ඇමති බෝම්බය බඩ බැඳගත් යහපාලනය
Posted on June 6th, 2019

මතුගම සෙනෙවිරුවන්

ගිණිකෙළි සංදර්ශන පැවැත්වීම පිණිස පැරණියන් දොඩම් ගෙඩි බොම්බ ගස්ලබු බෝම්බ හෙරලි ගෙඩි බෝම්බ ආදිය සකස්කර ගත්හ. මේ බෝම්බ වල තැන්පත් කරන ලද වෙඩි බෙහෙත් මගින් ගෙඩිය පිපිරීමක් නැතිව ගිණිකෙළි මල්දමක් විසිරී ගියහ.වර්තමාන සමාජයට මෙවැනි බෝම්බ ගැන අත්දැකීමක් නැත. නමුත් මරාගෙන මැරෙන බෝම්බ ගැන නම් ඇස් පනාපිට අත්දැකීම් තිබේ. දේශපාලන කේෂ්ත්‍ර යේ අළුත්ම අත්දැකීම නම් ඇමති බෝම්බයයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් නඩත්තු කළ බව කියැවෙන ඇමති සහ ආණ්ඩුකාර ඇත්තන් තිදෙනෙක් ඇමති බෝම්බ ලෙසට සමාජය ඉදිරියේ දැඩි විවේචනයට ලක්ව  තිබේ.

       ලංකාවේ මුස්ලිම් සහ දෙමළ චන්ද ප්‍රතිශතය රජයක් පිහිටුවීම පිණිස තීරණාත්මක සාධකයක් බවට පත් කරන ලද්දේ 1987 වසරින් පසුවයි. හිටපු ජනපති ආර්. ප්‍රෙමදාස මහතා ගේ නියමයෙන් දිස්ත්‍රික් චන්ද අනුපාතය සියයට 12.5 සිට සියයට පහ දක්වා අඩු කිරීම නිසා මේ තත්ත්වය උදාවිය. අද යහපාලන රජය තුළ මුස්ලිම් මන්ත්‍රී වරු දාහත් දෙනෙකු සිටී.මොවුහු 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී චන්ද 186876 ක් ලබා මන්ත්‍රී ධූර පහක් හිමිකර ගත්හ.ආර් ප්‍රේමදාස චන්ද අනුපාතය වෙනස් නොකලානම් මේ මන්ත්‍රී ධූර ඔවුන් ලැබ ගන්නේ නැත. මෙම චන්ද බලය මහින්ද රාජපක්ෂ රජය ඉදිරියේ කොවල් කරගත් ඔවුහු එම රජයේ ප්‍රබල ඇමතිවරුන් බවට පත් වූහ.පොලිතින් මල්ලක තමන්ගේ ඇඳුම් පොදි රැගෙන අනාථ කඳවුරට පැමිණි රිෂාඩ් බද්යුදීන් කොටිපතියෙකු වූයේ  ඒ කාලයේ ක්‍රියාත්මක වූ උතුරුවසන්තය නිසාවෙනි.  නීති විරෝධී ජාවාරම් රාශියකට එවක ඔහු සම්බන්ධව සිටි බවට තොරතුරු ලැබෙයි.මහින්ද ගේ රජයෙන් පෝෂණය වූ මස්ලිම් මන්ත්‍රී වරු යහපාලනය පිහිටුවීම පිණීස එක්සත් ජාතික පක්ෂයට කරණමක් ගැසූහ. 2015 වසරේ මේ පිරිස මුස්ලිම් කොන්ග්‍රසයෙන් පමණක්ම චන්ද ඉල්ලුවේ නැත.ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණට හේත්තු වී මන්ත්‍රී ධූර දාහතක්ම ලබාගත්හ.මුස්ලිම් කොන්ග්‍රසය වශයෙන් ඉදිරිපත්ව ලබාගත් චන්ද 44193 වෙනුවෙන්ද එක් මන්ත්‍රී වරමක් ලබා ගෙන තිබේ.

     පාස්කු බෝම්බ නිසා මුස්ලිම් සමාජයේ මූලධර්මවාදී ක්‍රියාකාරිත්වය තහවුරු විය. ජනතාවගේ ඇස් ඇරුණි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන පරිදි මේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන්  2289 දෙනෙකු අත් අඩංගුවට පත්ව ඇත. ඒ අතර සිංහල 330 ක් දෙමල 139ක් සහ මුස්ලිම් 1820 ක් පෙන්නුම් කරයි.මේ අතරින් සිංහල169 දෙනෙකු දෙමල 125 දෙනෙකු සහ මුස්ලිම් 1261 දෙනෙකු ඇප මත නිදහස් කරතිබේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත හදිසි නීතිය සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ සහ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ මේ අය අත්අඩංගුවට පත්වී ඇතැයි වැඩිදුරටත් ඔහු පවසයි.ඒ අනුව දැනට බන්ධනාගාර ගතව සහ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය යටතේ සිටින්නේ සිංහල නව දෙනෙකු දෙමල එක් පුද්ගලයෙකු සහ මුස්ලිම් 201 දෙනෙකු පමණි.පාස්කු බෝම්බ සිද්දිය මෙන්ම ඉන් පසු වුවමනාවෙන්ම  අවුලණ ලද මිනුවන්ගොඩ කෝලාහලය යන සිද්දි දෙකම ත්‍රස්වාදයට සම්බන්ධ වෙති. එසේ වූ විට එක් නීතියක් යටතේ අත්අඩංගුවට පත් කර නොගැනීම ප්‍රශ්ණයට තුඩු දෙන්නකි. සිවිල් හා දේශපාන අයිතිවාසිකම් පනත මෙතැනට අදාල නොවන්නේ ත්‍රස්තවාදය සහ ප්‍රඩන්ඩ ක්‍රියා පිළිබඳ නිර්වචනයක් එහි නොමැති බැවිනි.පොලිසියේ නීති ජාතීන් අනුව යොදන බවට තව උදාහරණ තිබේ. නයාරු ගුරුකන්ද රජමහවිහාර පරිශ්‍රය තුළ දෙමළ ජාතික සන්ධානයේ රවිහරන් මන්ත්‍රී වරයා කළ වෛරී හැසිරීමට එරෙහිව පොලිසිය විසින් මේ පනත අදාල කර ගත්තේ නැත.සාපි දොස්තර පිළිබඳ හෙළිදරව්ව කළ හෙමන්ත රන්දුනු ගෙන ප්‍රශ්ණ කළ පොලිසිය තව වෙනතුරු මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන් සහ ආණ්ඩුකාර වරුන්ගෙන් ප්‍රශණ කරනොමැත.විශේෂයෙන්ම සිංහලයන්ට විරුද්ධව වෛරී ප්‍රකශ කළ අසාද් සාලි ගෙන් ප්‍රශ්ණ කර නොමැත. වර්තමාන පොලිසියේ නිවට ක්‍රියාකාරම් දෙස බලන කල්හි මේවා පුදුමයට කරුණක් නොවේ.

        රිෂාඩි බද්යුදීන් හිස්බුල්ලා සහ අසාද් සාලි යන තිදෙනාට සමාජයෙන් විශාල ප්‍රතිවිරෝධයක් මතුව පැමිණෙන්නට වූයේ මේ සියලු හැසිරීම් මධ්‍යයේය. පාස්කු බෝම්බ කරුවන් නඩත්තු කිරීම පහසුකම් සැලසීම ආදී කරුණු සහ නැගෙනහිර පලාතේ මුස්ලිම් අන්තවාදී ක්‍රියා වලට අනුබල දීම යන කරුණු මත මොවුනට චෝදනා එල්ල වීඇත. මේ නිසාම රිෂාඩ් බද්යුදීන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට පවා සිදු විය. නමුත් මුස්ලිම් චන්ද වල කේවල් කිරීම් මධ්‍ය යේ රනිල් වික්‍රසසිංහ දැමූ අප්පරවැට්ටිය මේ වන විට හෙළිදරව් වී අවසන්ය. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළදා මාළිග භූමියේ උපවාසයක් අරඹනුයේ මේ වාතාවරණය දඩමීමා කරගෙනයි. නොසිතූ පරිදි ඒ වටා ජන රැල්ලක් එකුතු වීමද ආණ්ඩු විරොධී රැල්ලක් ලෙසට එය වර්ධනය වීමද නිසා සිරිසෙන ජනපතිවරායා සිය නියෝජතයන් හට ඉල්ලා අස්කවීඹට ඉඩ දුන්හ. ඒ අතර චෝදනා ලැබූ සිටි මුස්ලිම් ප්‍රබලයන් තිදෙන ඇරණු කොට දේශපාලනයේ සිටින මුස්ලිම් නායකයන් දහනව දෙනෙම ඉල්ලා අස්විය.එයින් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ අසූව දශකයේ සිටම ලංකා දේශපාලනයේ කේවල් කළ හැකි මුස්ලිම් චන්ද ප්‍රතිශකය බලයක් ලෙස පෙන්වීමයි.මේ අස්වීම තාවකාලික බව ද මේ අතර පැහැදිලි වී තිබේ. විශ්වාස භංගය න්‍යාය පුස්තකයෙන් ඉවත් කර තේරීම් කාරක සභාවෙන් ඔවුන් නිදොස් කිරීමෙන් ආණ්ඩුබලය රැක ගත හැකි බව රජය සිතනවා විය හැකිය.ඒ අතර අත්අඩංගුවට ගත් පුද්ගයන් හැකි ඉක්මනට නිදහස් කරලීමට උත්සාහ දරන බව සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත.චෝදනා නොමැති මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත සිය තනතුරු භාරගැනීම සුදුසු බව මල්වතු අනුනායක හිමියන් පවසයි. මුස්ලිම් චන්ද නොමැතිව දේශපාලනය කළ නොහැකි බවට මන්ද මානසිකත්වයෙන් පසුවන විපක්ෂ නායක තුමා ගේ පෙළඹවීමක් මේ ප්‍රකාශය පිටිපස්සේ ඇත්දැයි සොයා බැලිය යුතුය.

        බල දෙශපාලන විගඩම් පාවා දීම් මෙන්ම ඇස්බැන්දුම්  පවත්වාගෙන යමින් ජන වර්ග අතර බෙදීම් ඇති කර රට අනතුරේ හෙළමින් බලය රැක ගැනීමට යොදන ලද අවසන් තුරුම්පු ද දැන් ජනතාව ඉදිරියේ හෑල්ලු වෙමන් ඇත. තීරණාත්මක අවස්ථාවන්හිදී පෙරළියක් ඇති කරලීමට සමත් චරිතයක් වූ රතන හිමියන් ගේ භූමිකාව මගින් දේශපාලන සුනාමියක් නිර්මාණය වෙමින් පැවතීම අප තේරුම්ගත යුතුය.සිරිසේන ජනපතිවරයාගේ හැසිරීම මුස්ලිම් චන්ද ලොබින් අන්තවාදීන් සමග කරන දෙශපාලන ගනුදෙනු ජනතාව පිළිකුලෙන් ඉවසා සිටියද අවශ්‍ය තැනදී පිටකර හැරීමටද නොපැකිලෙන්නේ නොවේ. අසාද් සාලි කලුතර දිසිත්‍රික් සංවර්ධන කමිටුවට පැමිණී අවස්ථාවේදී හූ කියා පන්නා දැමුවේ එහෙයිනි. ඒ තත්ත්වය මුසම්මිල්ටත් අත් විදින්නට වුවහොත් පුදුමයක් නොවේ. මුසම්මිල් මෙන්ම රවුෆ් හකීම් ද අන්තවාදයට අනුබල දෙන්නන් මෙන්ම මුස්ලිම් ජන වර්ගය වෙනුවෙන් නීති විරෝධී කටයුතු මෙහෙයවන පුද්ගලයන්ය. අධිකරණ ඇමති වරයාව සිටි අවදියේ මුස්ලිම් නීති සිසුන් හට වැඩි අවස්ථාවක් ලබා දෙන්නට ඔහු කටයුතු කළ ආකාරය අපට මතකය. එම නිසා ඉල්ලා අස්වී යහපාලනය ආරක්ෂා කරන්නට හීන් නූලෙන් කටයුතු කරන මුස්ලිම් නායකයන් ගැන අප කරදර විය යුතු නොවේ. මේ ඇමති බෝම්බය යහපාලනය විසින් බඩේ බැඳි ගන තිබෙන්නේ සිංහල සමාජය පුපුරුවා හරින්නටයි. එහෙත් කළ කම් පල දෙන්නට තව වැඩි කලක් යන්නේ නැත. මේ රටේ සිංහලයන්ට හිමි තැන බෞද්ධ යන්ට හිමි තැන ලබා දෙන්නට කටයුතු නොකරන  කිසිම දේශපාලනඥයෙකුට ඉදිරියේදී ජනතාව විසින් අවස්ථාවක් සලසා නොදෙනු නියතය. වසර දෙදහස් පන්සීයක් තිස්සේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත ව පැවත ආයේ මෙලස සිංහල බෞද්ධයන් ගේ ඉදිරිපත් වීමෙනි..සමයාරක්ෂක දෙවියන් නිසිකලට මැදිහත් වූ විට මේ ප්‍රශ්ණයන්ට නිසි විසඳුම් දැක ගන්නට හැකි වනවා ඇත .

මතුගම සෙනෙවිරුවන්

One Response to “ඇමති බෝම්බය බඩ බැඳගත් යහපාලනය”

  1. Christie Says:

    Our problems got nothing to do with Muslims.

    It is India and Indian Colonial Parasites. We are not alone, it happens in other Indian colonies.

    Great Emperor Narendra Modi Ji is visiting us soon. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress