ඒ කාලේ කපිල හෙන්ද්‍රාවිතාරණ බුද්ධි අංශ ප්‍රධානී වුනාට ඒ කවුද කියලා රටේ මිනිස්සු දන්නේ නැහැ
Posted on June 11th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
■ පාර්ලිමේන්තු එස්. එම්.චන්ද්‍රසේන මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා

ඉන්දියානු අගමැති පැමිණි අවස්ථාවේ පරිවාර ඇමැතිවරයෙක් පත් කළාට පරිවාර වැඬේ කලේ අගමැතිවරයායි.
■ එක්සත් ජාතික පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලා තියන බව ගුරු ගෙදර මැතිවරණයෙන් පේනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
තේරීම් කාරක සභාව පවත්වන එක නැවැත්වුවේ නැත්නම් ජනාධිපතිතුමා කැබිනට් එක පවත්වන්නේ නැහැ කියනවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා එකගත්වයක නැහැ. කතානායකවරයා කියනවා පාර්ලිමේන්තුවේ කාරක සභාව හමුවට කැදවන නිලධාරීන් පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් ඒ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න වෙයි කියලා. ජනාධිපතිතුමා කියනවා තේරිම් කාරක සභාව නවත්වන්න. මගේ නිලධාරීන්ව යවන්නේ නැහැ කියලා. ඉතිහාසයේ නොවුන විදියට තේරීම් කාරක සභාවක් පවත්වලා රටේ බුද්ධි අංශ නිරාවරණය කිරිමක් වෙනනේ. බුද්ධි අංශය හා ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධයෙන් මිට කළින් මෙවර හෙළිදරව්වක් වුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ධූරයේ ඉන්න කාලේ හෙන්ද්‍රවිතාරණ මහතා බුද්ධි අංශයේ සහ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් විදියට වැඩ කළා. නමුත් කවුදරුත් දන්නේ නැහැ කපිල හෙන්ද්‍රවිතරණ කියන්නේ කවුද කියලා. දැන් ආරක්ෂක ප්‍රධානීන් කවුද කියන දේ රට හමුවේ හෙළිවුනා.
මේ නිලධාරින් තේරීම් කාරක සභාව කැදවිම සම්බන්ධයෙන් කතානායක හා ජනාධිපතිවරයා අතර මතවාද දෙකක් ඇති වෙලා. නිලධාරින් පිළිගන්නේ කවුරු කියන දේද? මේ වගේ තත්ත්වයකයි රට තියෙන්නේ. මැතිවරණයක් තියනවා ඇරෙන්න කරන්න දෙයක් අද නැහැ. ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසදන්නේ නැහැ. රට දරුණු ආර්ථික වැටිමකයි තියෙන්නේ. ග්‍රාමිය මට්ටමේ ගම්මිරිස් මිල රුපියල් 600යි. මෙතෙක් තිබුණු කුරුණු මිල වැටිලා. ඒ අතරේ තේ කර්මාන්තශාලා දරුණු කඩා වැටිමකයි තියෙන්නේ. මේ වෙද්දි දකුණු පළාතේ තේ කර්මාන්ත ආයතන 27ක් කඩා වැටිමකට ලක්වෙලා තියෙන්නේ.  මේ තත්ත්වය මගින් ආර්ථිකය විනාශ වෙනවා විතරක් නෙවෙයි රටේ පරිපාලනයක් නැති තත්ත්වයක් ඇති වෙලා. පහුගිය සති දෙකේ අලුතින් ඡන්ද ලියාපදිංචිය අඩු වෙලා. පාර්ලිමේන්තු බෝම්බය නිෂ්ක්‍රිය කළ යුතුයි කියලා ජනතාව අතරින් මතුවෙනවා. මොකක්ද මේ බෝම්බය. පාර්ලිමේන්තු ප්‍රජාතනත්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියන එකයි. සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවාම වෙන දේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාව වෙලාවේ කට්ටිය ඉක්මනට දුවලා පැනලා තීන්දු තිරණ අරන් ඡන්දයත් ඕනේ විදියට තිබ්බා. මේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒ වැඩපිළීවෙල දියත් වෙන්නේ නැහැ. අවසානයේ මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ආන්ඩුවෙන් ඉවත් වුනා. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමය තුළ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉක්මනින් විසදනවා. මුස්ලිම් ඇමැතිවරු ඉවත් විම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. එල්. ටි. ටී. සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කිරීමයි එදා ප්‍රධාන අභියෝගය වුනේ. සමහර අවස්ථාවල එයින් කොටසක් කඩලා ප්‍රජාතන්ත්‍රවාදයට ගත්තා. එවැන්නක් කරනවා මිස සියලු දෙනාවම අන්තවාදයට තල්ලු කිරිමක් නෙවෙයි සිදු විය යුත්තේ. මේ රට අර්බුදයට ලක්වෙන ක්‍රියාදාමයකටයි ආන්ඩුව කටයුතු කලේ. දැන් තියෙන තත්ත්වය උඩ වහාම මැතිවරනයකට යාමයි කරන්න තියෙන්නේ.
ඉන්දිය අගමැති ආපු වෙලාවේ රජයෙන් පරිවාර ඇමැතිවරයෙක් පත්කළා. පරිවාර වැඬේ කලේ අගමැතිවරයා. එජාපයේ තියෙන අර්බුදයත් ඒකෙන් පැහැදිලියි. පරිවාර ඇමැතිවරයාගේ කටයුතු ටික කරන්න බැරි වුනා. රාජ්‍ය නායකයෙක් ආපුවම ඒ නායකයා එක්ක යන්නයි පරිවාර ඇමැතිවරයෙක් පත්කරන්නේ. ඒ නායකයාගේ සියලු දේ බලා ගන්නේ පත්කරන පරිවාර ඇමැතිවරයායි. අන්තිමට පත්කරපු පරිවාර ඇමැතිවරයාට කරන්න සිදුවුනේ ජනාධිපති කාර්යාලයට එන එක විතරයි. මේකෙන් ආන්ඩුව තුළ විතරක් නෙවෙයි එජාපය තුළ නායකත්ව අර්බුදයක් තිබෙන බවයි. ආණ්ඩුවේ පාර්ශ්ව අතර අර්බුදයක් තියාගෙන රට ගෙනියන්න බැහැ. ජනතාවට අස්ථාවර නැති ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථෘව තියෙන්න ඕනේ.ජනතාව ඉන්නේ දැඩි කළකිරිමකයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවිමෙන් කටයුතු කරන්න සිදුවෙනවා. අපි ඒ සදහා ශක්තිමක්ව මුහුණ දෙන්න සුදානම්. මෙවර ගුරු සංගමයේ ඡන්දයෙන් පේනවා රටේ ජනතාව එජාපය වගේම ජවිපේත් මේ වෙද්දි ප්‍රතික්ෂේප කරලා තිබෙන බව.

■ මේ ආණ්ඩුව දන් සංඝභේදය පටන් අරන්.
■ ලෝක වෙලෙදපොලේ තෙල් මිල අඩු වුනත් අපේ රටේ 10 වැනිදාට තෙල් මිල ඉහළ යනවා.
■ සමෘද්ධියත් ඡන්ද අල්ලසක් කරගෙන
පාර්ලිමේන්තු එස්. එම්.චන්ද්‍රසේන මහතා

මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා මංගල සමරවිර ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා. දැන් ගම්පහ දිසත්්‍රක්කයේ ස්වාමින් වහන්සේලා තීරණය තියෙන්නේ මංගල සමරවිර ඇමැතිවරයාව පන්සල්වලට වද්දා නොගන්නයි. මංගල සමරවිර ඇමැතිවරයා කලේ නොකළ යුතු ප්‍රකාශයක්. ස්වාමීන් වහන්සේලා අද වෙද්දි මේ කාරණය නිසා දෙකට බෙදිලා. අපි දැක්කා තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් පන්සල්වලට ආධීර දෙන බව කියලා තියෙනවා. කණගාටුදායක විදියට මංගල සමරවිර ඇමැතිවරයා සංඝභේදයක් ඇති කරලා තියෙනවා. මේක අපේ ආගමේ හැටියට ආනන්තරීය පාපකර්මයක්. මේ අතරේ කබිර් හසිම් ඇමැතිවරයාට විරුද්ධව සහ පක්ෂවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් පෙනී සිටිනවා. දැන් ශාසනයත් ආගමත් දෙකට බෙදිම තමයි මේ ප්‍රකාශ මගින් වෙලා තියෙන්නේ. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ ආගම් අතර බේද ඇති කරනවා වගේම ආගම් ඇතුලේ බේද ඇතිකිරිමයි.
අගරදගුරුතුමා ගිනි අවුලවන්න රතන හිමියන්ගේ උපවාසය කරන තැනට ගියා කියලා කිව්වා. අප්‍රියෙල් 21 බෝම්බ සිද්ධීයෙන් වෙන්න ගිය විශාල විනාශය නතර කරපු අගරදගුරුතුමන්ට හරි නම් අපි මල් තියලා වදින්න ඕනේ. අවංකව ඒ කාරණය පිළිගන්න ඕනේ. නමුත් ආන්ඩුවට ඕනේ මේ තියෙන සාමකාමී තත්ත්වය නැතිකරන්නයි. ඒ වෛරයටයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. රටේ ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ.මංගල සමරවිර ඇතුලු ආණ්ඩුව මේ විදියටසංඝයා වහන්සේ භේද කිරීම කරන්න එපා. ආගම් භේද කරන්න එපා.ආගම්වලට ගරහන්න එපා. සිංහල බෞද්ධ රටක් කියන දේ අගරදගුරුතුමන් පිළිගන්නවා. හකීම් ඇමැතිවරායත් කිව්වා ඔහු මේ රට සිංහල බෞද්ධ රටක් විදියට පිළිගන්න බව. ආගමික නායකයින්  වගේම ජාතීන්ගේ නායකයොත් අපේ රටෙ සිංහල බෞද්ධ රටක් කියන දේ පිළීගන්නවා. ඒ වුනාට ආන්ඩුවේනායකයින් පිළීගන්න සූදානම් නැහැ අපේ රට සිහල බෞද්ධ රටක් බව. අවුරුදු හතරහමාරක් ඇතුලේ රටේ සංවර්ධනය විනාශ කරලා රට ප්‍රපාතයට ඇද දමලා තියෙන්නේ. රට ව්‍යෘකූල තත්ත්වයට පත්කරලා ජාතිභේදය ඇති කිරිම නතර කරන්න දැන්වත් අවශ්‍යයි.
අපේ ආන්ඩුව ආපු ගමන් තුන්වතාවක් ඉන්ධන මිල අඩු කළා. මේ ආන්ඩුවත් ඒ නිසා ලැජ්ජාවට වගේ ආයේ ආණ්ඩුව පිහිට වූ  හැටියේ කරන්න දෙයක් නැති කමට මිල අඩු කළා. ඊට පස්සේ මේ වෙනකල් කලේ මිල වැඩිකිරිමමයි. සෑම ක්ෂේත්‍රයටම තෙල් මිල බලපානවා. අද වෙද්දි කෘෂිකර්මාන්තයකඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා.මේ විදියට මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරන්න ගියාම රටේ ජනතාවට ජිවත් වෙන්න බැරි වෙනවා. මේ විදියට ජනතාවට පිඩි නොකර මේ අසමත් ආණ්ඩුව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ නැතිව මැතිවරණයකට යන්න ඕනේ. රිෂාඞ් බදියුදී්න් විශ්වාසභංගයෙන් පැරදිලා එළියට ගියානම් ආන්ඩුව ඉවරයි. දෙමළ සන්ධානයට පොරොන්දු දිදි තියාගෙන ඉන්න අසමත් දුර්වල ආණ්ඩුවක්. හඅමෝටම ඔලුව නවාගෙන හාමෝගෙම න්‍යායපත්‍ර අනුව ආණ්ඩුව කරගෙන යන්නේ. හරිම නින්දිතයි.
කාලයක් මම සමෘද්දි ඇමැතිවරයා විදියට වැඩකළා. අඩු ආදායම් ලබන ජනතාව සමික්ෂණයක් මගින් සොයාගෙනයි අපි සමෘද්ධිය දුන්නේ. එජාපය කියලා අපි කවදාවත් සමෘද්ධිය නොදී හිටියේ නැහැ. මම කවදාවත් යු. ඇන්. පි කාරයෙක් කියලා සමෘද්ධිය කපන්න කියලා කාටවත්ම කියලත් නැහැ. මේ ආන්ඩුව කරන්නේ අමූලික බොරුවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන දුර්වල කම නිසා ඒ අයට ආණ්ඩුවකට එන්න නම් අවුරුදු 20ක් තිස්සේ බැරි වුනා. ඒ මුවාවෙන් පාක්ෂිකයින්ට කිසිවක් කරන්න බැරි වුනා කියලා බොරු කියමින් ඡන්දය වෙනුවෙන් කරන ඡන්ද අල්ලසක් මේ දෙන්නේ.අපි දෙසැම්බර් අවසානය වෙද්දි අපේ ජනාධිපතිවරයෙක් පත්කරනවා. මේ විදියට අනවශ්‍ය විදියට එජාපයේ කියලා හංවඩු ගහමින් සමෘද්ධිය දීම වැරදියි. අගමැති ජනාධිපති එක පක්ෂයක ජාතියක කුලයක වෙන්න බැහැ. අනුරාධපුරයේ හොරොව්පතානේ සුදුසුකම් තියෙන අයට සමෘද්ධිය නොදී නුසුදුසු අයට දීලා. මිනිස්සු ගහ ගන්නත් පෙළඹුනා. දැන් ආගම්භේද , ජාතිභේද ඇති කරලා මදිවට දුප්පත් ජනතාව අතරත් භේද හදනවා. හිරිකිතයක් නැතිව මෙහෙම කටයුතු කිරිම ගැන කණගාටුයි.
අපි කුඩා රාජ්‍යයක් වුනත් අපේ ස්වාධීනත්වය තියාගන්න ඕනේ.
■ ලංකාවට වෙඩි බෙහෙත් ගෙන්වන ප්‍රධානීන් හත් දෙනාම මුස්ලිම් ජාතිකයින්.
■ වෙඩි බෙහෙත් ගෙන්වීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නියාමනය යටතට පත්විය යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා

පහුගිය දිනක ඉන්දියානු අගමැතිවරයා පැය කිහිපයකට මේ රටට පැමිණියා. ඒත් එක්කම තද වර්ෂාවේ අපේ ජනාධීපතිතුමා ඉන්දියානු අගමැතිවරයාට කුඬේ ඇල්ලුවා.කෙනෙක් කියන්න පුලුවන් අපේ ජනාධිපතිතුමාගේ තියෙන සරලකමයි කියලා. නමුත් කුඩු රාජ්‍යයක් වුනත් අපේ රාජ්‍යය ස්වාධින රාජ්‍යයක්. අපේ අදීනත්වය අනන්‍යතාවය නායකත්වය මේ විදියට ලැජ්ජාවට පත්කිරීම ගැන කණගාටුයි. මීට වගේ අපේ නායකයෝ කල්පනා කරන්න ඕනේ. රට කුඩා වුනත් අපි ස්වාධින රාජ්‍යයක්. සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ කාලේ රැජින අපේ රටට ආවා. එ වෙලාවේ එංගලන්තයේ පත්තර අපේ සර් ජෝන් කොතලාවල හැදින්වූවේ දැවැන්ත නායකයෙක් විදියටයි.
පහුගිය දවසක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව හමුවෙන්න ගල්කුරි කරන පිරිස ආවා. මේ රටට වෙඩි බෙහෙත් ගෙන්වන ප්‍රධාන ව්‍යාපාරිකයින් හත් දෙනාම මුස්ලිම් ජාතිකයින් බව එහිදි අනාවරණය වුනා. ඔවුන් එත්දෙනාගේ බලාධිකාරියක් තියෙන්නේ. මේක ජාතිවාදී වෙන්න ඕනේ නැහැ. ටෙන්ඩරයකින් නියමානුකූලව ඒ දේ කළාට කමක් නැහැ. ප්‍රශ්නයක් බවටපත්වෙලා තියෙන්නේ මේ ගෙන්වන වෙඩි බෙහෙත්වලින් තමයි යම්කිසි ප්‍රමාණයක් පහුගිය දවස්වල අවාසනාවන්ත සිද්ධීයටත් වෙඩි බෙහෙත් ලැබුනේ. මේ තත්ත්වයනියාමනය කරන්න අවස්ථෘ කිහිපයක ආරක්ෂක අමාත්‍යංශය උත්සාහ කරලා තියෙනවා. සිරියල් නම්බරයක්වත් දැම්මානම් කවුද මේ වෙඩි බෙහෙත් ගෙන්වපු කෙනා  කියලා හොයා ගන්න තිබුණා. මේ අති භයානකතත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා ඒ වෙලාවෙම ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළා. වෙඩි බෙහෙත් ගෙන්විම වැනි දෙයක් ටෙන්ඩර් කිරීම අවහ්‍ය නැති බවයි මගේ හැගීම. මේක රාජ්‍ය ආරක්ෂඛ අමාත්‍යංශයේ නියාමනය යටතේ තියෙන්න ඕනේ දෙයක්. ව්‍යාපාරයක් විදියට කරනවා නම් නියාමනයක් අවශ්‍යයි. දැන්වත් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයිකියලා හිතනවා.
කතෝලික ජනතාවගේ අප්‍රසාදයට මංගල සමරවිර ඇමැතිවරයා ලක්වෙලා තියෙන්නේ. මේ ආන්ඩුව සංහිදියාව ගැන දැවැන්ත විදියට කතා කළා. දෙමලෙන් ජාතික ගීය කියන්න අවශ්‍ය වුනා. නමුත් ප්‍රායෝගිකව කරපු දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා කරපු සංවර්ධනය වත් ඉදිරියට ගෙන ගියේ නැහැ. කාදිනල්තුමා නිතරම කිව්ාව මේ රට සිංහල බෙ?ද්ධ රටක්. ඒ සංස්කෘතිය යටතෙයි අපි සියලු දෙනාගේ පැවැත්ම තියෙන්නේ කියලා.අන් වහන්සේ දෙමළ ජානතව ගැනත් මුස්ලිම් ජනතාව ගැනත් කතා කළා. මුහුදුබඩ කතෝලික ජනතාවට කිව්වා මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න කිව්වා. රතන හාමුදුරුවෝ කිවේවේ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු ගැන නෙවෙයි.සිද්ධිය සම්බන්ධයෙන් කියැවුනු මන්ත්‍රීවරුන්ට විරුද්ධවයි. ඒ නිසයි අන් වහන්සේව බලන්න ගියේ. ජවිපේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය ගේන්නේ සද්භාවයෙන් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අපි ඉදිරියේදී මංගල සමරවිර ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න සුදානම්.
කුරුණෑගල දොස්තර සාෆිගේ ප්‍රශ්නය විද්‍යාත්මකව විසදාගන්න ඕනේ. නමුත් එතුමා ඊළගට එජාපයේ ලයිස්තුවෙන් පත්වෙන්න ඉන්න මන්ත්‍රීවරයා විදියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. නැවත රාජ්‍ය සේවයට එන්න වංචනික විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා වංචනික දෙයක් වෙලා තියෙනවා. මේ සම්බබ්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි. හැම ක්ෂේත්‍රයකම මෙවැනි අරුබද තියෙනවා. අද වෙද්දි ජනාධීපති අගමැතිවරයා අතර සෑහෙන්න ප්‍රශ්න. ජන අප්‍රසාදයට ලක්වෙලා තියෙන රජය හැකි ඉක්මනින් මැතිවරණයකට යුතුයි. ආන්ඩුව ගෙදර යවන සටන මිට වඩා දැවැන්ත විදියට පෙළ ගස්වන්න අපි සූදනම්.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress