රතන හිමිගේ සහයට මුස්ලිම් අයත් එක්වෙයි – වෙළදසැල් වසා දමා කළු කොඩි දමයි (PHOTO)
Posted on June 2nd, 2019

හේවා පී.කරුණාරත්න උපුටාගැණීම  මව්බිම

රත්තොට නගරවාසින් සර්වාගගමික නායකයින් ව්‍යාපාරිකයින් සහ ප්‍රඡාව එක්ව අන්තවාදයට එරෙහි නිහඩ විරෝධතාවක් 02 දා පැවැත්වූහ 

අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහාය පළ කළ මෙම විරෝධතාවයේදී නගරයේ වෙළදසැල් වසා දමා කළු කොඩි එසවූ ව්‍යාපාරිකයින් රිෂාඩ් බදුරදීන් ඇතුලු චෝදනාලත් ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් ඉවත් කිරීමට රජයට බල කළහ . 

රත්තොට – මාතලේ  මාර්ගයේ පෞද්ගලික බස් ගමනාගමනය සම්පූර්ණයෙන් නවත දැමූ පෞද්ගලික බස් සේවකයින්ද විරෝධතාවයට එක්ව සිටියහ .

රත්තොට නගරය එකම පාළු නගරයක් බවට පත් කළ මෙම නිහඩ විරෝධතාවයේදී සර්වාගමික නායකයින් රතන හිමියන් සමග අන්තවාදයට එරෙහිව පෙළ ගැසීමට තීරණය කළහ . 

හේවා පී.කරුණාරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress