අපි ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් තියෙනවා කියලා එක ඇමැතිවරයෙකුට චෝදනා කරද්දි සියලු ඇමැතිවරු ඉල්ලා අස්විම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළීවෙලක්.
Posted on June 6th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (06) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
අගමැතිවරයාගේ අලුත්ම අපාය මාර්ගයයි මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. අපි ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් තියෙනවා කියලා එක ඇමැතිවරයෙකුට චෝදනා කරද්දි සියලු ඇමැතිවරු ඉල්ලා අස්විම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළීවෙලක්. අමාත්‍යවරු ඉල්ලා අස්වුනේ මාධ්‍ය ඉස්සරහා ප්‍රදර්ශනයකට පමණයි. වරප්‍රසාද සියල්ල තියෙනවා. පාර්ලිමේන්තුවේ ලේකම්තුමාත් ජනාධිපති ලේකම්තුමාත් මේ වෙනකල් ලිඛිතව අස්විම දැනුම්දීලා නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඉදිරි මාසය නාට්‍යයයි. අන්තවාදීන්ට විරුද්ධ වුනු අපේ මුස්ලිම් ජනතාව මේ සිද්ධිය නිසා බියවෙලා. අමාත්‍යවරු සියලු දෙනා ඉල්ලා අස්වුනේ ඇයි කියලා ඔවුන් හිතනවා.ත්‍රස්තවාදයට සහාය නොදුන් මුස්ලිම් ජනතාව පවා ත්‍රස්තවාදින් විදියට දකින තත්ත්වයකටයි රට පත්වුනේ. මේක රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම. රිෂාඞ් බදියුදින් ඇතුලු එජාපයට සම්බන්ධ නොවන ඇමැතිවරු ස්වාධිනව කටයුතු කරන්න සූදානමින් සිටින අවස්ථාවක කබිර් හසිම් ඇමැතිවරයාත් එක්කම එකට ගොනු කලේ එජාපය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ටික රැකගන්නයි.
මේක තාවකාලිකයි. තාවකාලිකව එළියට දැමිමක් විතරයි. මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගැනීමේ දුෂ්ට අරමුනින් මේක කලේ. කබිර් හසිම් හිටපු ඇමැතිවරයා කියනවා ස්වාධීන පරික්ෂණයක් පවත්වන්නලු ඔවුන් ඉල්ලා අස්වුනේ. අපි කබිර් හසිම් ඇමැතිවරයාට චෝදනා කලේ නැහැ. එදා මැවනැල්ලේ බුදුපිළීම කඩන සිද්ධියේදී තොරතුරු දුන්න පුද්ගලයාට වෙඩි තියලා යනකල් ඔහුව ආරක්ෂා රකගන්න කබිර් හසිම් ඇමැතිවරයාට බැරිවුනා. ත්‍රස්තවාදීන්ටය විරෝධී සාමාන්‍ය මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න මේ අයට පුලුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ත්‍රස්තවාදින්ට සම්බන්ධ එක අමාත්‍යවරයෙක් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එකමුතුව කටයුතු කරනවා වගේම මුස්ලිම් ජනතාවත් ත්‍රස්තවාදින්ගේ පැත්තට තල්ලු කරන පණිවිඩයක් මේ තුළ ගැබ්වෙලා තියෙනවා.
මේක භයානක පණිවිඩයක්. අහිසංක මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදින් තැනට තල්ලු කලේ එජාප ආන්ඩුවයි.  මැතිවරණය ඉලක්ක කරගෙන ත්‍රස්තවාදින්ගේ සල්ලිවලට යටත් වෙලයි මේ දේවල් කලේ. මොන පරික්ෂණය තිබුණත් නැතත් මාසයක් ඇතුළත රිසාඩි බදියුදින් නිදොස් කොට නිදහස් කරනවා. මේ වගේ පරික්ෂණ මොන තරම් තිබුණද? බැදුම්කර සිද්ධියේ හොරු අදවෙන කල් අල්ල ගත්තේ නැහැ. කුඩු ගහන අය හොයන්න පත්කරපු කමිටුවට සිද්ධ වුනු දේකුත් නැහැ. මුස්ලිම් ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය තේරුම් ගෙන සියලු ජනතාවට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණයකරන්න එකතු වෙන්න.
වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 800ට වැඩියි. තවම විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ. පසුගිය වසර ගණනාවේ වුනා වගේ සාෆි එලියට ඇවිත් ඩි. අයි. ජි ඇතුළට යන එකයි වෙන්නේ.
අපේ ප්‍රදේශයේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සීතාවක ගග හරස් කරලා ජලාශයක් ඉදිකිරීමයි.  දැන් පාරිසරික වාර්තාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ ගැන අපි ඇහුවට කිසිම තොරතුරක් දෙන්නේ නැහැ.අපේ පැත්තේ සමාජමය ප්‍රශ්නයක් බවට මේ සිද්ධිය පත්වෙලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා
මේ දවස්වල ආන්දොලනයට පත්වෙලා තියෙන්නේ මංගල සමරවිර මහතා මැතකදි කරපු ප්‍රකාශයයි. මොහු කියන දේවලින් කුපිත වෙන්න එපා කියලා අපි බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනවා. හිතාමතා බෞද්ධයින් කුපිත කරන්නයි එතුමා උත්සාහ කරන්නේ. රතන හිමියන්ට විරුද්ධව ට්විටර් පණිඩිවටක් දැමිම පවා පෙන්නුම් කරන්නේ කණ්ඩායම් කල්ලි ගැසිමක් කරන්නයි. දෙමළසන්ධානය වගේම මුස්ලිම් මන්ත්‍රීවරුනුත් එකම කණ්ඩායමක් විදියට කටයුතු කරන්න ගනියි. මෙවැනි නිර්මාණ මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතාවය ඉටු වෙනවා. ලංකාවේ මුහුදු සිමාවෙන් නැව් 30000ක් පමණ වසරකට යනවා. වානිජ කටයුතු වලින ්90% වෙන්නේ නැව් වලින්. බටහිර රටවල්වලට අවශ්‍ය මේ නැව්වල ආරක්ෂාව සකසා ගන්නයි. අපේ අවධානය සිංගප්පූරු ගිවිසුම කෙරෙහි යොමු විය යුතුයි. අපේ මුහුදු සීමාවන් ගුවන් සීමාවනක් ඒ රටට විවෘත කරන්න එකල වෙලා තියෙනවා. අලුත් ගිවිසුම් අලුත් පනත් එලියට ආවත් අපි ඒ කිසිවක් ගැන කතා නොකර මංගල සමරවිරගේ ප්‍රකාශ ගැන කතා කරනවා. බිලියන 5.1 ක වංචාවක් රාජිත සේනාරත්න අමැතිගේ අමාත්‍යංශයෙන් වෙලා තියෙනවාලු. තුරුකි නැවෙන් විදුලිය ගන්නවා.ප්‍රචාරණය සදහා විශාල මුදල් ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශයෙන් වැය කරලා. අඩුම තරමේ මධූෂ් ගැනවත් අද වෙද්දි කතා කරන්නේ නැහැ. ඒවා යට ගිහින්. බැදුම්කරය යට ගිහින්. ජනාධීපති මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න නියමිතයි. මේ හොරුන් කරපුවා ජනතාව දන්නේ නැති නිසා හොරු ටිකම නැවතත් පත්වෙනවා. අපි ඇගිල්ල දික්කලේ ත්‍රස්තවාදයට සම්බන්ධ අයට විතරයි. කබිර් හසිම් ඇමැතිතුමා කියනවා පරික්ෂණය කරන්න ඉඩ දෙන්න අයින් වුනු බව. එතුමාට බහුතරයක් ලැබුනේ සිංහල ඡන්ද. එතුමා මුස්ලිම් කියලා ජනතාව හිතුවේ නැහැ. දැන් එතුමා සිංහලයින්ට දිලා තියෙන පණිවිඩය වෙලා තියෙන්නේ අන්තවාදින් ආරක්ෂා කරන බවයි. එතුමා මහානායක හිමිවරුන් කියපු විදියට ඇමැතිකම නැවත භාර ගන්න. සැම මැතිවරණයදිම අපේ රටේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතිහාසය දිහා බැලුවාමහ එය හොදින්ම පැහැදිලියි. මෙවර මැතිවරණයේදි දරාගන්න බැරිතරම් ප්‍රශ්න ඇති කරලා. මේ මංගල වැනි අය ඉදිරියේදි තවත් ප්‍රශ්න වැඩි කරයි. ජනතාව ඉවසිමෙන් කටයුතු කිරිමයි වඩා වැදගත් වෙන්නේ.

One Response to “අපි ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් තියෙනවා කියලා එක ඇමැතිවරයෙකුට චෝදනා කරද්දි සියලු ඇමැතිවරු ඉල්ලා අස්විම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළීවෙලක්.”

  1. Christie Says:

    Our problems got nothing to do with Muslims.

    It is India and Indian Colonial Parasites. We are not alone, it happens in other Indian colonies.

    Great Emperor Narendra Modi Ji is visiting us soon. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress