රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ නිළධාරීන් මුදාහැරීම
Posted on June 14th, 2019

රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය

ලේකම්,
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.

ලේකම්තුමියණි,

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ නිළධාරීන් මුදාහැරීම සම්බන්ධව.


රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවෙන් විතැන්කොට සංවෘත සේවාවක් ලෙස,ජාතික සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව ස්ථාපිත කරණු ලබුයේ මීට පෙර අධිකරණ තීන්දුවකින් ඒකාබද්ධ කළ සේවාවක් බව නොසලකමින් හා සියලූ වෘත්තීය සමිති වල ප‍්‍රබල විරෝධයන් මධ්‍යයේය.

එපමනක්ද නොව මෙම සේවාව සථාපිත කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබූ අනු කමිටුව (එවකට,රාජ්‍ය පරිපාලන ලේකම්යරයා,සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් *විසින් ලබාදී තිබූ නිර්දේශයන් තුලද වූයේ බරපතල ගැටළු මතුවිය හැකි බැවින් මෙම සේවාව ස්ථාපිත කිරීම නොකරණ ලෙසය.එහෙත් ඒ සියලූ විරෝධයන් අලූයම ලූ කෙල පිඪක් සේ ඉවත දැමූ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා තමන්ගේ දේශපාලන බලය යොදාගනිමින්  අගමැතිවරයාගේද ආශිර්වාදය ඇතිව, සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව ස්ථාපිත කරන්නට යෙදුනේ බඳවා ගැනීමේ ක‍්‍රමවේදය සියතට ගනිමිනි.

කෙසේ වෙතත් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සේවාවට අකමැත්ත ප‍්‍රකාශ කල නිළධාරීන් අතරින් යම් සීමිත ප‍්‍රමානයක් නිදහස්කර ඇතත් තවත් විශාල පිරිසක් සෞඛ්‍ය කාර්යාලවල හිරවී සිටිති. මේවනවිට් ඉහත සේවාවට මනාපය පලකලාවු ඇතැම් නිලධාරීන් විසින් අප ඉහතකී නිලධාරීන් විවිධ ආකාරයෙන් පීඩාවට පත්කරමින් සිටින බැව් අපහට වාර්තාවී ඇත.ඔවුන් සෞඛ්‍ය කාර්යාලවල සිරකර තැබීම ගැන අප දැඩිව විරුද්ධ වෙමු.

සෞඛ්‍ය ලේකම්වරයා ලෙස ඔබ විසින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමිය වෙත දැනුම්දී තිබුනේ සෞඛ්‍ය කළමනාකරණ සේවාවට නවක නිළධාරීන් බඳවා ගැනීමෙන් පසු ඔවුන් ජුනිමස අවසන් වනවිට නිදහස් කිරීමට කටයුතු කරණ බවය.එහෙත් මේවනවිට  නවක නිළධාරීන් බඳවා ගැනීමට ඔබේ බලය යටතේ පවත්වනු ලැබූ විභාගය තුල විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් එය අත්හිටුවා පරීක්ෂනයක් සිදුකිරීමට නියමිත බව අපට වාර්තාවී ඇත්තේ සකස් කර ඇති සෞඛ්‍ය කළමනාකරණ සහකාර ව්‍යවස්ථාවෙන් මෙවැනි දේ සිදුවිය හැකි බවට අපකළ පෙන්වාදීම සනාථ කරමිනි.

මේ තත්වය තුල අප නිළධාරීන් නිදහස් කිරීමද  තවත් කල් දැමීමේ සූදානමක් ඇතැයි අපට දැන ගන්නට ලැබී ඇත. විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විය යුතු විභාගයක්, තම දේශපාලන බලපරාක‍්‍රමය තුලින්  රාජ්‍ය සේවා කොමිසමද රූකඩ සේ නටවමින් තම සියතට ගත් ඇමතිවරයා විභාගයක් නිවැරදිව නොපැවැත්වීමේ වරදට අප නිළධාරීන් තවදුරටත් වන්දි ගෙවිය යුතු නොවන බව අප සංගමය දැඩිව අවධාරණය කරමු. ඒතත්වයතුල නැවත විභාගයක් පවත්වා බඳවාගන්නා තෙක් අප නිළධාරීන් සෞඛ්‍ය කාර්යාල තුල රඳවාගැනීමට ඔබතුමියට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතිබව පෙන්වාදෙන අතරම ඔවුන්ව ඉතා කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරණ මෙන් දැඩි  ඕනෑකමින් ඉල්ලන අතරම ඊට ඔබතුමිය සාධාරණ ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අප සේවාවේ සියලූ වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වීමට සිදුවන බව අවධාරණය කරමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,
චන්දිම විමලසුරේන්‍ද්‍ර
ප‍්‍රධාන ලේකම්


සම්බන්ධීකරණය  – යූ.පලිහවඩන – 071-4497556
Coordinating – U. Palihawadana – +9471-4497556


පිටපත් –  
    01. ලේකම් – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
    02. ලේකමි – රාජ්‍ය සේවා කොමිසම.
    03. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්
    04. සියලූම ජනමාධ්‍ය -සම්බන්ධීකරණය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress