රිෂාඩ්,සාලි,හිස්බුල්ලා,මුජිබර්ට එරෙහි චෝදනා ඔප්පු වුණොත් ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය
Posted on June 8th, 2019

උපුටාගැණීම  මව්බිම

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, නැඟෙනහිර හිටපු පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එල්ල වී තිබෙන බරපතළ චෝදනා ස්වාධීන පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් එම සිවුදෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ක්‍රියාකරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමට ජාතික විද්වත් භික්ෂු සංසදය තීරණය කරයි. 

එම භික්ෂු සංසදයේ සම කැඳවුම්කරු පූජ්‍ය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ඉරිදා මව්බිම”ට ප්‍රකාශ කළේ මෙම සිවුදෙනාම අන්තවාදී සංවිධානවලට දේශපාලන රැකවරණ ලබාදුන් බවට හා අනුබල දුන් බවට එල්ල වී තිබෙන බරපතළ චෝදනා ඔප්පු වුවහොත් මොවුන් කිසිදු ආකාරයකින් දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සියලුම පක්ෂ නායකයන්ට දැනුම් දෙන බවයි. එම සිවුදෙනා වරදකරුවන් වුවහොත් කිසිදු ආකාරයකින් ඉදිරි මැතිවරණ සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙසත් එසේ සම්බන්ධ කරගතහොත් ඒ ගැන රටේ පොදු මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ධම්මිස්සර හිමියෝ පෙන්වා දෙති. ආණ්ඩුව නියෝජනය කරනු ලබන සියලු මුස්ලිම් මැති ඇමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත්වීම සම්බන්ධයෙන් තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් කරනු ලැබූ අනුශාසනාව ගෞරවපූර්වකව පිළිගන්නා බවත් ඒ අනුව චෝදනා තිබෙන අය පරීක්ෂණවලට මුහුණදී නිදහස් විය යුතු බවත් ඉවත් වූ අනෙක් අය වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවත් නාහිමිවරුන් අනුශාසනා කළ කාරණය අදාළ සියලුම දෙනා පිළිගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ. චෝදනා නොමැති මුස්ලිම් මැති ඇමැතිවරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් සිදුකළේ චෝදනා එල්ලවී තිබෙන දේශපාලනඥයන්ගේ 

පරීක්ෂණවලට බාධා කිරීම බවත් එය තරයේ හෙළා දකින බවත් ධම්මිස්සර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ. 

One Response to “රිෂාඩ්,සාලි,හිස්බුල්ලා,මුජිබර්ට එරෙහි චෝදනා ඔප්පු වුණොත් ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය”

  1. Christie Says:

    0712178873 දු

    I do not understand what these monks are up to. Have they got any ideas of what they are doing. A court case has not been even filed gains these accused. These Muslims have the freedom to do what they want to do like the monk.

    They are also talking about new commandments for a new regime and has laid out certain proposals. The contact number to discussion is the above telephone number.

    I rang them to talk about the issues raised by them. The response I got is absurd.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress