මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් කලේ නැහැ
Posted on May 30th, 2019

අද (30) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (30) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
■ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය
■ ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුනේ සහ නිතීඥ පෙරමුනේ උප ලේකම් සාගලා අබේවික්‍රම මහත්මිය

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් කලේ නැහැ. රටේ විදුලි හිගය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුනු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කලා. රුපියල් 7 පමණ පිරිවැයකින් යුත්  නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය එයින් ප්‍රධානයි. මෙගා වොට් 40කින් යුක්ත උමාඔය ජල විදුලි බලාගාරය අපි දෙන අවස්ථාවේ 80%ක් වැඩ අවසන්. මෙගාවොට් 25 කින් යුක්ත රෝඞ්ලන්ඞ් බලාගාරය අපි 40%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 35ක්න් යුක්ත මොරගහකන්ද ජල විදුලි බලාගාරයෙන් 70%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 25කින් යුක්ත මොරගොල්ල විදුලිබලාගාරයෙන් 25%ක් වැඩ අවසන් කරලා තිබුනේ. අපේ යුගයේ මෙවැනි විදුලි බලාගාර රැසක් ඇරඹුවත් ගෙවුනු වසර කිහිපයේ මේ රජය කිසිදු විදුලි බලාගාරයක් හැදුවේ නැහැ. ඒ කාලයේ හදපු විදුලි බලාගාර කිසිවක් විදුලි බල පද්ධතියට එකතු කරන්න පියවර ගත්තෙත් නැහැ. ඉන්දියානු රජයත් එක්ක මෙගා වොට්500 ගල් අගුරු බලාගාරයක් සාම්පූර්වල හදන්න සුදානම් කළා.

ඒ සදහා ශ්‍රී ලංකා රජයත් ඉන්දියානු රජයත් එක්ව සමාගමක් හදලා සාම්පූර්වල ඒ සදහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමත් කළා. ඒකකයක් රුපියල් 9ට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුනේ. 2017 වර්ෂයේ මේ බලාගාරය අපේ පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුනේ. ටෙන්ඩර් කැදවලා බලාගාරය පටන් ගන්න විතරයි තිබුනේ. මේ ආන්ඩුවට ඕන වුනේ මඩි තර කර ගැනීමට පුද්ගලික විදුලි බලාගාර ගේනනයි. සාම්පුර්වල බලාගාරය හදන කොටසට අනෙක් කොටසට ජපන් අපේ මණ්ඩලයත් එක්ව මෙගාවොට් 700 තවත් විදුලි බලාගාරයක් හදන්න සූදානම් වුනා. විදුලි බල මණ්ඩලයේ කොටස ජපන් රජය ආධාරයක් විදියට දෙන්න එකග වෙලා තිබුනේ. 2014 වෙද්දි විදුලි බල මණ්ඩලය ලාභ ලබමින් තිබුනේ. අද මේ වන විට මණ්ඩලය බිලියන 80ක් පාඩුයි. ඒ බර දරන්න වෙන්නේ  මේ රටේ මිනිස්සුන්ටයි. අපි සැලසුම් කළ විදියට අඩු මුදලකින් විදුලිය නිපදවූවා නම් අද විදුලි බිල 50%කින් අඩු කරන්න තිඉුණා. අපේ රජය සමයේ 98%ට විදුලිය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා විදුලි බල මණ්ඩලය මට දිලා කිව්වේ හැම නිවසකම විදුලි බල්බයක් දැලිවෙන්න ඕනේ කියලයි. ඉස්සර කදු මුදුනේ ගේකට විදුලිය ගන්නවා නම් ඒ මිනිස්සුන්ගේ වියදමෙන් කණු දාගන්න වුනා. කණු 10ක් විතර දාගෙන ගයිට් ගන්න ගියෝත් ඒ මිනිස්සුන්ට කවදාවත් විදුලිය ගන්න බැරි වෙන නිසා අපි පනත් වෙනස් කරලා සැම නිවසක් ඉදිරිපිටම කණුවක් හිටවූමේ වගකීම අපේ අමාත්‍යංශය ගත්තා. සමහර ගෙවල් තිබුණා ගේ දොරකඩ කණුවේ ඉදලා සම්බන්ධතාවය නිවසට ලබා ගැනීමේ විදයම් ගෙවා ගැනීමේ හැකියාව නැති’. අමාත්‍යංශ නිලධාරීන් කැදවලා වැඩිපුර පාරිභොගිකයෝ ඉන්න තරමට මණ්ඩලයට ලාභ නිසා සම්බන්ධතා ගාස්තුව මණ්ඩලයෙන් ගෙවලා අවුරුදු 5කදි බිලෙන් කැපෙන විදියට ඒ නිවෙස්වලටත් විදුලිය දුන්නා.
යුද්ධය ඉවර වෙන වෙලාවේ සම්පේෂණ පද්ධති බිද වැටිලා තිබුණා. අපේ සේවකයෝ ඉතා ඉක්මනින් ඒ සියල්ල යථාවත් කරලා ආණ්ඩුව භාර දෙන විට උතුරට 100%ක් විදුලිය දුන්නා. උතුරේ ජනතාව තමන්ගේ ජිවිකාව අරඹන තෙක් රජයයි විදුලි බලි ගෙව්වේ. විදුලි බල ක්ෂේත්‍රයේ අප ගෙන ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් කවදාවත් විදුලිහිගයක් රටේ ඇති වෙන්නේ නැහැ. මේ අකාර්යක්ෂම, රට ගැන නොහිතන වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තේ නැහැ.
එවකට රටේ රජයන් පුද්ගලික බලාගාර එක්ක යම ්කාලයකටයි ගිවිසුම් අත්සන් කලේ.  විදුලිබලාගාර හදන්න ගත්ත ණය වල පොලිය, මුදල ගෙවලා අවසන් කරලා ලාභයක් ලැබෙන තත්ත්වයට එන්නත් ඒ ගිවිසුම්වල කාලය දුන්නා. ආයෝජකයින්ට වැය වුනු මුදල ලැබුනට පස්සේ ගිවිසුම් ඉදිරියට ගෙනියන්නේ අඩු මුදලට විදුලිය දෙනවා නම් විතරයි. මේ ආන්ඩුව අධීක මිලටම විදුලි ඒකක මිලදි ගැනීම් කරනවා. මේ ආන්ඩුව යටි හිතේ හොරකම තියාගෙනයි වැඩකරන්නේ. කෙරවලපිටියට ටෙන්ඩර් කැදවිමකින් තොරව නැවකින් විදුලිය ලබා ගන්න කැබිනට් පත්‍රිකාවක් දැනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අපි පැරණි විදුලි බල පනත වෙනුවට අලුත් විදුලිබල පනත ගෙනාවා. ටෙන්ඩර් කැදවිමකින් තොරව විදුලි බලාගාර ඉදිකරන්න ඒ අනුව බැහැ. ජාතික ව්‍යසනයක් ඇති වුනොත් පමණයි හදිසි මිලදි ගැනීම් කරන්න පුලුවන් වුනේ. අද කෙරවල පිටියේ මෙගාවොට් 200 විතරක් නෙවෙයි. ගාල්ල වරායටත් නැවක් ගෙනත් තව මෙගා වොට් 200ක් ගන්න හදනවා. ඉදිරියේ වර්ෂාව එනවා. මොකක්ද මෙගාවොට් 400ක් මිලදි ගන්න තියෙන අවශ්‍යතාවය. කෙරවල පිටියට නැවකින් විදුලිය ගන්න හදන කොට ලංකා විදුලි බලාගාරය අතුලු පාර්ශ්වික කමිටුවත්, ටෙන්ඩර් මණ්ඩලයත් එය ප්‍රතික්ෂේප කළා. සම්පේෂණ පද්ධතිය කෙරවල පිටියෙන් මෙගාවොට් 200ක් ගන්න ශක්තිමත් නැති බවයි ඔවුන් කිව්වේ. එහෙම ගන්නවා නම් අඩු මිලට විදුලිය ලැබෙන නොරොච්චෝලේ යම් කාලයකට නතර කරන්න වෙනවා. ඒක තාක්ෂණික කමිටුවත් ටෙන්ඩර් මණ්ඩලයත් ප්‍රතික්ෂේප කරලා තියෙන අවස්ථාවක දැන් ගාල්ලෙ වරායෙනුත් මෙගා වොට් 200ක් ගන්න සූදානම් වෙනවා.
අපේ රජය කාලයේ විදුලි බල නියාමන කොමිෂමක් ඇති කළා. මේවා කළ යුතු වුනේ විදුලි බල කොමිෂමේ නියාමනයට යටත්වයි. දැන් නියාමන කොමිෂමත්, ටෙක්ඩර් කිරීමත් පැත්තට දාලා මෙගා වොට් 400ක් ගන්නවා. රටේ අඩු මිලට විදුලිය ගන්න තියෙන බලාගාර ටිකපද්ධතියට එකතු කරන්නේ නැහැ. ලාභයට විදුලිය ගන්න තිබුණු සාම්පූර් බලාගාරය ඉදිකිරිම් කඩාකප්පල් කරලා. ගාල්ලෙන් විදුලිය ගන්න අපේ සම්පේෂණ පද්ධතිය ශක්තිමත් කරන්න මාස 4ක් වත් යනවා. ඒ කාලයේ ඇයි ටෙන්ඩර් කරලා ගන්නේ නැත්තේ. මේ ආණ්ඩුව ජනතාව ගැන නොහිතා තමන්ගේ මඩිය තර කර ගැනීම ගැන විතරයි  හිතන්නේ. අපේ රජයක් යටතේ විශේෂ බලතල සහිත කොමිෂමක් පත්කරලා මේවා සම්බන්ධයෙන් සොයා බලනවා.

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය
මව්වරුන්ට වුනු දැවැන්ත අසාධාරණයක් ගැන මේ වෙද්දි අනාවරණය වෙමින් තිබෙනවා. කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි දැවැන්ත අසාධාරණයක් මව්වරුන්ට කළා කියන හැගිමඅ පේ හදවත් වල තියෙනවා. මවක්, ගැහැනියක් තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න අවස්ථාවක වෛද්‍යවරයෙක් ලගට යන්නේ දෙවිකෙනෙක් ගාවට යන හැගීමෙන්. දරුවෙක්ට එහා ගිය සම්පතක් අම්මා කෙනෙක්ට නැහැ. හැම අම්මා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ගුණ යහපත් දරුවෙක් රටට දායාද කරන්නයි. ස්වභාවිකව දරුඋපතක් කරන්න හැකියාව තිබියදිත් සීසර් සැත්කමක් කරන්න බලකරමින් තවත් දරුවෙක් බිහිකිරීමේ අවස්ථාව ඒ මවුවරුන්ට අහිමි කරන්න මේ වෛද්‍යවරයා මුල්වුනා කියන හැගිමයි අපේ හිතේ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් රජය හා අමාත්‍යංශය කටයුතු කළ ආකාරය ගැන අපිට ලැජ්ජයි. පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන්නත් කළින් විෂයභාර ඇමැතිවරයා කියනවා මේ වගේ කාරණාවක් වෛද්‍යවරයෙක්ට කරන්න බැහැලු.

නමුත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු කියනවා පැලෝපීය නාල අවහිර කිරිම මගින් නැවත වතාවක් දරුවෙක් බිහිකිරීමේ හැකියාව අහිමි වෙන්න පුලුවන් බව. මේක නින්දිත තත්ත්වයක්. මේ වෙද්දි මව්වරු 250ට වැඩිය පැමිණිලි ඉදිරිපත් වෙලා.මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් කරන්න ස්වාධින් කොමිෂන් සබාවක් පත්කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඇමැතිවරයාගේ කමිටුව ගැන අපිට විශ්වාස නැහැ. එවැන්නක් වුනාද කියලා ලැපරොස්කොපි පරික්ෂණයක් මගින් හොයාගැනීමේ හැකියාව තියෙනවා.දරුවෙක් බිහිකිරීමේ හැකියාව නැති කරනවා කියන්නේ මිනි මැරීමක් වගෙයි. ලැපරොස් කොපි පරික්ෂණ මගින් මේ සිද්ධියේ ඇත්ත නැත්ත අනාවරණය කරගෙන වෛද්‍යවරයා වැරදිකරු නම් දිය හැකි උපරිම දඩුවම් දෙන්න. මේක මරණ දඩුවම පටන් ගන්න හොද අවස්ථාවක්. සමහර මව්වරුන් දෙවැනි දරුවෙක් බලාපොරොත්තුවෙන් වෛද්‍යවරු ලගට ගියා. පුද  පූජා පැවැත්වුවා. ඒ වුනත් දරුවෙක් නැහැ කිව්වා. මේ නිසා සමහර පවුල්වල ආරවුල් ඇති වෙලා. එක කාන්තාවක් කිව්වා මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක මහත්තයා තේරුම් ගැනීමත් හිතට සහනයක් බව. මේකේ සත්‍යතාවයක් තියෙනවා නම් දිය හැකි උපරිම දඩුවම් දෙන්න.
මේ ආණ්ඩුව යටතේ කෙරුණු කිසිම පරික්ෂණයක් ගැන අපිට විශ්වාසයක් නැහැ. මහබැංකුව හොරාකෑම ගැන තිබුණු පරික්ෂණය වගේ නොකර මව්වරු වෙනුවෙන් නිවැරදි තීන්දුවක් අරන් මව්වරුන්ගේ හදවතට සහනයක් දෙන්නයිකියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුනේ සහ නිතීඥ පෙරමුනේ උප ලේකම් සාගලා අබේවික්‍රම මහත්මිය
දැන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළීබද සම්මුති පනත යටතේ වෛරී ප්‍රකාශ යටතේ නඩු දාන්න පුලුවන් කියනවා.දැන් මේ සූදානම් වෙන්නේ  වංගුවක් ගහලා නීතිය නවලා අපේ භාෂණයේ නිදහස නැති කරන්නයි. මේ කරන්න යන්නේ අන්තවාදි හා ජාතීවාදි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විම වලක්වමින් ආන්ඩුවේ දුර්වලකම්වලට පහර දෙන සමාජජාලා ක්‍රියාකාරීකයින් දඩුවම් කිරීමේ අරමුනිනි. සමාජජාලා නොතිබුනා නම් රටේ සමහර සිදුවුනු දේවල් අපි දන්නේ නැහැ. මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ගිණි අවි උණ්ඩ 93ක් ලග තබා ගෙන අත් අඩංගුවට පත්වුනත් ඒවා වෙනකෙනෙක්ගේකියලා හවස් වෙද්දි නිදහස් වුනා.
ආන්ඩුවෙන් සියලු අවි ආයුධ ගෙනත් භාරදෙන්න පොදු සමාකාලයක් දිලා තිබුණා. ඒ වුනාට ආන්ඩුවේ තනතුරක් දරන මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ඒක දැනගෙන ඉදලා නැහැ. දැනගෙන හිටියා නම් සියගේ උණ්ඩ ටික ගෙනිහින් භාර දෙනවානේ. විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා මෙහෙම දෙයක් කළා නම් දින නියමයක් නැතිව හිරේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිතිඥ ජයම්පති වික්‍රමරත්න, ජනාධීපති නිතීඥ රාවුෆ් හකිම්, ආශු මාරසිංහ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, වෛද්‍ය නලින්ද ජයතිස්ස, එක්ක තේරීම් කාරක සභාවක ඉන්නම ඕනේ කෙනෙක් වෙන රවී කරුණානායකත් ඉන්නවා. මහ බැංකු හොරකමට චුදිතයෙක් වුනු, තමන්ගේ නෝනාට ගේ ලැබුණු හැටි නොදන්න මනුස්සයා තේරීම් කාරක සභාවක ඉදන් රටේ ජාතික ආරක්ෂව ගැන ප්‍රශ්න කරනවා. මොකක්ද මේ සභාව ගැන තියෙන විශ්වසනීයත්වය.
අපි මේ ගැන අදහස් දැක්වුවොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛරි ප්‍රකාශ කළා කියලා හිරේ දාන්න පුලුවන්. ඒකෙන් ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ තියෙන භාෂණයේ නිදහස අපිට ලැබෙන්නේ නැහැ. බුද්ධි අංශ ප්‍රධානි ඇවිත් කියනවා අප්‍රියෙල් 9 වැනිදා මෙහෙම දෙයක් වෙන බව දැනන් හිටිය බව. දැනුවත් කළත් අපදෙස් දුන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලය මාස සෙ දෙකක් රැස්වුනේ නැහැ.
කපිල හෙන්ද්‍රවිතාරණ ඉන්න කාලේ මෙහෙම වුනේ නැහැ කියලා සරත් ෆොන්සේකා සදහන් කළාම බුද්ධී අංශ ප්‍රදානී මොකක්ද දුන්න අත්තරය. ඒ කාලේ හිටියා හොද ආරක්ෂක ලේකම්වරයෙක්. එතුමා මේ වගේ තොරතුරක් ආවා නමම්ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වෙනවා කිව්වලු. මුලු තේරීම් කාරක සභාවම ඒ පිළිතුරට හිනාවෙලා. අන්තවාදි සංවිධෘන තහනම් කළා නම් මෙවැනිනක් සිද්ධ වෙන්නේ නැති බව ජෙනරල් කොට්ටේගොඩ කියලා තියෙනවා. අන්තවාදි සංවිධාන තහනම් වුනාට ඒ තහනම නිසි විදියට වෙන්නේ නැහැ. අපිට මුස්ලිම් අයගේ ඇදුම් ඉවත් කරන්න ඕනේ නැහැ. තවමත් හිස වහගෙන ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට එනවා. අපිට මේ ගැනත් කිසිවක් කියන්න බැහැ. කිව්වොත් වෛරී ප්‍රකාශනයක් වෙනවා. මාධ්‍ය නිදහස දෙනවා. තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කළා. ඒ වුනාට භාෂණයේ නිදහස නැහැ. ඒ ගැන කතාකලොත් අර මාධ්‍ය අධ්‍යක්ෂකවරයාට වගේ ඇප ලැබෙන්නේ නැහැ. වෛරී ප්‍රකාශයනයක් කළා කියලා හිරේ දානවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress