ජවිපෙන් අධ්‍යාපන සමුපකාර සමිතියේ සංගමය බේරාගෙන දක්ෂයින් පිරිසකට භාර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
Posted on June 6th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව

අද (04) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ මහතා
එළැඹෙන 8 වැනිදා අධ්‍යාපන සමුපකාර සමිතියේ, ඒ කියන්නේ ගුරු ගෙදර නිලවරණය පැවැත්වෙනවා. ගුරුවරුන්ගේ සුභසිද්ධිය සදහා ඉතා කුඩාවට ඇරඹුන මේ ආයතනය අද විශාල අරමුදලක් සහිත ආයතනයක්. මේ ආයතනය ඇරඹු අයට අපි ස්තූතිවන්ත විය යුතුයි. අද වෙද්දි මේ ආයතනය දේශපාලනයට ලක්වෙලා.පහුගිය නිලවරණ දෙකක්ම ජවිපේ තමන්ගේ නියා්ජිතයින් යෙදවලා මෙහි බලය ගත්තා. ගුරුවරුන් වෙනුවෙන් අලුත් වැඩපිළීවෙලක් හදනවා. සහන සලස්වනවා. ගුරුවරුන්ගේ සුබසාධනය සදහා අවශ්‍ය පියවර ගන්නවා කියලා දෙවරක්ම ජවිපේ නියෝජතයින් මෙහි බලයට පැමිණිය. ගියවර සමුපකාර දෙපාර්තමේන්තුව මොවුන් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වලා කම්කරු කොමසාරිස්තුමා අධ්‍යක්ෂ මණ්ඩලයක් පවත්වලා තමයි ඊළග නිලවරණය තිබ්බේ. නමුත් ඔවුන් සංවිධානය වෙලා පක්ෂයක් විදියට නැවතත් බලය ලබා ගත්තා. දූෂණ හෙයලා සමිතිය නැවත නගා සිටුවනවා කිව්වට පහුගිය අවුරුදු තුනේම කිසිම පරීක්ෂණයක් කලේ නැහැ. සාමාජික ගුරුමහත්ම මහත්මීන්ට වැරදි අවබෝධ දෙනවා. අපේ ගුරු සංගමය හා අනෙකුත් අධ්‍යාපනයට සම්බන්ධ සංගම් එකතු කරගෙන මේ මැතිවරණයට අපෙක්ෂකයෝ ඉදිරිපත් කරන්න තිරණය කරලා තියෙනවා.  
නව දේශපාලන පක්ෂයක් විදියට ලංකාවේ සැම අධ්‍යාපන කොට්ඨාශයකම පවත්වන නිලවරණයට අපෙක්ෂකයින් යොදවන්න තිරණය කරලා තියෙනවා. සියලු බුද්ධිමත් ගුරුමහත්වරු මේ සංගමයේ වටිනාකම දන්නවා. ජවිපෙන්  මේ සංගමය බේරාගෙන දක්ෂයින් පිරිසකට භාර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පසුගිය වසරේ ඡන්දය පාවිච්ඡි කරලා තිබුනේ 19000ක් පමණයි. සාමාජිකයෝ එක්ලක්ෂ දහනමදායහක් ඉන්නවා. මේ වසරේදිත් සාමාජිකයෝ එක්ලක්ෂ 20000ක් විතර ඡන්දය දෙන්න සුදුසුකම් ලබලා තියෙනවා. අට වෙනිදා 10 සිට 4 වෙනතුරුමැතිවරණය පවත්වනවා. මේ සංගමය ආරම්භයේදි සංගමයට සේවකයෝ ගන්න විට සේවකයින්ගේ දරුවන් ගන්න තීරණය කරලා තිබුණත් අද වෙද්දි සේවකයෝ 300ක් විතර අරන් තියෙන්නේ දේශපාලන ශාඛා සමිතිවල නියෝජිතයින්ගෙන්. ඒ අවස්ථාව සේවකයින්ගේ දරුවන්ට අහිමි වෙලා. ගුරුවරුන් හා සේවය කරන අයගේ යහපතට අරඹපු ආයතනයක් මිස දේශපාලනකයින්ගේ දෙයක් නෙවෙයි. ඒ වුනාට සංගමයේ ප්‍රධාන කාර්යාලයට ගියාම දකින්න ලැබෙන්නේ පක්ෂ කාර්යාලයක් විදියටයි අපිට අවහ්‍ය වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ පාලනයට මේ සංගමය යටත් කරන්නයි. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා අට වැනිදා තමන්ගේ යුතුකම ඉටුකරලා තමන්ගේම පාලනයකට සංගමය ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා
අට වැනිදා පැවැත්විමට යෝජිත මේ නිලවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ගුරු සංගම් විසින් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. අධ්‍යාපන සේවා නියුක්තිකයින් විසින් පාලනය කරන්න යෙදුනු මේ සමිතියේ කටයුතු සම්බන්ධයෙන් සාමාජිකයින්  ඉන්නේපැහැදිමකින් නෙවෙයි. සමාජමය වශයෙන් ආර්ථික වශයෙන් ගුරුවරු හා අනධ්‍යයන සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් අවුරුදු 80ට වඩා වැඩි කාලයක් තිස්සේ පවත්වා ගෙන යන ශක්තිමත් සමිත්යක් පහුගිය වසර තුනේ ජවිපේ අත්තනෝමතික පාලනය යටතේ දුර්වල වුනා. සාමාජිකත්වය ප්‍රතිලාභ ලබාදෙනවා වෙනුවට දේශපාලන වශයෙන් තමන්ට හිතවත් පිරිසකගේ සුභසාධනයට පමණක් කටයුතු කරමින් සුලු අතලොස්සකගේ ඕනෑ එපා කම් වෙනුවෙන් පෙනි සිටිම නිසා මේ විශිෂ්ඨ ආයතනය කඩා වැටිමකට ලක්වුනා. ඒ ආයතනය යථා තත්ත්වයට පත්කර සාමාජිකත්වයේ සුභ සිද්ධිය ඇති කිරීම සදහායි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අනුග්‍රාහකත්වය ලබන කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත්කරලා තියෙන්නේ.
පසුගිය වතාවේ බලයට පැමිණි ජවිපේ සහාය ලබන කණ්ඩායම ගොඩනැගිලි ඇතුලු සමිතියේ භෞතික සම්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කළා. සමිතියේ අරමුදල් සමිතියේ සාමාජික ජවිපේ හිතවතුන්ගේ අවශ්‍යතා අනුවයි. මානව සම්පත පැත්තෙනුත් සමිතියේ සාමාජිකත්වයට හිමි රැකියා අවස්ථා ජවිපේ සාමාජිකත්වයට හිමිවුනා. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සුලු ඡන්ද ප්‍රමාණයක් භාවිතා විම නිසා මේ අය ජය ගත්තා. අද වෙද්දි ආන්ඩුවට ව්‍යාංගයෙන් සහාය දැක්වීම නිසා ජවිපේ ප්‍රතික්ෂේප වෙලා. සාමාජිකයින්ට ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. ක්ෂණික ණය ලබා දීම කඩිනම් කිරීම, 8% පොලියට  ගත් ණයවල පොලි ප්‍රතිශතය 4% දක්වා අඩු කරන බව කිව්වත් ඒක වෙලා නැහැ. සාමාජිකත්වයේ සුබ සාධානය වෙනුවෙන් දෙනවා කිව් කිසිවක් දීලා නැහැ.සාමාජිකත්වයේ දරුවන් විශ්ව විද්‍යාලයට යන විට දෙනවා කියපු ශිෂ්‍යත්ව හො ්පරිගණක උපකරණ ඔවුනුට ලැබුනේ නැහැ. සුබසාධන කටයුතු විධිමතව විමධ්‍යගත ක්‍රමයකට කරනවා කිව්වත් ඒ කිසිවක් වුනේ නැහැ. ලක්ෂ ගණන් පොලී ගෙවමින් කාර්යාල පවත්වා ගෙන  යනවා. මේ අත්තනොමතික පාලනයෙන් ශක්තිමත් මූල්‍ය ආයතනයගලවා ගත යුතුව තියෙනවා. මේ ඉල්ලිම ඇවිත් තියෙන්නේ සාමාජිකයින් අතරින්මයි. ඒ අනුවයි අපි කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන්නේ. මේ වන විටත් ලංකාවේ ලක්ෂ දෙකහමාරක් පමණ වන අධ්‍යාපන සේවා නියුක්තිකයින් අතට අපේ වැඩපිීලවෙල පත් කරලා තියෙන්නේ. සමිතියේ අරමුදල් කළමණාකරණය කර  සමිතියේ කටයුතු කළාප මට්ටමට විමධ්‍යගත කරමින් ප්‍රතිලාභ රැසක් සාමාජිකයින්ට ලබාදීමේ වැඩපිීලවෙලක් අපි සකස් කරලා තියෙනවා. දැනටමත් විශාල ණය ප්‍රමාණයක් අරන් සමිතිය ණය අර්බුදයකට හිර කරලයි තියෙන්නේ. ලෝක සමුපකාර ආයතන සමග එක්ව ශක්තිමත් ආයතනයක් ගොඩ නැගීමේ මූලික අරමුණත් අපේ කණ්ඩායම තුළ තිබෙනවා.  අපේ දරුවන්ගේ නෙත් පාදන, අධ්‍යාපන සේවයට ශක්තියක් සපයන සියලු දෙනාට ශක්තිමත්ව නැගී සිටීමේ පසුතලය සකසන්න පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති,  වසන්තා හදපාන්ගොඩ මහත්මිය
අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය විදියටයි මේ සමිතිය හදුන්වන්නේ. නමුත් මුල්‍ය කළමණාකරණයක් වුනේ නැහැ.දැනට දකුණු ආසියාවේ තියෙන විශාලම සමුපකාර සමිතිය. ජවිපේ ලංකා ගුරු සේවා සංගමය බලයට පැමිණි ගමන් තමන්ගේ මහසභා නියෝජතියින්ට හා පාක්ෂිකයින්ට ණය ලබා දිම නිසා සමිතියේ මුල්‍ය අර්බුදයක් ඇති වුනා. මෙම්නිසා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 1000ක ණයක් වත්මන් පාලකයින් අරන් තියෙන්නේ 13.2% පොලියට. ගුරුවරුන්ට ණය දෙන්නේ 14% පොලියට. බලයට ආවේ ගුරුවරුන්ට 4% පොලියට ණය දෙනවා කියලයි. පරිගණක 27ක් මිලදි ගන්න රුපියල් පනස් හතර ලක්ෂ හැට අටදහස් හයසිය තිස් පහක් වැය කරලා. එක  පරිගණකයක් කීයක් වෙනවාද බලන්න. මේ මුදල් සාමාජිකයින්ගේ මුදල්. අහිංසක ගුරුවරු කටේ කෙළරහ වෙනකල් කතා කරලා උගන්නලා හමුබකරපු මුදල් වලින් රුපියල් 435 ගානේ කපලා හදපු අරමුදලේ මුදල් මේ විදියට අවභාවිතා කරලා.මහ සභාව මගින් මිලදි ගත්ත ඉඩම් වලින් කිසිදු ප්‍රයෝජනයක් අරන් නැහැ.පරිපාලනය විමධ්‍යගත කරන්න කියලා දිසිත්‍රික්ක 20 විතර අධික කුලි පදනම මමත කාර්යාල පිහිටුවලා තියෙනවා. මේවාට විතරක් මාසිකව ලක්ෂ 100ක් විතර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ජවිපේ දේශපාලන ක්‍රියාවලිය සදහාත් ගුරුවරුන්ගේ මුදල් වැය කරනවා. තමන්ගේ ක්‍රියාකාරිකයින්ට රැකියා දෙන රැකියා මධ්‍යස්ථානයක් බවටත් ගුරු ගෙදර පත්කරලා තියෙනවා.අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සැබැ ගුරුවරුන්ගේ සුභසාධන මධ්‍යස්තානයක් බවට පත්කිරිමයි. අපේ සංගමය හොරු කියලා හදුන්වන්න මේ කණ්ඩායම අත්සාහ කරන නිසා අපිට රතු හොරු කවුද කියලා රටට කියන්න වෙනවා. මෙහි සභාපති මහින්ද ජයසිංහ. ඔහු මුල්‍ය චෝදනා 11ට වැරදිකරුවෙක් වෙලා සේවයෙන් පහ කරපු කෙනෙක්.අතුරු මැද පළාතේ අධ්‍යාපන ලේකම් සේවයෙන් පහ කරලා තියෙන්නේ මොහු මුල්‍ය චෝදනා පිලිගැනීමෙන් පස්සේ. රජයේ මුදල් අයථා විදියට ගනුදෙනු කිරිම නිසා සේවයෙන් පහකරපු කෙනෙක්. අතුරු පාලක මණ්ඩලයේ අපේ කිසිවෙක් සාමාජික වෙලා නැහැ. අපි ගුරු ගෙදරින් තේ කහට එකක්වත් බීලා නැහැ.
සේවයෙන් පහ කරපු කෙනෙක් නිසා සමුපකාර කොමසාරිස් විසින් මොහුව සමිතියේ සභාපති ධූරයෙන් ඉවත් කළා. මේ නිසයි අතුරු පාලක මණ්ඩල දාන්න සිද්ධ වුනේ.මේ අතුරු පාලක මණ්ඩලත් ජවිපේ වැරදි සහගත නිර්දේශම ඉදිරියට ගෙන යාම නිසා අපි අවස්ථා තුනක්ම නඩු දැම්මා. මේ මහින්ද ජයසිංහ එදා අධිකරණයට ගිහින් අතුරු පාලක මණ්ඩලයට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැතිව කට වහන් හිටියා. අද ඇවිත් හොරුකියලා ඒ නම අපිට ගාවලා වාසි ගන්න හැදුවට අපි සාමාජිකයෝ විදියට එදා අතුරු පාලක මණ්ඩලයට නඩු දැම්මේ. මේ වෙද්දි විවිධ කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. සමුපකාර කොමසාරිස්ගෙන් අපි ඉල්ලා සිටිනවා ජාතික හැදුනුම්පත මේකට අනිවාර්ය කරන්න කියලා. මැතිවරණය සාදාරණව තියන්න.ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ආරම්භ කරලා වසර තුනයි. අපි මේ වෙද්දි දිවයින පුරාම අපේ නියෝජිතයින්පත්කරලා තියෙන්නේ. ජවිපේ සම්පුර්ණයෙන්ම පෝෂණය වෙන්නේ ගුරුගෙදරින්. අනුරාධපරයේ ගුරුගෙදර යන්ත්‍ර රාත්‍රී කාලයේ පවා පාවිච්චි කරන්නේ කවුද කියලා අපි දන්නවා. ගුරුවරුන්ගේ සැබ සුබසාධනය වෙනුවෙන් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන අපේ අපේක්ෂකයින්ට දෙන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress