“ජාතිවාදයක් රට තුළ පවතිනවා නම් එය එක් පාර්ශවයකට පමණක් හිමිවිය යුතු නැහැ” රිෂාඩ් නිසා ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් ඇමතිවරු ජාතිවාදීන්,
Posted on June 4th, 2019

Dilum Amunugama

චූදිත අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම වෙනුවට සියලුම අමාත්‍යවරුන් ඉල්ලා අස්වී‍මේ භූමිකාව පිළිබද 2019.06.04 දින නුගවෙල පක්ෂ කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්චාව..

https://www.facebook.com/watch/?v=470365273733499&t=70
https://www.facebook.com/watch/?v=470365273733499&t=70

විදෙස් ඩොලර් ආධාර දෙස බලා සිටින අමාත්‍ය මංගල සමරවීර මහතාට තුන්සියයකට අධික කිතුණු සැදැහැවතුන් ඝාතනය වීම ගැටලුවක්වී නොමැති නමුත් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවීම ගැටලුවක් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු  එකදු  පුද්ගලයෙකුට හානියක් නොවන ලෙස රට තුළ සාමය තහවුරු කිරීමට විශාල දායකත්වයක් දැක්වූ අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේට අමාත්‍ය මංගල සමරවීර මහතා අගෞරව කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව අද මහනුවර නුගවෙල දී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසුවා. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ  දේශපාලන දර්ශනය කුමක් වුවත් උන්වහන්සේගේ අරමුණ අප කවුරුත් පොදුවේ පිළිගන්නවා.

චූදිත අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම වෙනුවට සියලුම අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම මගින් පෙනී යන්නේ ඒ අමාත්‍යවරුන් සියල්ලම ජාතිවාදී බවයි. එමෙන්ම ඔවුන් අන්තවාදීන් ආරක්ෂා කරන බව පෙනී යනවා. මේ අවස්ථාවේදී එම අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් ඒ අයුරින් ක්‍රියාකරනවා නම් සිංහල අමාත්‍යවරුන් සිංහල ජනතාව වෙනුවෙන් ද දෙමළ අමාත්‍යවරුන් දෙමළ ජනතාව වෙනුවෙන් ද පෙනී සිටීමේ වරදක් දකින්නේ නැහැ. ජාතිවාදයක් රට තුළ පවතිනවා නම් එය එක් පාර්ශවයකට පමණක් හිමිවිය යුතු නැහැ.

නදීක දයා බණ්ඩාර 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress