සිංහල තරුණියන්ගේ ආගම වෙනස් කරන, වැසිකිළි කැමරා, තරුණියන් බියගන්වා බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා ප්‍රසිද්ධ දේශකයා
Posted on June 14th, 2019

මව්බිම දැන්

සමාජ ජාල ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට පවසමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිංහල තරුණියන් බියගන්වා බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයකු පිළිබඳව තොරතුරු වාර්තා වේ. ඔහු මේ වනවිටත් සිංහල තරුණියන් දෙදෙනකු බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති අතර මුස්ලිම් ආගමට හරවා ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා සමඟ එම පුද්ගලයා විවාහ වී ඇත.

අදාළ පුද්ගලයා ඒ.සී.සී.ඒ. විභාග පවත්වන කොල්ලුපිටියේ ප්‍රමුඛතම ආයතනයක වෘත්තීය විභාග සඳහා දේශන පවත්වන ආයතනයක ප්‍රධාන දේශකවරයකු වශයෙන් කටයුතු කර ඇති තැනැත්තෙකි.

ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳව එම ආයතනයේ සිසුවියන්ගේ මවුපියන් අදාළ ආයතනයේ කළමනාකාරිත්වයට දැනුම්දීමෙන් පසු ඔහුව ඉන් ඉවත් කර ඇත. අදාළ පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු සහ එම සන්ධානයේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකුගේ මිනිපිරියකගේ ස්වාමිපුරුෂයායි.

ඊට අමතරව තව්හිද් ජමාත් සංවිධානයට සහාය දැක්වීම ඇතුළු පාස්කු ඉරිදා (ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා) බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන්ට සහාය දක්වා ඇති බවට චෝදනා ලැබ සිටින මුස්ලිම් දේශපාලනඥයකුගේ සමීපතම ක්‍රියාකරුවෙකි.

සිංහල තරුණියන්ට තර්ජනය කර බියගැන්වීමෙන් පසු ඔවුන්ව ඉස්ලාම් ආගම සම්බන්ධ දේශනවලට සහභාගි කර ගනිමින් සිංහල තරුණියන් මුස්ලිම් ආගමට හරවාගෙන ඇත.

අදාළ අධ්‍යාපන ආයතනයේ හිමිකරුගේ දියණියගේ නිරුවත් ඡායාරූප වට්ස් ඇප් (Whats App)) සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට බිය ගන්වා තර්ජනය කිරීම සහ ඇයගේ ඡායාරූප එම සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන බවට ඇයගේ පියාට පවසමින් තර්ජනාත්මකව මුදල් ඉල්ලා සිටීම සම්බන්ධව සාපරාධී බියගැන්වීම, ලිංගික අතවර කිරීම, මුදල් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (13දා) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ඒ සඳහා ඔහු සමඟ එක්ව එම ආයතනයේ දේශන පැවැත්වූ අදාළ සිද්ධියට ඔහුට සහාය දක්වා ඇති පුද්ගලයා ලක්ෂ 2ක ඇප මත මුදාහරින ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

අදාළ තරුණියටද ඉස්ලාම් ආගමට හැරෙන ලෙසට එම පුද්ගලයා තර්ජනය කර ඇති අතර අදාළ තරුණිය එය ප්‍රතික්ෂේප කර ඇත.අදාළ ආයතනයේ හිමිකරුගේ දුව භාවිත කරන වැසිකිළියට කැමරාවක් සවිකොට ඡායාරූප ගෙන ඇති අතර ප්‍රචාරය කරන බවට තර්ජනය කර ඇත්තේ එම ඡායාරූපයි.

අගතියට පත් පාර්ශ්වය වන තරුණිය සහ පියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ සැලකර සිටියේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඔවුන්ටද අදාළ සැකකරු සමාජ ජාල ඔස්සේ තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බවය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන, නීතිඥ අරවින්ද ගමගේ, නීතිඥ ප්‍රදීප් මංගල, නීතිඥ දීපාල් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් පෙනී සිටියහ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress