විශේෂ තේරීම් කාරක සභාව හරහා රිෂාඞ් බදියුදින් නිවැරදිකරුවෙක් කරන්නයි කටයුතු කරන්නේ කියලා අපි මුල ඉදලාම කිව්වා.
Posted on May 30th, 2019

අද (30) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (30) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් සොයන්න පත්කරපු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරු ඇවිත් හිටියේ නැහැ. මේක සැබැවින්ම ඛේදවාචකය ගැන හොයන්න පත්කරපු එකක්ද. විශේෂ තේරීම් කාරක සභාව හරහා රිෂාඞ් බදියුදින් නිවැරදිකරුවෙක් කරන්නයි කටයුතු කරන්නේ කියලා අපි මුල ඉදලාම කිව්වා.මේ තරම්බරපතල කාරණාවක් සම්බන්ධයෙන් පත්කරපු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරු සහභාගි නොවීමත් පුදුමයක්. වසර ගණනාවක් තිස්සේ විපක්ෂයක් විදියට අපි කිව්වා බුද්ධි අංශ දුර්වල කිරීමක් වුන බව. මේ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමේී බුද්ධි අංශ ගැන විශ්වාස නොකර ඒ තෙරතුරු මග හැරීම නිසා මේ ප්‍රහාරය එල්ල වුන බව පැහැදිලියි. බුද්ධි අංශයේ අභ්‍යන්තරය ගැන ප්‍රශ්න කරන්න සරත් ෆෝන්සේකා මහතා ඇරෙන්න අනිත් අය සුදුසුද කියලා හිතන්න වෙනවා. මිලේනියම් ඛේදවාචකය හරහා බුද්ධි අංශය විනාශ වුනා වගේ තවත් එවැනිම කේධවාචකයකට රට මෙහෙයවිමක්ද මෙතැන වෙන්නේ කියලා අපිට හිතෙනවා. ඒනිසා බුද්ධි අංශවල අභ්‍යන්තරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදි තෝරා බේරා ගෙන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. එකිනෙකාගේ බලය මොකක්ද කියන දේ නෙවෙයි මේ කාරක සභාව හරහා ජනතාව දැන ගන්න උත්සාහ කරන්නේ.
මේ ප්‍රශ්න කිරීම්වලදි ජනතා විමුක්ති පෙරමුණත්, රාජිත සේනාරත්න මහතාත් එකම මතයක් දැරීම අපිට ප්‍රශ්නයක්. බුද්ධි අංශය තොරතුරු ඒකාරාශී කිරීමට අනුගමනය කරන පිළීවෙත් පසුගිය කාලයේ රාජිත සේනාරත්න අනාවරණය කළා. එහෙම කරද්දි එතුමා නොසිටි අවස්ථාවක ජවිපේ නියෝජිතයා ඒකාරණය සම්බන්ධයෙන් විමසුවා. මේ වෙද්දි රාජිත සේනාරත්න ප්‍රමුඛ රජයත් ජවිපෙත් එකම කාරණයක් ඔස්සේ ගමන් කිරීම අපිට සැකයි.

බුද්ධි අංශ ප්‍රධානිට තින්දු තිරණගන්න බලයක්නැති බව කියනවා. එහෙමනම් කාටද බලය තියෙන්නේ. මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිත්, අගමැති රනිල් වික්‍රමසිංහත් රටට අනාවරණය කරන්න ඕනේ. ආරක්ෂක කමිටුව පෙබරවාරි මස සිට රැස් නොවුනේ රටෙට්ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරන ආන්ඩුවක් කියන එක ගම්‍ය වෙනවා. එහි ප්‍රතිඵලය අපි දැක්කා. ආරක්ෂාව තහවුරු වෙලා කියලා රජය කිව්වත් ඒ අවධානම තවදුරටත් තිබෙන බව තේරුම් කාරක සභාවේ සාක්ෂි මගින් අපි දැක්කා. සරත් විජේසූරිය මහතා සාධාරණ සමාජයක් වෙනුවෙන් මේ රජය බලයට ගේන්න කැපකිරීමක් කළා. පැවැති රජය බරපතල ලෙස විවේඡනය කරලා දැන් එතුමා විසින්ම එතුමාට සාප කරගන්නවා. මේ රටට සැබැවින්ම ආදරය කරන රටේ අනාගතය ගැන අවබෝදයක් තිබුණු අය මොවුන් මේ රටේපාලනය සදහා නුසුදුසු බව දැක්කා. නමුත් සිවිල් සංවිධාන පෙරමුණට ඇවිත් සාමන්‍ය ජනතාවගේ ආකල්ප වෙනස් කලා. එතුමන්ලා මැදිහත්ව රටට කරපු හානිය ගැන පසුතැවීම ගැන අපි සතුටුයි. එතුමාලා 2015 කරපු වරද නිවරදි කර ගන්න බහුතර ජනතාව වැඩපිළීවෙල එක්ක එකතු වෙන්න. 2015 වගේම කුමන්ත්‍රණ මේ අවස්ථාවේදීත් රටේ දියත් වෙනවා. ඒ නිසා රැවටිමට ලක් වෙන්න එපා. 2015දි වගේම මැතිවරණයට මාස 5ක් තියා ඒ කුමන්ත්‍රණය දියත් වෙන්නේ රටේ දුර්වල නායකත්වයක් ගොඩනගන්නයි. තින්දු තීරණගන්න බැරි ආණ්ඩුවක් හදන්නයි. මගේ රට ලංකාවයි කියලා කට ඇරලා කියන්න බැරි නායකත්වයක් බිහි කිරීමේ මේ කුමන්ත්‍රණයට හසු වෙන්න එපා.
හදිසි නිතිය ඉවත් කරන්න බලපෑම් සිද්ධ වෙනවා. ජනතාවගේ පැත්තෙන් අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය නිසයි හදිසි නිතිය පැනවූවේ. හදිසි නිතිය ක්‍රියාත්මක වෙන්නේ කිසිදු ජන කොට්ඨාශයකට හානියක් කරන්න නෙවෙයි. රටේ ඇති වුනු තත්ත්වය සමනය කරන්නයි. ඒනිසා විවිධ රටවලින් එන බලපෑම් වලට ආණ්ඩුවයටත් වෙන්න අවශ්‍ය නැහැ. දෙමල ජාතික සන්ධානය ඛේදවාචකය අවස්ථාවේ හමුදා ආරක්ෂාව ඉල්ලුවත් දැන් හදිසි නිතිය ඉවත් කරන්නලු. මෙය දේශපලානඥයින්ගේ හෝ වෙනත් රටක අවශ්‍යතාවය මත සිදුවිය යුත්තක් නෙවෙයි අපේ බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත පදනම් වෙලයි කරන්න ඕනේ.

මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන කතා කරන අවස්ථාවේ රටේ ආර්ථිකයකඩා බිදදමපු බැදුම්කරය යට ගසන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සමහරුන් නිදහස්කර ගන්නත් ආන්ඩුව අත්සාහ කරනවා. මහ බැංකුව කොල්ලකෑම හා ජාතික ආරක්ෂාව අනතුරේ දැමීම හරහා රටට කරපු විනාශය  අතරේ බැදුම්කර හොරුන් නිදහස් කර ගන්න නම් සූදානම් වෙන්න එපා. පොලිසිය හරහා එකිනෙකාට එක එක විදියටයි නිතියක්‍රියාත්මක වෙන්නේ.මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා අත් අඩංගුවට ගන්නේ සගවා තිබුණු පතොරොම් වගයක් එක්ක. ඒ වුනත් හවස වෙද්දි නිරුපද්‍රිතව නිදහස් වෙනවා. මංගල සමරවිර ඇමැතිවරයාත් දිගින් දිගටම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටිමින් ජාතිවාදය ඇති කිරීමේප්‍රකාශ නිකුත් කරද්දි ඔහුගේ අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා උණ්ඩ 93ක් එක්ක එසු වෙන්නේ. සමා කාලයක් ලබා දීලත් තිබුණු නිති විරෝධී දේවල් පොලීසියට භාර දෙන්න කියලා. එවැනි භාරදිමක් නොකල පුද්ගලයෙක්ව නිදහස්කරද්දි සැකයක් ඇති වෙනවා. ඔහු සාමන්‍ය නිතිය යටතට ගැනෙන්නේ නැද්ද. බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් කමුටිවේවේ සිටීම අසාධාරණයි. රවීකරුණානයක ඇමැතිවරයාට චෝදනා තිබීම නිසා ඇමැතිධූරයෙන් අයින් වෙන්නත් වුනා. කුරුණෑගල වෛද්‍යවරයාව නිදොස් කරගන්නත් ආන්ඩුව උත්සාහ කරන්නේ රිසාඞ් බදියුදීන්ව නිදහස් කරගන්න උත්සාහ කරන ආකාරයටමයි. විමර්ශන කටයුතු කරන නිලධාරීන් මාරු කරනවා. ආණ්ඩුකාරවරු තර්ජනාත්මක ප්‍රකාශ කරනවා. මේ නිසා පොලිසියට ස්වාධිනව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දෙන්නත් අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා
ආණ්ඩුවබලයට ගේන්න වෙහෙස දැරූ, දරදිය ඇද්ද සරත් විජේසූරිය මහතා ආණ්ඩුවබලයට පත්වීම සම්බන්ධයෙන් එතුමාටම සාප කරගන්නවා. සාපය වැදිලා තියෙන්නේ රටට සහ ජනතාවට මිස එතුමාට නෙවෙයි.  මේ රටේ ආරජිකත්වයයි එතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ. නිතියේ ආධිපත්‍ය පිරිහිම ඇතුලු සමාජ විභේදනයේ කැඩපතක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙන්නේ.

මහ බැංකු වංචාවේ චූදිතයෙක් මහ උජාරුවෙන් රටේ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන හැටි අපි දැක්කා. දැන් මහ බැංකු අපරාධය ගැන ජනතාවට අමතක වෙමින් තිබෙනවා. පාතාල නායක මධූෂ්ව ජනතාවට අමතක වෙමින් තිබෙනවා. රටේ අරාජිකත්වයට වගකිව යුතු ප්‍රධානින් කටයුතු කරමින් සිටින්නේ ජනතාව සුඛිත මුදිත තත්ත්වයෙන් ප්‍රීතියෙන් කටයුතු කරන විදියටයි. ඇයි මේ රටේ ජනතාවට රට අනාරක්ෂිතයි කියලා දැනෙන්නේ. අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පස්සේ නිතියේ ආධීපත්‍ය බිද වැටෙන බව ජනතාවට දැනෙන දේවල් කිහිපයක් සිද්ධ වුනා. තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනාට ඇප ලබා දීම, අන්තවාදය පෝෂණය කරන රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාව කොන්දේසි විරහිතව ආරක්ෂා කරන්නට ආණ්ඩුව කටයුතු කිරීම, එවැනි අන්තවාදින් පෝෂණය කිරීමත්, ශරියා නීිතිය ප්‍රචලිත කිරීමත් කරන බවට චෝදනා නැගෙන අසාත් සාලි ආණ්ඩුකාරවරයාව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා ක්‍රියාකිරිම ආදිය නිසා ජනතාවට දැනෙන්නේ නිතිය ආදිපත්‍ය බිද වැටෙන බවයි. පරාජිත ඡන්ද අපේක්ෂකයින්ට මන්ත්‍රීධූර දුන්නේ ජනාධීපතිවරයා බව අපි කණගාටුවෙන් සිහිපත් කරනවා. නගරසභාවකට තේරෙන්න ඡන්ද ගන්න බැරිවුන අසාත් සාලි බස්නාහිර  පළාත් සභා ආන්ඩුකාර ධුරයට පත්කරලා තිබීම ඛේදවාචකයක්. මන්ත්‍රීවරයෙක් විදියටනගරසභාවට පත්වෙන්න බැහැ. අගනුවර ඇතුලු බස්නාහිර පලාත පාලනයට පත්කරනවා. මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට එන්න ඡන්ද ගන්න බැරි හිස්බුල්ලා ජාතික ලයිස්තුවෙන් පත්කරලා පළාතේ ප්‍රදානියා බවට පත්කරන තරමට රටේප්‍රජාතන්ත්‍රවාදි කඩයිම් අතික්‍රමණය කරලා මූලධර්ම විනාශ කරලා තිබෙනවා. ඒ නිසා ජනතාවට නිතිය ක්‍රියාත්මක වෙන බවට හැ`ුගිමක් ඇති වෙන්නේ නැහැ. ජනාධීපතිවරයා අගමැතිවරයා ඇතුලු පුද්ගලයින් නිර්ලජ්ජිත විදියට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කරමින් නිදහසේ හැසිරෙනවා.

කුරුණැගල හා දඹුල්ල රෝහල් ආශ්‍රිතව වෛද්‍ය සාෆි කියන පුද්ගලයා ඇති කළ සිද්ධීයක් සම්බබ්ධයෙන් ආන්දෝලනාත්මක සිද්ධීයක් වාර්තා වෙනවා.   මේ සිද්ධීටය ජනතාව හමුවට ගෙන ඒම සම්බන්ධයෙන් අපි මාධ්‍යයට ස්තූතිවන්ත වෙනවා. මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ කරන්න ඕනේ වෛද්‍ය සභාවයි.  මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් පත්කරලා තියෙන කමිටුව විශ්වාසනිය එකක් නොවන බව වෛද්‍යවරු හෙද හෙදියන් සදහන් කරලා තියෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරි මැතිවරණ  ඉලක්ක කරගනිමින් කිසියම් පාර්ශවයක් වෙනුවෙන් පක්ෂ ග්‍රාහිව කටයුතු කරන බව ජනතාවට ස්ථිර වෙලා තියෙනවා. අද සෞඛ්‍ය ඇමැතිවරයා රටේ ආරක්ෂක මේකම්වරයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ සියල්ලක් බොරු බවට පත්වෙලා තියෙනවා. ඇමැතිවරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ තාක්ෂණිකව පිළිගන්නබැරි බවයි වෛද්‍යවරු කියන්නේ. වෛද්‍ය සභාව මගින් සාධනිය පරික්ෂණයක් කරලා දෛ්‍ය සාෆි සම්බ්නධයෙන් පියවරක් ගැනීම යුක්ති සහගත බවයි සමාජ මතය වෙලා තියෙන්නේ. නිතිය පිළිබදව විශ්වාසය බිද හෙලූ, ඡන්දයබලාපොරොත්තුවෙන් රටේ සමාජ සම්මතයන් බිද දමන ආන්ඩුවට සදාචාරාත්මකව රටේ ඉන්න බලයක් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාදාමය හරහා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගෙන සිටීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා. වැඩි බහුතරයක් ඡන්ද ලබා ගත්තත් ශක්තිමත් ආන්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වීම නිසයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ කාලින් අවශ්‍යතාතාවය ගැන දැන් නැවත කතිකාවතක් ඇති වෙලා. රටේ බහුතරයක් මුස්ලිම් ජනතාව අන්තවාදයට අකමැතියි. අන්තවාදින්ගෙන් තොරව ශක්තිමත් ආන්ඩුවක් බිහිකිරීම සමිබන්ධයෙන් රටේ කතිකාවතක් ඇති වෙලා තියෙන්නේ. අපි මේකට තාවකාලික යෝජනාවක් ඉදිරිපත් කරනවා. ජාතික ලයිස්තුවෙන් 29ක් පාර්ලිමේන්තුවට පත්වෙනවා. බහුතරය ලබා ගන්නා දේශපාලන පක්ෂයට ලයිස්තුවෙන් මන්ත්‍රීධූර 15ක් ලබා දිය යුතුයි. එවැන්නකින්  වැඩි බහුතරය ලබා ගන්න දේශපාලන පක්ෂයට ආන්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ලැබෙනවා. මේක සාධනීය මැතිවරණ ක්‍රමයක් හදුන්වාදෙන තෙක් තාවකාලික පියවරක් විදියට සුදුසුයි. රටේ ජන කොට්ටාශවල හදවත්තුල ඇතිව තිබෙන ඉරි තැලීම්, වේදනාවන් සමනය කරන්න අවශ්‍ය පියවර ඉදිරි රජයකදි ගන්න බවත් අපි සදහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
පාසලක වරදක් කලොත් විදුහල්පතිවරයා ඒ ස්ථානයෙන් ඉවත් කරලයි පරීක්ෂණය කරන්නේ. පොලිස් නිලධාරියෙක් වරදක් කලොත් ඔහුව අදාල ස්ථානයෙන් ඉවත් කරලයි පරික්ෂණය කරන්නේ. වෛද්‍යවරයාටත් ඒ ක්‍රමයයි පිළීගන්නේ. ඒ පරික්ෂණයට  බලපෑම් වෙන නිසයි. රිෂාඩි බදියුදින්ට විශ්වාස භංගය ගේන්නේ ඇමැතිධූරය අයින් කරන්න මිසක් ආන්ඩුවනේ ඉවත් කරන්න කියලා නෙවෙයි. ඔහු යටතේ ආයතන 42ක් තියෙනවා. සාධාරණ පරික්ෂණයක් කරන්න තියෙන බාධාව අයින් කරන්න. ඔහුව එජාපයේ තියාගත්තාට අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ආන්ඩුවයි ජවිපෙයි දෙකම කියන්නේ වැරදි ඔප්පු කරන්න කියලයි. ආණ්ඩුවට වුවමනා වෙලා තියෙන්නේ මොහුව සුද්ධ කරන්නයි. මගේ කට්ටියක් අරන් යනවා කියලා රිෂාඞ් බදියුදින් කියලා තියෙන නිසයි මෙහෙම කරන්නේ. දෙකහි පනහා විශ්වාසභංලය කියපු කට්ටිය දැන් කියනවා පරික්ෂණයෙන් වැරදි කරු වුනොත් ඒ අයගේ ඡන්ද 38ක් දෙනවාලු. වැරදිකරු  වුනොත් ඒ අය ඕනේ නැහැ. උසාවි ගිහින් මන්ත්‍රීධූරයත් අපි නැති කරලා දෙන්නම්. මේ අය රනිල් වික්‍රමසිංහට විරුද්ධව හැමදාම කිව්වේ මේ විදියටයි. අපි තරුණ ස්වාධින මන්ත්‍රීවරු කියන මේ කට්ටිය මොනවා හරි දෙනවා නම් නායකත්වය වෙනුවෙන් පෙනී හිටිනවා.
සමෘද්දි සහනාධාර බෙදන් ලක්ෂ 1800 උත්සව පවත්වනවා.සමෘද්ධී සහනාධාර දෙන්න කියලා නිලධාරීන්ගේ මට්ටමින් තොරතුරු අරන් තිබියදි සමෘද්දි අමාත්‍යංශය හරහා අවශ්‍ය අවශ්‍ය අයට හිමිකම් සහතිකපත් ලියනවා. ආවේ යහපාලනය කියලා. යහපාලනය නම් ජනතාවගේ පක්ෂ පාට බලන්න අවශ්‍ය නැහැ. සහනාධාරය හිමිවිය යුතු සියලු දෙනාට සහනාධාරය දෙන්න. වරදි වැඩ කලොත් අපේ ආන්ඩුවකින් පරික්ෂණයක් කරලා නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරනවා. ලක්ෂ 1800ක් වියදම් කරලා අත්සව තියද්දි අපේ මානව සම්පත පාසල් ලග ශිටගෙන ඉන්නවා. පාසල් 10000ට වැඩියි. අවම පාසලක 10ක් මුරට ඉන්නවා. එහෙම බලද්දි ලක්ෂයක් කිසිම වැඩක් නොකර පාසල් මුර කරනවා. රාජ්‍ය සේවකයා, කුළි වැඩක් කරන කෙනා, මන්ත්‍රීවරයා හැමෝම වෙනස්ක නැතිව පාසල මුර කරන්න ගිහින් ඉන්නවා. වැඩ කරන්න පුලුවන් ලක්ෂයකට වැඩි පිරිසක් පාසල් මුර කරනවා. 100% ආරක්ෂාව තහවුරු වෙලා නම් විදුහල්පතිවරුන්ට කියන්න දෙමව්පියන් ගෙන්වන එක නතර කරන්න කියලා. ආන්ඩුව අදුරේ අතගානවා මිසක් වැඩපිළීවෙලක් නැහැ. මේ නාස්ති කරන මුදල ලක්ෂ 5 ගානේ දුන්නා නම් පාසල් 500ට විතර කම්බි වැටක් ගහලා දෙන්න පුලුවන්. සමෘද්දි නියාමකලා ලවා මේ හිමිකම් පත් දෙන්න තිබුණා. දැන්වත් මේ නාස්තිය නතර කරලා දරුවන් ගැන හිතන්න. පාසල් මුරකරන මානව සම්පත රටේ දියුණුවට යෙදා ගන්නත් මේ අපතේ යවන සල්ලි වලින් පුලුවන්. පුපුරන ද්‍රව්‍ය හදුනා ගැනීමේ උපකරණයක් රුපියල් 10000ට විතර ගන්න පුලුවන්. මේ සල්ලිවලින් ඒ විදියේ උපකරණ අරන් පාසල් වලට බෙදලා දුන්නා නම් පාසල් ආරක්ෂක වැඩපිළීවෙල මීට වඩා සාර්ථකයි.
වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ රටේ එක ජාතියක් විනාශ කරන්නයි වෑයම් කරලා තියෙන්නේ. දරන් 250ක් පැමිණිලි ඇවිත්. එක රෝහලක 250ට පළමු දරුවා ලැබිලා දෙවැනි දරුවා ලැබෙන්නේ නැතිව යන්න පුලුවන්ද. මාධ්‍යට ස්තූතිවන්ත වෙනවා ජාතියක් වනසන්න යද්දි ඒ ජාතිය ආරක්ෂා කිරීම ගැන. අද මුස්ලිම් ජනතාව අන්තවාදීන්ට එරෙහිව එළියට බැහැලා. ඒ වුනාට ආණ්ඩුව අන්තවාදී කොටස් තවම රකිනවා. නගර සභාවේ කොමසාරිස්ව මාරු කරන්න, තමන්ට ඕනේ විදියට බලය පාවිච්චි කරන්න බස්නාහිර ආන්ඩුකාරවරයා පියවර ගන්නවා. හමුදාවට දොස් කියනවා. එක පෑන් පහරින් අන්තවාදී අදහස් දක්වන අය අස් කිරීමේ හැකියාව ජනාධිපතිට තියෙනවා. කෙටි කාලයකට හෝ ජනාධිපතිතුමා මේ ආන්ඩුකාරවරු ඉවත්කරලා ස්වාධීනව කටයුතු කළ හැකි අය පත්කල යුතුයි. ඒ තැන්වලට සියලු ජනතාවට එක හා සමානව සලකන අය පත්කළ යුතුයි.
මාස දෙකක් රටේ ආරක්ෂක කවුන්සිලය රැස්වුනේ නැහැ කියන්නේ රටේ ආරක්ෂාව බින්දුවට දාලා.  අපේ ආන්ඩුව කාලයේ සතියකට සැරයක් ආරක්ෂක මණ්ඩලය රැස්වුනා. මේ සිද්ධියට ආන්ඩුවේ සියලු දෙනා වගකිව යුතුයි. ලෝකයට ඕනේ විදියට වැඩ කරන්න ගිහින් අපිට ස්වාධීනව කටයුතු කරන්න තිබුණු අයිතිය නැති කරගෙන. මවුවරුන්ගේ මානව අයිතිවාසිකම් නැතිවීම ගැන හොයන්න කියලා මොන රටද කිව්වේ. මුස්ලිම් කෙනෙක්ට වුනාන්ම ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙල ගැහිලා එයි. ආන්ඩුව වෛද්‍යවරයා ආරක්ෂා කරනවා වෙනුවට සාධාරණ පරික්ෂණයක් කලේ නැත්නම් මිනිස්සු කඬේකට ගිහින් කන්න බයයි. වෛද්‍යවරයෙක් ලගට යන්න බයයි. මුස්ලිම් ජනතාව අන්තවාදයට එරෙහිව නැගිටින්න. ඒ වගේම මැතිවරණයක් පවත්වන්න.
මාධ්‍ය – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින රථයක් ගන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාලු. එතුමා කැප කිරීමක් කරන්න ඕනේ නැද්ද
රමේෂ් පතිරණ – විප්කෂ නායකවරයාට නිල වශයෙන් හිමිවිය යුතු වාහන තුනෙන් දෙකක් සම්බන්ධන් මහතා ධූරයෙන් ඉවත් වෙද්දි අරන් ගිහින්. තියෙන එකම වාහනයත් ඇඹීලිපිටියේදි කැඩුනු නිසා සුදුසු ආරක්ෂාව සහිත වාහනයක් ඉල්ලා තිබෙනවා. එතුමා ආරක්ෂ කළ යුතු දේශපාලනඥයෙක් බව රටම දන්නවා.
ශෙහාන් සේමසිංහ – අලුත් වාහනයක් ගැන නෙවෙයි කතා කරන්නේ. තිබෙන වාහන සංචිතයෙන් ආරක්ෂිත වාහනයක් ඉල්ලන්නේ. මෙවැනි තත්ත්වයක මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා විය යුතුයි. අපි හැමදාමත් එතුමාගේ ආරක්ෂාව ගැන කතා කළා. එක් වරක් එතුමා අනාරක්ෂීත කළා. ජනතාවගේ පැතුමත් එතුමාගේ නායකත්වය යටතේ ආරක්ෂීත රාජ්‍යයක් බිහිවීමයි.
මාධ්‍ය – එතුමාට නව රථයක් ලබා ගන්න ඉල්ලීමක් කළා කියලයි කියන්නේ.
ජානක වක්කුඹුර – ඒ යෝජනාව දාලා තියෙන්නේ අගමැතිතුමානේ. එතුමා ඊළග විපක්ෂ නායක වෙන නිසා එහෙම ඉල්ලිමක් කළාද දන්නේ නැහැ. විපක්ෂනායකවරයා විදියට දෙන්න තියෙන දේවල් දුන්නා නම් හරි. හිටපු විපක්ෂ නායකතුමාට සියලු දේ දිලා. වෙඩි නොවදින රථ නොදුන්නත් මහින්ද රාජපක්ෂ මහතාව ජනතාව ආරක්ෂා කරනවා. තියෙන වාහන සංචිතයෙන් වාහනයක් ඉල්ලීමයි සිද්ධ වුනේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress