2019 වසරට අදාලව සමෘද්ධි සේවකයින් හට ගෙවිය යුතු ගමන් වියදම් හා කාර්යාල දීමනා නොගෙවන ආණ්ඩුව සමෘද්ධි සහනාධාර පත්‍ර බෙදා දීමේ උත්සවයෙහි 125000 ටී ෂර්ට් වල රු.මි 65 ක නාස්තිකාර වියදම් ගෙවීම කඩිනම් කිරීම සැකයක්
Posted on June 6th, 2019
ජනමාධ්‍ය නිවේදනයයි සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව දිවයින පුරා සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට 2019 වසරට අදාලව ගෙවිය යුතු ගමන් වියදම් දීමනා හා කාර්යාල දීමනා නොගෙවා නව සමෘද්ධි සහනාධාර හිමිකම් පත්‍ර බෙදා දීමේ උත්සව වෙනුවෙන් ටී ෂර්ට් 125000 මිලදී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවීම කඩිනම් කිරීම පිළිබදව බරපතල සැකයක් අප සංගමය වෙත මතුව ඇත.
සමෘද්ධි සංවර්ධන දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ටී. ආර්. ටී. එම්. එස්. පී. බණ්ඩාර මහතාගේ අත්සනින් දිවයිනේ සියළුම දිස්ත්‍රික් ලේකම්වරු අමතා එවන ලද 2019. 06. 04 දිනැති DSD/HO/SW/18/04/19/1 ලිපිය මගීන් එක් දිස්ත්‍රික්කයකින් ටී ෂර්ට් වෙනුවෙන් බදු ඇතුලත්ව රු.2.837,193.75 මුදලක් කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත එවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
125000 මෙම ටී ෂර්ට් ඇණවුම සම්බන්දව මහත් මතභේදාත්මක ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවට විවිධ පාර්ෂවයන් විසින් චෝදනා කරන අතර දෙපාර්තමේන්තුවෙහි ටෙන්ඩර් කමිටුවද මෙම ගෙවීම අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප වෙත වාර්ථා වේ.
ඇගළුම් කර්මාන්තයෙහි නිරතව ඇති අමාත්‍යවරයෙකු මෙම දෙපාර්තමේන්තුවේ අමාත්‍යධුරය දරණ අවස්ථාවක මෙම 125000 ටී ෂර්ට් ඇනවුමෙහි මුදල් ගෙවීම අධ්‍යක්ෂ ජනරාල් විසින් හදිසි කිරීම අප සංගමයට සාධාරණ සැකයක් මතුව ඇති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.
සමෘද්ධි සේවකයින් හට 2019 වසරට අදාලව මාස 05 ට හිමි ගමන් වියදම් දීමනාව හා කාර්යාල දීමනාව ගෙවීම් කර නොමැති ආණුඩුව සිය දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සදහා රුගමිග300 ආසන්න විශාල මුදලක් නාස්ති කිරීම කණගාටුවට කරුණක් බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.
ස්තූතියි.
මෙයට,
චාමර මද්දුම කළුගේ,
ප‍්‍රධාන ලේකම්.