යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ.. ජනාධිපති කියයි.. දිවුරන්න ආ 04ක් අදම හරවා යවයි.. මාසයකින් යලි දිවුරන්න බලාගෙන ඉල්ලා අස්වූ පිරිස දිගමට මන්ත‍්‍රීලා..
Posted on June 7th, 2019

lanka C news

යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ.. ජනාධිපති කියයි.. දිවුරන්න ආ 04ක් අදම හරවා යවයි.. මාසයකින් යලි දිවුරන්න බලාගෙන ඉල්ලා අස්වූ පිරිස දිගමට මන්ත‍්‍රීලා..

නැවත කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පැවති විශේෂ කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සදහන් කර තිබේ.

කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව ඇමතිවරුන් සිවු දෙනෙකු දිවුරුම් දීම ගැන එජාපය විසින් සිහිපත් කල අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 05ක් විභාග වෙමින් තිබියදී නීති විරෝධීව කටයුතු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම අත්හිටුවන තෙක් තමන් කැබිනට් මණ්ඩලය නොකැදවන බවත් රාජ්‍ය මට්ටමේ කිසිදු කටයුත්තකට සහභාගී නොවන බවටත් ජනාධිපතිවරයා එහීද පවසා තිබින.

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් 08 දෙනා මසකට පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමද ඒ අනුව සිදු නොකෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

කෙසේ වෙතත් කබීර් හෂීම් මහතාගේ ඉල්ලා අස්වීම මේ වන තෙක් ජනාධිපති කාර්යාලයට ලැබී නැති නිසා ඔහුට තව දුරටත් ඇමති ධුරයේ කටයුතු කල හැකි වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress