මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ
Posted on June 14th, 2019

විශේෂාංගයකතුවැකිය උපුටාගැණීම  මව්බිම

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (ඡ්භ) ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියා තානාපති කාර්යාලද, එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපති කාර්යාලවල එකඟතාව මත පසුගිය බදාදා (12දා) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. 

එහි පළමු ඡේදයේම මෙසේ සඳහන් වේ. 

සාමය හා සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි. 

ඉහත ඡේදය පිළිබඳව අවධානය යොමු කරන විට තහවුරු වනුයේ මේ රටේ හැම මඟුලකටම ඇඟිලි ගැසීම ජන්ම පුරුද්දක් කරගත් යුරෝපා කොමිසම අන්තිමේදී මාධ්‍යයටද අතපය දමන්නට එන බවය. 

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ඔවුහු කියති.

නමුත් ගැටලුව ඇති වූයේ අන්තවාදී නරුමයන් කිහිපදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන අහිංසකයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම හේතු කොටගෙනය. මෙවන් සාහසික අපරාධයක් සිදුව තිබියදී ඊට වගකිවයුත්තන් ගැන වගේ වගක් සඳහන් නොකර වෙනදා කරන්නාක් මෙන් යුරෝපා කොමිසම අඳුරේ අතපත ගාන්නට පටන්ගෙන තිබේ. 

ප්‍රහාරයෙන් දෙසතියකට පසුව දිවයිනේ තැනින් තැන ඇති වූ සිද්ධි කිහිපයක් නිසා වරින් වර පොලිස් ඇඳිරි නීතිය දමා ඒවා පාලනය කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූ බව සැබෑවකි. එහි ඇරඹුමට හේතු වූයේ හලාවත ව්‍යාපාරිකයකු මුහුණු පොතට දමා තිබූ ආවේගය උපදවන පෝස්ටුවකි.

පාස්කු ප්‍රහාරය දාත්, ඉන් පසුවත් විය හැකිව තිබූ බොහෝ ව්‍යසන නොවන තැනට වගබලා ගන්නට කටයුතු කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශිෂ්ට ජාතික මෙහෙවර මේ මොහොතේද අපි ඉහළින්ම අගය කරමු. එමෙන්ම තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ඇතුළු ඉස්ලාම් හා අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාද රට තුළ සාමය කඩ නොවන තැනට වගබලාගන්නට ඉටු කළ මෙහෙවරද අගය කළ යුතුය. 

පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය නොවන තැනට වගබලාගෙන තිබියදීත් සාමය හා සංහිඳියාව අනතුරේ හෙළන්නට මෙරට මාධ්‍ය ක්‍රියා කරන බවට යුරෝපා සංගමයේ අම්බරුවෝ තප්පුලති. 

සමස්තයක් ලෙස ගත් කල ඇති බහුතරයන් මාධ්‍ය සිදුකළේ රටේ සිදුවන දේ වගකීමකින් යුක්තව වාර්තා කිරීමය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් හැරෙන්නට අන් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නට ගියේ නැත. රට තුළ බෙහෙවින් සාමකාමී වාතාවරණයක් රැඳී පැවතුණේද ඒ නිසාමය.

සෙනරත් රජුගේ කාලයේදී වෙළෙ¼දාම් කරන්නට නැඟෙනහිර වෙරළෙන් මෙරටට ගොඩබට මුස්ලිම්වරුන් හා මෙරට අනෙකුත් ජාතීන් අතර ඇති වූ සංහිඳියාවේ ඉතිහාසය ගැන යුරෝපා සංගමයේ පරසුද්දන් දන්නා කෙහෙල්මලක් නැත. ඒ මුස්ලිම්වරුන් ආවාහ විවාහ වූයේ අපේ සිංහල යුවතියන් සමඟය. මොහොට්ටි අප්පුහාමිලාගේ මොහොමඩ් කලීල්ලා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. 

පසුකාලීනව මෙරට කථානායක පදවියට පත් එම්.එච්. මොහොමඩ් හා එම්.ඒ. බාකිර් මාකාර් ආදීහු මෙරට තුන්වැනි පුරවැසි තනතුරට පත්වූහ. කොළඹ ආනන්දයෙන් මරදානේ සහිරා විදුහලේ සේවයට ගිය ආචාර්ය ටී.බී. ජායා එහි ගිය පළමු වසරේදීම සිංහල කොල්ලකු සහිරාවේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළේය. මේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම්වරුන් අතර සංහිඳියාව ගොඩනැඟුණේ එහෙමය. 

ආගමික අන්තවාදී ඇම්බැට්ටයන්ගේ උන්මන්තක ක්‍රියාවන් නිසා හැරෙන්නට මේ රටේ සිංහල, මුස්ලිම් සමඟියට කිසිදු බාධාවක් ඇත්තේ නැත. එහෙව් රටකට, එහෙව් අභිමානවත් ජාතියකට අද යුරෝපා සංගමයේ පරසුද්දෝ වැදි බණ දෙසති. 

අඩුම තරමින් රුසියාව හෝ ඕස්ට්‍රේලියාව මුස්ලිම්වරුන් පිළිබඳව අනුගමනය කරන දැඩි පිළිවෙත් (පහත ලිපිය කියවන්න) අප අනුගමනය කරන්නේ නැත. අදටත් ජපානය මුස්ලිම්වරුන්ට එරට ස්ථිර පදිංචිය ප්‍රදානය කරන්නේ නැත. ඉස්ලාම් ආගම ඇදහීමද තහනම්ය. ඇංගෝලාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සිය රටවල ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කර ඇත. පසුගිය වසරේ ජර්මනියේදී පමණක් මුස්ලිම් පල්ලි 81කට පහරදී තිබේ. බටහිර චීනයේ රජයේ ගොඩනැඟිලි සහ පාසල්වල ඉස්ලාම් යාඥාවන් තහනම්ය. චෙක් ජනරජය ඉස්ලාමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පෝලන්තයේ ආරක්ෂක ලීගය මේ වනවිට මුස්ලිම් ජනතාවට අවවාද කරමින් පළාත් 16ක ෂරියා නීතිය තහනම් කර තිබේ. 

මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමයට එරෙහි ලෝක ප්‍රතිපදාව එලෙස තිබියදී යුරෝපා හවුලේ වෘක්ෂ සුනඛයන් අප පසුපස එළවන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුව මේ රට තුළ බූවල්ලකු මෙන් අඬු විහිදා සිටින එන්.ජී.ඕ. මාෆියාව සමඟ යුරෝපා හවුල එකට යහන්ගතව සිටීමය. තමන්ගේ පාට කණ්ණාඩි තුළින් බලනවා හැරෙන්නට ප්‍රායෝගික සත්‍යය වටහා ගන්නට තරම් බුද්ධිමය ප්‍රතිභාවක් මුන්ට නැත. එසේ තිබුණේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ විලක් වන්නට තිබූ මේ රටේ සංහිඳියාවට පාර කැපූ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව මුන් මේ අයුරින් හෙළා දකින්නේ ද නැත. එපමණක් නොවේ වැසිකිළියක උපන් අවජාතකයන් හැර අන් කවරකුවත් උන්ගේ ගොම්පස් අල්ලන්නට යන්නේද නැත.

One Response to “මාධ්‍යයට ටොකු ඇන්න යුරෝපා හවුලේ වැදි බණ”

  1. Ratanapala Says:

    ටේ ඉන්න සමහර මූග්ධ ජනතාවට, එයටත් වඩා අවස්ථාවාදී දේශපාලුවන්ට අප්‍රේල් 21 මතකය සීඝ්‍රයෙන් අමතකවී යනවා, විහින් අමතක කරනවා!

    සැමදා බොරු කියන රජය කියනවා 253 මැරුනා කියා. එය අවම ගනන කියා සිතනවා. බෝම්බ පුස් වී ත්‍රස්තයින් පමණක් විනාශවුනානම් තමයි අපට සතුට. එහෙත් රජයෙන් වසන් කල ඇත්ත සංඛ්‍යාව මෙයිට වැඩියි කියලා සිතනවා.

    අවමංගල ජඩපාලන මැතියා කියනවා සිදුවූ විනාශය ජඩපාලනයට රිදී රේඛාවක් කියා! මේ අදහාගත නොහැකි මලේඡ ප්‍රහාරය නිසා ලංකාවට $350 මිලියනයක් ඇමරිකාවෙන් ලැබෙනවා කියා. මේ අයට මේසා ඛේදවාචකයක් පෙනෙන්නේ තවත් අපයෝජනය කල හැකි මුදල් සම්භාරයක් කියා.

    සමහර මුසල්මානු නායකයන් සහ මවුලාවිවරු කියනවා ඒ අයට තියෙන චෝදනා ගැන ඒ අයගේ අමිල සිත් තදබල ලෙස පැහැරී තියෙනවා කියා. ඒ ගැන කතා. කරනකොට ඔවුන්ගේ ඇස්වලට කඳුලු එනවා කියලා. අපි ඇත්තටම ඒ කඳුළු TV එකේ දැකලත් තියෙනවා! කුරාණයේ කියනවා ශුද්ධවූ මාස අවසානයේ සියලු අල්ලා අවිශ්වාසවන්තයින් සමූලඝාතනය කරන්න කියලා. එහෙත් තව තැනක කියනවලු එක ජීවිතයක් නැසුවොත් එය මුලු මිනිස් වර්ගයාම නැසුවාසේ කියා. සරල බෞද්ධ අපට මේවා සියල්ල නිකම්ම නිකම් විලම්බීත!

    මේවාට Hadith වල කියනවා Taqiyya කියල – මූසොල්මානු ‘බොරුකීමේ කලාව!

    ඇමරිකාවේ ලංකා ඒජන්ත රනිල් කියනවා ත්‍රස්ත ප්‍රහාරය, ISIS කියලා. නමුත් අපි නම් දන්නවා මෙතෙන්ට කවදාහරි එනවා කියා. 1976 නොබැඳි සමුළුවට ආ ගඩාෆි කිව්වා – ජනගහනය වැඩිකරගන්න, පාරවල් අයිනේ ඇති ඉඩම් මිලදීගන්න, එක පල්ලියක සිට අඳෝනා දෙනකොට අනික් පල්ලියට ඇහෙන තරමට පල්ලි හදන්න කියා. මේ සියල්ල අද සිරිලක මහපොලොවේ යථාර්ථයන්!

    එහෙත් අපි කිසි දිනක සිතුවේ නැහැ නානාලා එක්වෙලා සමූලඝාතනයකට අර අඳියි, සමූලඝාතනයක් කරයි කියලා.

    තේරීම් කාරක සභාව වෙහෙසෙනවා මේ සියල්ල සරල සිරිසේනගේ සරල නොසැලකිල්ල නිසා කියා. දැන් වැඩිපුරම විභාග වන්නේ මුස්ලිම් අයට සිදුවී ඇති ආතතිය ගැනයි. ඒ අයට මුහුණ වසාගෙන විභාග වලට ලිවීමේ අයිතිය, එසේ කාර්යාල සහ අනෙකුත් රක්ෂිත ස්ථාන වලට ඇතුල්වීමේ අයිතිය සහ ඒවාගේ ශිෂ්ට සමාජයේ නොපිළිගන්නා අයිතීන් ගැනයි.

    අද වනතෙක් මුසල්මානු ප්‍රජාව එකාමෙන් කියා සිටියේ නැහැ – සිංහලෙන් බැරිනම් ඉංග්‍රීසියෙන් වත් ඔවුන්ගේ සමාජ මාධ්‍යයෙන් පැමිණි සමූලඝාතනය ගැන සමාවෙන්න හෝ SORRY කියලා. එහෙත් තම සගයන්ට චෝදනා එල්ල වනවිට සියලු දෙනාම එකාමෙන් තනතුරුවලින් අස්වුනා.

    කව්රු කොහොම කිව්වත් සිදුවූ විනාශයේ මතකය තව ශතකයකටවත් අමතක වන්නේ නැත, කලයුතු නැත. අවුරුද්දේ සෑම දිනකම දිනකට එකක්වත් නැසීගිය හෝ විපතටපත් අහිංසකයන් මෙසේ සිහිපත් කළ යුතුය. ඒ දේ අමතක කලොත් ඒ සිදුවූ දෙය හෝ ඊටත් එහාගිය මහා ව්‍යසනයක් විය හැක.

    ලෝකයේ ශිෂ්ට යයි කියාගන්නා රටවල් තමාට සිදුවූ ඛේදවාචකයක් සහ එවායින් ජයගත් සැටි අවුරුදු පතා අනුස්මරණය කරනවා. එසේ කිරීමෙන් ඒ මතකය ජන මානසිකත්වයෙන් ගිලිහී යන්නට ඉඩදෙන්නේ නැහැ.

    Once President Kennedy said ” Forgive your enemies, but remember their names”

    එසේ නොකලොත් අපි කරන්නේ ඒ සියලු අහිංසක ජීවිතයන්ට මහත් නින්දාවක් අපහාසයක් සහ අගෞරවයක්! නැවත අනාගත ඛේදවාචකයන්ට ඇරයුමක්!

    WE SHALL NEVER, NEVER FOGET TO REMEMBER THIS UNCALLED FOR PREMEDITATED AND DASTARDLY CRIME BY A COMMUNITY WE CAME TO TRUST AS OUR FRIENDS AND NEXTDOOR NEIGHBORS!

    WE NOW KNOW THAT IF YOU DIDN’T ACTIVELY PROMOTE THIS GENOCIDE, ATLEAST YOU SECRETLY WISHED WELL FOR THE TERRORISTS. THIS IS THE REASON FOR UNITED PARLIAMENTARY ACTION.

    THIS IS WHY YOU STILL WANT SHARIA, UNDERAGE MARRIAGES AND MADRASAS WHERE YOU BRAINWASH YOUNG CHILDREN N READY THEM FOR FUTURE TERRORISM AND GENOCIDE!

    IF GENUINELY WANT TO REPENT, ENTER MAINSTREAM HUMANITY AND ABIDE BY ITS MORES N LAWS! THIS IS 21ST CENTURY NOT 600 AD

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress