වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්
Posted on June 9th, 2019

උපුටාගැණීම ලංකාදීප

 කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයේ සේවය කරන ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අද (09) පස්වරුව වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 723 ක්වූ බව රෝහල පාලනාධිකාරිය ප්‍රකාශ කළේය .
 

පසුගිය සිකුරාදාට (07) පැමිණිලි 24 ක්ද , ඊයේ (08) දිනයේ ( 08) පැමිණිලි 26 ක්ද , අද දිනයේ පැමිණිලි 14 ක්ද ලැබී ඇත .
 
එම වෛද්‍යවරයා සිදුකර ඇති සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සැකකරන කාන්තාවන් විසින් සිදුකරන ලද පැමිණිලි කුරුණෑගල ශික්ෂණ රෝහලට බාර ගැනීම අරඹනු ලැබුවේ පසුගිය මස 26 වැනිදාය . ඒ අනුව එදින සිට ඊයේ දිනය වනවිට අඛණ්ඩව දින 15 ක් දිනපතා කාන්තාවන්⁣ ඉදිරිපත් කළ පැමිණිලි බාරගැනීම විශේෂ  කරුණකි .
 
කුරුණෑගල ශික්ෂණ රෝහල විසින් බාරගනු ලබන පැමිණිලි වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට මෙසේ පැමිණෙන කාන්තාවන්ගේ පැමිණිලි බාර ගැනීම සිදු කරති .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress