ජනමත විචාරනයෙන් පාර්ලිමේන්තුව විසුරවා හැර මහා මැතිවරනයකට යාමකිසිසේත් කරන්නට බැරි වැඩක්.
Posted on June 17th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
අද අපේ රටේ තියෙන්නේ හරි පුදුම තත්වයක්. අනිවාර්යයෙන් පැවැත්විය යුතු මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ.නමුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිසේත් පවත්වන්නට බැරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. ජනමත විචාරනයක් පැවැත්විය යුතු බවට රජය පැත්තෙන් යෝජනාවක් එනවා. මේ ජනමත විචාරනයෙන් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැර මහා මැතිවරනයකට යාමයි. මෙය කිසිසේත් කරන්නට බැරි වැඩක්. මෙය ශ්‍රි ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්නයෙන් පටහැනි ක්‍රියාවක්. 19වන සංශෝදනයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුව ප්‍රතම වතාවට රැස් වු දින ඉඳලා අවුරදු හතරහමාරක් ගතවෙන තුරු විසුරවා හැරීමට නොහැකි බව. එය ඉතාමත් පැහැදිලි තහනමක්.  අවුරුදු හතරහාමාරේ කාලය තුල පාරලිමේන්තුව විසුරවිය හැක්කේ එක් අවස්ථාවකදී පමනයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් තුනෙන් දෙකක යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කලොත් පාර්ලිමේන්තුව විසුරවිය යුතුයි කියලා එම යෝජනාව ජනාධිපතිවරයාට දෙන්න පුලුවන්. එම තත්ත්වය හැර වෙන කිසිදු අවස්ථාවක් දී පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බැහැ. ජනමත චිචාරන එකක් නෙවෙයි දහයක් පැවැත්වුවත් මේ තත්වය වෙනස් කරන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක මහජන මුදල් කාබාසිනියා කිරීමක් කියලා. ජනමත විචාරනයේ ප්‍රතිඵල කුමක් වුවත් සියයට හැත්තෑවක් මැතිවරණයක් අවශයයි කිව්වත් මැතිවරනයකට යන්න බැහැ. උදාහරනයක් ගත්තොත් ජනමතවිචාරනයක් අද පැවැත්වුවොත් සියයට හත්තෑ පහක් ජනතාව මේ ආණ්ඩුව පිලිබඳව සෑහීමට පත් නොවන බව ප්‍රකාශ කරන බව විශ්වාසයි.එ හෙම වුනොත් ආණ්ඩුව ගෙදර යනවාද. ආන්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර  සහාය තිබෙනවා නම් ජනමත විචාරනයේ ප්‍රතිඵල කුමක් වුවත් ඒකෙ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසයි අපි කියන්නෙ මේ ජනමතවිචාරනය කිසිම ප්‍රයොජනයක් ඇති දෙයක් නොවේ කියලා. මේකට මුදල් හොයන්නෙ කොහෙන්ද. ජනමත විචාරණයක් සඳහා ජනාධිපතිවරනයකට හෝ මහ මැතිවරණයකට යන වියදමම වැයවෙනවා. කිසි වෙනසක් නැතුව ඒසා විශාල ධනස්කන්දයක් වියදම් වෙනවා. කවුද ඒ මුදල් අනුමත කරන්නේ. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දැනට මැතිවරන කොමිසමට මුදල් වෙන්කරලා තිබුනත් එය ජනමත විචාරණයකට භාවිතා කල නොහැකියි. ජනමත විචාරනයක් පැවැත්විම සඳහා පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තුවක් හරහා කෝටි ප්‍රකෝටි ගනනක් වෙන් කල යුතු යි. පාර්ලිමේන්තුව මේක කරයිද. මහජන මුදල් මේ විදිහට නාස්තිකරන්නට පාර්ලිමේන්තුව අවසර දෙයිද. ජනාධිපති තුමාට පුලුවන් කොල කෑල්ලක් අත්සන් කරන්න ජනමත විචාරණයක් පවත්වන්න කියලා. නමුත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිය යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන්. එතකොට පාර්ලිමෙන්තුවේ බහුතරයක් මේකට කැමති වෙයිද. මේ යෝජනාව ඉදිරිපත් කරන අය මේකෙ ප්‍රායෝගික පැතිකඩ ගැන හිතලා තියෙනවද. ශ්‍රි ලංකාවේ ජනමත විචාරණ පිලිබඳ විශේෂ පනතක් තිබෙනවා. ඊට අනුකූලව ජනමත විචාරණය ප්‍රකාශයට පත්කිරීමත් පැවැත්වීමත් අතර අවමය දින තිහක් වත් තිබිය යුතුයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කල දිනයේ සිට මාසයක් යනතෙක් ජනමත විචාරණයක් පවත්වන්න බැහැ. පනතේ විස්තර සහිතව සඳහන් වෙනවා මැතිරිවරණ කොමිසම මෙහිදී ගත යුතු පියවර සම්බන්දව. ඡන්දපොල භාර නිලදාරීන් පත්කල යුතුයි. ගනන් ගන්නා නිලදාරීන් පත්කල යුතුයි. ඒ ඒ දේශපාලන පක්ශවල නියොජිතයින් පත් කල යුතුයි. ගොඩනැගිලි ඇුතුලු අනෙකුත් සියලු පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමට සිදු වෙනවා. මේවට කල් යනවා. මේ අතරම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණයට සුදානම් වීමට.

එ සඳහා නාම යෝජනා කැඳවීමට අන්තිම දිනය වන්නේ ඔක්තෝබර් 20. ශ්‍රි ලංකා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා මේකට බලපාන අනෙක් නීති යටතේ ඒ පිලිබඳ අභිමතයක් නොමැති වෙනවා. නොවැම්බර් 15යි දසැම්බර් 07යි  අතර අනිවාර්්‍යයෙන් ජනාධිපතිවරණය පැවැත් විය යුතුයි. එතකොට මැතිවරන දෙකක් ගැටෙනවා. සියලුම පරිපාලන කටයුතු අවුල් කරලා මහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා අන්තිමට ලැබෙන ප්‍රථිපලය මොකද්ද. කිසිම දෙයකට බලපෑමක් නැති ජනමත විචාරනයක් පැවැත්වීම පමනයි. සම්පූර්න හිස් අරථ විරහිත ක්‍රියාවක් පමනයි. බලයේ සිටීම සඳහා කරන දේවල් වල සීමාවක් තිබිය යුතුයි. මෙ විදිහට බලයේ එල්ලී සිටිම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මෙ රටේ දැන් ආන්ඩුවක් නෑ. රට ගිනිගන්නවා. රටේ පවතින අරාජික තත්වය වහාම විසඳිය යුතුයි. ජනාධිපතිවරයා මෑතකදී පත්කල අමාත්‍යවරුන්ට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. ඒ අයගේ නිල කාර්්‍යන්වල යෙදෙන්නට එපා, කැබිනට් රුස්වීම් වලට සහභාගි වෙන්නට එපා.  ඒ අගමැතිවරයාගේ අනුමැතිය ගත්තෙ නැති නිසා. මෙක තමයි අද රටේ තිබෙන තත්ත්වය. ආන්ඩු දෙකක්. දැන් ආරංචිය තියෙන්නේ හෙට පැවැත්ැවන කැබිනට් රුස්වීමට ජනාධිපතිතුමා එන බවටයි. හැබැයි එකෙන් කිසිම ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. විධායකය සහා පාරලිමෙන්තු තේරීම් කාරක සභාව අතර සංග්‍රාමය එ විදිහමයි. අපි වගකියන විරුද්ද පක්ශයක් හැටියට ඇවිලෙන ගින්නට පිදුරු දමන්නේ නැහැ. මෙම තත්ත්වය සමතයකට පත්විය යුතුයි. එ නිසා අපි යෝජනා කරනවා යම්යම් පියවර ක්ෂනිකව ගත යුතුයි කියලා

තේරීම් කාරක සභාවෙ සභාපතිවරයා පැවසුවා ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව හමුවට කැඳවනවා කියලා. මේවා නුවනට හුරු පියවර නොවේ. එය නිත්‍යානුකූලද නැත්ද යන්න ගැටලු සහිතයි. මෙයින් වන්නේ දැනටමත් ඉතාම නරක තත්වයක තිබෙන මෙම අර්බුදය තවතවත් උග්‍ර වීමයි. රට ගැන හිතලා මෙම තත්වය වලක්වා ගත යුතුයි. මේ තත්වය තුල පාර්ලිමේන්තුව කල් දැමීමට ජනාධිපති වරයා උත්සහ නොකල යුතුයි.
පාර්ලිමේන්තු කල් දැමීම තුලින් කාරක සභා අවසාන කිරීම නොකල යුතුයි.සුමන්දිරන් මන්ත්‍රිවරයා බොහොම තීරනාත්මකව  කියා තිබෙනවා පාරලිමේන්තුව කල් දැම්මත් කාරක සභාව පවත්වාගෙන යන බව. එය නෙවෙයි වැදගත් වෙන්නේ. මෙයට කිසියම් සුහද විසදුමක් සෙවිමයි කාලීන අවශ්‍යතාවය වෙන්නේ.

රාජ්‍ය රහස් පනතේ විදිවිධාන උල්ලංඝනය කරමින් තේරීම් කාරක සභාවට ක්‍රියාත්මක වෙන්න බැහැ. රාජ්‍ය රහස් එළියට දාපුවාම බුද්ධි අංශ නිලධාරීන්ගේ ජිවිත පවා අහිමි වෙන්න ඉඩ තියෙනවා. මේක කරන්න එපා කියලා අපි පාර්ලිමේන්තුවේදි කී වතාවක් කිව්වද. ඒ මුලධර්මයට දැන් කිසිම ගරු කිරීමක් වෙන්නේ නැහැ. කතානායකතුමාගේ පෙර නියෝග මේකට සම්බන්ධකර ගන්නෙත් නැහැ.

නිතිපතිවරයා මේ සම්බන්ධයෙන් දුන්න නීතිපති උපදෙස් කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙත් නැහැ. එවැනි වැදගත් කාරණයක් සැගවිම සුදුසු නැහැ. මේ රටේ අවංක රාජ්‍ය නිලධාරීන්ටත් මේ නිසා දුර්විපාකවලට මුහුණ දෙන්න සිදුවෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් තර්ජනාත්මක විදියට ප්‍රශ්න කලා. එතුමාගේ ඇමැතිවරායගේ නියෝගය අනුවයි අදාල චක්‍රලේඛය පිට කරලා තිබුනේ. එවැනි නිර්භිත රාජ්‍ය නිලධාරීන් තවමත් සිටිම ගැන සතුටුයි. එවැනි රාජ්‍ය නිලධාරීන් අපි ආරක්ෂා කළ යුතුයි.

අප්‍රියෙල් 21 දා වුනු සියලු දේවල් ආන්ඩුව දැන සිටි බව දැන් මැනවින් ඔප්පු වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ නිලධාරින් කිහිප දෙනෙක් පසුපස හඹායාම නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ දේශපාලන අධිකාරිය මෙහි වගකිම් භාරගන්න ඕනේ. වෙන අයට දඩුවම් කරලා ප්‍රශ්නය විසදනේනේ නැහැ. අපේ රජයක් බිහිවීමෙන් පස්සේ ප්‍රමුඛතාවය දෙන්නේ රටේ ආරක්ෂාවටයි. මෙවන් අභ්‍යත්නර සංග්‍රාමයක් තුල රටේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. අවංක නිලධාරීන්ට කටයුතු කරන්න වාතාවරණය අපි සැකසිය යුතුයි. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. මේ විදියට පිරිහුනු රජයකට කිසිවක් කරන්න බැහැ. රට පිළිගන්න නායකත්වයක් යටතේයි මේ දේවල් කිරීමේ හැකියාව තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
ආණ්ඩුව ජනාධිපතිවරණයේන් පැනයන්න අශිෂ්ට ප්‍රයෝග ගනිමින් සිටිනවා. ආණ්ඩුව බරපතළ ලෙස ගිලන් වෙලා, දේශපාලන වශයෙන් බුංවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මේත්,පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල්දාන්නේත් මේ නිසයි.

නමුත් ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට ඔවුන් සලකන ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කරන්න ව්‍යාපෘති ආරම්භ කරල තියෙන්නෙ. ඒ අතරේ ජනමත විචාරණ ඝෝෂාවක් ඇති කරනවා. විධායක ජනාධිපති ධූරය ජනාධිපති ධූරය අහෝසි ධුරය අහෝසි කිරීමේ යෝජනාව නැවත ගේන්න හදනවා. ඒ වගේම වගේම ජාතිවාදී ආගම්වාදී කලකෝලහාල රටේ ඇති කරල රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා.

මැතිවරණ කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයේ මිත්‍රයායි. ත්‍රස්තවාදය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයේ පරම හතුරා. මේ ආණ්ඩුවට ප්‍රජාත්‍රන්තවාදය හකුලන්න ඉඩදෙන්නේ නැහැ. ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ආණ්ඩුවට කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානු තිබෙනවා. ජනාධිපතිවරණ  පැවැත්වීමේ අවසාන දිනය දෙසැම්බර් නමයයි. නමුත් ජනාධිපතිවරණය දෙසැම්බර් 9 ට පෙර පැවැත්විය යුතු තත්ත්වයක් ඇතිවෙලා. මැතිවරණ කොමසාරිස්වරයා අතට සාමාන්‍යපෙළ විභාගය කාලසටහන ලැබිලා තියෙනවා. දෙසැම්බර් දෙවැනිදා විභාගය ආරම්භ කෙරෙනවා. විභාගය ආරම්භ වීමට දින තුනකට පෙර විභාග ශාලා භාර දිය යුතුයි. සියලු කරුණු සලකා බැලීමේදී මැතිවරණය පැවැත්වීමට සිදු වෙන්නේ නොවැම්බර් මස 23 වෙනිදායි. ඒ කියන්නේ අද සිට දින 154ට පස්සේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ කියන්නේ දින 155ට පස්සේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්. ආණ්ඩුවට මේකෙන් පැනයන්න අවස්ථාවක් නැහැ. දින 100න් අලූත් රටක්, මාස 60 න් අලුත්ට රටක්, වැනි සටන් පාඨ නිසා දැන්ක් ආණ්ඩුව දේශපාලනික ගිලන් වෙලා අවසන්. දැන් තියෙන්නෙ අලු වෙච්ච රටක්. මීට මාස 60කට පෙර ලෝකෙ ආරක්ෂිතම නගරය. ලෝකේ දර්ශනීයම නගරය. අපේ කොළඹ නගරයයි. නැගී එන කොටස් වෙළඳපොළ විශිෂ්ටතම ගමනාන්තය වුණේත් අපේ රටයි. අද මේ සියල්ල කණපිට හැරිලා. ලිච්ඡවී පාලනය සංහිඳියාව ගැන කියපු මේ ආණ්ඩුව ගැන ජනතාව ඉන්නේ කලකිරිලා. 225ම එකයි ආදී සටන් පාඨ මගින් දැන් පරණ හඬම ආයෙත් මතුවෙමින් තිබෙනවා. මේවට රැවටෙන්න එපා. දේශපාලන විද්‍යාවට අනුව එකම දෙය නැවත නැවතත් සිදුවෙනවා කියන්නේ ඛේදවාචකයක් හෝ විගඩමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
ඉතිහාසය පුරාම සිද්ධ වුණේ රජතුමා වැරදි මාවතක යනවනම් මහා සංඝරත්නය සහ ආගමික ප්‍රධානීන් රජතුමාව නිවැරදි කිරීමයි. මෑත කාලය දක්වාම අපිට ඒ තත්ත්වය දැක ගන්න හැකි වුණා. එහෙම පෙන්වා දෙන නාගරික නායකයෙක් සිටීම අපට සතුටක් .අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හාමුදුරුවෝ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂයේ පාලකයෝ රටේ ජනතාවට ආදරය නැහැ. මේ ගැන කියන්න මම බය වෙන්නේ නැහැ. ගාමිණී දිසානායක මහතාගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් රටට ආදරය කරන නායකයෙක් බිහිවුණේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ ආයුෂ ඉවරයි. මියයන්න තියෙන පක්ෂයක්. මේ තත්ත්වය ඇති කරගත් එක්සත් ජාතික පක්ෂයේම වරදින් කියලා නායක හාමුදුරුවෝ සඳහන් කළා.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේවා ඇහෙද්දි ඇහුණෙ නැහැ වගේ ඉන්නවා. මහා නායක හිමියෝ කරන ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය සඳහන් කළ යුතුයි. රට මෙවැනි තත්ත්වයකට පරිවර්තනය කළේ කර එක්සත් ජාතික පක්ෂය. ඇත්ත ඇති සැටියෙන් දැකීම සහ බිය නැතුව ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමියන්ට අපේ ගෞරවය දක්වනවා. තේ ආණ්ඩුවක් පත් වුණු දවසක අපි වැරදි කලොත් ඒ ගැන අපට පෙන්වා දෙන්න. වැරදි කරනවා නම් ඇඟිල්ල දිගු කිරීම කළ යුතුයි.

බීරි අලි වගේ නොඉඳ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ යුතුය. කරූ ජයසූරියු ජයසූරිය බීබීසී මාධ්‍යයට පිළිතුරු දෙමින් කියා තිබුණා පක්ෂයෙන් ඉල්ලීමක් ආවොත් ඔහු මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව. මේ කතානායකවරයා අපි වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ළමයෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. උසස් පෙළ විභාගයෙන් සමත් වුනොත් විශ්ව විද්‍යාලයට තේරී පත්වෙනවා. මේ කතානායකවරයා කතානායක පුටුවේ දී සාමාන්‍ය පෙළ විභාගයත් උසස් පෙළ විභාගයත් දෙකම ෆෙල් වුණා. කැම්පස් යන්නෙ කොහොමද? කතානායක පුටුවේ ගරුත්වය රැකගන්න බැරි කෙනා ජනාධිපති පුටුවෙ වාඩි වෙන්නෙ කොහොමද. ඔබතුමා ජනාධිපති ඇඳුම් මහන්න කලින් තේරීම් කාරක සභාවක් වෙන්න බුද්ධි අංශය අඩපණ කිරීම නවත්වන්න. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තේරීම් කාරක කාරක සභාවට ගෙන්වීම ගැන කතාවෙනවා. කැඳ හැලිය හදාගත්තු අය කැදහැලියේ නායකයෝ ගෙන්වා ගත්තාට කමක් නැහැ. බුද්ධි අංශ අඩපණ කිරීම නතර කරන්න.
ඛේමාගේ කොලුවට හාෆිගේ අයියා බර අවි ප්‍රහාරයක් දෙමින් සිගරැට් ගෙන්නුවොත් මම ආණ්ඩුවෙන් ඉවත් වෙන බව කිව්වා .රාජිත  සේනාරත්න ඇමැතිවරයාගේ හැටි එහෙමයි. ආණ්ඩුවක් පෙරලෙන්න ගිලෙන්න ලං වෙද්දි එයා ඉක්මනට යනවා. අහිකුන්ටකයෝ කූඩාරමේ ඉන්නේ සතියයි. සතියකට වඩා හිටියොත් එයාලගේ බත් එක නරක් වෙනවා. මෙයත් ඒ වගේ කෙනෙක්.

මංගල සමරවීර ඇමතිවරයා ගැනත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මනතී්්‍රවරු ලස්සන කතාවක් කියෙනවා. ඒ අය කියන්නේ ඉරුණු රෙද්දේ අඟලක් මහද්දී මංගල සමරවීර බඹයක් ඉරන බවයි.  ජනතා අධිකරනයෙන් මේ අය ද  ඉක්මනට ගෙදර යවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට පැමිණියා. පහුගිය මැතිවරණ සමයේ මුස්ලිම් දේශපාලන පක්ෂ හා සහරාන් අතර ඇතිවෙච්ච ගිවිසුමක් ගැන ඔහු සඳහන් කළා. තේරීම්  කාරක සභාව ඒ කතාව මග හැරියා. ඒ ගිවිසුම  අත්සන් කරපු මුස්ලිම් නායකයෝ ගිවිසුමේ තියන කොන්දේසි හෙළිකළ යුතුයි. මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන්න අනුමැතිය දීම  කෙරුණ ද අපි දන්නේ නැහැ. අපිට ඒ ගැන දැනගන්න අවශ්‍යයි.
මුස්ලිම් ජනතාව මේ පාර කිසිවෙක්ට ඡන්දය දෙන්නේ නැති බව හකීම් ඇමතිවරයා කියනවා. එහෙම පුද්ගලයින්ගේ ඡන්දෙ දීමේ අයිතිය ගැන කතා කරන්න ඔහුට අයිතියක් නැහැ. ආයේ පාරක් මුස්ලිම් ජනතාව රවටන්නයි සූදානම් වන්නේ. මේ රට විනාශ කරන වැඩපිළිවෙළ ඇරඹුණේ 2005 දී. දෙබස් කාලයේදී මේ වැඩපිළිවෙළට අහුවුණු සියලු දෙනාම මේකට වගකියන්න ඕනේ. මුස්ලිම් කොංග්‍රසය කිසිම අවස්ථාවක මැතිවරණයක් තියන්නයි කියන්නේ නැහැ. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරන බව වැටහිලා තිබෙන්නේ. රටේ  දුර්වල නායකත්වයක් හදපු සියලු දෙනාම  අද රටට වෙලා තියෙන දේ වලට වගකියන්න ඕන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress