පාස්කු බෝම්බය අස්සේ ආර්ථික බෝම්බයත් පිපිරේ.. එක දවසට කෝටි 500ක් ණය වෙයි.. ආසියාවේ ආර්ථික වේගය 6% පනිද්දී ලංකාව 3%ට වැටේ..
Posted on June 3rd, 2019

වියත්මග මාධ්‍ය ඒකකය

පාස්කු බෝම්බය අස්සේ ආර්ථික බෝම්බයත් පිපිරේ.. එක දවසට කෝටි 500ක් ණය වෙයි.. ආසියාවේ ආර්ථික වේගය 6% පනිද්දී ලංකාව 3%ට වැටේ..

මතුගමදී පැවති ‘වියත්මග’ සම්මන්ත‍්‍රණය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

අද ගොඩක් දෙනෙක් කතා කරන්නේ ජාතික ආරක්‍ෂාව ගැනයි. ඒ වගේම බොහෝ දෙනෙක්ට අද  අමතක වෙලා රටේ ආර්ථිකය ගැන. ජාතික ආරක්‍ෂාව ගැන කතා කරන කවුරුත් ආපස්සට ගිය ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. අද මෙරට ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ආර්ථික අර්බුදයකට රට ගොදුරු වෙලා තිබෙනවා. මීට වසර  හතරකට පෙර රජය වෙනස් වුණා. මීට කලින් වසර නවයක් බලයේ හිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා. එතුමාව  හැඳින්වූයේ යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙසින්.  ඒ වසර නවය තුළ රටේ ආර්ථිකය හතර ගුණයකින් වැඩි වුණා. විදේශ ආයෝජන, ඒක පුද්ගල ආදායම වැඩි වුණා. විරැුකියාව, දුගීභාවය අවම වුණා. ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කළා. මේ සියල්ලක්ම කළේ යුද්ධයක් තිබියදීයි. වරාය, ගුවන් තොටුපළ ඇති කළා.

එවැනි තත්ත්වයක් තිබූ රටක් අද කොතැනද තිබෙන්නේ? අපි යන්න හිටිය ස්ථාරත්වයට වඩා හිතාගන්න බැරි තරම් පහළට අද රට වැටී තිබෙනවා. පසුගිය වසර හතර තුළ රටේ ආර්ථික වර්ධන වේගය කඩාවැටුණා. එදා රට ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්ව තිබුණා. නමුත් සමස්ත ආසියාවම සියයට 6 කින් ආර්ථිකය වර්ධනය වන විට අද සියයට 3.1 ක් දක්වා ආර්ථිකය කඩාවැටිලා. 2015 යහපාලන රජය රට භාර ගන්න විට වසරින් වසර ආර්ථිකය කඩාවැටුණා. අපේ රටේ ආර්ථිකය ඇෆ්ගනිස්තානයේ ආර්ථිකයට හා සමානයි. යහපාලන රජය ආර්ථිකයට වගේම රටට කළ හානිය අතිවිශාලයි.

2005 මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට රටේ සමස්ත ණය බර තිබුණේ රුපියල් මිලියන 2200 යි. එතුමා ණය ගත්තා.  යුද්ධය අවසන් කළා වගේම අපට දැනෙන්න රට සංවර්ධනය කළා. නමුත් ණය අඩු කරන්න බලයට ආ රනිල් වික‍්‍රමසිංහ මේ ගත වූ වසර කිහිපය තුළ ණය ගත්තා. කෝටි 500 ක් දවසකට රනිල් වික‍්‍රමසිංහ මහතා ණයට අරන් තිබෙනවා. නමුත් කළ දෙයක් නැහැ. අඩුම තරමේ පාරක් කොන්ක‍්‍රීට් කළාද? රැුකියා ලක්‍ෂ දහයක් දෙනවා කිව්වා. නමුත් තිබූ රැුකියාවලින් ලක්‍ෂ 4 කට අධික සංඛ්‍යාවක් රටට අහිමි වුණා. රැුකියා දෙනවා කිව්වට වුණේ රැුකියා නැති කිරීමයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රටේ සංචාරක කර්මාන්තය කඩාවැටුණා. යහපාලන රජය 2015 සිට බදු විශාල ප‍්‍රමාණයකින් වැඩි කළා. ආදායම් බදු පමණක් නෙමෙයි බදු කියන්නේ. අපි කඬේකින්  ඕනෑම දෙයක්, සේවාවක් ලබා ගන්නා විට සෑම කෙනෙක්ම බදු ගෙවනවා. මේ රජය වසර හතරක් තුළ සියයට සියයකින් බදු වැඩි කර තිබෙනවා. බඩු මිල දිනෙන් දින වැඩි වුණා. ජනතාව වේලක් නොකා වේලක් කන තත්ත්වයකට අද පත් වෙලා.

මේ රජය තරම් කළමනාකරණය අතින් අසමත් රජයක් කොහේවත් නැහැ. අපේ රජය කරගෙන ආ ව්‍යාපෘති නතර කළා. වරාය නගරය නතර කළා. යළිත් හොරෙන්ම වන්දි ගෙවලා යළිත් වරාය නගරය ආරම්භ කළා. රජයේ වැරදි ප‍්‍රතිපත්ති නිසා ජනතාවටයි වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ. තාප බලාගාරය අහිමි කර ගත්තා. රජයේ වැරදි හේතුවෙන් ජනතාවගේ බදු මුදල් තමයි වන්දි ගෙවන්න යොදා ගන්නේ.

රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීරලාගේ වැරදි ප‍්‍රතිපත්ති නිසා ආයෝජන රටට එන්නේ නැහැ. විදේශ සංචිත පහළ වැටිලා. සෑම සංඛ්‍යා ලේඛනයක් බලන විට පෙන්නුම් කරන්නේ සෑම අංශයක්ම කඩාවැටී ආකාරයයි. කලින් හිටි සෑම නායකයෙක්ටම ආර්ථික ප‍්‍රතිපත්තියක් තිබුණා. නමුත් මේ රජයට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැහැ. ගත වූ වසර හතර තුළ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නවයක්ම ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර වංචාව කළා. දෙස් විදෙස් ආයෝජන නතර වෙලා. කෘෂිකර්මාන්තය කඩාවැටිලා. මෙහෙම ගියොත් පිටරටින් ගේනේනේ නැති වුණොත් අපට බඩගින්නේ ඉන්නයි වෙන්නේ. පාස්කු ප‍්‍රහාරය ගහෙන් වැටී සිටි මිනිහාට ගොනා ඇන්නා වගේ වුණා.

අද රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න මේ රජයට හැකියාවක් නැහැ. ආණ්ඩුවේ ඇමැතිවරු අලූත් අලූත් වචන දාලා යෝජනා නම් ඉදිරිපත් කරනවා. නමුත් මේ රජයට කිසිදු දැක්මක්, ප‍්‍රතිපත්තියක් නැහැ. පුද්ගල කේන්ද්‍රීය ආර්්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දුක්විඳින ජනතාවගේ ආර්ථිකය ඉහළට ගැනීමයි අපේ ප‍්‍රතිපත්තිය. ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සාකච්ඡුා කරලා අවසන්. ගරාවැටුණු දේශය යළි ගොඩනැංවීම සියලූම දෙනාගේ යුතුකමක් වෙනවා.

– වියත්මග මාධ්‍ය ඒකකය

One Response to “පාස්කු බෝම්බය අස්සේ ආර්ථික බෝම්බයත් පිපිරේ.. එක දවසට කෝටි 500ක් ණය වෙයි.. ආසියාවේ ආර්ථික වේගය 6% පනිද්දී ලංකාව 3%ට වැටේ..”

  1. Christie Says:

    What about Sirisena?

    Eater bomb is an Indian Trident.

    Helped Modi win.

    Divided the Buddhists and Muslims further.

    Destroyed the economy of the island nation.

    Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress