත්තේ මෙතරම් අනාරක්ෂිත හා වගකීම් විරහිත ආකාරයට නම් ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් මතුවීම වැළැක්වීම නොහැකිය.

 මින් මතු වන අතුරු ප‍්‍රශ්න ගණනාවක් ද ඇත. ඒ සඳහා රතන හිමියන් විසින්ම පිළිතුරු ලබා දෙන්නේ නම් අපි කෘතඥ වෙමු. 

 1. ඉහත බුද්ධි වාර්තාව පිළිබඳ එවකට තම නායකයා ලෙස අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේද? නොඑසේ නම් මන්ද?

 2. මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ ගත හැකිව තිබූ කි‍්‍රයාමාර්ග කිසිවක් ගැනීමට උන්වහන්සේ උනන්දු නොවූයේ මන්ද?

3. අද ත‍්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කරන්නේ යැයි චෝදනා ලැබ සිටින මැති ඇමැතිවරු එදා උන්වහන්සේගේ සමීප මිතුරන් වීම නිසා මේ පිළිබඳ තොරතුරු ඒ අය අතට පත් නොවූයේ යැයි සහතික කළ හැකිද?

 4. මෙවැනි තත්ත්වයන් යටතේ බුද්ධි තොරතුරු පෙරළා ත‍්‍රස්තවාදීන් අතට පත් නොවූයේ යැයි ඇති තහවුරුව කුමක්ද?

One Response to “බුද්ධි නිලධාරීන්ගේ වගකීම මේකද?”

  1. Christie Says:

    This monk is a questionable one?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress