විදුහල් භූමියෙන් කඩු 3ක්, සිවුරු 11ක් හිමිවරුන්ගේ ගමන් මලූ 3ක් හමුවෙයි; අටුළුගම මුස්ලිම් ප‍්‍රාථමිකයේ විදුහල්පති ඇතුළු 3ක් දැලේ
Posted on May 29th, 2019
බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක
උපුටා ගැන්ම දිවයින
බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ ඊයේ (28 වැනිදා* සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අල්ගෆ්සාලි මුස්ලිම් ප‍්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
විදුහල් භූමියේ තිබූ කඩු 03ක්, සිවුරු 11ක්, ස්වාමින් වහන්සේලා භාවිත කරන ගමන් මලූ 03ක් සහ කුඩයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
නිවසක මඩුවක ස`ගවා තිබූ බයිබලයක් සමගින් මොහොමඞ් මොහොයිල් නමැත්තකු සහ තවත් නිවසක තැන තැන සඟවා තිබූ සිවුරු 34ක්ද ස්වාමින් වහන්සේලා භාවිත කරන කුඩ සහ කරඬු ලේන්සු 195ක් සමගින් මොහොමඞ් හිල්මි නමැත්තකු ද අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදාව, පොලිසිය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකාය ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයින් 500කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් අටුළුගම ප‍්‍රදේශයේ ජයකොඩිකන්ද, බෝගහවත්ත සහ මහරාව ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරි වසම් හතක් පමණ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම සිදුකරන ලදී.
පැය පහකට ආසන්න කාලයක් පැවති සෝදිසි මෙහෙයුමේදී යුද හමුදා සෙබළුන්ට නිරීක්‍ෂණය කළ නොහැකි ස්ථාන ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් නිරීක්‍ෂණය කරන ලදී.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඩබ්ලිව්.එල්. වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.