කැබිනට් මණ්ඩලය රැස් නොවෙයි හේතුව තේරීම් කාරක සභාවද?
Posted on June 11th, 2019

Ada Derana

පාර්ලිමේන්තු කාරක සභාව ස්ථාවර නියෝගයන්ට පටහැනියි’

ඩයනා උදයංගනී උපුටාගැණීම ලංකාදීප

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු කටයුත්තක් විභාග වන බැවින් ඒ ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පවත්වාගෙන යාම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි කටයුත්තක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නීතිපතිවරයාද මේ සම්බන්ධව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට කරුණු වාර්තා කර තිබෙන බව මහලේකම්වරයා සදහන් කළේය.

එමෙන්ම මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන සැලසුම්සහගතව අවලාද නැගීමේ අරමුණින් ගෙන යන්නක් බව කී ජයසේකර මහතා එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට මඩ ගැසීම සදහා ගෙන යන මෙය විහිළුවක් බව ද ප‍්‍රකාශ කළේය.
 
එමෙන්ම ආරක්‍ෂක කවුන්සිලයේ සියලුදෙනා මාධ්‍ය ඉදිරියටත් ගෙනැවිත් කරන එම කටයුත්ත තුළින් ජාතික ඔත්තු සේවයට, බුද්ධි අංශයන්ට මෙන්ම රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
 
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
           
මෙහි නඩු නිමිත්තකට අදාළ දේවල් නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීම තුළ නඩුවේ විත්තියටද දැඩි අගතියක් සිදුවන බව කී ජයසේකර මහතා එය ගැඹුරින් සළකා බලා කාරක සභාවේ කටයුතු පාලනය කරමින් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි අපි පාර්ලිමේන්තුවෙන් හා එම සභාවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
           
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඇති 1955 රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ පනත යටතේ මෙයට සහභාගී වන නිලධාරීන්ද දඬුවම් ලැබිය හැකි නිසා මෙයින් නිලධාරීන්ද අපහසුතාවයකට පත්ව සිටින බව මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress