දක්ෂිණ අධිවෙිගී මාර්ගය දෙපස රුක් රෝපණ සමාජ සත්කාරය සඳහා ඔබටත් ආරාධනා
Posted on June 1st, 2019

පේශල පසන් කරුණාරත්න Peshala Media

මානව හා සත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාමින් ජුනි මස 5 වන දිනට යෙදී ඇති ජගත් පරිසර දිනය සැමරීම සඳහා බොහෝ දෙනා විවිධ වූ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර ඇත.

එම වැඩසටහන් අතුරින් බියගම නොර්ත් සේල්ස් ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2019 ජුනි මස 05 වන බදාදා දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා වැලිපැන්න හුවමාරු අතර රුක් රෝපණ වැසඩටහනක් සංවිධනය කර ඇත.

පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය මඟින් මිහිතලය සුරැකීම අරමුණු කර ගනිමින් #BePlanetWorthy#  හරිත ව්‍යාපෘතියේ Plants for the Planet පැළ සිටුවීමෙහි දෙවන අදියර වශයෙන් නොර්ත් සේල්ස් ආයතනය විසින් පවත්වන මෙම වැඩසහන මගින් කුඔුක් සහ කරඳ පැළ සමඟින් මාර්ගය දෙපස අලංකාරය සඳහා විසිතුරු ශාක සමඟින් පැළ 1600 ක් පමණ රෝපණය කිරීම සඳහා සියලු කටයුතූ සූදානමි කර ඇත.

 නිෂ්පාදන ආයතනයක් වශයෙන් එහි කාබන් පියසටහන අඩු කරලීමත් සංවර්ධනයේ නාමයෙන්  ලොවපුරා සිදු කරනු ලබන වන විනාශයත් ඒ හා බැදී මතු වී ඇති මිහිකත දූෂණය වීම, ඕසෝන් වියන ක්ෂය වීම වැනි ගෝලීය පාරිසරික ගැටලුවලට විසඳුමක් වශයෙන් සහ අනාගත පරම්පරාවල සුරක්ෂිතතාවය උදෙසා පරිසරය රැක ගනිමින් තිරසාර සංවර්ධනය කරා පිය නැගීම අරමුණූ කර ගනිමින් නොර්ත් සේල්ස් ආයතනය මගින් සිදු කරන මෙම සමාජ සත්කාරය සඳහා ඔබටත් සහභාගී වීමට අවස්ථාව උදා කර ඇත.  ඒ සඳහා 0769823684 (තරුෂි රාජපක්ෂ) අමතා තොරතුරු ලබා ගත හැකි වේ.

ස්තූතියි

පේශල පසන් කරුණාරත්න

Peshala Media

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress